Wednesday, April 16, 2014

සිංහලයන් යනු මෙරට ආදිවාසීන්ද ඉන්දියානු සංක්‍රමණිකයන්ද


මීට බොහෝ කලකට ඉහත උතුරු ඉන්දියාවේ සංචාරය කළ මගේ මිතුරෙක් ආපසු ලංකාවට පැමිණ මා හමුවූ මුල් දිනයේම කිව්වේ " මචන් සිංහලයන් උතුරු ඉන්දියාවෙන් ආව කියන එක අමුම අමු බොරුවක්" කියාය. එම කතාව මට එවෙලේ ප්‍රසන්න නොවීය.

මෙසේ උතුරු ඉන්දියාවේ සංචාරය කර මෙරටට එන බොහෝ දෙන විජයගෙන් සිංහලයන් පැවත එනවා කියන කතාව සැක කරති.මූලිකම හේතුව උතුරු ඉන්දියානුවන් දෙස බැලූ විට මූලික වශයෙන්ම මොවුන් හා අප කිසිසේත්ම සමාන නොවීමය.උතුරු ඉන්දියානුවන් ඉරාන ජාතිකයන්ට යුරෝපීයයන්ට මහත් සේ සමානය.ඉන්දියාවේ සංචාරය නොකළ කෙනෙකුට මේ වෙනස මෑතකදී හඩ කවා ප්‍රචාරය කළ ඉන්දියානු සෝප් ඔපෙරා නැරඹීමෙන් දැනගත හැක.

මේ කතන්දරය ලියන්නට සිතුනේ   ෆේස් බුක් පේජ් එකක් ඉතිහාසය විකෘති කරමින් වැරදි අදහස් සමාජ ගත කරන හැටි දුටු විටයි. මෙහි හානිය නම් මේ වැරදි අදහස් සත්‍ය ලෙස ඉතිහාසය ගැන නොදන්න අය මෙන්ම අන්තර්ජාලය පරිහරණය කරන සිසුන්ද රැවටීමකට ලක් වීමයි.මේ ගැන පෝස්ට් එකක් දමනවායැයි සිතා සිටියද එය කල් ගියේ ඊට වඩා ප්‍රමුඛත්වය දිය යුතු කාලීන ලිපි දැමිය යුතු නිසාය.

මගේ බ්ලොග් එකේ එක් පරමාර්ථයක් නම් අළුත් විදියකට සිතන්න පෙළඹවීමයි. එහිදී කවර දෙයකට වුවද අභියෝග කරන්නට නොපැකිළෙමි.නමුත් මෙහිදීද අප දැනුම සොයා යන පිළිවෙලක් ඇත.එය නම් විද්‍යාත්මක ක්‍රමයයි.මෙහි අඩුපාඩු තිබිය හැක.නමුත් සාපේක්ෂව වරදින ඉඩ අඩුය.

ඉතිහාසය ද විද්‍යාවකි.මෙය මහාචාර්ය කර්(ර්) ඉතිහාස විද්‍යාව නම් පොතේ අපූරුවට විස්තර කර ඇත.ඉතිහාසය යනු රජවරුන්ගේ කතා නොවේ. යටගියාව පිළිබද සැබෑව සහ පරිනාමය පිළිබද මනා වූ අධ්‍යනයයි. මෙහිදී මැටි භාජන විකාශනය වුන හැටි,අවමංගල චාරීත්‍ර වල සොභාවය වැනි දේද අදාල සමාජය ගැන වැටහීමක් ලබා ගැනීමට ඉතා වැදගත්ය.

ඉතිහාසය ඉගෙනීමේ මූලාශ්‍ර ගැන කතා නොකරමි. මෙය බ්ලොග් ලිපියක් මිස ඉතිහාස පාඩමක් නොවේ.නමුත් මහාවංශයේ එන සිංහ ප්‍රවාදය ගැන කතා කරන නිසා මූලාශ්‍රයක් ලෙස එම ලිඛිත ග්‍රන්ථයේ වැදගත්කම පමනක් හුවා දක්වමු. 

ඉතිහාසය යනු පොතක තිබුන දෙයක් එලෙසම පිළිගැනීමක් නොවේ.පුරා විද්‍යාත්මක වශයෙන් මානව රූපාකෘති විද්‍යාත්මක වශයෙන්,ජීව විද්‍යාත්මකව,මානව විද්‍යාත්මකව ආදී වශයෙන් කරුණු නිරවුල් විය යුතුය.එසේම අදාල දේ එලෙස සිදුවුනේ මන්ද එය වෙනස් විදියකට සිදුවුනා නම් කෙලෙස වේවිද ආදී වශයෙන් තර්ක කළ හැකිවිය යුතුය. ඉතිහාසය දේව භාෂිතයක් නොවේ. නව සොයා ගැනීම් අනුව මෙතෙක් පිළිගත් දේ වෙනස් විය හැක. ස්වාභාවික විද්‍යාවන්ගේ වගේමය.

මේ අටුවා ටීකාවන්ගෙන් පසු යකා සහ ඉතිහාස විශය අතර සමබ්න්ධයද කියන එක හොඳ යැයි සිතේ. යකා ඉතා කුඩා කාලයේ ඇස ගැටුන පොත් දෙකක් විය. එකක් නම් නිව්ටන් පිංතු මොරගොඩගේ ලංකාව හා යුරෝපීයයෝ නම් පොතයි.අනෙක ලංකාව හා තදාසන්න රාජ්‍ය නම් පොතයි.එයද නිව්ටන් මහතාගේදැයි නොදනිමි.

මේ පොත් වලට මා කොයි තරම් ප්‍රේම කළාද කිවහොත් රාජාවලි ආණ්ඩුකාරවරුන්ගේ නාම ලේඛන දින වකවානු සහිතවම කටපාඩම් විය. එසේ කටපාඩම් වුනේ කුමන වයසේදීදැයි මම නොකියමි. ඊට හේතුව එය කිසිවෙකු පිළිනොගන්නා නිසාය.පසු කළෙක පුස්තකාල වලට ඇබ්බැහි වූ පසු තනිවම යුරෝපා රෝම හා ඉන්දියන් ඉතිහාසය හදාරන්නට පටන් ගත්තෙමි.

මේ කතාව කියන විට මට අපූරු කතාවක් මතක් වේ එනම් ශක්‍ර දෙවියන් ගැන ලානරොල් මහතා ලියූ පොතක්ද මට හමුවිය. ඔහු ශක්‍ර දෙවියන් ගැන අපූරු කතාවක් කියයි.ඔහුට අනුව ශක්‍ර දෙවියන් යනු පර්සියානු අධිරාජයාය.එහි දිව්‍ය ලෝක යනු ඔහුගේ ප්‍රාන්ත රාජ්‍ය බව කියයි. ශක්‍රයා,සුර අසුර,දේව,මනු වැනි වදන් වලින් ඇත්තෙන්ම මිනිස් ගෝත්‍ර සිටි බව අපූරුවට පෙන්වා දී ඇත. ඔහුට අනුව ශක්‍රයා යනු ඩේරියස් රජුය.දියුණු පර්සියන් අධිරාජ්‍යය නොදියුණු ඉන්දියානුවා දුටුවේ දිව්‍ය ලෝක සේය. සදෙව් ලොව යනු හක්ක මානුසීයයාගේ සත්‍රප ( ප්‍රාන්ත )ලෙසද දක්වා ඇත.
නාගලන්තය යැයි රටක් අදද ඉන්දියාවේ තිබේ.ඔවුහු මොන්ගෝලීය මිනිසුන්ය.

ලංකාව දූපතක් බව අපි දනිමු.එසේම එය ඉන්දියාවෙන් වෙන් වන්නේ කුඩා වැලිපරයකිනි.පුරාන අයිස් යුගයේ මේ දෙරට එකට සම්බන්ධව තිබුනි.ඉන්පසුවද සතා සීපාවා මෙන්ම මිනිසුන්ද පිහිනා හෝ කුඩා යාත්‍රාවලින් ඉන්දියාවේ සිට ලංකාවට පැමිණියහ.මෙසේ පැමිණ මෙරට සමාජයට මිශ්‍ර වීම අලුත් දෙයක් නොවේ.මෙසේ පැමිණි එක් පුරුෂයෙක් වන විජය (ජයග්‍රහනය කළ තැනැත්තා)  නමැත්තෙක් ගැන ඉතිහාසයේ දැක්වෙන අතර ඔහු සිංහයෙකුගේ මුණුපුරෙක්ල.

සිංහයා යනු පුරාණ මිනිසුන්ගේ කුතුහලයට හා ගෞරවයට ලක් වූ සතෙකි. පුරාණ බැබිලෝනියානුවන්ගේ ජාතික සංකේතයද සිංහයාය.අපේ සිංහ ප්‍රවාදය මෙරට හෝ පිටත ඇතිවූවක් විය හැක.එහෙත් මේ මොන දේට වුනත් ඉන්දියාවේ සම්බන්ධයක් කෙලෙස හෝ ගෙතිය යුතු විය. ඊට හේතුව බුදුහාමුදුරුවන්ට නෑ කමක් නිර්මාණය කළ යුතු වූ නිසයි.

ඉතිහාසය ලියූ උදවිය මෙලෙස අගතිගාමී හැඟීම්වලින් ඉතිහාස පොත් ලියූ නිසා සැබෑ ඉතිහාසය සොයා ගවේශනය කරන අය මුහුණ දෙන්නේ මහා අභාග්‍යකටය.ඉන්දියාවට විශේෂයෙන් උතුරු ඉන්දියාවට නෑකම් හදන්න යාමෙන් සැබෑ ඉතිහාසයට වී ඇති හානිය අපමණය.

සිංහලයන් ඉන්දියාවේ සිට ආ බව සාමාන්යයෙන් පිළිගැනේ.දෙමළ අය දකුණු ඉන්දියාවේ සිටද මුස්ලිම්වරු අරාබියේ සිටද ආ බව කියවේ. මේ කතාවේ දෙමළ ජනයා දකුණු ඉන්දියාවේ සිට ආ බව පමනක් සත්‍ය වේ.සිංහලයෝ උතුරු ඉන්දියාවෙන් ආ බව මුළින්ම සැක කරන්නේ උතුරු ඉන්දියාවේ සංචාරය කළ අයයි. මානව රූපාකෘති විද්‍යාවට අනුව උතුරු ඉන්දියානුවන්ට කිසි ලෙසකින්වත් සිංහලයෝ සමාන නැත. ඊට වඩා දකුණු ඉන්දියානුවන්ට සමානය.

පෝල් ඊ පීරිස්  සිරිමතුන් හා ඔහුගේ පුත් ශිරාන් දැරණියගල සිරිමතුන් මේ උතුරු ඉන්දියානු ප්‍රවාදය සාර්‍ථකව ඛන්ඩනය කළහ. ඔවුහු ජීව විද්‍යාත්මක සාක්ෂි ඒ සඳහා යොදා ගත්හ.ශ්‍රී ලංකාවේ වැද්දන් ඉන්දියාවේ ආදිවාසීන් ට හෝ නිව්ගිනියාවේ හෝ ඉන්දුනීසියාවේ ආදිවාසීන්ටත් සමාන නොවන බව පෙන්වා දුන්නේය .එසේම ශ්‍රී ලාංකිකයන් සියළු දෙනාගේම සිරුරේ වැදි ලේ තිබෙන බව පෙන්වා දීම ඉතා වැදගත්ය. එනම් වැද්දන් පමනක් ආදිවාසීන් ලෙස හැඳින්වීම වරදක් බව මෙම අධ්‍යන වලින් පෙනේ.

වැද්දන් හා සිංහලයන් එකිනෙකාගෙන් වෙන්වුනේ මීට වසර 6100 කට පමන පෙර බව ඔවුහු පවසති.සිව්හෙළය නමින් හැදින්වුන ගෝත්‍ර එක්වී සිංහලයන් හැදුන බවට වූ ප්‍රවාදය වඩාත් පිළිගත හැකි මතය බව පෙනේ.මේ අනුව වැද්දන් හා සිංහලයන් මෙරට ආදිවාසීන් වූ බව පෙනේ.

ලංකාවේ ඉතිහාස කතාව ලියූ ලේඛකයන්ට ඇත්ත වශයෙන්ම අවශ්‍ය වුනේ ඉතිහාසය ලිවීමට නොව බුදුහාමුදුරුවන් සමඟ නෑකමක් හදා ගැනීමය.සිංහලයන් යනු කවුද ඔවුහු කෙසේ ඇති විනිද යන කරුණ විමසා බැලීමේදී එක් මූලාශ්‍රයකට පමණක් සීමා විය යුතු නැත.

එකළ ලංකාව පුරා විවිධ ගෝත්‍ර තිබිණි. මේ ගෝත්‍ර අතර යක්ෂ,නාග, දේව, රාක්ෂස, සබර  වැනි ඒවා ප්‍රධාන වේ. නාගයන් මුහුදුකරයේ වාසය කළ අතර  යක්ෂයෝ කෘෂිකාර්මික ප්‍රදේශවල ජීවත් වූහ. ගොවිතැන් කළ යක්කු ගැන පුරාණ කතාවල නිතර සදහන් වේ.
ගෝඨයිම්බර සමඟ දබර කළ ගොවිතැන් කළ යකෙක් ගැන කතාව බලන්න. කුවේණිද යක්ෂ ගෝත්‍රික රැජිනකි. යක්කු අදෘෂ්‍යමාන ජීවීන් නම් ඔවුන් ගොවිතැන් කරන්නේ ඇදුම් මහන්නේ ඇයි? මණි අක්ඛික ,චූලෝදර,මහෝදර නාගයන් ගේ රාජධානි ගැන කියැවේ. නයින්ට මොකටද මැණික් පුටු? මේ රට පුරා සිටි ගෝත්‍රික කන්ඩායම්ය. අරවින්ද මුචලින්ද වැනි නම්වලින් හැදින්වෙන්නේද ගෝත්‍රික මිනිසුන්ය.

දුටුගැමුණු රජදවස මේ සියළු ගෝත්‍ර එකට එක්විය. බටහිර මුහුදුතීරයේ රාජධානි විවාහ සම්බධතා මගින්ම මාගම සමන්නග සම්බන්ධ විය. මාගම සිට අනුරාධපුරයට යන විට සෝම නුවර ,සේරු නුවර යයි රාජධානි තිබුනි. කාවන්තිස්ස හා දුටුගැමුණු රජවරුන්ට මේ රාජධානි තම රාජ්‍යයට යා කර ගත්හ.මේ වන විට මේ සියළු රාජ්‍ය වල බුදුදහම පැතිරී තිබුනි.

එළාර නම් විදේශීය ආක්‍රමණිකයා පරාජය කිරීමට පෙර  දුටුගැමුනුට සියලුම කුඩා කුඩා රාජ්‍ය එක්සත් කළේය. එළාර ද්‍රවිඩයකු නොවේ. ද්‍රවිඩ කියා මිනිස් කොට්ඨාසයක් එකළ නොවීය.ද්‍රවිඩ ඉතිහාසය පටන් ගන්නේ සංගම් යුගයෙනි.ලංකා ඉතිහාසය ලිව්වේ දෙමළ ආක්‍රමණ පැවති යුගයකය.රට ආක්‍රමණය කළ ඕනෑම කෙනෙක් වංශකතා කරුට අනුව ද්‍රවිඩයෙකි.මෙය කොයිතරම් ඔඩු දිව්වාද කිව හොත් පෘතුගීසීන්ටද ඇතැම් අවස්ථාවල කිව්වේ ද්‍රවිඩයන් කියාය.

දුටුගැමුණු විසින් රට එක්සත් කළ පසු රටේ ජනතාව එකම තැනක සිට පාලනය වුනි. කුඩා කුඩා ප්‍රාදේශීය භාෂා නැතිවී ගියේය. බෞද්ධ පත පොත ආදිය උතුරු ඉන්දියානු මුහුණුවරක් තිබුන නිසා සිංහල භාෂාව උතුරු ඉන්දියානු භාෂාවලට සමානය. එහෙත් ජීව විද්‍යාත්මකව මෙරට වැසියන් සමාන උතුරට නොව දකුණටය. පෝක් සමුද්‍ර සන්ධිය හරහා මිනිසුන් නිතරම දකුණු ඉන්දියාව හරහා මෙරටට පැමිණි බව රහසක් නොවේ.

විජය විසින් මෙරට වැසියා සමූලඝාතනය නොකළ බව මහා වංශයම කියයි.මහා වංශයට අනුව වැද්දන් පැවත එන්නේ විජයගේත් කුවේණිගේත් දරුවන්ගෙනි.ඒ අනුව වැද්දන්ටත් වඩා විජය ආදිවාසියෙකි.විජය ආක්‍රමනිකයෙක් නොවී එළාර පමනක් ආක්‍රමනිකයෙක් වුනේ මන්දැයි විමසා බලමු. විජය යන වචනයේ තේරුම ජයගත් තැනැත්තා යන්නයි.විජය වනි මුහුදු මංකොල්ලකාරයන් සියගනනක් මෙරටට පැමිණ මංකොල්ලකන්නට ඇත.විජය යනු මේ සියල්ලන්ගේම සංකේතයකි.මේ වන විට මෙරට ස්ථාපිත ආගමක් නොවීය. එහෙත් එළාර එන විට එවැන්නක් තිබුණි. මේ නිසා එළාර මිත්‍යාදෘෂ්ටිකයෙක් විය. එළාර දුටුගැමුණු යුද්ධයේ පදනමද ආගමික කරුණුය.එළාරගෙන් පැවත එන බව නොකියා විජයගෙන් පැවත එන බව කියන්නේ මේ නිසයි.

රටට ඇතුලුවන ඕනම පල්හොරෙකුගේ නමින් උප්පැන්න ලියවා ගනීම නිසා සැබෑ ඉතිහාසයට මෙන්ම අපේ මුතුන් මිත්ත්නටද සිදුවී ඇත්තේ අවමානයකි. විකිපීඩියාව වැනි විශ්ව කෝෂවල මේ සත්‍ය නැත. විකිපීඩියාව මූලාශ්‍ර කරගෙන ඇත්තේ කවුරුන් විසින් හෝ සැපයූ දත්තයකි. එයට දත්ත දෙන්නට ඕනෑම කෙනෙකුට පුළුවන. එය පරම සත්‍යයක් නොවේ. මේ කරුණ ගැන මා සමඟ වාද කළ අය විකිපීඩියාව සරණ යන තරමටම අසරනව සිටියහ.

ලංකාව දකුණු ඉන්දියාවට වඩා උතුරට කිට්ටු වුනේ බුදුදම නිසාය.උතුර මුස්ලිම් වනවිට මේ සබදතාව දකුණට බර විය. ඉන්පසු සිංහල බස දෙමළ කරනය වන්නට විය.අපේ හෝඩිය හා ද්‍රවිඩ හෝඩි අතර සමානකම් ඇතිවුනේ ඒ නිසාය.

ජාතිය ජීව විද්‍යාත්මකද සංස්කෘතිකද යන ගැටළුව ආදි කාලේ සිට තිබුනි. ජර්මනියේ නාසි වාදීහු ජාතිය ජීව විද්‍යාත්මක බව විශ්වාස කළහ. එහෙත් අමිශ්‍ර එවැනි ජාතියක් අද ලෝකයේ නැත.හිට්ලර් ආර්ය ජර්මන් ජාතියේ නෝඩික් ලක්ෂන ගැන කතා කළත් නෝඩික් ලක්ෂන ජර්මානුන්ට වඩා වෙනත් ජාතීන් තුල දැකිය හැකි බව සොයා ගෙන ඇත.ඇමරිකාවේ ජාතිවාදී දේශපාලනයක යෙදෙන තැනැත්තකුගේ ජාන පරීක්ෂා කර ඔහුතුල අප්‍රිකානු ජාන තිබෙන බව හෙළිකරන ලදී.

කළු දෙමවුපියන්ට හිටි ගමන් සුදු දරුවන් උපදී. මීට හේතුව සුදු ජානය නිලීනව තිබී මතුවීමය.ආණමඩුවේ පවුලක අප්‍රිකානු ළැමයෙක් වැනි ළෑම්යෙක් උපන්නේය. ගෙදර රන්ඩුත් ඇතිවිය.පසුව හෙළිවුනේ මේ පරම්පරාවල සැඟව තිබූ අප්‍රිකානු ජානයක් මතුවීම ලෙසයි.බලන්න අප අතර පොකුටු කෙස්,පලල් තොල් ඇති කී දෙනෙක් නම් ඉන්නවාද කියා.අපේ සමහර ක්‍රීඩකයන් සමහර රටවලට ගිය විට එම රටවල ස්වදේශිකයන්ගෙන් වෙනස් කර හදුන ගන්න බැරි තරම්ය.

ජාතිය ජීව විද්‍යාත්මකද සංස්කෘතිකද යන ගැටළුව ආදි කාලේ සිට තිබුනි. ජර්මනියේ නාසි වාදීහු ජාතිය ජීව විද්‍යාත්මක බව විශ්වාස කළහ. එහෙත් අමිශ්‍ර එවැනි ජාතියක් අද ලෝකයේ නැත.හිට්ලර් ආර්ය ජර්මන් ජාතියේ නෝඩික් ලක්ෂන ගැන කතා කළත් නෝඩික් ලක්ෂන ජර්මානුන්ට වඩා වෙනත් ජාතීන් තුල දැකිය හැකි බව සොයා ගෙන ඇත.ඇමරිකාවේ ජාතිවාදී දේශපාලනයක යෙදෙන තැනැත්තකුගේ ජාන පරීක්ෂා කර ඔහුතුල අප්‍රිකානු ජාන තිබෙන බව හෙළිකරන ලදී.

කළු දෙමවුපියන්ට හිටි ගමන් සුදු දරුවන් උපදී. මීට හේතුව සුදු ජානය නිලීනව තිබී මතුවීමය.ආණමඩුවේ පවුලක අප්‍රිකානු ළැමයෙක් වැනි ළෑම්යෙක් උපන්නේය. ගෙදර රන්ඩුත් ඇතිවිය.පසුව හෙළිවුනේ මේ පරම්පරාවල සැඟව තිබූ අප්‍රිකානු ජානයක් මතුවීම ලෙසයි.බලන්න අප අතර පොකුටු කෙස්,පලල් තොල් ඇති කී දෙනෙක් නම් ඉන්නවාද කියා.අපේ සමහර ක්‍රීඩකයන් සමහර රටවලට ගිය විට එම රටවල ස්වදේශිකයන්ගෙන් වෙනස් කර හදුන ගන්න බැරි තරම්ය.

සිය ගනනක් වූ ගෝත්‍ර දුටුගැමුණු යුගයේදී බුදුදහම මත පදනම්ව එක්සත් වී ඇත.ඉන් පසුවද සිය දහස් වර මිශ්‍ර වී ඇත. එහෙත් මේ සියල්ල සිදුවී ඇත්තේ එක් පදනමකිනි.එනම් ස්වදේශීය ලෙස වර්ධනය වූ අපටම ආවේණික රිද්මයකටය.විජය එළාර වැනි ආක්‍රමනිකයන් මෙන්ම පසුකලෙක සිදුවූ දකුණු ඉන්දියානු ආක්‍රමණ වලින්ද දේශිකයන්ට එක්සත්වීමේ අගය වැටහුනි.ආක්‍රමනිකයන් ලෙසද සංක්‍රමනිකයන් ලෙසද මේ රටට බොහෝ විදේශීය ජාන ලැබුනි. දැනුමද ලැබුනි. එසේම දේශීය ජාන හා දැනුම විදේශයන්ටද ලැබුනි.



40 comments:

  1. http://en.wikipedia.org/wiki/Genetic_studies_on_Sinhalese

    උතුරු ඉන්දියානුවන් කියා එක් ජාතියක් වෙන් කර ගත නොහැක(ආර්ය සම්භයව සහිත උතුරු ඉන්දියානු ජාතින් රාශියක් ඇති අතර ඔවුන් සියල්ලගේම පෙනුම එක සමාන නැත ) , බෙංගාලි ජාතිකයින්ගේ පෙනුම බොහෝ දුරට ශ්‍රි ලාංකිකයින්ට සමානය , අනෙක් අතින් සිංහල භාෂාව අයත්වන්නේද ඉන්දු ආර්ය භාෂා කුලකයටය ,

    වැදගත්ම දෙය නම් සිංහලයා ඉන්දියාවෙන් හෝ අප්‍රිකාවෙන් හෝ හඳෙන් ආවත් එයින් වර්ථමානයට හෝ අනාගතයට අබමල් රේණුවක වෙනසක් නොවීමය

    ReplyDelete
    Replies
    1. ඔවු එය වර්තමානයට කිසිම බලපෑමක් නැහැ. ඒත් සමහරු කියනවානෙ ගෙඩිය පිටින්ම සිංහලයන් ඉන්දියාවෙන් මෙරටට සංක්‍රමනය වූ කතාව.
      නමුත් සිංහලයා කියන්නෙ එලෙස ජීව විද්‍යාත්මකව වෙන් කර ගත හැකි ප්‍රජාවක් නොවෙයි.අනෙක් ජාතීනුත් එලෙසමයි.
      එසේම විජය එක්ක සිංහලයන් මෙරටට ආවා කියන කතාව සිංහලයන්ට බුදුහාමුදුරුවො එක්ක නෑ කමක් හදාගන්න ඉස්සර හිටපු මෝඩ හාමුදුරුවරු නිර්මාණය කළ කතාවක්.
      සමහරු ආසයි ආර්යයන්ගෙන් පැවතගෙන එනව කියල කියන්නට
      බෙන්ගාලය වගෙ පෙදෙස් වලින් ඇවිත් දූපත ජනාවාස වුනා විය හැකියි. සිංහලයන් බාහිර පෙනුම අතින් බංගලියන්ට සමාන බව මාත් පිලිගන්නවා.බංග්ලාදේශයෙදි සමහරු රැවටිලත් තිබෙනවා සිංහලයන් හා බංගලියන් එකිනෙකා හදුනාගන්න බැරිව.

      බංගලියන් ඇතුළු නැගෙනහිර ඉන්දියානුවන් ආර්යා අක්‍රමනත් එක්ක ඉන්දු නිම්නයේ සිට නැගෙනහිරට සංක්‍රමණයය වූ විට ඔවුන්ගෙන් කොටසක් ලංකාවට ආවා විය හැකියි.
      ද්‍රවිඩයන් ඉන්දියාවට ආවෙ ඊට පස්සෙ. ඒක වෙනම කතාවක්.ද්‍රවිඩයන් ඔවුන්ගෙ හැම දෙයක්ම ලබා ගත්තෙ සංස්කෘත ලෝකයෙන්.ද්‍රවිඩයන් යම් තරමකට මුහුදු ප්‍රජාවක්.
      මුස්ලිම් ආක්‍රමන නිසා ඉන්දියාවේ දකුනේ හා නැගෙනහිර ජනයාගේ ඇදහිලි උතුරු ඉන්දියානු බලපෑමෙන් මිදුනා.එසේ නොවන්නට තමිල්නාඩුව හා ලංකාවේ සමාජ අතර ලොකු වෙනසක් නැතිවෙන්න තිබුනා.
      ඒත් උතුරට මුස්ලිම් ආක්‍රමණ ඒමත් එක්ක උතුරුදිග ආර්ය බලපෑම් දූපතක් වූ ලංකාවේ හැර වෙන කිසිම තැනක සුරක්ෂිත වුනේ නැහැ.

      ද්‍රවිඩයන්ගෙ සංස්කෘතිය උතුරු ඉන්දියාන් උ කාබන් කොපි වුනත් සමහරුන්ට ද්‍රවිඩයන් විශ්මකර්මයන් වෙලා තිබෙන බවක් පේනවා.ඊට හේතුව ද්‍රවිඩයන් බටහිර නියෝජිතයන් ලෙස බටහිර නොවන සංස්කෘති විනාශ කළ හැකි බලවේගයක් ලෙස සමහර අය දකින නිසයි. ද්‍රවිඩයන්ට එහෙම හැකියාවක් නැහැ.නමුත් එහෙම හිතන අය කියන්නෙ ලෝකෙ සෙසු ජාතීන්ට හැම දෙයක්ම දුන්නේ ද්‍රවිඩයන්ය ඔවුන් තමයි සියල්ල සොයා ගත්තෙ කියලා. \මේක හරියට වචන නිරුක්ති ඔස්සේ විහිළු සහගත හෙළ කතාවක් (රාවනා යුගයෙ ඉදන් එන ලෝක ව්‍යාප්ත සිව් හෙළයක් ) හදන අහුබුදුලගෙ සූරිය ගුණසේකරලගෙ කතාව වගෙ තමයි.

      Delete
    2. ඔය ආර්ය්‍ය කියන වචනය මුලින්ම හම්බවෙන්නේ පරන හින්දු ඉන්දියානු වේද ග්‍රන්ථ වලයි, මේවා බුදුහාමුදුරුවන්ගේ කාලයටත් බොහෝ පෙර ලි‍යැවී ඇත්තක්. ( ඔන්න මයියා පණ්ඩිතයා වගේ වේද ග්‍රන්ත ගැන කිවිවට , මයියා වේද ග්‍රන්ථ කියවලා නම් නැ..ඒත් මයියා මේ කියන කරුන ඇත්තක් බව වෙනත් ලිපි කීපයකින් මයියා සැක හැර ගෙන තියෙනවා)

      වේද ග්‍රන්ත වල කියන අන්දමට එම පොත් ලියා ඇත්තේ මීට ඇවුරුදු 4000 ට එහා, වයඹ දිශාවේ සිට ඉන්දියාවට පැමිනි ජන කොටසක් ලු. ඔවුන් ආර්ය්‍යන් ලෙසයි හැදින්වෙන්නේ. පසුකාලිනව මේ ආර්ය්‍ය කියන වචනය බ්‍රහ්මණ, ක්ශතීය, වෛශ්ය්‍ය යන උසස් යැයි නම් කරන ලද කුල වල අය හැදීන්වීමට යොදාගෙන තිබෙනවා.

      බුදුදහමේත් " ආර්ය" කියන වචනය වෙනත් තේරුමකින් භාවිතා වේනවා. ඒහීදී උප්පතිය අනුව වෙන් කිරීමක් නොව,අඩු කුලවල් යැයි සම්මත වූවන් නමුදු, යහපත් දේවල් වල යෙදෙන අය ආර්ය්‍යන් ලෙස හදුනවා දී තිබේනවා.

      මේ ආර්ය්‍ය කියන සීන් එකේ තියෙන තවත් කතාවක් තමයි, ඉන්දු යුරෝපිය ආර්ය්‍ය භාෂා කුලකය" කියන සංකල්පය මේකට නම් මුල් වෙලා තියෙන්නේ ජර්මානු ජාතික උගතෙක් උන මැක්ස් මුලර් මහත්තයයි. මේතුමා සංස්කෘත ගැන හොද දැනීමක් හා අසාවක් තිබ්බ කෙනෙක්. ඉන්දියානු ශිෂ්ඨාචාරයට හා සාහිත්‍යට ඒ මහතා තුල තිබ්බ අශාව කොතරම් ද කියනවනම්, ඒ මහත්තයා අන්තිමට ඉන්දියානු භාශා හා යුරොපියානු භාශා ඔක්කොම එකම මූලයකින් හෙවහ් ආර්ය්‍ය භාශා කුලකයකටඅයිතියි කියලා මථවාදයක් ගේනාවා.

      මේකට ඉන්දියාවේ හිටපු සම්කාලීන රබීන්ද්‍රනාත් තාගෝර් පඩිතුමන් වැනි අයෙගෙත් සපොර්ට් එක හම්බ උන නිසා කථාව නැගලා ගියා. කොහොමින් කොහොම හරි මේ කතාවෙන් ප්‍රයෝජන ගත්තේ යටත් විජිත පාලකයන් උන ඉංග්‍රීසීන්. ඔවුන් මෙය දකුනු ඉන්දියාවේ ක්‍රිස්තියානි ආගම පැතිර වීමට යොදා ගත්තා. මොකද ඒ වන තුරුත් ද්‍රවිඩයන් ගේ ඉතිහාසය උනේ හින්දු අගම හා බැදුනු කතාවලුයි. ඉතින් හින්දු ආගම හා තිබිච්ච සම්භන්දය කඩලා දාන්න මේ කියන ආර්ය සංකල්පය ඉංග්‍රීසීන් යොදා ගත්තා...ඒ ඔබ ද්‍රවිඩයන්, හින්දු ආර්ය්‍යන් ගේන් වෙනස් කියන මථය ව්ය්‍යප්ත කිරීමයි..මේක තාමත් ද්කුනු ඉන්දියාවේ අයට නැගලා යන කථාවක්...

      http://www.maiyyagelokaya.blogspot.com/2010/07/blog-post_25.html

      Delete
    3. යකා පොත් කියවූවාට පොත් වල තිබෙන දේ හා මිතුරන් කියු දේ පටලා ගෙන නාගෙන ඇත. එකෙක්වත් උතුරු ඉන්දියාවෙ සිට පැමිණියේ යැයි කිසිම තැනක කිය නැත. විජය ආවා නම් විජේ ආවා කියන්නේ නැගෙනහිර ඉන්දියාවේ සිටය. ඉන්පසු ඉන්දියාවෙ විවිධ ප්‍රදේශවලින් මිනිසුන් පැමිණියත්. උතුරු ඉන්දියාවෙන් පැමිණි බවක් කිසි තැනක සටහන් නොවේ. උතුරු ඉන්දියාවෙන් පැමිණියේ නම් මෙරට සිටිනියු අප මෙන් යකුන් නොව යුරෝපීයයන්ට බොහො සමාන සමක් ඇති නිවුනු මිනිසුන් පිරිසකි.

      Delete
    4. මාතාගේ අදහසට මමත් එකඟයි...භූගෝලාත්මකව බැලුවාමත්, ඒ කියන්නෙ සිතියම දිහා බැලුවාම මුතු ඇටේ ලොකේට් වෙලා තියෙන්නේ ඉන්දියාවේ නැගෙනහිරට වෙන්න ....වෙස්ට් බෙන්ගෝල් වල ඉදන් හරි ලේසි වෙන්නැති පහලට රූටන්න...

      Delete
    5. උතුරු ඉන්දියාවෙන් ආවා කියලයි වංශකතා වල තිබෙන්නෙ.ආර්යයන්ගෙන් පැවත එනවා කියලයි කට වහරට කියන්නෙ. මේ ප්‍රවාදය දීර්ඝ කාලයක් මෙරට ජනප්‍රිය මතය ලෙස පැවතියා. ඒත් මේ සාවද්‍ය මතය හැම අතින්ම අවාසියි.ඇයි අපි අපට අවාසි මිත්‍යාවක් මත රැදෙන්නෙ. මගෙ ප්‍රශ්නය වුනේ ඒකයි. ඒක සාවද්‍ය මතයක් නොවුනා නම් කරන්න දෙයක් නැහැ.

      පුරාණ කාලයේ සිට මෙරට සිටි ගෝත්‍රිකයන් ඒකරාශී වෙලයි සිංහල ජාතිය සැදී තිබෙන්නේ. ඔවුන් බෙන්ගාලයෙන් හෝ කේරළයෙන් ආවෙ නැහැ. අනාදිමත් කාලයක සිට ඉන්දියාවයි ලංකාවයි අතර යාම් ඊම් තිබුනා. බන්ගලියන් හා අපේ සමානකම් වලට හේතුව එයයි.

      එක්තරා ෆේස්බුක් පේජ් එකක් තිබෙනවා. එහි නම මා සදහන් නොකරන්නේ එයට අනියම් ප්‍රචාරයක් ලැබීම වලකන්නයි. ඔවුන් කියනවා මෙරට ආදිවාසීන් යනු වැද්දන්ලු. සිංහලයන් පිටින් ආ අයලු. ඔවුන් ඊට උදාහරන දෙමින් සිංහලයන් උතුරු ඉන්දියාවේ සිට ආ බවට විකිපීඩියාවේ තිබූ මාර්ග සිතියමකුත් ගෙන හැර පෙනවනවා.

      මා තර්ක කලේ සිංහලයන් යනු මෙරට සිටි ආදිවාසීන් බවයි . වැද්දනුත් ආදිවාසීන්. ඒත් ආදිවාසී නාමය වැද්දන්ට පමනක් දීම අසාධාරණයි.එක් ආදිවාසී පිරිසක් වන සිංහලයන් වාරි තාක්ෂණය අහරහා සභ්‍යත්වයක් ගොඩ නැගුවත් වැද්දන් එසේ කළේ නැහැ.

      මා ඉහත සදහන් කළ ෆේස්බුක් පේජ් එක සිංහලයන් උතුරු ඉන්දියාවට යා යුතු බවත් දෙමළුන් දකුණු ඉන්දියාවට යා යුතු බවත් මුස්ලිම්වරු අරාබියට යා යුතු බවටත් තර්ක කරනවා.ඔවුන් මෙරට ආදිවාසී න් වගේම ශිෂ්ටාචාරයක් ගොඩ නැගූ සිංහලයන් මෑතකදී වෙළදාමේ ආ අරාබීන්ගෙ මට්ටමට දාල.

      මේ ෆේස්බුක් පේජ් එක කරන්නේ මුස්ලිම් පිරිසක්. ඔවුන් වැරදි දත්ත මත පදනම්ව කොලොප්පමට වගෙයි ඒක කරන්නේ. මට හිතුනෙ මේ අයට මෙහෙම දේවල් කරන්න ඉඩ ලැබුනෙ අපේ ඉතිහාස කතා කාරයන් උතුරු ඉන්දියාවත් එක්ක නෑකම් අටවන්න ගිහින් කර ගත්ත මෝඩ කම් නිසානෙ කියලයි.

      Delete
    6. // විජය එක්ක සිංහලයන් මෙරටට ආවා කියන කතාව සිංහලයන්ට බුදුහාමුදුරුවො එක්ක නෑ කමක් හදාගන්න ඉස්සර හිටපු මෝඩ හාමුදුරුවරු නිර්මාණය කළ කතාවක්.// මේ ගැන මාත් අහලා තියෙනවා යකා, ඒ ගැන ටිකක් දැනගන්න කැමති. ඒ වගේම මගේ අදහස සිංහලයන් කොහෙන් පැවත ආවත් අවසානේ චිනගේ රටේ

      Delete
  2. මම හිතන්නේ සිංහලයෝ උතුරු ඉන්දියානුවන්ට වඩා කේරලයට නෑ කම් කියනවා. භාෂාව ගත්තත් සිංහලයට හා මලයාලම් භාෂාවට පොදු වචන බර ගානක් තියනවා. උන් මෙහෙට ආවද, අපි එහෙට ගියාද කියන එක දන්නේ දෙවියොම තමා. ඒක හොයා ගත්තා කියලා ඇති වැඩකුත් නෑ තමා. ලෝකේ කොයි රට ගත්තත් ඔහොම තමා. එංගලන්තෙත් මොකක්ද ඇන්ග්ලෝ සැක්සන් කතාවක් තියනවා නේද ? ( මට හරියට මතක නෑ ). දැන් අමෙරිකාව ගත්තත් එහෙම් පිටින්ම අච්චාරුවක්නෙ. ඒත් ප්‍රතිඵලය සාර්තකයි. වර්තමානයේ අපි කරණ කියණ දේවල් අනුව සිංහලයා ආවේ කොහෙන්ද නෙමේ, යන්නේ කොහාටද කියන එක තීරණය වේවි.

    ReplyDelete
    Replies
    1. ඒ වගෙ සමානකම් නම් මෑතකදී ඇතිවෙන්න ඇති. ඇත්තටම භූගෝලීය පිහිටීම නිසා මේවගෙ සංස්කෘතික සබඳතා නිතරම ඇතිවෙනවනෙ. එහෙම නොවෙයි බලංගොඩ මානවයගෙ ඉදන් මේ රටේ පැතිරුන ජනාවාස තිබුනනෙ. පොම්පරිප්පුවෙ,ඉබ්බන්කටුවෙ,වලිමඩ දිහා මේ හැම තැනකම සාක්ෂි හමුවෙනවනෙ. මේ සාක්ෂි අතර දියුණු අවමංගල චාරීත්‍රත් තිබිලනෙ. කුවේණි වගෙ කතා පුවත් වලාහස්ස ජාතකය ආදියෙන් මෙරට මාතෘමූලික සමාජයක් තිබුන කියලත් කියනවනෙ

      ඉන්දු නිම්නයෙ ජනතාවට සමානකනුත් තිබිලනෙ. ඉන්දු නිම්න මහා සභ්‍යත්වය ලංකාවෙ ඉදන් උතුරට තිබෙන්න ඇති .ආර්ය ආක්‍රමණ වලින් උතුරේ එම සභ්‍යත්වය බිද වැටෙන්න ඇති.

      රාමායනයෙ කියවෙන කතාව බලන්න.ඒක සත්‍යද නැද්ද මම දන්නෙ නෑ. දකුණු ඉන්දියාවෙ ඉදල තිබෙන්නෙ සත්තු. කවුද මේ සත්තු .නොදියුණු මිනිස් ගෝත්‍ර. ඒත් ලංකාවෙ දියුණු රාක්ෂස පුරයක්. මහාවංසෙ කියන විදියටත් විජය ආවෙත් පුරයකටනෙ. සිරසවත්තුපුර. ආර්යයන් කියන්නෙ ග්‍රාමීය ජනතාවක්.ඒත් ආදි හෙළයන් ට පෞර රාජ්ය තිබිලා. අශ්වයන් හීලෑකළ බලවත් යක්කු ඉදල තිබෙනව. ක්‍රි පූ 2900 වැනි කාලෙත් අනුරාධපුරයෙ ශිෂ්ටාචාරයක් තිබිල. ඒක නාගරිකයක්.

      අවුරුදු දස දහස් ගනනක වැළැලුන අතීතය එහෙම පිටින්ම විජයාගමනයට හිලවු කරල ඔක්කොම ලැබුනෙ ගෙඩිය පිටින් උතුරු ඉන්දියාවෙන්ය කියල අපේ මුතුන් මිත්තන්ට කරන අපහාසය බලා ඉන්න මට බැරි වුනා

      Delete
  3. ආපු එක යකාට ගියාවේ... ඒත් මේ යන විදියට ඉක්මණටම සිංහල කියන්නෙ රතු දත්ත පොතට යන ජාතියක් වේවි...
    අර නාන සාරලට පිං සිදුද වෙන්න

    ReplyDelete
    Replies
    1. ඥානසාරලට කලින් අපි ඉස්සර වෙන්න ඕන. නැත්නම් අපි අරාබිකාරයන්ටත් පස්සෙ ගිය අවුරුද්දෙ හරි එපිට අවුරුද්දෙ හරි නිකම් විසිට් එකකට ආපු ගමන් බින්න බැස්ස කියාවි. එහෙම එෆ් බී පේජ් හදාවි.

      Delete
  4. සිංහලයා ගේ ආරම්භය කෙසේ සිදුවුවත් වර්තමානය වන විට සිංහලයාත් , දෙමලාත් ජානමය අතින් හොදහැටි මිශ්‍ර වී ඇති . සංස්ක්‍රතිය, භාෂාව හා ආගම යන සියලු අතින් සිංහලයත්, දෙමලාත් බොහෝ වෙනස් ය. නමුත් මේ දෙදෙනා අතර ඇති ලේ නෑ කම නම් මේ දේගොල්ලෝම කැමති උවත් , අකැමති උවත් ප්‍රතික්ශේප කල නොහැකි

    පලමු වරට සිංහලයාගේ ජානමය සම්භන්දතා ගැන විස්තරාත්මක විද්‍යාත්මක පරීක්ශනයක් කෙරී ඇත්තේ 1961 වසරේදී අර්.එල්.කර්ක් නැමත්තෙකු අතිනි. මෙය සිදු කර ඇත්තේ දකුනු ඉන්දීය හා අග්නිදිග ආසියානු කලාපයේ මිනිසුන්ගේ රුදිරය හා සම්භ්න්දව ඔහු කල පරික්ශන වල ප්‍රතිඵලයක් ලෙසය. ඉන්පසුව ඔහු 1972 වසරේ දී වඩා විස්තරාත්මක ලෙස ලංකාවට විජය කුමරුගේ පැමිණීම ද සම්භන්ද කර ගේන රුදිරයේ ජානමය සම්භන්ද පරීක්ශන වාර්තාවක් ඉදිරිපත් කලා.ඔහුට අනුව සිංහලයින්ගේ ජානමය සම්භන්දතාව වඩා ලංවන්නේ දකුණු ඉන්දීයානු දෙමල, කේරල හා බෙංගාල වැසියන්ටය. මෙහිදී ඔහු ඉන්දියාවේ වයඹ දිග සිට පැමිනි විජය කුමරුගේ වංශකථාව ප්‍රතික්ශේප නොකරන නමුත් ඔහු කියා සිටින්නේ පසු කාලයේ තමින්නාඩුවේන් හා බෙංගාලයේන් පැමිණි සංක්‍රමිකයන්ගේන් සිංහලයාට ලැබුනු ජානමය දායකත්වය ඉතා ප්‍රබල බවයි.

    ඉන්පසුව වැදගත් වන්නේ එන්. සහා නමැත්තෙකු 1988 දී කරන ලද පරීක්ෂනයි. මේහිදී ඔහු කියා සිටින්නේ වර්ථමානයේ සිංහල ජනතාවත්, දෙමල ජනතාවත් අතර පැහැදිලිව දැක්විය හැකි කිසිදු ජානමය වෙනස්කමක් නොමැති බවයි.තවදුරටත් ඔහු අවධාරනය කර සිටින්නේ විජය කුමරුගේ වංශකථාව සනාථ කිරීමට ජානමය සම්භන්දතාවයක් නැති බවයි. මොහුගේ පරීක්ශණවල තිබෙන ප්‍රධාන දුර්වලතාවයක් වන්නේ මොහු පරීකශනවලට සහභාගී කරගෙන ඇත්තේ සිංගප්පූරුවේ වෛද්‍ය මධ්‍යස්ථානයකට පැමිනි නැදැ නොවන, පිරිමි ශ්‍රී ලාංකිකයන් 260 ක් පමණක් වීමය.කෙසේ නමුත් 1989 දී නැවත ඔහු කරන ලද පරීකශන වලින් සිංහල හා බෙන්ගාල වැසියන් අතර සම්භන්දතාවය ඔහු පිලිඅරගේන තිබෙනවා.

    ඉන්පසුව වැදගත් වන්නේ 1995 වසරේදී ගෞතම් කුමාර් ශ්‍රාස්ත්‍රි කරන ලද පරීකශනයයි. මොහුගේ පරීක්ෂන වාර්තාව ට අනුව සිංහල , දේමල ජන්වර්ගයන් දෙකම , පාරම්පරික වැදි ගෝත්‍රිකයන්ට දක්වන ජාන සම්භන්ධතාවය ඉතා දුරස් අතර වැඩි සම්භන්දතාවක් දක්වන්නේ දකුණු ඉනදියානුවන්ටය. තවදුරටත් ඔහු කියා සිටින්නේ සිංහල ජාන බෙංගාලි වැසියන්ට වඩා දකුණු ඉන්දීය වසියන්ට වැඩි සමීපතාවයක් දක්වන බවයි. මොහු කියා සිටින තවත් වැදගත් කථාවක් වනුයේ ලංකාවේ දෙමල ජනයාගේ ජාන වලට වැඩිම සම්දන්ධතවයක් ඇත්තේ දකුණු ඉන්දීය වැසියන්ටත් වඩා සිංහල ජාතිකයන්ගෙන් බවයි.

    අවසාන වශයෙන් පාපියා, මස්ටානා හා ජයසේකර යන අය 1997 දී කරන ලද පරීක්ශනය වැදගත් වේනවා.මොවුන් ශ්‍රි ලාංකිකයන් 508 ක් ගේ රුදිර සාම්පල ඇසුරෙන් තම පරීක්ශනය කර තිබේනවා. මොවුන් ප්‍රකාශ කරන අන්දමට ශ්‍රී ලාංකික දෙමල හා සිංහලයන් අතර සමීප ජාන සම්බන්දතවක් තිබෙන අතර සිංහලයන් හා බෙංගාලි ජාතිකයන් අතරද සමීප සම්භන්දතාවයක් තිබේනවා.

    http://www.maiyyagelokaya.blogspot.com/2010/07/o-2.html

    ReplyDelete
    Replies
    1. Kirk, R. L. (1972). The Legend of Prince Vijaya-A Study of Sinhalese Origins. AM. J. PHYS.A NTHRO, 45, 91-100.

      Kshatria, G. K. (1995). Genetic Affinities of Sri Lankan Population. 67, 6, 843-866.

      N.Saha (1988). Blood genetic markers in Sri Lankan populations- reappraisal of the legend of prince Vijaya. American Journal of Physical Anthropology, 76, 217-225.

      Paphia, S. S., Mastana, S. S., & Jayasekara, R. (1996). Genetic variations in Sri Lanka. Human Biology, 68(5), 707-737.

      Delete
    2. See this...http://www.khazaria.com/genetics/sinhalese.html

      Delete
    3. සිංහලයන් උතුරු ඉන්දියානුවන්ට සමාන නොවන තරමටම ඔවුන් දකුණු ඉන්දියානුවන්ටත් සමාන වන්නේ නැහැ. ඔය පර්යේශන ගැන පමන ඉක්මවා විශ්වාසය තබන්න එපා.සිංහලයන් හා බෙන්ගාලි වැසියන් අතර සමානකම් තිබෙනවා. පසුකාලීනව දෙමළ ජනයා සමගත් මිශ්‍ර වුනා.කේරළය සමඟ තිබෙන්නෙත් ඒ වගෙ මිශ්‍ර වීමක්. ඒත් පොදුවෙ ගත්තහම සිංහලයන් සහ මෙරට ආදිවාසීන් අතර අඛන්ඩ රුධිරමය හා සංස්කෘතිකමය ඥාතීත්වයක් තිබෙනවා. පසුකාලීන මිශ්‍රවීම් ගත්තොත් යුරෝපීය හා මොන්ගෝලීය ජානත් යම් ප්‍රමාණයකින් තිබෙනවානෙ

      සිංගප්පූරු පර්යේශනය නම් විශ්වාසය තබන්න් බැහැ.එවැනි වෛද්‍ය මධ්‍යස්තානවලට එන්නේ සාමාන්‍ය සිංහලයන් නොවෙයි.

      ලංකා දෙමළ ජනතාව ඉන්දියානුවන්ට වඩා සිංහලයන්ට ඥාතිකම් දක්වන බව ඇත්ත.ඇත්තෙන්ම උතුරේ සිටින්නේ ද්‍රවිඩකරනය කළ සිංහලයන්.

      වැද්දන් හා සිංහලයන් අතර ලේ සබඳකම් වැඩි බව ශිරාන් දැරණියගල මහතාගේ පර්යේශනයෙන් හෙළි වුනා. ඔබ ඒවා පිළිගන්නේ නැද්ද?
      බැලූ බැල්මටත් දකුණු ඉන්දියානුවන් හා සිංහලයන් අතර විශාල වෙනස්කම් තිබෙනවා. දැරණියගලට වඩා ගෞතම්ට විදේශීය ශාස්ත්‍රීය ජර්නල වල සහය ලැබෙන්න ඇති.කෙසේ වෙතත් ගෞතම්ගේ මතය ට විද්වතුන් අතර එකඟත්වයක් නැහැ.ඊට හේතුව එය පිළිගත් විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව සිදු නොවීමයි.

      සිංහලයන් හා දෙමලුන් අතර ජාන සබදතාව මෙන්ම බෙන්ගාලියන් සමඟ කිසියම් සබඳකමක් තිබෙන්නට ඇතැයි කීමත් පිළිගත හැකියි.

      Delete
  5. ඔය කවුරු මොනවා කිව්වත් ලංකාවේ ඉන්නේ කලවම් ජාතියක්. සිංහලයෝ උතුරු ඉන්ංදියාවෙන් ආවයි කියලා කිව්වත් ඉංදියාවේ දකුණු සහ නැගෙනහිර (ඔරිස්සා) පලාත් එක්ක තමයි ගණුදෙනු තිබිලා තියෙන්නේ. කොටින්ම ඉහල පැලැන්ති වල අය ගෑණු ගෙනල්ලා තියෙන්නෙත් කේරලෙන්නෙ (මලබාර්). පස්සේ අරාබි, පෘතුගීසි, ලංදේසි, ඉඃග්‍රිසි ජාතී එක්කත් කලවම් වෙලා තියෙනවානෙ.

    ReplyDelete
    Replies
    1. කලවම් බව ඇත්තයි. එහෙම කලවම් නැති ජාතියක් ලොවේ නැහැ. ඒත් ජීව විද්‍යාත්මක ලෙසත් සංස්කෘතිකමය ලෙසත් අප අපගේ ආදිවාසී මුතුන් මිත්තන් හා සම්බන්ධයි. විජය නමැත්තෙක් ඉබාගාතෙ එන ගමන් මෙහෙ බින්න බැහැල ඔක්කොම ඉන්දියාවෙන් ආනයනය කළා කියන ශාස්ත්‍රීය නොවන මතයයි ඉවත දැමිය යුත්තෙ. මේ මතය නිසා සිංහලයනුත් ඇමරිකන් කාරය රතු ඉන්දියන්කාරයන්ගෙ රට මංකොල්ල කෑව වගේ මංකොල්ල කාරයො පිරිසක් වෙනව. ඒක මේ රටේ වාරිතාක්ෂනයෙන් ශිෂ්ටාචාරයක් ගොඩ නගපු අපේ මුතුන් මිත්තන්ට කරන නින්දාවක්.

      Delete
  6. ඔයා කියන්නේ එතකොට සිංහලයන්ට අනන්‍යතාවයක් නැ කියලද? වෙන්න පුළුවන් ...... ඒත් දැන්වත් අපට කලවම් වෙච්ච අනන්‍යතාවයක් හරි තියෙන්න ඕනනේ......සිංහල විදියට ඉන්න නම්....

    ReplyDelete
    Replies
    1. එහෙම නොවෙයි මම කිව්වෙ. මට ඕන වුනේ බොරු නෑකම් අටවන්න අපේ වංශකතාකරුවන් කළ මුග්ධ වැඩ නිසා අපට වුන හානිය පෙන්වන්නයි.ඇත්තටම මේ රටේ ආදිවාසීන් කියන්නෙ සිංහලයන් තමයි.ඒත් ඔවුන්ට ඒ නම නොදෙන්නෙ ඔවුන් කැලේකට වෙලා ආහාර දාමයේ අවසන් පුරුක නොවී ශිෂ්ටාචාරයක් ගොඩ නැගූ නිසයි.එකළ ඇඳි සිතියම්වල ලංකාව විශාල ලෙස දක්වා තිබීමෙන්ම ලෝකයේ කොතරම් වැදගත් රටක්ව තිබුනාද කියා සිතෙනවා. එම සිතියම් වල ගම් නගර පවා නිවැරදිව ලකුණු කර තිබෙනවා

      Delete
  7. මම නං ආවෙ අපෙ අම්මගෙ බඩෙන් ..!!!

    ReplyDelete
    Replies
    1. හේ හේ ඉස්සර ඕක ගැන මං අම්මගෙන් අහලා බැනුනුත් ඇහුවා පත්තරේ,, ආපු තැන ගැන අහලා හි හි අටමා දන්නවා සීන් එක

      Delete
  8. මචං යකා .. මෙතන පටලැවිල්ලක් තියනවා . ඒක මම දකින්නේ මෙහෙමයි .. ඉතිහාසය කියන්නේ එකක්..සාහිත්‍ය කියන්නේ එකක්..අතිශයෝක්තිය කියන්නෙ වෙනම එකක්.. අපි ඉතිහාසය ලේඛනගත කල බව හැබෑව..නමුත් ලියවිලා තියෙන්නේ ඉතිහාසයත් ඔය දෙකේත් එකතුවක්.. ඒක ඇවිල්ලා අමුතුම මඤ්ඥමක් .. ඒක අතරට ලියපු උදවියගෙ මති මතාන්තරත් ආවම ඉතිං ආයේ කියලා වැඩක් නෑ !!!
    මහාවංශය උනත් පරම සත්‍ය විදියට සලකන්න බෑනෙ..
    දුටුගැමුණුගෙ පිනෙන් රන් ආකර පහල උනා රුවන්වැලි සෑය හදද්දි අරක මේක තනිකරම බයිලනේ.. ඒව අපේ මර්වින් මහින්දට දෙන ටෝක් වලට දෙවෙනි නෑ !!
    අපි පැවතෙන්නේ විජය ගෙන් නම් අපිත් ලාට රටෙන් ආව ලෝක හොරුනේ බං ..ඈ !!! (පොඩි ඇත්තකුත් තියනවා වගේ . :D)
    මං හිතන්නෙත් ලංකාවෙ ඊට කලින් ජනාවාස තිබුනා..අන්න ඒ ඉතිහාසය පුරාවිද්‍යාත්මක කෑනීම් හෝ වෙනයම් සාධක මගින් තර්කානුකූලව මතුකරගත යුතුයි.. !!!!

    ReplyDelete
    Replies
    1. නෑ මෙතන කිසිම පටලවිල්ලක් නෑ. පටලගෙන තිබෙන්නේ නෑකම් හදාගන්න ගිහින් ගොන් කන් කරපු වංශකතා කාරයයි.ඒක අල්ලගෙන දගලන වර්තමාන පිරිසකුයි. ඉතිහාසය කියන්නෙ බයිබලයක් නොවෙයි.එහි තිබෙන කරුණු පුරා විද්‍යාත්මක හා වෙනත් විද්‍යාත්මක සාක්ෂි මගින් තහවුරු කළ යුතුයි. එහිදී එක් මූලාශ්‍රයක් මතම යැපිය යුතු නැහැ.

      ජාතිය කියන්නෙ තනිකරම ජීව විද්‍යාත්මක ප්‍රපංචයක් නොවෙයි.එය සංස්කෘතිකමය දෙයක්.ඒ කරුණ ගැන කියනවානම් ඉහත උදාහරණවල දේවල් වැඩකටම නැහැ. නමුත් මම ඒ ගැන නොකියා ජීව විද්‍යාත්මකවත් අපි මෙරට සිටි පුරාන යක්ෂ නාග දේව ගෝත්‍රිකයන් බව කීවා.

      වාපී සංස්කෘතියක් වෙන කාටවත් තිබුනෙ නැහැනෙ

      Delete
  9. යකා හොද මතෘකාවක් ගෙනල්ලා තියෙන්නේ දැන් ගොඩක් අය වාද විවාද කරන කාරනයක් පත්තර මල්ලි කිව්වා වගේ දැන් ඕවා ගැන පුරාවිද්‍යා පරීක්ෂණ කෙරෙනවා අපේ රටේ ලොකු ඉතිහාසයක් සැගවිලා තියෙනවා කියලා ඔප්පු වීගෙන යන්නෙ අපි ටිකක් බලන් ඉමු.. විජය එනකොටත් මෙහෙ ලොකු සමාජ ක්‍රමයක් තිබුනා නැත්තම් කොහොමද කුවේණි කපු කටින්නෙ.. ඒ වගේම කුවේණිය තමන්ගෙ උදවිය පාවා දෙනකොට ඒ යක් රැහේ කට්ටිය හිටියේ මගුල් ගෙදරකට සහභාගීවෙලා කියනවනේ එතොකොට එතනම කොච්චර සස්කෘතික ලක්ෂණ එලි වෙලාද එහෙනම් මෙහේ ඉතා දියුනු පිරිසක් ඉදලා තියෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් මචං.. ඒත් ඔය විජය කතාව ඉස්කෝලෙ අපිට ඉගැන්නුව්නේ.. අපිත් හා ෂෝක් කියල පිලිගත්තනේ .. මහානාම හාමුදුරුවන්ට අනුව සුගලා දේවි ට වැඩිය වේසියෙක් මේ රටේ හිටියෙත් නෑ පහල වෙන්නෙත් නෑනෙ..
      ඔන්න ඕවගෙ හරි කතන්දරේ අපේ දරුවෙක්ටවත් ඉස්කෝලෙක උගන්නන තැනට ගේන්ඩ දෙයියනේ කියලා අමු කෙප්ප
      දරු පැටවුන්ට කටපාඩං නොක‍ර !!!!

      Delete
    2. ඕක මෙහෙමනේ මචංලා, හරිම සිම්පල් කේස් එකක් තියෙන්නේ, ඔච්චර ඔළුව කඩා ගනන් දෙයක් නෑ... ලංකාවෙ සාමාන්‍ය ජනතව ඇවිල්ලා බලංගොඩ මානවයගේ ඉඳන් පැවතෙන්, ධීර වීර පෞරාණික ජනතාව. එතකොට ලංකාවේ රාජ පරම්පරාව ඇවිත් විජයගෙන් පැවතෙන පල් හොරු ‍රැල.. ඕක වර්තමාන තත්ත්වයට ආදේශ කරලා බැලුවත් නිකන්ම ඔප්පු වෙනවනෙ..:D

      Delete
    3. ලංකාවේ රාජ පරම්පරාව ඇවිත් විජයගෙන් පැවතෙන පල් හොරු ‍රැල.. ඕක වර්තමාන තත්ත්වයට ආදේශ කරලා බැලුවත් නිකන්ම ඔප්පු වෙනවනෙ..:D ///

      : D: D :D

      Delete
    4. අම්මට බොල ඒකනෙ වැඩේ ..අපේ වලිගෙ උඩ අපිම එරමිණිය ගොතං වාඩි වෙලා නෙව ..හත් ඉලවයි ඕක සෙන්නො ඔහොම කියන්ඩ එපා අතන මෙතන.. පොඩ්ඩක් ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියල පොත් මිටියක් හෙම ගෙනත් පොඩ්ඩක් බර කරල කියපං.
      . උඹට රටවල් වල දුක් විඳින්ඩ ඕන නෑ අපේ සම්න්තභද්‍ර මචං වගේ කාල ඇඳල පිලිවෙලට හිටියෑකි..මොන්ටෙරෝ එකක් හෙම තියාගෙන.. මොකෝ අපේ ධීර වීර ජනතාව පරිණාමය උනාට ඒ ඇඟ විතරයි..මොලේ තාම බලංගොඩ තත්වෙමයි.. උඹට හරිගියාම අපිටත් සලකපං ඈ
      . අපි දන්නව උඹ හොඳ එකා වග !! ඕ යේස්

      Delete
    5. නාට්‍යකාරයා @

      කුවේණි විජය කියල පල්හොරෙකුට රැවටෙන්න ඇති.ඒත් යක්ෂයන්ගෙ සංස්කෘතිය විනාශ කරන්න කුවේණිට බැරි වුනා. මහාවංශ ප්‍රවාදයට අනුව වුනත් පන්ඩුකාභය යුගයෙදි මෙරට ස්වදේශිකයන් තම වාපී සංස්කෘතිය ආක්‍රමණිකයා පිට පැටෙව්වා.ඒත් මහාවංශයම පිළිගන්නව මුළු රටම ඒකීය ආන්ඩුවක් යටතෙ නොතිබුන බව .රට පුරාම ගෝත්‍රික ආන්ඩු තිබුන. මේ සියල්ල එක් කරල ඒකීය රටක් බිහි කළේ දුටුගැමුණුයි. එනයින් නූතන සිංහල ජාතියේ ආරම්භකයත් ඔහුයි.

      මේ රටේ යක්ෂ ගෝත්‍රිකයන්ගෙ රාජ්‍යය තමයි දුටුගැමුණු උත්කර්ශයට නැංවූවෙ.

      පත්තර මල්ලි @

      විජයගෙ කතාව ඉස්කෝලවල උගන්වන්නෙ පඩුවස්නුවර පුරාවස්තුත් පෙනවමින්.ඒත් ඒව පරාක්‍රමබාහුගෙ කාලෙ ඒව බව දැන් සොයාගෙන තිබෙනවා.මහාවංශයෙ රාජාවලියත් වැරදිනෙ. සමහරු කසාද බැදල තිබෙන්නෙ අවුරුදු 3 දි.
      දුටුගැමුණුගෙන් පසු ඉතිහාසය පුරාවිද්‍යාත්මකව සනාථ වන බවත් කියන්න ඕන.

      විජයට පිරිත් නූල් බැන්ද කියල එතන ඉදන් කෘත්‍රිම කතාවක් හදන්න ගිහින්නෙ සහස්‍ර ගනනක් පැරණි අපේ ඉතිහාසය ට හානි වුනේ.
      ඇත්තටම අපේ මුතුන් මිත්තන් ගෙ භාෂාවත් වෙනස් වෙලා

      අත,කකුල,බඩ ,පුක,කිම්බ,ඔළුව,වගෙ වචන කිසිම භාෂා කුලයකට අයිති නෑ. මේව අපේ මුතුන්මිත්තන් වූ යක්ෂයන්ගෙ භාෂාවේ නෂ්ටාවශේෂ විය හැකියි.
      පපුව,පක,හුත්ත වගෙ වචනත් එහෙම ඒව වෙන්න ඇති.

      Delete
    6. සෙන්නා @ කොමෙන්ට් එකට ලයික් ඈ

      Delete
  10. මුල හොයාගෙන යන එක වටිනවා.. ඒත් ඉතින් දැන් ඒ පස්සෙම දුවලා වැඩක් නෑ.. කොහෙන් හරි ඉතින් දැන් සිංහලයොනේ.. ඉස්සරහට සිංහලයන්ට ඉතුරු එකම රට ලංකාව වෙන එකේ සිංහලයෝ නොනැසී ඉන්න තැනට වැඩ සිද්ද වෙන එකයි ලොකුම දේ..

    ReplyDelete
    Replies
    1. කලින් ලිපියත් මේ ලිපියත් දැම්මෙ ඒ අරමුණ ඇතිවයි. ඒත් කලින් ලිපිය කියවපු සමහර අය ඒක තේරුම් අරන් නැතිබව මට දොස් කියල තිබුන හැටි දැක්කම හිතුන

      Delete
  11. යකා. අපි පොඩි බෝම්භයක් දාන්න ද ????
    අපි සිංහල කියන දේ තියෙන්නේ අපේ අනන්‍යතාවයට නේ. අනන්‍යතාවය තියෙන්න ඕනේ කෙනෙක්ට ධනාත්මක ව සංවර්ධනය වීමට මිස අල්ලගෙන උඩ පැන පැන වලි දා ගැනීමට නොවන වගයි අපේ නම් අදහස. අපි සිංහල තමයි. ඒත් මුස්ලිම් මිනිස්සු ළමයි හදන දිහා බල බල ඇයි අපි කෑ ගහන්නේ. දෙමළ මිනිස්සු දිහා බල බල කෑ ගහලා ඉතිහාසයේ මරා ගත්ත සිංහල යැයි කියන අපේ කොල්ලෝ ගාන අපිට මදිද මේ දේවල් තේරුම් ගන්න. තවත් යුද්ධයක් ඉල්ලන සිංහලයාට මුස්ලිම් බාහිර සතුරා හදලා දීමට කඩේ නොයා සිටීම සතුටින් මැරීමට හේතුවක් කියලයි අපිට කියන්න තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔයාලා කියන දේ මට තේරෙනවා.ඒ විතරක් නොවෙයි මගෙ අදහසුත් ඒ විදියම තමයි. ධනාත්මක සමාජ සංවර්ධනයක් තුලින් හැමෝටම යහපතක් කරන එකයි ඕන කරන්නෙ. මුස්ලිම්වරු වගෙ ළමයි හදන්න අපට බෑ.ඒක ඒ අයගෙ සංස්කෘතිය තුලින් එන එකක්.අනෙක් අතට ඔවුන්ගෙන් ඔය කියන තරමෙ අභියෝගයක් නම් නෑ.ඒ කියන්නෙ රටේ බහුතරය වීම වගෙ ඒව.20% පන්නන්නෙත් නැහැ. ඔවුන් එක්ක කැමරා ඉදිරියෙ කරන ගැටුම ගැන කිඅය්නාව් නම් ඒකෙ නම් ලොකුම හානිය රටටයි.

      ඉස්සර ඔය විදියටම දෙමළ කඩ කඩන බලු චන්ඩිත් හිටියලු. යුද්දෙ ආවම උන් පැත්තකට වුනා. බර අදින්න වුනේ ජනතාවට.

      Delete
  12. කොහොම වුනත්, මහාවංශයෙන් ගෙන එන අපේ ඉතිහාසය පට්ටපල් බොරුවක් කියල මාත් බය නැතිව විශ්වාස කරනවා. විජයගෙන් එහා ගියපු මහා ප්‍රෞඩ ඉතිහාසයක් තියන ජාතියක් සිංහලයන්. මහාවංශෙ ඒ ඉතිහාසෙ කුහක විදියට හංගල.

    ReplyDelete
    Replies
    1. ආගම් භක්තියෙන් අන්ධවෙලා වංශකතාකරු හානියක් කළේ සිංහලයාට විතරක් නොවෙයි පොදුවේ ශාස්ත්‍රීය ලෝකයටමයි. සිංහලයො මේ රටේ ආදිවාසී උරුමකරුවන්. ඒත් වංශකතාකාරයම කියනවනෙ සිංහලයො කොහෙන්ද රටකින් එළවපු පිරිසක්ය ඔවුන් කකුල් හතරේ සිංහයෙකුගෙන් පැවත එනවය ලංකාවට එනකොට බුදුහාමුදුරුවො පිරිත් නූල් බැන්දය කියල.
      මේ කතා කොටින්ට වාසියක් වුනා. ඇත්ත නම් තව කමක් නෑ.

      වාරි කර්මාන්තය, වෛද්ය විද්‍යාව,යකඩ වගෙ ලෝහ කර්මාන්ත, පේෂ කර්මාන්තය,අශ්වයන් ඇතිකිරීම (මේව මේ පුරාවිද්‍යාවෙන් සනාථ කළ ඒව ) ඉතින් මේ දේවල් ඔක්කොම පැත්තකට දාල භාශාවෙ ඉදන් ඔක්කොම ඉන්දියාවෙන් ආව කියල මහ විලිලැජ්ජනැති කතා ලියපු මේ මෝඩයන්ට මොළයක් කියල දෙයක් තිබිලම නැද්ද මන්ද

      Delete
  13. හිතන්නට ගොඩක් දෙවල් තියෙන ලිපියක්. නියමයි.මගේ අදහසත් සිංහලයන්ට විජය එන්නත් කලින් ඉතිහාසයක් තියෙනව කියන එකයි.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම තිබිල හිබෙනව. ඒ සත්‍ය විකෘති කරන්න අපේ වංශකතාකාරයන්ගෙ මූලාශ්‍රම උපකාරී කරගෙන ෆේස්බුක් එකේ මුස්ලිම් පිරිසක් අපට පහර දෙන්න ගත් මෝඩ උත්සාහයට පිළිතුරක් ලෙසයි මේ ලිපි දෙකම දැම්මෙ. ෆේස්බුක් එකෙත් මම පිළිතුරු දුන්න

      Delete
  14. ඉතිහාස කරුණු වලට අනුවනම් සිංහල ජාතිය බිහිවෙලා තියෙන්නේ විජයගේ පරම්පරාවේ සංක්‍රමණිකයොයි ඒ කාලේ ලංකාවේ හිටපු විවිධ ස්වදේශික ගෝත්‍රයි මිශ්‍ර වීමෙන් කියන දේට තමයි වැඩි සාක්ෂි තියෙන්නේ.

    ReplyDelete
  15. ඔන්න මමත් සින්ඩියක් හැදුවා ඔයාලගේ බ්ලොග් පිටුත් මට එවන්න එකතු කරගන්න.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete