Monday, April 21, 2014

නොමඟ නොයන් පුතේ උඹට රටක් නැතේ


මම අවට ලෝකය නිරීක්ෂණය කරන කම්කරුවෙක්මි.  මානසික ශ්‍රමය මාසික වැටුපක් සඳහා විකුනන්නෙක්මි.කායික ශ්‍රමය විකුනන්නන්ට සාපේක්ෂව යම් සුරක්ෂිත බවක් ඇතත් මම පුංචි මිනිහෙක් බව මම දන්නෙමි.පොඩ්ඩෙක්මි.තදයෙක් නොව බුරුලෙක්මි. හැබැයි මට කිසිවෙකු ලොකු නැත. කිසිම ගෝත්‍රයකට අයත් නැති මා පාසල් ගෝත්‍රිකයන් හා වෘත්තීය ගෝත්‍රිකයන් තබේකට මායිම් නොකරමි. ඊට හේතුව එම ගෝත්‍රිකයන් සරදම් කරන්නේ සෙසු සමාජයට වීමයි.මම නිළධාරීවාදයටද එරෙහි වෙමි.චීන සෝවියට් නිළධාරිවාදයට එරෙහිව ලිපි සහ කොමෙන්ට් පළ කළේ එ  නිසයි.

එහෙත් සමාජයේ බොහෝ දෙනෙකුට මේ පොඩ්ඩා මානසිකත්වය වෙනුවට ඇත්තේ හීනමානයකි. තමන් පොඩ්ඩෙක් බව දන්න කිසිම කෙනෙක් ව්‍යාජ ලොකු කම් ආරෝපනය කර නොගනිති.මෙසේ ලොකුකමක් ආරෝපනය කර ගැනීමට සමහරු නිදහස් අධ්‍යාපනයෙන් තමන් ලැබූ වෘත්තීය ජයග්‍රහණ උපයෝගී කර ගනිති. ඊට වඩා වෘත්තිකයන් වෙනත් රටවල සිටියද ඔවුන්ට හීන මාන නැත.ධීවර විශේෂඥයෝ මාලු කූඩෙ අරන් යති. දොස්තරලා ෆුට් සයිකල්වල යති.ලංකාවෙ තත්වය මීට වෙනස්ය. 

තම ලොකුකම පෙන්වීමට හීනමානකාරයන් යොදා ගන්නා ක්‍රම ඇත. පාසල් ගෝත්‍රවාදය ,ප්‍රදේශ ගෝත්‍රවාදය, කුල මල වාසගම්, මේවා අතරින් කිහිපයකි.මම නම් මෙහෙමයි කෝ උඹලට නෑනේ කියා සරදම් කිරීමට අනුන් පහත් කිරීමට මේවා වැදගත්ය. නමුත් මේවාටද වඩා ලස්සනට කැපී පෙනීමට හීනමානකාරයන්ට අපූරු දේවල් ඇත.ඒවා නම් ජාතිවාදය හා ආගම්වාදයයි.

මීට කලකට ඉහත එනම් අප පාසල් ගිය 1990 දශකයේ තරුණ තරුණියන් ව්‍යාජ මතවාදයක් පසුපස ගියත් එය නාමිකව හෝ සමාජ සාධාරණත්වයක් මත පදනම් විය.එය සාර්ථක වූ තැන්වල නිළධාරී පන්තිය ලෙස පන්ති සහිත සමාජ බිහිවීම හෝ එම පක්ෂවල නිළධාරීවාදය හෝ එම මතවාද දරන්නන්ගේ පුහු පණ්ඩිතමාණී මාන්නය වෙනම කතාවකි.කෙසේ හෝ සමානාත්මතාව මතවත් 90 දශකයේ තරුණ මතය සකස් විය.එහෙත් දැන් පස්සෙන් පස්සට යයි.බුකියේ ශෙයා වෙන්නේ ජාතිවාදයයි ආගම්වාදයයි.

සියල්ලමට කලින් බලමු.අපට ජාතියක් තිබෙනවාද ආගමක් ( ශාස්තෲන් දෙසූ දහම මත පදනම්ව දූරාවලි සහිතව නිර්මාණය කළ සංස්ථාව ) තිබෙනවාද? උත්තරය නැත යන්නයි. අප තීරණ ගන්නා සැප විදින අය නොවේ.
මෙසේ කීවද කලකට ඉහත මටද ජාතියක් තිබිණි ආගමක්ද තිබිණි.එහෙත් කරුණු කාරණා තේරුම් ගත් පසු ජාති ආගම් තිබෙන්නේ සැප විදින තීරණ ගන්නා ලොක්කන්ට බව දැන ගත්තෙමි.
ඈ බන් උඹට ජාතියක් ආගමක් නැත්නම් හම්බයො ඇවිත් රට අල්ලගත්තොත් මක් වෙයිද සමහරු අසති.ඒ අයට මම දෙන්නේ සරල උත්තරයකි. හමබයො රට ඇල්ලුවොත් මම හම්බයෙක් වෙනව. දැනට වඩා මගෙ සමාජ තත්වය වෙනස් වෙන්නෙ නැති වෙයි මගෙ හිතේ.

මගෙ මුතුන් මිත්තො මට කෙහෙල්මලක් උරුම කරල දුන්න නොවෙයිනෙ.වඩවැසම් කාලෙ රජාල රදලයල කියපුව උන් පිළිගත්ත.රජාල රදලයල කිව්ව මෙන්න මේකයි ලෝක සොබාවෙ කියල. අවුරුදු දෙදහස් ගනක්නකට පෙර උතුරු ඉන්දියාවෙ ජීවත් වුන ඉන්දියන්කාරයෙක් මේව ටක්කෙටම දැන ගත්තලු. එයා කියනව රජාල රදලයල වෙලා උපදින්නෙ පින් කරපු අය කියල. ඉතින් අපිත් කීකරුව පින් කළ යුතුයි කියල.වෙන දැක්මක් මුතුන් මිත්තන්ට තිබුනෙ නෑ.

හම්බයො දෙමළු නොවෙයි පිටසක්වලයො පෘතිවිය අල්ලගත්තත් අම බලන්නෙ මගෙ ශ්‍රමය විකුනන්න පුළුවන්ද කියල.
නිකම් හිතන්න. බන්ඩාරනායකලගෙ ජයවර්ධනලගෙ මුතුන් මිත්තො සුද්ද ලංකාවට ආවම රට ඌට පාවල දුන්න. මගෙ මුතුන් මිත්තන්ට ඒකවත් හරියට කරගන්න බැරිවුනානෙ. උන් එහෙම කළානම් මම අද ලොක්කෙක්නෙ. උන ඒකවත් කර ගන්න දන්නෙ නැතිව තව උන්ගෙ උරුමයන් ඊලඟ පරම්පරාවට දෙන්නලු. මගෙ බල්ල.

මම කාලයන්ත්‍රෙකින් අතීතයට ගියොත් උන්ට හොදවයින් දෙකක් කියනව. ඇයි යකෝ තොපිට රට පාව දෙන්න බැරිවුනේ. එහෙම කළානම් මම ගොඩ නේද. උඹලට ඉඩ කඩම් ගම්වර මුදලි මුහන්දිරම් පට්ටම් හම්බවෙනව නේද තුක් නොදකින් කියල බණිනව.

ලොකුකම් පොඩිකම්ද සාපේක්ෂය.ජාති ආගම් පසුපස යන අය ට තරු පේන්නෙ පුද්ගලිකව කෙළවුන විටය. ලොක්කො එක්ක එකතුවී අපරාධ කරන පොඩ්ඩන්ට වෙන දේ අපි දැක ඇත. උඩතලවින්න සිද්ධිය,බිදුණුවැව සිද්ධිය හා රූකාන්තලාට හිරිහැර කිරීමේ සිද්ධිය බලන්න.ඒ හැම සිද්ධියේදීම පොඩ්ඩෝ නිදහස් වූහ.ඒ වරින් වරය. ලොක්කෝ මුල් වටයේදීම බේරෙයි. සමහර ලොක්කො  (රූකාන්ත සිද්ධිය ) ගැන නම්වශයෙන් වත් සදහන් නොවේ.ලොකු ජාත්‍යාන්තර පීඩනයක් තිබුනා නම් ඔය සිද්ධිවල පොඩ්ඩන්ට සම්පුර්න වගකීම් ගෙන කොල නැති ගස් නගින්නට සිදුවනු ඇත.නියර මිටි තැනින් වතුර ගලන සේ අන්තිමට කෙළවෙන්නෙ පොඩිම පොඩ්ඩටය ඒක ලෝක නියමයයි.

දැන් ජාතිවාදීන්ට නරක කලදසාවක් ලබා ඇත.මේ දෙය වෙන බව මම නම් දැන උන්නෙමි.ජාතිවාදීහු ( මේ ඉහළ මධ්‍යම පාන්තිකයන් ඇත්තෙන්ම ජාතිවාදීහු නොවෙති ඔවුන්ට සිංහල සංස්කෘතිය ගැන හැඟීමක්වත් නැත. ඔවුන්ගේ දරුවන්ගේ හැසිරීම ඊට සාක්ෂිය ) දැන් අඩන බවත් ලියුම් ලියන බවත් පෙනේ.භික්ෂුවට නම් සිවුරේ ආරක්ෂාව ඇත.

මේ ජාතිවාදීහු කළේ සමාජ දැක්මක් නැති තරුණයා ෆෝම් කරවීමකි.අබින් කැවීමකි. අම්ම තාත්තා මෝලෙ මට්ට අල්ලන හරියට ගෙයක් දොරක්වත් නැති තරුණයාට තිබෙන ප්‍රශ්නය ටවුමෙ හම්බ හෝ දෙමළ කඩ සිංහල කඩ වලට වඩා දියුණු වීමය. අනේ අනිච්චන්. සිංහල මුදලාලිලගෙ දරුවන්ටවත් නැති අමාරුවක්නෙ. හම්බය දෙමළ සිංහලය ඔය කෝකත් සල්ලිකාරයො උන් මොකා දියුණු වුනත් අපට මොකද ඔවුන් ඔක්කොම එකයි කියා හිතන්නට බැරි හැටි.

ජාතිවාදය ප්‍රචාරය කරන අය මුළු සමාජයක්ම මිත්‍යාන්ධකාරයේ ගිල්වති.එක් පසෙකින් ජ්‍යොතිෂය වැනි මිත්‍යාවන් සමාජගත කරන අතර අනෙක් පසින් ජාතිවාදයය.නමුත් මේ ජාතිවාදය භයානකය.මේ සෙල්ලම හැමදාම කරන්නට බැරිය.කොතන හෝ හිරවෙන තැනක් එයි. ලංකාව වැනි රටක කිසි ලෙසකින්වත් කළමනාකරනය කර ගන්නට බැරි තරමින් මෙය හිර වෙයි. එහෙත් මේ සෙල්ලම කරන ගොන් වහන්සෙලාගේ මෝඩ කම් නිසා මේ හිරවීම ඉක්මන් වන බව පෙනුනි.

පසුගිය පළාත් සභා චන්දවල ජාතිවාදය හරියට වැඩ කළේ නැත.මේ නිසා මේ උන්දලා දැන් එච්චර වැඩකුත් නැත.එහෙත් මොවුහු සිරිත් පරිදි වැටලීම් කරයි.කුණුහරපෙන් බණියි. මුස්ලිම්වරු පල්ලිවල පලි ගසයි.

මුස්ලිම්වරු මෙසේ පලිගසන විට ඔවුන්ගේ දේවියන්ට මේ කංකරච්චලේ තව දුරටත් ඉවසන්නට බැරි විය.මේ දෙවියන් යනු සියලු විශ්ව ධාතුව මවා එතනින් නොනැවතී ගානසාරලාත් මැවූ උත්තමයාය.ඔහුට කරන්න්ට බැරි දෙයක් නැත. 
මේ ලඟදී ඔහු ගානසාරගේ කටේ බ්‍රේක් එක වෙනුවට ඇක්සලේටරය පෑගුවේය.

මම මේ වීඩියෝ ක්ලිප් එක බලන අතර  ලඟ සිටි අයටද කීවේ දැන් නම් වැඩේ කොස් දෙල් වල්දෙල් වෙන්නයි යන්නෙ කියාය. එය හරිය.මේ වීඩියෝ එකේදී ගානසාර බොහෝ උතුම් අයටද බැණ වැදුනේය.

මම නම් ගඟෙන් මෙහා කෙනෙක්මි. සාමාන්‍යයෙන් මොළේ තියෙන්නෙ ගඟෙන් එහා අයටටය.අපිට යමක් තේරෙන්නේ බාගෙට බාගෙ ලෙසය. කවුරුත් කියන්නෙ එහෙමය. එහෙවු මටත් තේරෙන දේවල් ගානසාරලට නොතේරෙන හැටි කියා මට හිතුනි.

මේ ගැන අපූරු බ්ලොග් පෝස්ට් එකක් දැම්මේ චන්දිම ගෝමස් නම් මහතෙකි. එතුමා අපූරුවට වචන ගලපා ලස්සනට ලියා තිබුනි.ඔහුගේ ලිපියේ අපූරු වාක්‍යයක් ගෙන හැර දක්වමි.



 " දැන් යන්න වෙලාව පැමිණ ඇත. 

නිකන් යන්නේ නැතුව පොල් පිති පාරක්ද කා ගෙනම යන්න හදන්නා සේය....... "
දැන් මිනිසුන් මේවා බලන්නේ ඩ්‍රාමා එකක් බලන මානසිකත්වයෙනි. නාට්‍ය ඉවර වූ පසුත් නළුවා රැදෙන්නේ පොල්   පිති පාර බලාපොරොත්තුවෙන්ම විය හැක.

මුන් නම් මොළේ ඇති අය නොවේ. මොළේ තිබෙන නළුවෙක්නම් කවුරුහරි ඇසුවොත් එතුමද හොද මෙතුමද කියා මෙසේ සින්දුවකින්ම උත්තර දී ජාමෙ බේර ගනිති.

එතුමා හරි කීවත් වැරදී
මෙතුමා හරි කීවත් වැරදී 
එනිසා පින්වත දැනගනු සොදිනී
දෙන්නම හරිය කියා


(935)

24 comments:

  1. ලිපිය කියවන්න පොඩි කුතුහලයක් ඇතිවුනා. ජාතිය ගැන කොච්චර කතා කරත් සමහරු අවස්ථාවාදීව ඒක කරනවා මමත් දැකලා තියෙනවා. ඒ අය ජාතිය ගැන බයිලා ගහන්නේ පොඩි මිනිස්සු ෆෝම් කරන්න. නමුත් බටහිර රටවල් ඉස්සරහ දනින් වැටෙනවා.

    ReplyDelete
    Replies
    1. අන්න ඔය කාරනේ මමත් දැකලා තියෙනව පැහැදිලිවම.

      Delete
    2. ඔය පොඩ්ඩො ෆෝම්කරන හැමෝම බොරුකාරයො. සුද්දන්ට එරෙහිව හඩ නගපු උන් සුද්දියො බැන්ද.උන්ට ඒක ලොකු දෙයක්.උන් මෙහෙ රදලයො වුනාට එන්ගලන්තෙදි උන් කළුජාතිකයො විතරයි.
      ඒ වගේම ඔය ජාතිකවාදීන් ව්‍යාපාරික හා ඇකඩමික් කටයුතුවලදි දෙමළ ජාතිකවාදීන් එක්ක එකට වැඩ කරනව. පොඩ්ඩො ඒව දන්නෙ නෑ. දෙගොල්ලොම කරන්නෙ බොරුව වෙන්න ඇති. ඇයි දෙමළ දුප්පතුන් මුස්ලිම් දුප්පතුන් හා සිංහල දුප්පතුන් රැවටෙන්නෙ
      අනික ඔය ජාතිකවාදීන් ගෙ ළමයි ඉන්නෙ කොහෙද බලන්න .මේ හැමෝම දක්ෂ නළුවො

      Delete
  2. විවිද විදියට විවිද කාලවල මේ ෆෝම් කිරීම් වෙනවා.හැමදාම අහුවෙන පිරිසක් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. මොකෙකුටවත් අහුනොවෙන්න ස්වාධීන චින්තනයක් ගොඩ නගා ගන්න ඕන

      Delete
  3. ගගෙන් එහා කිව්වේ ...ඔය මොන ගගද...? සම්පුර්ණයෙන් තේරුනත් දැන් සමහරු ඉන්නේ කොහොමත් බාගෙට තේරුන ගානටනේ.....

    ReplyDelete
    Replies
    1. සාමාන්‍ය ව්‍යවහරයේ ගඟෙන් එහා කියල හැඳින්වෙන්නේ බෙන්තර ගඟ..සහ ඉන් එහා !!! සලකන්නේ දකුණ ලෙස.

      Delete
    2. පත්තරේ උත්තරේ දීලනෙ

      Delete
  4. සල්ලි කාරයෙක් වුනු විට ජාතිවාදයක් නැත. තිබෙන්නේ පන්තිවාදයක් පමණි. ඔහල පන්තියට තම පන්තිය ආරක්ෂා කරගත් හැක්කේ ,පහල පන්තිය තුල ජාතිවාදය අවිලීමෙනි

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  5. සහතික ඇත්ත! තමන්ගෙ හිතේ තමන් ගැන මහා හීනමානයක් තියෙන එවුන් තමා වැඩියෙන් කැපී පේන්න දඟලන්නෙ. පොශ් වෙන්න දඟලන්නෙ.

    ReplyDelete
    Replies
    1. අධිමානය ලෙස මතුවෙන්නෙත් හීනමානයම තමයි.පිරුන කලේ දිය නොසැලේ කියන්නෙ.අශ්වයො නිස්සද්දයි රොඩු බීපු කොටළුවො තමයි කෑගන්නෙ

      Delete
  6. ඥානසාර කියන්නෙ මර්වින් වගේම ගොඩ නගපු චරිතයක් විතරයි. උසි උසි කියපුවම පනිනව. හැබැයි මේ ලඟදි පාලක පවුලෙ විභේදන ඇති කරන්න ගියාම නම් මටත් හිතුන අද හෙටම වැඩේ කොස් දෙල් වල් දෙල් වෙයි කියල. ඒ මිනිස්සු එක පවුලෙ අය උන් සමඟියි .මැද්දට පනින පිට මිනිහ අන්තිමට වැරදිකාරය. මෙහෙමත් ගොන් හැත්ත.දිලන්තය දැනටම වෙවුලල .ඥානසාරලත් දැන් ගානසාරල වෙලා ඇති. ඇට නැති පරිප්පුව පස්සෙන් ආපු සාමනේරයො ටිකයි ෆේස්බුක් ශෙයා කරපු කොල්ලො කුරුට්ටො ටිකයි කෑවොත් තමයි ලස්සන.
    පොලිස් ප්‍රකාශකය කියයිද දන්නෙ නෑ ෆේස්බුක් හරහා ජාතිවාදාය වපුරමින් ඥානසාර හා දිලන්ත වැනි අය නොමඟ යවමින් ක්‍රියාත්මක වූ දුප්පත් කොල්ලො ටිකක් හා සාමනේරයො ටිකක් පස්සෙ විශේෂ බල ඇණි කිහිපයක්ම පන්නනව කියල.

    87/89 ත් ඕක වුනේ. මහ හාමුදුරුවරු ඉස්සරහට ආවෙ පළමු වෙඩිල්ල මට තබන්න කියාගෙන. සාමනේරයො කොල්ලො කුරුට්ටො ගියෙ උන් පස්සෙ .අන්තිමට සාමනේරයො කොල්ලො කුරුට්ටො ටික ටයර් උඩ ගියා.අර ලොකු හාමුදුරුවරු තමන් පිටිපස්සෙ ආපු සාමනේරයො කොල්ලො කුරුට්ටන්ගෙ ලිස්ට් පොලීසියට ආමි එකට දුන්න. දැන් සාමය උදාවුනහම ආයෙ බැරි එවුන් ඉස්සරහට දාල පොදු අපේක්ෂකයො වෙන්න යනව.
    බුකියෙ ඉන්න කී බෝඩ් වීරයො 87/89 දේවල් දන්නෙ නෑ. උන් ඉපදිලා තියෙන්නෙ පස්සෙ. උන්ට කියන්න තියෙන්නෙ මෙච්චරයි

    " මෝඩයනේ අන්තිමට උඹලට ඉන්නෙ උඹලගෙ දෙමවුපියොයි සහෝදරයොයි විතරයි. හම්බයන්ට දෙමළුන්ට බැනල වීරයො වෙන උඹල අතුරුදහන් වූවන්ගෙ ලැයිස්ටුවට ගියොත් පොලීසි ආමි කෑම්ප් වලට දුවන්න ඉන්නෙ උඹලගෙ දුප්පත් අම්මල.
    මෝඩයනේ උඹලට කොහෙද ජාතියක්.ජාතිය තියෙන්නෙ ලොකු ලොක්කන්ට. දැන් සැප විදින්නෙත් උන් නෙ. හම්බයන්ට කෙළවුනත් ඇත්තටම කෙළවෙන්නෙ දුප්පත් හමබයන්ට. දෙමළුන්ටත් එහෙමයි.
    ජාතිය බේර ගන්න ඕන නම් සිංහල ධනපතියොයි මුස්ලිම් ධනපතියොයි ඒක බලාගනීවි.කායික මානසික ශ්‍රමය විකුනල ජීවත් වෙන කම්කරු අපට මොන ජාති ආගම්ද මලේ නගේ

    බිදුනු වැව සිද්ධිය දැක්ක නේද? ජාත්‍යාන්තර පීඩනය ආපු වෙලාවෙ තව පොඩ්ඩෙන් දුප්පත් ගැමියො ටික එල්ලුම්ගස් යනව.

    ReplyDelete
    Replies
    1. 100% ක් එකඟයි. ඒක නොවෙයි ඔබේ භාෂා ශෛලිය හා අදහස් මට සමානයි වගෙ. ඔබ මගෙ මනෝ කායද

      Delete
  7. රජා කාළේ තිබුන ක්‍රමය දැන් ආයෙත් ඇවිත් තියෙන්නේ. ප්‍රාදේශිය රජවරු ඉන්නවා, යුව රජවරු ඉන්නවා. වන්දිබට්ටයෝ ඉන්නවා, සට්ටැඹියෝ ඉන්නවා, ජීවකයෝ ඉන්න්වා, පුරෝහිතවරු ඉන්නවා, ඒ වගේම ගහලයොත් ඉන්නවා. බුද්ධාගම ආන්ඩුවෙන් රකිනවා. රජාට එක නීතියක්. අනික් උන්ට තව නීතියක්. ඕක දන්න එකා ෂේප් එකයි පාරයි එක්ක ජීවත් වෙන්න දන්නවා. ඒත් සම හරක් රාජ තේජසින් ඔද වැඩුනහම ඔක්කෝම අමතක වෙනවා. කොච්චර අමතක වෙනවද කිව්වෝත් තම කන්ඩායම තුලම ගහලයො ඉන්නවා කියන එකත් අමතක වෙනවා. ඔය මාමස්මිලාට උනේ ඒකනේ.

    ReplyDelete
    Replies
    1. හැමෝම දේශපාලන වශයෙන් සවිඥානක වෙන්න ඕනැ.ස්වයංපෝෂිත වෙන්න ඕන.මෙහෙම නොවත තරමට තමයි ගැලවුම්කාරයො ඕන වෙන්නෙ. දැන් දියුණු ලෝකෙ මේ ගැලවුම්කාර සංකල්පය නෑ.සමාජ ආර්ථික දේශපාලන හා අධ්‍යාත්මික වශයෙන් ස්වාධීන නොවන තාක් කල් සමාජය පිරමිඩාකාරව පවතීවි.


      මුන්ට මොළේ නැති එකයි තියෙන ප්‍රශ්නෙ.මීට මොහොතකට පෙර මම කියෙව්ව තඩි ප්‍රියන්තගෙ දේශපාලන විග්‍රහයක්.ඒ කතා හරි .කොහොමටත් දැන් ආන්ඩුවට මේ වගෙ අයගෙන් නිදහස් වෙන්න ඕන වෙලා.
      දැන් වෙන දේවල් දිහා බලපුවම නාට්‍ය මොනවද ඇත්ත මොනවද කියල හොයා ගන්න බෑ.

      මේ අයගෙ වැඩ ගැන සැක ඇතිවෙන එක මේ අයගෙ දුර්වලකමක්.රාවණාල එකපාට මතුවෙලා ඉන්දියාවත් එක්ක ගේම ඉල්ලනව.බලසේනා මුස්ලිම් විරෝධියි,හරක් රාවය කියල එකක් ගවයන් වෙනුවෙන්.මේ එකක්වත් මේ රටේ ජනතාවගෙ අවශ්‍යතා නොවෙයි.
      ඒ නිසයි මේව කඩා වැටෙන්නෙ.කඩා වැටෙන කොට වටේ ඉන්න උන් ගහලයො වෙලා රජයේ සාක්ෂිකාරයො වෙලා නිදොස් කොට නිදහස් වෙම්න්නයි බලන්නෙ

      Delete
  8. ජාතික අනන්‍යතාවයනම් වැදගත්, නමුත් ඒ ජාතික අනන්‍යතාවය වටා බැඳුන දේවල් රකින්න හැමෝම එක වගේ කැප වෙන්න ඕනේ. මෙතන වෙන්නේ රට ජාතිය ගැන කතා කරන සමහරු තමන්ගේ දේශපාලන වාසියට එහෙම කරනවා පස්සේ ජාතිය අමතකයි.

    ReplyDelete
    Replies
    1. ජාතික අනන්‍යතාවය කියල මුන් හැම එකාම බොරුවනෙ කරන්නෙ.

      Delete
    2. හැමෝම ජාතිකත්වය රැකගන්න එක වගේ කැපවෙන්නේ නෑ කියන එකනම් ඇත්ත.

      Delete
  9. යකා,

    දෙමළ පදනමක් සහිත බව කියපු එල්ටීටීඊ ය එක්ක මරාගෙන ඉවර වුණ ගමන් අපි තවත් සතුරෙක් හොයන එක සාමාන්‍ය දෙයක්. ඒ මිනිස්සුන්ගේ හැටි. හැම වෙලාවෙම බාහිර සතුරෙක් හොයාගන්නවා. මේ විදිහට තමයි අපි තවත් සතුරෙක් හොයන්න යන්නේ. ඒත් ඒකට මුස්ලිම් ජනතාව හොයලා දෙන්නේ මේ චීවරධාරීන් තමයි. ඇත්තට ම නම් අපිට මේ වෙලාවේ බාහිර සතුරා වෙන්න ඕනේ ඉන්දියාව හරි බටහිර රටවල් ටික හරි. මොකද ලංකාවට ඇත්තට ම තග දාන මිනිස්සු තමයි ඒ. ඒත් අපි ආයෙම කරන්නේ බටහිර රටවල් වලට ඕනේ විදිහට මුස්ලිම් ජනතාව තරහා කරගන්න එක. තවමත් ලංකාවේ ක්‍රියාත්මක නොවන මුස්ලිම් අන්තවාදය හරි මුස්ලිම් ත්‍රස්තවාදය හරි මේ මගින් ඇති කරගත්තොත් අපිට කලින් යුද්ධය වගේ ලේසියෙන් ඒක ඉවර කර ගන්න පුළුවන් වෙන්නේ නෑ. කොහොමත් ලංකාව විනාශ කරන්න බටහිරට කරන්න පුළුවන් දේ මේක තමයි. .....................

    මේ මෝඩ දැගලිල්ල ගැන කිසිම තේරුමක් නැතුව උඩගෙඩි දෙන බුකියේ මෝඩ රැලට මේක වුණ දවසට නියමෙට තේරෙයි..... එදාටත් දෙපැත්තේ මැරුණ කොල්ලෝ ගාන ගණන් කර කර ඉන්න විතරයි උන්ට පුළුවන්. උන්ට ඕනෙත් ඒක තමයි..............

    ReplyDelete
    Replies
    1. හොඳ කොමෙන්ට් එකක්. අඹමල් රේණුවක් මොළේ තියෙන වැස්සකට හරි ඉස්කෝලෙකට ගිය එකෙකුට තේරෙනව මේ බොරුව සම්පූර්ණයෙන්ම කෘත්‍රිම එකක් කියල. දෙමළ නාසිවාදය උතුරෙ බලවත්ව තිබූ කාලෙ සිරුරට ගිනි තියා ගත්ත නැති අය හරක් වෙනුවෙන් මැරෙනව.
      උපායමාර්ගිකව වුනත් මේ මුස්ලිම්වරු එක්ක කරන අරෝව අවසාන විග්‍රහයෙ වාසිවෙන්නෙ බටහිරට. එක පැත්තකින් සිංහල බෞද්ධයො ම්ලේච්ඡයො කියල හංවඩු ගැහෙනව.අනික් පැත්තෙන් උතුරෙ නැගෙනහිර දෙමළ මුස්ලිම් සමඟියක් ඇතිවෙලා සිංහල විරෝධයක් ඇතිවෙනව.
      බොස්නියාවෙ වෙච්ච වැඩේ වෙන්නෙ. අන්තිමේදි මේ රටේ මුස්ලිම්වරු බේරන්න කියල නේටෝවම අපිට බෝම්බ දමාවි

      කොටි ප්‍රශෙන් විසදන්න මුස්ලිම්වරුන් සහ මඩකලපු දෙමළ ජනතාවගෙ සහාය වැදගත් වුනා. දැන් මේ අය මේ ඔක්කොම සමඟි කරවනව.

      රාවණා කියන්නෙ මේ රටේ ජාතික මට්ටමින් බුහුමන් ලබන ඓතිහාසික පුරුෂයෙක් නොවෙයි.ඔහු වෙනුවෙන් ඉන්දියන් විරෝධයක් යන කොට ජාතියක් හැටියට අපි සවුත්තු වෙනව. හරක් වෙනුවෙන් මරෙන එකත් අද ප්‍රමුඛැතාව දෙන්න ඕන කාරනයක් නොවෙයි.
      මේ රටේ තිබෙන හොරකම දූෂන මත්ද්‍රව්‍ය අල්ලස
      වංචාව මේ ඔක්කොටම වඩා ප්‍රශ්නෙ හරක් බේරීමද?
      මේ විකාර මේ මිනිස්සුන්ගෙ බිම් මට්ටමේ ප්‍රශ්න නොවෙයි.
      මේව හොදයි හවසට ටීවී බලද්දි වැඩක් නැති ටෙලි ඩ්‍රාමා වලට වඩා හොඳ නිසා. මේ අය සභා මැදට පනිනව .බලන්න ලස්සනයි ආතල් එකක්නෙ.

      මුස්ලිම් අන්තවාදයට මේ අයට මෙහෙම මොකුත් කරන්න බෑ.ඔය වැඩ වලින් ඒක තව ශක්තිමත් වෙන එකයි වෙන්නෙ. ඔය වැඩම කැමරා ඉස්සරහට යන්නෙ නැතිව රහසිගතව පන්සල් මට්ටමින් කරන්න පුළුවන් එකක්.

      මේක බටහිර න්‍යාය පත්‍රයක්.අවසාන විග්‍රහයෙ වාසිය යන්නෙ රටේ සතුරන්ට.

      Delete
  10. රටක ජාතිකත්වයනම් වැදගත්ම දෙයක්. ඒක ආරක්ෂා වෙන්න ඕනේ. ඒත් අද අපේ රටේ මෑතක හතු පිපෙන්නා වගේ බිහි වෙච්ච ජාතික සංවිධාන වලට කිසිම ජාතිකත්වයක් හෝ ජාතික මතවදයක් නෑ. අන්න ඒක ලොකු ගැටලුවක්. ඔවුන් ජාතිකත්වය කියලා ක්‍රියාශීලී රණකාමී තරුණ පිරිසට එක දෙයක් පෙන්නලා ගැටුමකදී ඔවුන් බිල්ලට දීලා සටන් ජයගත් පසු ජාතිකත්වයටම පටහැනි දේ කරන්න යනවා. ඒක කපටිකමක් වගේම ජතියටත් කරන වංචාවක්.

    ReplyDelete
  11. යකා ඔබේ ලියුම හොඳයි. මට ප්‍රශ්න කීපයක් තිබෙනවා. මම කවදාවත් ජාතිවාදී වෙලා නැහැ. මම බැඳලා ඉන්නේ ඔයාල කියනවා වගේ සුද්දියක්. හැබැයි මට හිතෙනවා ඒ වචනය පසුගාමී discriminatory කියල. කල්ලෙක්, සුද්දියෙක් කියල කතා කරන එක හරිද කියල. සුද්දන්ට කොච්චර බැන්නත් ලංකාවට අවහම අපේ මිනිස්සු මගේ බිරිඳට සලකනවා මට වඩා. එක පාරක් ආමි checkpoint එකකදී මගේ බිරිඳ වාහනයේ ඉන්දැද්දී මගේ මහලු අම්මටයි අනිත් අයටයි බහින්න කීව. මම කිව මගේ බිරිඳට බහින්න කියල ආමි රණ විරුවා මගේ ඇඟට ගොඩ වුන එයට බහින්න කිවේ නැහැ කියල. වලිය අන්තිමට එතන හිටපු captain ගාවට එන කම් ගිහිල්ල man මට ඉංග්‍රීසියෙන් කීව මේ ගොල්ල ට orders දීල තියෙන්නේ සුද්දෝ බස්සන්න එපා කියල.ඔයා ගනන් ගන්න එපා යන්න කියල. මම කියන්නේ සුද්දෝ කල්ලෝ නෙමේ අපි හැමෝම එකයි. කවුරුත් උඩ වත් පහලවත් නැහැ. අනික එංගලන්තේ වුනත් ඔය කියන ජාති වාදය තියෙනවා. ලන්කාවේ වගේම.

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete