Sunday, April 13, 2014

කිරි ඉතිරේවා නව වසරේ - හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා

ලෝකයේ විවිධ ජාතීහු වසන්ත සැණකෙළිය සමරති.එය අප්‍රේල් මාසයේම බොහෝ රටවල සිදු කිරීම විශේෂ දෙයකි.ලාඕසය තායිලන්තය මියන්මාරය හා ජපානය වැනි රටවලද මෙය උසස් අන්දමින් පවත්වනු ලැබේ.එසේම මෙහි නැකැත් ශාස්තානුකූල පදනමද සුවිෂේෂය එනම් සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට යාමයි. මේ නිසා මෙයට නිශ්චිත දවසක් නැත.ක්‍රම ක්‍රමයෙන් ඉදිරියට යන බව ලෙනේ. රොබර්ට් නොක්ස් එදා හෙළදිව පොතේ සදහන් කලේ අලුත් අවුරුද්ද මාර්තුවේ සැමරූ බවයි. අනාගතයේදී එය මැයි මාසයට යනු ඇත. අප්‍රේල් මාසයේම රදවා ගැනීමට නම් මීන රාශියෙන් මේෂ රාශියට යනවාය කියන කතාව වෙනස් කර ගන්නට සිදුවේ.

අවුරුද්ද පිළිබද විවිධ මත තිබේ. එකක් නම් හෙළයා ගේ අතිශයෝක්තියට නැංවූ ඉතිහාසය මතුකර පෙන්වන අවස්ථාවක් ලෙසයි. නම් හිරු ඇදහූ ආදි හෙළයා යට ගිය දවස ලෝකයෙන් අඩක් පමන පාලනය කර ඇත.එදා සිව්හෙළය අතිතිවිශාලය. එය ක්‍රමයෙන් ක්ෂීන වී කුඩා රටක් වී තිබෙන වර්තමානයේදීද අප එය සමරණ බව එක් මතයකි.මේ මතය වචන වල පද නිරුක්ති ලෙස ගත් එකකි. කලින් පෝස්ට් එකේ සදහන් කළේද එයයි.එය මිත්‍යාවක් බව නොකිවමනාය.අපට අධිමානයක් අවශ්‍ය නැත.එවිට එය විහිලුවක් වන බැවිනි

විවිධ පළාත්වල විවිධ විශේෂීකරනයන්ට ලක්ව අවුරුද්ද සැමරුවද එකම මොහොතක රටම යම් සිරිතකට වැඩකිරීම ඉතා වටී. එහිදී ජාතික එකමුතුවක් ඇතිවේ. නැකැත් ශාස්ත්‍රය විශ්වාස නොකළද මෙය ඉතාම වටින්නේ එම කරුණ නිසාය.

එහෙත් අවුරුද්ද මත්පැන්බී කලහ කරන අනතුරු සිදුකර ගන්නා දිනයක් බවට පත්වීම කණගාටුදායකය. එහෙත් එය පවා අවශ්‍ය දෙයක් ලෙස සිතමි. මන්ද අවුරුද්දේ එක් දිනක්වත් මෙසේ පිස්සු කෙලීමට අවකාශ තිබිය යුතු බැවිනි


අවුරුද්ද ආශ්‍රිතව තිබෙන මතවාද අතරින් මගේ අවධායට ලක්වුනේ සමහරු  මෙය දෙමළ ජනතාවගෙන් හොරා කෑ එකක් ලෙස පෙන්වා දුන් නිසාය.ලෝකයේ කිසිදු ජාතියකට තමන්ගේම යැයි කිව හැකි සියල්ල නැත.එහෙත් ඇතැම් ජාතීන් සතුව සුවිශේෂතා ඇත.චීන,යුදෙව් හා අරාබීන් එවැන්නෝය. ඉන්දියාව යනු සුද්දා  විසින් නිර්මාණය කරන ලද්දකි.බුදුන්  සිටි කාලයේ සිටි ජනකොටස් විවිධ අද නැත.ඉන්දියාවේ විවිධ භාෂාවන් සිටින විවිධ ජාතිකත්වයන් සහිත දේශයකි.

එහෙත් අරාබීහු ඉස්ලාමයද යුදෙව්වෝ යුදෙව් හා ක්‍රිස්තියානි ආගම්ද චීන්නු ටා ඕ ,කොන්ෆියුසියස් ආගම්ද වෙඩි බෙහෙත් ආදිය ලොවට දුන්හ.
ඉලක්කම්,වෘත්තය වැනි ගණිත ක්‍රම ආදිය පුරාණ ඉන්දු අරාබීන් නිර්මාණය කළහ.
එහෙත් වර්තමානයේ කිසිම දෙයක් තමන්ගේ යැයි කීමට කාටවත්ම බැරිය.ඕනෑම ජාතියක නිර්මාණයන්ට වෙනත් ජාතීන්ගේ දායකත්වය ලැබී ඇත.

ඔබ ඔය කියන දෙමළ ශ්‍රේෂ්ටත්වය ඔවුන්ට උතුරු ඉන්දියාවෙන් ළැබුනකි.
එසේම සිංහලයෝද පැරණි ජාතියක් ලෙස යකඩ කර්මාන්තය .වෛද්‍ය කලාව,වාරි කර්මාන්තය ආදී බොහෝ දේ ලොවට දායාද කළහ. වාරි කර්මාන්තය අපටම ආවේණික සුවිශේෂත්වයකි. 
අපට අධිමානයක් මෙන්ම හීනමානයක්ද අවශ්ය නැත. 

අනෙක් අතට අවුරුද්ද දෙමලුන්ගෙන් ආවා යැයි  යමෙකු කියන්නේ කෙසේද?දෙමලුන්ගේ අලුත් අවුරුද්ද තයිපොන්ගල්ය. මට සිතෙන්නේ මේ අවුරුද්ද අපෙන් දෙමළු ගත් එකක් ලෙසයි.ඉන්දියාවේ මේ උත්සවය මහ ඉහලින්පැවැත්වෙන්නේ නැත.එබැවින් මෙය කොහෙන්වත් ගෙඩි පිටින් ගත්තක් නොව අස්වනු නිවසට ගැනීමේ ප්‍රීතිය හේතුවෙන් ක්‍රමක්‍රමයෙන් විකාශනය වූ අපේම උත්සවයකි

මෙන්න අපේ දේවල් ගැන කළ සොයා ගැනීමක්. මෙය සත්‍ය නම් තුර්කියේ මුලින් තිරිගු වගා කළ අයටත් කලින් අප වී වගා කරලා.ඉතින් අස්වනු නෙළා ගන්නා උත්සවක් අනුන්ගෙන් ගන්න ඕනද

http://vidya-gaweshana.blogspot.com/2014/04/blog-post.html

පහන් සිතක් සේ නෙතු දැල්වේවා
 වසන්තයක් සේ දිවි සරු වේවා
 පියුම් විලක් සේ සුවද දැනේවා
මේ නව වසරේ කිරි ඉතිරේවා



                                  බ්ලොග් එක කියවූ සැමටත්
                               බ්ලොග් එක කියවන සැමටත්
           අනාගතයේදී බ්ලොග් එක කියවන සැමටත්
     අනාගතයේදී   බ්ලොග් එක කියවන්නට
                    බලාපොරොත්තු නොවන      සැමටත්

සියළු පැතුම් ඉටුවන යස ඉසුරින් පිරි දුක් දොම්නස් නැති සුබම සුබ නව වසරක් වේවා

35 comments:

  1. ඔබ සියලුදෙනාට සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා.

    ReplyDelete
    Replies
    1. ඔබේ අඩවියට ජයෙන් ජයම වේවා
      සියළු පැතුම් ඉටුවන යස ඉසුරින් බර සුබ අලුත් අවුරුද්දක් වේවා

      Delete
  2. යකා ඇතුළු පවුලේ සියලු දෙනාට සුභ අළුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔබේ අඩවිය බ්ලොග් කියවන්නන්ගේ ප්‍රියතම අඩවියක් වේවා.ජයෙන් ජයම වේවා
      සියළු පැතුම් ඉටුවන යස ඉසුරින් බර සුබ අලුත් අවුරුද්දක් වේවා

      Delete
  3. දෙමළ ජාතිකයන් මෙම උත්සවය සැමරුවද, ඔවුන් අප මෙන් එකම වේලාවකට සියල්ලන්ම එකම වැඩක් කරණ චාරිත්‍රයක් ඔවුන්ගේ නැත. එය අපටම අනන්‍යය වූවක් විය හැකිය.

    ReplyDelete
    Replies
    1. දෙමළ ජනතාව මෙය සමරන්නේ නාමිකවයි. තමිල්නාඩුවේ මෙය උත්සව ශ්‍රීයක්වත් නැහැ.ඔවුන්ගේ අවුරුද්ද තෛපොන්ගල්.මෙය අපෙන් ලබා ගත් එකක්.
      ඔබට සුබ නව වසරක් වේවා

      Delete
    2. හින්දු භක්තිකයන් මෙය සමරනවා...ඔවුන් ද්‍රවිඩයන් පමණක් නොවේ. ඔබටත් සියළු දෙනාටත් ජයෙන් ජයම වේවා!!!

      Delete
  4. යකෝ ඔබ ඇතුළු පවුලේ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරන නව වසරක් වේවා කියලා කුරුටු ගෑ ගී පවුරේ අපි සුභ පතනවා................................

    අලුත් අවුරුද්දෙත් බැන ගන්න ඒ පැත්තට එන්නකෝ ............................

    ReplyDelete
    Replies
    1. ඔබ සැමගේ බ්ලොගය ට ජයෙන් ජයම වේවා.බ්ලොග් ලෝකයේ හිණිපෙත්තටම යන්න. සැම විටම අපට ඉදිරියෙන් සිට අපට පාර කියන්න.

      අපගේ බැණ ගැනීම සුන්දර ශාස්ත්‍රීය ගැටුම්.අහල නැද්ද මේ කියමන බ්ලොග්කරුවන් අතර රන්ඩු ඊලඟ කොමෙන්ට් එක දමන තුරු පමණයි කියා අපේ පැරැන්නන් කියනවා.ඒක ඇත්ත

      ඔබ සැමටත් පවුල්වල සියළුදෙනාටත් පැතුම් ඉටුවන සුබම සුබ නව වසරක් වේවා

      Delete
  5. යක්, ඔබටත් සුභ අලුත් අවුරුද්දක් වේවා !!

    ReplyDelete
    Replies
    1. ඔබගේ බ්ලොගය ට ජයෙන් ජයම වේවා.

      ඔබට හා පවුලේ සැමට පැතුම් ඉටුවන සුබම සුබ නව වසරක් වේවා

      Delete
  6. බොග දාන යකාටත් සුභ නව වසරක් වේවා....!!!

    ReplyDelete
    Replies
    1. අපේ බ්ලොග් මහාචාර්යතුමාටත් එසේම වේවා

      Delete
  7. ඔබටත් සුභ අලුත් අවුරුද්දක් වේවා !!

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා ජයෙන් ජයම වේවා

      Delete
  8. යකාටත් සුබ නව වසරක් වේවා…………!!!
    වැඩි වැඩියෙන් බොග දැමීමට ලැබේවා.

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා හිට්ස් කොමෙන්ට්ස් වැලි දූවිලි මෙන් වැඩි වේවා

      Delete
  9. යකාටත් පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා !!

    ReplyDelete
    Replies
    1. ඔබ මට බ්ලොග් එකට ගිහින් සුබ පතන්න අමතක වුන කෙනෙක් සොරි

      ඔබටත් පවුලේ සැමටත් පැතුම් ඉටුවන යස ඉසුරින් බර කිරි ඉතිරෙන අලුත් අවුරුද්දක් වේවා

      Delete
  10. සියල්ලන්ට මගෙනුත් සුබ නව වසරක් සඳහා සුබපැතුම්

    ReplyDelete
    Replies
    1. ඔබත් මට බ්ලොග් එකට ගිහින් සුබ පතන්න අමතක වුන කෙනෙක් සොරි

      ඔබටත් පවුලේ සැමටත් පැතුම් ඉටුවන යස ඉසුරින් බර කිරි ඉතිරෙන අලුත් අවුරුද්දක් වේවා

      Delete
  11. මෙන්න අපේ දේවල් ගැන කළ සොයා ගැනීමක්. මෙය සත්‍ය නම් තුර්කියේ මුලින් තිරිගු වගා කළ අයටත් කලින් අප වී වගා කරලා.ඉතින් අස්වනු නෙළා ගන්නා උත්සවක් අනුන්ගෙන් ගන්න ඕනද
    http://vidya-gaweshana.blogspot.com/2014/04/blog-post.html

    ReplyDelete
  12. අලුත් අවුරුද්දට හැමෝටම සුබ පතන අතරතුර එක් අඩුවක් සිතට දැනෙයි.එනම් බ්ලොග් ලෝකයේ අපූර්වත්වය මෙන්ම හෘද සාක්ෂිය ලෙස මා විසින් හදුන්වන අපූර්වි ඔමායාට සුබ පතන්නට නොහැකිවීමයි.ඊට හේතුව ඇය පෝස්ට් එකක් දමා නොතිබීමත් අලුත් එකක් දමනතුරු මා බලා සිටීමත් නිසාය. ඇයද මේ පැත්තෙ ආවේ නැත.මේ විශේෂ සුබපැතුම ඒ සදහායි

    අපූර්වි ඔමායාටත් ඇගේ පවුලේ සැමටත් උදාවූ අවුරුද්ද සියළු පැතුම් ඉටුවන,කිරි ඉතිරෙන, සියළු ඉසුරු ලබන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.
    ජයෙන් ජයම වේවා ඔබේ ජීවිතය වසන්තයක්ම වේවා

    ReplyDelete
  13. තියන තියන හැම පියවර සුභ වේවා
    කරන කියන දේ රිසි ඵල ගෙන දේවා
    හිතන පතන සැප සම්පත් ඉතිරේවා
    නිතින සහන ලැබදෙන වසරක් වේවා

    සුභ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
    Replies
    1. ඔබටත් පවුලේ සැමටත් කිරියෙන් පැනියෙන් උතුරන යසඉසුරින් පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා

      Delete
  14. සුබ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
    Replies
    1. ඔබටත් පවුලේ සැමටත් කිරියෙන් පැනියෙන් උතුරන යසඉසුරින් පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා

      Delete
  15. "මැකී ගොස් ලතැවිලී
    පිපේවා හසරැලී"

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. ඔබටත් පවුලේ සැමටත් කිරියෙන් පැනියෙන් උතුරන යසඉසුරින් පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා

      Delete
  16. සුභ අළුත් අවුරුද්දකට මෙන්න මගෙනුත් සුභපැතුම්

    ReplyDelete
    Replies
    1. ඔබටත් පවුලේ සැමටත් කිරියෙන් පැනියෙන් උතුරන යසඉසුරින් පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා

      Delete
  17. යකාට වගේම පවුලේ සැමට සුබ නව වසරක් වේවා.....!!!!

    ReplyDelete
    Replies
    1. ඔබටත් පවුලේ සැමටත් කිරියෙන් පැනියෙන් උතුරන යසඉසුරින් පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා

      Delete
  18. යකා සහ පවුලේ හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...!
    ජය වේවා...!

    ReplyDelete
    Replies
    1. ඔබටත් පවුලේ සැමටත් කිරියෙන් පැනියෙන් උතුරන යසඉසුරින් පිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා

      Delete