Wednesday, March 5, 2014

බලන් කඩතුරා හැර දෑසේ

විශේෂ සටහන : මෙම ලිපිය තවත් කරුණු අඩංගු කර යළි විශේෂයෙන් සකස් කරන ලදී. කිසිදු අදහසක් වාරණය නොකෙරේ.මට බනින ඒවා ,කුණුහරප හෝ තෙවන පාර්ශ්වකයට අපහාස කරන ඒවාටද ඉඩ දෙමි.

සාධාරණ යහපත් සමාජයක් යනු කුමක්ද ( අධානග්‍රාහී නොවන විග්‍රහයක් )


අහුලන් කන දඩයමේ යන ඈත අතීතයේ මිනිස් රංචු නිෂ්පාදනය කළේ තමන් අහුලා ගත් දේ සහ දඩයම් කළ දේය.මෙහිදී ද තාක්ෂනයක් භාවිතා විය.එසේම මෙම සමාජයේ තාක්ෂණික දැනුම සහිත අය සෙසු අයට වඩා ඉදිරියෙන් සිටියහ.මෙහිදී නිෂ්පාදනය යන්න අපි කෙසේ අර්ථ දක්වමුද? කුමක්ද නිෂ්පාදනය කරන්නේ? ආහාර ,ඇදුම් පැළදුම් පමනක්ද ? ලෞකික හා ලෞකික නොවන ප්‍රවාදයන්ද නිෂ්පාදිතය ලෙස හදුන්වමු.එනම් දෙවිවරු,මරණින් මතු ජීවිතය වැනි සියළු ආකාරයේ දැනුම නිෂ්පාදිතයයි.මෙම නිෂ්පාදිතය නිෂ්පාදනය කරන ක්‍රමවේදයන් ඇත.මේ ක්‍රමවේදයන් එකිනෙක සමාජ වලට වෙනස්ය.මේ හේතුවෙන් එක් සමාජයක් අනෙක් සාමයෙන් වෙනස් වේ.එසේම මෙම කරුණ මත කලින් කලට සමාජය වෙනස් වේ.

නිෂ්පාදන ක්‍රමවේදයට දක්වන දායකත්වය අනුව එකම සමාජයේ පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකුගෙන් වෙනස් වේ.ඒ අනුව සමාජයක පුද්ගලයන් එකිනෙකා අතර වෙනස්කම් දැකිය හැකි අතර ඊට හේතුව මේ නිෂ්පාදන ක්‍රමවේදයට ඒ ඒ පුද්ගලයන් දක්වන දායකත්වය වෙනස් වීමයි.උදාහරනයකට අනුව පුරාන මිසරයේ පූජකයා නිෂ්පාදන ක්‍රමවේදයට දක්වන දායකත්වය පාරාවෝගෙන් වෙනස්ය.මෙහිදී ඊලඟ ගැටලුව මතු වෙයි.

ඊලඟ අදහස දායකත්වය දැක්වීමේ අවස්ථව යන්නයි.පුරාන සමාජයේ මෙම අවස්ථාව ලැබුනේ පරම්පරාවෙනි.ඊට හේතුව රුධිරගත හෝ වෙනත් ගුප්ත ක්‍රමයකට පරම්පරාවෙන් උරුමය ලැබීම එදා පිළිගත් බැවිනි.එය එදා දැනුමට සාපේක්ෂය.
අප මානව සමාජයේ මූලික තැනුම් ඒකකයක් ගැන කතා කරමු.මෙහිදී එකිනෙකා දන්නා හදුනන කුඩා සමාජය තුල පුද්ගල සම්මුතියක් විය.එක් එක් පුද්ගලයා එකිනෙකාගේ අවශ්‍යතා සදහා සම්මුතිගතව සිටියේය.ජනගහනය වැඩිවීමෙන් හෝ ගෝත්‍ර ඒකාබද්ධ වීමෙන් මහා සමාජයක් බවට පත් වූ පසු ඉහත කී කුඩා ඒකක රාශියක් අර මහා සමාජයේ දක්නට ලැබුනි.මෙහිදී මෙම මහා සමාජයේ සම්මුතිය දක්නට ලැබුනේ සිරස් පිරමිඩයක විලසිනි.

වඩුවෙකු පුටුවක් සාදයි.මෙම පුටුව පුටුවක් අවශ්‍ය කෙනෙකුට වික්කා කියමු.එවිට ගැටළුවක් නැත.නමුත් කෙනෙක් වඩුවා සේවයේ යෙදවූවායි සිතමු.එවිට වඩුවා පුටුව සෑදීමට තම කායික හා මානසික ශ්‍රමය වැය කරයි.වඩුවාගේ ස්වාමියා පුටුව රුපියල් 100 කට විකුණා වඩුවාට රු 75 ක් දෙයි.වඩුවා ඉතිරි රු 25ත් ඉල්ලා සිටීම හරිද?
වඩුවා සේවයේ යෙදවූ තැනැත්තා පුටු විකිනීම කළමනාකරනය කළ යුතුය.මේ ඉතිරි රු 25 කළමනාකරන සංචිතය වේ.එසේම මෙය ශ්‍රමය  වැයකළ පුද්ගලයාට හිමි ඊනියා අතිරික්ත වටිනාකමක් නොවේ.එහෙම දෙයක් නැත.වඩුවා ලැබුවේ ඔහුගේ උපරිම හිමිකමයි.නිෂ්පාදන හා බෙදා හැරීමේ ක්‍රමවේදය තුල වඩුවාගේ භූමිකාව එසේය.මේ ක්‍රමවේදය වෙනස් වන විට මෙහි දායකත්වය දක්වන පුද්ගලයන්ද වෙනස් වේ.ධනය රැදෙන්නේ කොහිදැයි තීරණයවීම නිෂ්පාදන ක්‍රමවේදය නිසා ගොඩ නැගුන ව්‍යුහයේ සැකැස්ම අනුව තීරනය වේ.

භාන්ඩයක සැබෑ අගය යනු එය නිෂ්පාදනයට ගිය මුදල හා කුලිය පමනක් නොවේ.යන්ත්‍ර සූත්‍ර නඩත්තුවට නව යන්ත්‍ර මිලදී ගැනීමට යන්ත්‍ර සූත්‍ර හිමිකරුවන්ගේ නඩත්තුවට අවශ්‍ය මුදල්ද එයට ඇතුලත්ය. නමුත් සමහර හැඟීම්බර ගීත වල තිබෙන ලෙස ගෙඩි සීයක් බිම දැම්මත් අප්පච්චිට එක ගෙඩියයි.අපි රැකෙන්නෙ ඒ ගෙඩි විකුනලයි  නංගියේ " වැනි ගීත ඊනියා ප්‍රගතිශීලීත්වයක් පෙන්වමින් රචනා කළ හැක. එහෙත් ඉඩමක් මිලදී ගෙන එහි  වගාවක් කර එය නඩත්තුකර එම නිපැයුම් අලෙවිකර මුදල් ලබා ගැනීමේ ක්‍රියාවලියේ ගෙඩි කඩන්නට කුලීකරුවෙක් ගත්තා කියල ඌට ඉඩමෙන් බාගයක් හෝ  පලදාවෙන් බාගයක් දීම අසාධාරණය.

මෙහි ඇත්තේ වෙන කිසිවක් නොව සරදියෙල් න්‍යායයි.සරදියෙල් සල්ලිකාර සුද්දන්ගෙන් මංකොල්ලකා දුප්පතුන් අතර බෙදුවේය.එම සල්ලි ගත් දුප්පතුන්ට මේවා සාධාරනද කියා සෙවීමේ අවශ්‍යතාවයක් නොවීය.න්‍යාය ඒ තරමටම සරලය.

තමන් කොටස්කරුවෙක් වන නිෂ්ජ්පාදන ක්‍රියාවලිය  පලදායක නැත්නම් කළ යුත්තේ වෙනත් ක්‍රියාවලියකට සම්බන්ධ වීමය.මෙහිදී අතිරික්ත වටිනාකම යැයි කියන අනුන්ගෙ සල්ලි ප්‍රාග්ධ්න භාන්ඩ හිමිකරුවාට නොදී රජය කියා ආයතනයකට දී එහි සැබෑ හිමිකරුවන් (පක්ෂය ) ලෙස පිරිසක් පත් වුනත් ඔවුන්ටද මෙම කොටස ප්‍රාග්ධන උපකරන නඩත්තුව හා ඉදිරි ආයෝජන සදහා අවශ්‍යය.

ඇමරිකාවෙ ක්‍රමයත් සෝවියට් දේශයේ ක්‍රමයේත් වෙනසක් නැත.එකම වෙනස ඇමරිකාවේ ලාභ සමාගම් වලටත් සෝවියට් දේශයේ ලාභ රජයටත් හිමිවීමයි.මෙතන නම් වල වෙනසක් පමනි ඇත්තේ.

ඔබ සතුව ට්‍රැක්ටරයක් ඇතැයි සිතන්න.ඔබ එය පැදවීමට කුලීකරුවෙක් බදවා ගනී.මෙවැනි කුලීකරුවන් විශාල ප්‍රමාණයක් ඇති අතර එයට අතිවිශේෂ ඥානයක් අවශ්‍ය නැත.ට්‍රැක්ටරයෙන් උපයන සියළු මුදල් කුලීකරුවාගේ අයිතිය නොවේ.නමුත් කවුරු හෝ එසේ කුලීකරුවාට උගන්වා ඔබ කෙරෙහි වෛරයක් ඇති කළ හැක.ඔබ කුලීකරුවාව සූරාකන බව ඔහුට පහසුවෙන් ඒත්තු ගැන්විය හැක.මෙහිදී කම්කරුවා යනු කවුද? මාක්ස් නම් කීවේ මාළු දැලක් කාට හෝ හිමි නම් ඔහුත් කම්කරුවෙකු නොවන බවයි.

දැන් ඔබ සතුව ඇත්තේ එක් ට්‍රැක්ටරයක් පමනක් නිසා ඔබ බදවා ගත් කම්කරුවාත් ඔබත් අතර ලොකු ආර්ථික පරතරයක් නැත.නමුත් ඔබ ට්‍රැක්ටර සීයක් මිලට ගෙන කම්කරුවන් සීයක් යෙදවූවායැයි සිතමු.දැන් ඒකකය විස්තාරනය වී ඇත,දැන් සියල්ල ලොකුය.ප්‍රාග්ධන භාන්ඩ නඩත්තුවට යන වියදමද වැඩිය.කුලීකරුවට ගෙවන මුළු පඩියද වැඩිය.ඔබට ලැබෙන ලාභයද වැඩිය.ඔබ කිසිවෙකු සූරා කා නැත.ඔබ ඔබේ හිමිකම ලබා ගෙන ඇත.

මහා ධනවතුන් බිහිවන්නේ මෙසේ ඒකකය විස්තාරනය වීමෙනි.මෙසේ ඒකකය විස්තාරනය වීමෙන් බිහිවන්නේ ධනවතුන් පමනක්ද? නැත බලවතුන් ,නිළවතුන්,ගුණවතුන්ද බිහිවේ. ඉහත කී ව්‍යාජ අගය එක් කිරීමේ මහා සමාජයේ සිරස් පිරමිඩය සකස් කෙරේ.
මෙසේ විස්තාරනය අවම කළ විට සිරස් පිරමිඩය වෙනුවට තිරස් සමාජ සම්මුතියක් ගොඩ නැගේ.
  
එසේම ඉතා භයානක සර්පයෙක් අප අසල ගැවසේ. ඒ සර්පයා අන් කවරෙකුවත් නොව පක්ෂයයි.මේ පක්ෂය නම් වූ රාක්ෂයා ගේ දරුණුකම අඩුවී ඇත්තේ පක්ෂ කිහිපයක් තිබීමෙනි.බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය වැදගත් එබැවිනි.එහෙත් පක්ෂය නම්වූ රාක්ෂයා මහා පරිමානයෙන් විස්තාරනය වූ ඒකකයකි.එහි ඉහල සිට පහලට අනුහස ගලයි.බලය මහා පරිමානයෙන් ඒකරාශී වේ.මහා පරිමානයෙන් විස්තාරනය වන නිසා බලයද ඉතා වැඩිය.

එහෙත් සමාජය යන්න දැනටම විස්තාරනය වූ ඒකකයකි.මෙම ඒකකයේ විස්තාරනය වූ ඒකකයක් ඇත.ආධිපත්‍ය අරමුණු අක්‍රගත් එම ඒකකය රාජ්‍ය නම් වේ.පක්ෂය ඊට සමාන්තර ඒකකයක් නොව ඡායා ඒකකයකි.එය කරනුයේ පවතින රාජ්‍ය නම් වූ ඒකකයට බද්ධ වීමයි.ආණ්ඩුව හා රාජ්‍ය යනු දෙකකි.මෙසේ රාජ්‍ය නම් වූ පවතින අබ්ල ඒකකයට බද්ධ වීමෙන් ආන්ඩුව ක්‍රියාත්මක වේ.පක්ෂය පිටස්තරව තිබෙන නමුත් රාජ්ය සේම ඡායා ස්වරූපයෙන් පවතින බල ඒකකයකි.එය ද විස්තාරනය වූවකි.ප්‍රමානයෙන් විශාල වන තරමට එහි සියල්ල විශාල වේ.

ආගමික සංස්ථාද, නිළබලරටාවන්ද මෙසේම විස්තාරනය වන තරමට එහි ගුණාංග විශාල වේ.මේ සියල්ලේම විස්තාරනය අඩුකිරීමෙන් මේවාගේ සෑම ගුණාංගයකම තත්වය බාල කළ හැක.
නමුත් එලෙස කම්කරුවාට හිමි අතිරික්ත අගයක් නැතත් මෙම සමාජ සංරචක සමාජය තුල නිරූපනයේදී ව්‍යාජ අගයක් සහිතව එලෙස ක්‍රියාත්මක වේ.කුඩා සමාජය මහා සමාජයක් බවට පත් වීමේදී මෙම ව්‍යාජ අගය ඉතා වැදගත් භූමිකාවක් රඟ දක්වයි.මේ ව්‍යාජ අගය දැනුම සම්බන්ධව ක්‍රියාත්මක වන ආකාරය විමසා බලමු.කිසියම් දැනුමක් ඉගැන්වීමේදී මෙන්ම විභාග පැවැත්වීමේදී හා සහතික දීමේදී විශේෂ ප්‍රමිති පවත්වාගනිමින් එහි සැබෑ අගය ඉක්මවාලන ව්‍යාජ අගයක් ලබා දීම සිදුවේ.මේ ව්‍යාජ අගය බොහෝ විට මානසිකය.ව්‍යාපරවල කීර්තිනාමය යනු මේ ව්‍යාජ අගයේ ප්‍රකාශනයකි.

සීනිබෝලයක් වැනි දෙයකින් එක් ඒකකයකට ලැබෙන්නේ ඉතා සුළු මුදලකි.සීනිබෝල වැනි දේවල් වල එක් ඒකකයකින් ඉතා සුළු ලාභයක් ලැබෙන අතර එම ව්‍යාපාර කරන අය ලොකු ධනයක් උපයන්නේ මෙම ඒකක සංඛ්‍යාව විශාල නිසාය.එසේම ටියුෂන් පංති කර අති විශාල වශයෙන් මුදල් උපයන තැනැත්තා කිසිදු සූරාකෑමක් කර නැත.මෙහිදීද ඔහුගේ ධනය වැඩි වන්නේ ඒකක සංඛ්‍යාව වැඩි වීමමතය.ධනය පමනක් නොව වෙනත් ව්‍යුත්පන්නයන් උදෙසාද මෙම නියාමය සත්‍ය වේ.

සමාජ ව්‍යුහයේ විවිධ සංරචක ඇත.අන්ධයා අලියාගේ හැඩරුව කී ලෙස නොව සමස්තය දෙස බලන විට එක තැන ගල් ගැසුන සමාජ ව්‍යුහයක් වෙනුවට සංසරණය වන්නක් හදුනා ගත හැක.මෙවිට විවිධ සමාජ ඵලයන්ගේ හිමිකාරීත්වය විවිධ පුද්ගලයන් නිෂ්පාදන ක්‍රමවේදයට දක්වන දායකත්වය මත තීරණය විය හැක.

කුඩා ඒකක තුල ඒකක ලාභය වැනි දෙයක් තිබෙනවාට වඩා එය විස්තරනය වූ විට එහි ප්‍රබලත්වය වැඩිය.මෙය ධනයට පමනක් නොව සියල්ලටම පොදුය.බලය උදාහරනයකට ගනිමු.මෙයද වඩාත් ප්‍රචන්ඩ වන්නේ විස්තරනයේදීය.නමුත් ධනය ට වඩා බලය මහා සමාජය නිර්මාණය වීමේදී තීරණාත්මකය.කුඩා සමාජය විස්තරනය වීම අනිවාර්ය වන අතර එහිදී සිරස් සමාජ පිරමිඩය ගොඩ නැගීම ද අනිවාර්යය
මෙහි පීඩක පීඩිත පන්තියැයි දෙයක් නැත.එහෙත් එසේ පුද්ගලයන් සිටිය හැක.මේ කිසිවක් රේඛාවකින් වෙන් කර නිරන්තර ගැටුම්කරී කන්ඩායම් ලෙස විග්‍රහ කිරීමත් එම ගැටුම් තුලින් සමාජය ඉදිරියට වනවායැයි කීමත් මෝඩ කමකි.

සමාජය ඉදිරියට යන්නේ නිෂ්පාදන ක්‍රමවේදය වෙනස් වන නිසාය.එහිදී සමාජ පිරමිඩයේ හැඩය වෙනස් වේ.සමානාත්මත සමාජයක් ගොඩ නැගීමට කාට හෝ අවශ්‍ය නම් මෙම විස්තාරනය අඩු කළ යුතුය.එනම් සමාජය හැකිතාක් කුඩා හා සරල කළ යුතුය

මේ අරමුණ සඳහා කරන වෙනත් සෑම ප්‍රයත්නයකින්ම සිදුවන්නේ තත්වය තවත් නරක අතට හැරී තිබුනාටත් වඩා නරක සමාජයක් බිහි වීමය.
ඇත්තටම සාධාරණ සමාජයක් පතන්නේනම් කළ යුත්තේ කුමක්ද? පුද්ගල සුවිශේෂීතාවය මෙන්ම සමූහ සුවිශේෂීතාවයද ප්‍රතික්ෂේප කිරීමය.දේශපාලන පක්ෂය සමූහ සුවිශේෂීතවයට හොඳ උදාහරනයකි.කළ යුත්තේ උපරිම විමධ්‍යගතකරනයයි.එක් අයෙකුට යම් තනතුරක් දැරීමට යම් කාලසීමාවක් පනවමින් වැඩි දෙනෙකුට එම අවස්ථාව හිමි කර දීම එක් සාර්ථක ක්‍රමයකි.හැකි පමන විශේෂ ප්‍රාගුණ්‍යට එරෙහි විය යුතුය.පුද්ග්ල වෙනස්කම් එතරම් බලනොපාන්නේ සැබවින්ම තිබෙන්නේ ක්‍රියාවලියක් බැවින් පුද්ගලයාට තමන්ටම ආවේණික වූ අති සුවිශේෂ භූමිකාවක් නැති තරම් බැවිනි.

33 comments:

  1. ෙම් අර වර්ඩ්ෙප්‍රස් වල ෙකාටපු 1මයි ෙන්ද.....?

    ReplyDelete
    Replies
    1. නෑ. හුඟක් අළුත් කරුණු එකතු කළා.

      Delete
    2. ඒ මොකක්ද යකා වර්ද්ෆ්රෙස් එක මට ලින්ක් එක දෙන්න ,, මේ ලිපිය නියමයි,මන් නම් කලින් කියෝලා තිබ්බේ නැහැ.. ඇනොලා මොන දේවල් කිවත් දිගටම ලියන්න හොදේ,

      Delete
    3. http://nawadakmakapelahara.wordpress.com/

      තමන්ගෙ අනන්‍යතාවය හෙළි කරන්න බැරි බියගුල්ලන්ට බය වෙලා එක අඩියක්වත් පස්සට ගන්නෙ නෑ.අපි යකා කියල ආවට සයිබරය තුල ඒ නමින් කිසියම් අනන්‍යතාවයක් ගොඩ නගාගෙනනෙ.මේ අය කිසිම වගකීමක් නැති පිරිසක්.බොහෝ විට ඇනෝ එන්නේ ප්‍රසිද්ධ බ්ලොග් කරුවන්.

      Delete
  2. හොඳ ප්‍රවේශයක්.ඇත්තටම අර කළමනාකරණ සංචිතය කියන එකට අපි ව්‍යවසායකයා ලබන ලාභය කියමු නේද?මොකද එතනදි ඔය උදාහරණය උලුප්පලා අරන් සූරා කෑමක් ගැන කියන කට්ටිය ඒ පු‍ටුව අලෙවි වීමේ හෝ නොවීමේ අවදානම ගන්න එක ගැන කියන්නේ නෑනේ.www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
    Replies
    1. ඔවු එහෙම කියන එකේ වරදක් නෑ.නමුත් ලාභය කියපු හැටියෙ ඒ වචනෙ අල්ලගෙන ගහනවනෙ.ඇත්තටම ලාබය තමයි.පුටු උදාහරනයෙදි ව්‍යවසායකයට ලී වලට ගිය වියදමයි කුලියයි ගෙවුවම ඉදිරි අලෙවි කටයුතු සදහා ප්‍රාග්ධන උපකරණ නඩත්තුව තමන්ගෙ නඩතුව වැනි කටයුතු සදහා එම මුදල ඉතිරි වෙනවා.

      නූගත් කුලීකාරයො අවුස්සන්න පරන වමත් සමාජ පීඩනයන්ගෙන් භරිත වූ පිරිස් අවුස්සන්න ජවිපෙත් මේ සරල කතන්දරේ මහ මෙරක් කරගත්තා.නමුත් වැරදි දේ පසුපස යාමෙන් සාධාරන සමාජය ලැබෙන්නෙ නෑ.අපි බලන්න ඕන මේ සමාජයේ අසාධාරනයක් තිබෙනවනම් ඊට හේතු මොනවද කියල.නැත්නම් බිහිවෙන්නෙ තිබුනටත් වඩා නරක පාලනයක් චීනෙ සෝවියට් දේශෙ තිබුන වගේ.

      පීඩක පීඩිත ආකෘතිය ඉතා භයානකයි.මේ අනුව සමාජය කොටස් දෙකකට බෙදනව පංති විඥානය ඇති අය සහ පන්ති සතුරො හැටියට.පංති සතුර මොන විදියකින් හරි මර්ධනය කරන්න ඕන.ඉතින් ඒ වගෙ දර්ශනයක් සහිත රාජ්‍යයක කතා කිරීමේ නිදහස ,මානව හිමිකම් රැකේවිද? ආඥාදායකත්වය මාක්ස්වාදයේ නෛසර්ගික ලක්ෂනයක්.

      ඉතින් මේපීඩක පීඩිත ආකෘතිය සහ ගැටුම් තුලින් සමාජ ප්‍රගමනය සිදුවෙනව කියන ම්ලේච්ඡ මහත්වරුන්ගෙ අදහස් වලට වඩා වෙනස් ප්‍රවේශයක් අපට ඕන.

      මම මේව කියන්න ගිහින් උන් මාව ප්‍රතිවිප්ලවවාදියෙක් කියල හංවඩු ගහල අපහාස කරන්න ගත්ත.ලග පාතක හිටියනම් දයා පතිරනලට වුන දේ වෙන්නෙ.

      Delete
    2. මාක්ස්වාදියො බොරු බුද්ධිමය බවක් පෙන්වමින් එකම වචන සෙට් එකක් මතුරමින් සියලු සංසිද්ධීන් උන්ගෙ මාක්ස්වාදෙන් විග්‍රහ කරන්න පුළුවන් කියල හිතාගෙන පාළුගෙයි වලන් බිද බිද ඉන්නකොට තමයි මම ගිහින් ආතල් කැඩුවෙ.ෆේක් ප්‍රොෆයිල් ඇනෝල එහෙම දාගෙන මහාචාර්ය මට්ටමේ පාන්ඩිත්‍යයක් පෙන්ව පෙන්ව හිටියෙ.

      Delete
  3. මේකා යකෙක්නෙව

    ReplyDelete
    Replies
    1. ඒකනෙ යකා කියන්නෙ හෙහෙ හෙහෙ

      Delete
  4. බරපතලයි. බෝම බරපතලයි.

    ReplyDelete
    Replies
    1. අපි ජීවත් වෙන සමාජය ගැන පුංචි විස්තරයක්නෙ බස්සියෙ මේක.

      වඩා යහපත් සමාජයක් ගොඩ නගන හැටි ගැන බොහෝ දෙනෙක් හුඟක් දේවල් කියල තිබෙනවා.අපි ඒව දැනගන්න ඕන. ඒ වාගෙම කවුරු මොනව කිව්වත් ඒ හැම දෙයක්ම හරිද වැරදිද කියල අපිත් හිතන්න ඕන.එතකොට තමයි අපට ගැලපෙන වඩා නිවැරදි දේ අපට ලැබෙන්නෙ.

      Delete
  5. බොහොම ස්තුතියි අර මාක්ස්වාදී කණ්නාඩි ගලවා දැමීමට මිනිස්සුන්ට උදව් වීම පිළිබඳව.

    ReplyDelete
    Replies
    1. මේ බොරුව හෙළිදරවු කරන්නම ඕන.මේක මහ සරල දෙයක් වුනත් මේ අයට මේක මහ මෙරක්. මේ අයගෙ භාවිතාවෙ වත් පුද්ගලික ජීවිතේවත් මාක්ස්වාදෙ නෑ.අනික ප්‍රායෝගික නොවන මේ මනස්ගාතෙ දේශපාලන භාවිතාවක් ලෙස ගොඩ නගන්නත් බෑ.මාක්ස්වාදීන් ඒ තත්වයට පත් වෙන මනෝවිද්‍යාත්මක පැතිත් තිබෙනවා.කොහොමටත් මේ අය කතාවෙනුත් ක්‍රියාවෙනුත් සමාජයට විශාල විනාශයක් කරනවා.ප්‍රායෝගික භාවිතාව නම් සම්පූර්නයෙන්ම පරස්පර විරෝධියි.මාක්ස්වාදය දුරීභූත කරන්න නම් සමාජය ගැන පුළුල්ව හදාරන්න ඕන.

      Delete
  6. සෑහෙන්න බරපතල ප්‍රශ්ණයක්නේ යකා..

    ReplyDelete
    Replies
    1. කිසිම බුද්ධිමය සංවාදයකට ඉඩ නොදී නින්දාවෙන් මැරබලයෙන් සියල්ල ජයගතහැකි‍යැයි සිතන ඔළමොළ ම්ලේච්ඡ මහත්වරුන් පිරිසක් නිසයි මේක ප්‍රශ්නයක් වෙලා තිබෙන්නෙ. ඔවුන් ගෙ රඟපෑම්වලට හා සරල ඉගැන්වීම් වලට රැවටී සියල්ල අහිමිකරගත් සමාජ තිබෙනවා.හැබැයි ඒකට වෙන වෙන හේතුත් තිබෙනවා.

      Delete
  7. කෝ බං මම දාපු කමෙන්ට්

    ReplyDelete
    Replies
    1. මම ඒ ඇඩ් එක සහිත පෝස්ට් එක ඩ්‍රාෆ්ට් කළා.වෙන සයිට් එකක පෝස්ට් එකක් පළ වෙනව කියල ඇඩ් එකක් දාල ඒක ආයෙ මේකෙම පළ කරන එක හරි නැති නිසා. ඔබේ යෝජනාව තමයි එසේ කරන්නට මාව පෙළඹෙව්වේ

      Delete
  8. උදාහරණ වලින් බොහොම සුන්දර විදිහට පෙන්නුවට යකෝ, මේ සමාජයේ පැහැදිලිවම ශ්‍රම සූරාකෑමත් තියනවා. සමාජවාදය ප්‍රායෝගික නැති දෙයක් කියලා මමත් පිළිගන්නවා. ඒත් ධනවාදයේ අන්තයත් බොහොම භයානකයි. ඒක ඕවර් ගියාම තමා සරදියල්ලා බිහි වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. සූරාකෑම නොවෙයි අසාධාරණකම් නේද? කම්කරු නීතිවගෙ දේවල් නොදැනීම නිසා ශ්‍රමිකයන් ව්‍යවසායකයන්ගෙ අසාධාරණකම් වලට ලක් වෙනව.මාසෙ වැඩ අරන් සත පහක් නොදී එළවන හෝටල් තිබෙනව.ඒ වගේම පෞද්ගලික අංශයෙ ආයතන වල ඕඩර් එක වෙලාවට යවන්න කියල වැඩිපුර වැඩ ගන්න අවස්ථා තිබෙනවා.ගාමන්ට් වගෙ ඒවගෙ පීඩාකාරී වාතාවරණයන් තිබෙනවා.ශ්‍රමයට සරිලන වැටුපක් නොගෙවන අවස්ථා තිබෙනවා.නමුත් පෞද්ගලික අංශයෙ සේවකයො ඉතාම තෘප්තියකින් ඉන්න පිරිසක්.මොකද ඔවුන්ට ලැබෙන බෝනස් හා ඉන්ක්‍රිමන්ට් විශාල නිසා.තව ප්‍රවාහාන් ආහාර වෛද්‍ය වගෙ පහසුකම් ආදිය නිසාත්.

      මම කියන්න ගියෙ තමන්ට අයත් නැති දෙයක් තමන්ගෙ කියල හිතල ඒක ව්‍යවසායකයා ලබා ගැනීම සූරාකෑමක් ය කියන අය චීන සෝවියට් ක්‍රමයේ සත්තු වත්තකදි අර කොටස රජය කියන ආයතනය විසින් ගන්න බවත් ධනවාදය යටතෙ ව්‍යවසායකය භුක්ති විදින ඒ කොටස චීන සෝවියට් සත්තු වත්තෙදි නිළධාරිය භුක්ති විදින බවත් කියන්නෙ නෑ.

      හැම දෙයකම හැම ගුණාංගයක්ම විශාල විස්තාරනය වීම නිසයි.අපි මහා ධනවතුන් බිහිවීම වළක්වන එක හොඳයි.ඒ එක්කම මහා බලවතුන් හා මහා නිලවතුන්,මහා කුළවතුන් ,මහා ප්‍රධානීන් බිහිවීමත් වළක්වන්න ඕන .එහෙම කරන්න පුළුවන් වෙන්නෙ පුංචි ඒකක කියන සංකල්පය තුලින්.මේ මූලික තැනුම් ඒකකය පිළි අරගෙන ඒ හරහා ගණුදෙණු කරන්න පුළුවන් දවසට සමාජයේ ඔය කියන හැම අගතියක්ම නැතිවෙයි.

      දැන් තිබෙන ක්‍රමය හොඳ නෑ කියමින් විකල්ප ඉදිරිපත් කරන සමහරු ඒ වෙත යන්නෙ පක්ෂය කියන උපකරනය හරහා.පක්ෂය කියන්නෙම භයානක දෙයක්.එය ඉහල සිට පහලට ගලන ආඥාවක්.ධනවාදී සමාජවාදී කියල දෙකට බෙදල සමාජවාදී කියල නිළධාරීවාදයක් නිර්දේශකරනව. ඒක නොවෙයි විය යුත්තේ.

      ධනපති,නිර්ධන කියල පංති බෙදීමක් නෑ. තිබෙන්නෙ විස්තාරනය වීම නිසා මහා ධනවතුන්,කුලවතුන්,බලවතුන් බිහිවීම. මාක්ස්වාදය යටතෙ සියල්ල එක් තැනකට ඒකරාශී කළ ගල් ගැසුන ආකෘතියක මහා බලවතුන් පිරිසක් නිර්මාණය කරනවා.

      Delete
    2. ධනවාදය අසාධාරන අයුක්තිසහගත ලෙස වගකීමෙන් තොරව ඉදිරියට ගියොත්නම් ප්‍රශ්න කොහොමත් ඇතිවෙයි. ඒත් යකා කියනව වගේ මාක්ස්වාදයෙන් මේවට උත්තර හොයන්නත් බෑ

      Delete
  9. දේශපාලනය ගෑන ලොකු දෑනුමක් නෑති කෙනෙක් මම.මෙතන තියන න්‍යායන් විග්‍රහ කරන්න ලොකු දෑනුමක් නෑති වුනත් වසර කීපයක් මම ලබලා තියන අත්දෑකීම් ඵක්ක මේකට යම් ඵකතුකිරීමක් කරන්න කෑමතීයි.
    රටේ ශ්‍රමබලකායෙන් අති බහුතරයක් වෑඩකරන පවුද්ගලීක අoශයේ කර්මාන්තශාලා ක්ශේත්‍රයේ, මුලින්ම පුහුනු නිශ්පාදන විදායකයෙකු ලෙසත් පසුව නිශ්පාදන විදායකයකු ලෙසත් වෑඩකරලා ප්‍රායෝගීක අත්දෑකීම් තියන තරුණයෙක් මම.
    කලමනාකරන මට්ටම හා කම්කරු මට්ටම යන දෙකම සමගම වෑඩකරලා තියනවා.
    මගේ අත්දෑකීම් අනුව කියන්න තියෙන්නේ මේ ලිපියේ දී, මේ යන සිස්ටම් ඵකේ කිසි අවුලක් නෑ ඔක්කොම හරි කියලා කියන්න හෑදුවට ඵක ඵහෙම නෙවෙයි කියලයි.
    මේ ලිපියේ වෑදගත් අදහස් තිබුනත්, මුහුදේ පාවෙන අයිස්බර්ගයක් පෙන්නලා මේක මෙච්චර පුන්චීය...අහිසකය.... සීතලය.... ලස්සනය.... කියලා පවතින සිස්ටම් ඵකට පොඩි මාර්කටින් පාරක් දාන හෑඩක් තමා පේන්න තියෙන්න්නේ.
    නමුත් ඈත්ත ප්‍රශ්නේ තියෙන්නේ වතුරෙන් යට.ඵක බොහොම විසාලයි.බියකරුයි.රාජ්‍ය අදිරාජ්‍ය මට්ටමෙන් වි‍යාප්ත වෙච්ච නිශ්පාදන මාෆියාවක් තමා දෑන් ලෝකේ හෑමතෑනම තියෙන්නේ කියලයි මටනම් හිතේන්නේ.ඔනම් රටක නායකයන්ගේ ඉදන් කර්මාන්ත ව්‍යාපාර හිමි සමාජය දේසපාලකයො පොලීසි උසාවි මෑරවරයෝ මේ හෑම කෙනාම ඵකකට ඵකක ලින්ක්වෙලා වෑඩකරන්නේ කොහොමද කියලා අපි දෑකලා තියනවා.ඵක බොහොම ස්oවිදානත්මකයි.ප්‍රබලයි.තමුන්ට ඵකගනොවෙන ඔනම සේවකයෙක්ව මොහොතින් චප්පකරලා දාන්න ඵයාලට පුලුවන්.තෑන්තෑන් වල අඩුවෑඩි වශයෙන් වෙනස් උනත් සෑලසුම් සහගත සූරාකෑම කියන ඵක ඉතාම නිරුපද්‍රිතව අදටත් ක්‍රියාත්මක වෙනවා කියලයි මගේ අත්දෑකීම් අනුව මම හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔබ මාව සම්පූර්ණයෙන්ම වරදවා වටහා ගෙන .මට ඕන මේ සිස්ටම් එක හරි නෑ කියන්න තමයි. ඇත්තටම ඒක විශේෂයෙන් කියන්න ඕනත් නෑ. ඒක හැමෝම පිළිගන්න දෙයක්. මම විශේෂයෙන් කියනව ඒකට විසදුම මාක්ස්වාදය නොවෙයි කියල. මේ සිස්ටම් එක වැරදි නිසානෙ අපි ඒකට විසදුම් හොයන්නෙ.

      ඔයා කියන දේ 100 % ක් ඇත්ත. හැබැයි මේක මෙහෙම වෙලා තිබෙන්නෙ නිෂ්පාදන ක්‍රමවේදය තුල වර්තමානයේ ස්ථාපිත වෙලා තිබෙන ක්‍රියාවලියේදී ඒකකය කියන දේ විස්තාරනය වෙලා තිබෙන නිසයි. මේක ඔබ කී ලෙසින් ජාත්‍යාන්තර මට්ටම දක්වා විස්තාරනය වෙලා. මෙතන පොඩි මිනිහ සප්ත මහ සාගරේ හරි මැද අතරමන් වුන කෙනෙක් වගෙයි.

      මේක අවබෝධ කර ගන්න ඕන.නිෂ්පාදන ක්‍රමවේදය වෙනස්වන විට මේක වෙනස් වෙනව.ඒත් අපි මූලික තැණුම් ඒකකය පිළි නොගෙන අසංවිධානාත්මකව ( තනි තනි පුද්ගලයො විදියට ) මහා සමාජය එක්ක ගණුදෙනු කරන්න යනවනම් අපිට අත් වෙන්නෙ ඔය ඉරනමම තමයි.

      අපට ඓතිහාසිකව කුඩා ඒකකය තිබුන. අපි ඒක තේරුම් නොගත් නිසා මහා සමාජය ගොඩ නැගෙන විට සිරස් පිරමිඩය හැදුන. ප්බ දැන් කියන අසාධාරන සිදුවෙන්නෙ සිරස් පිරමිඩය නිසා.සිරස් පිරමිඩයෙ ඉහල ඉන්න අය එකාට එකා ලින්ක් වෙලා තමයි ඉන්නෙ.පොඩි මිනිහට හැප්පෙන්න බෑ ඒ අය එක්ක.පොඩි මිනිහ අසංවිධානාත්මක පංචස්කන්දයක්. අර ඔබකී ලින්ක් වුන අය බල පිරමිඩයෙ ඉහලම ඉන්න අය.
      පොඩි මිනිහ කරන්න ඕන මොකක්ද? මේ කරුණ තේරුම් ගැනීම. එය කළ හැක්කේ කෙසේද?

      කුඩා තැනුම් ඒකකය මහා සමාජයක් බවට විස්තාරනය වුන බවත් ඒ නිසා තමන් ඉන්නේ බල පිරමිඩයේ පහලම බවත් දැනගන්න මිනිසා වහාම කරන්නෙ කුඩා ඒකකය ශක්තිමත් කරන එකයි.එතන හැලහැප්පීම් එනව.තනි තනිව කරන්න අමාරු නිසා පක්ෂයක් වගෙ ව්‍යුහයක් ඕන වෙන්නත් පුළුවන්.දැන් වෙලා තිබෙනෙන් ක්ශ්ද්‍ර ඒකකය දුර්වල වෙලා තිබෙන එක.ඒකට හේතු ලෙස ව්‍යාජ අගය වගෙ සංකල්ප මම පෙන්වා දුන්නා.ක්ශුද්‍ර ඒකක අතර සම්බන්දයත් මෙහිදී දුර්වල කෙරෙනවා .මහා කන්ද ගොඩ නැගෙන්නෙ එවිටයි

      මහා නිෂ්පාදන ක්‍රියාවලියෙන් බැහැර වෙලා ක්ශුද්‍ර නිෂ්පාදනයන් වෙත යාම. මෙහිදී තාක්ෂනය යොදා ගත හැක.

      දේශපාලනිකව ක්ශුද්‍ර ව්‍යුහය තනා ගැනීම. දැනට සිදුවන්නේ පුද්ගලයා චන්ද පොලට ගොස් චන්දය දීමත් ඉන් පසු ඔහුව බල්ලෙකුට ගනන් ගන්නෙ නැති වීමත්.එහෙත් ක්ශ්ද්‍ර ඒකක තනා ගන්න පුළුවන් වුනොත් දේශපාලන ගනුදෙනු කරන්නෙ අසංවිධානාත්මක පුද්ගලයා නොවෙයි ඔහු සාමාජිකයෙකු වන ක්ශුද්‍ර ඒකකය.චන්දය දීම ගැන පුද්ගලයගෙ මනස සකස් කිරීමක් කරන්න කාටවත් බැරි වෙනවා

      මේව පෝස්ට් කීපයක් යටතෙ කතා කරන්න වෙන දේවල්.සමූපකාර සංකල්පය ගැනත් යුරෝපයේ අත් හදා බැලීමට උත්සාහ කළ (අසාර්ථක වුන ) දේශපාලන දර්ශනයන් ගැනත් ඉදිරියේදි කතා කරන්නම්.

      Delete
    2. මාක්ස් වරෙක කීවා මධ්‍යම පන්තිය ක්ෂීන වී දුර්වල වුන ( ලාභය උදෙසා එකිනෙකා මරාගෙන ) ධනපති පංතියයි දැවැන්ත නිර්ධන පංතියයි මුහුනට මුහුණ ලා සිටගන්න මොහොතක් එන බව. විප්ලවය සිදුවෙන්නෙ එවිට.
      එහෙත් අද වන විට නිර්ධන පන්තිය ක්ෂීන වන බවයි පේන්නෙ.නිෂ්පාදන ක්‍රමවේද ගැන නොවෙයි මාක්ස්වාදී චින්තකයන් කතා කරන්නෙ නිෂ්පාදන මාර්ග ගැනනෙ.ඒත් නිෂ්පාදන ක්‍රමවේද තමයි වෙනස් වෙන්නෙ.

      ඉදිරියට වෙන දේ මම කියන්නම්.ඉදිරියේදී පැහැදිලිවම මිනිස් කායික ශ්‍රමය නිෂ්පාදනයට අනවශ්‍ය වෙනව.ඒක දැනටමත් වෙමින් පවතිනව.බොහොම ලඟකදි මිනිසාගේ මානසික ශ්‍රමයත් නිෂ්පාදනයට අවශ්‍ය නොවේවි.

      මහා පරිමාන ෆැක්ටරි වෙනුවට ක්ෂුද්‍ර ජීව තාක්ෂණය ,නැනෝ තාක්ෂනය ,ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂනය ,රොබෝ තාක්ෂණය වගේ නිෂ්පාදන ක්‍රමවේද වෙනස් වීමෙන් මිනිසා රිප්ලේස් වෙනව.පාරිභෝගිකයන් හා නිෂ්පාදකයන් වෙනුවට ස්වයංපෝෂිත මිනිසුන් බිහිවේවි.
      දැන් බලන්න සේදීමට අවශ්ය නොවන රෙදි නිපදවීමෙන් (නැනෝ තාක්ෂනය ) රෙදි සෝදන කුඩු, සබන් වර්ග නිෂ්පාදනය අවශ්ය වෙන්නෙ නෑ.ඩිජිටල් තාක්ෂනය නිසා මුද්‍රිත මාධ්‍ය කඩාවැටෙනවමයි.එවිට ඒ ආයතනවල සමස්ටහ් නිලබල දූරාවලියම අවසන් වෙනවා.නිෂ්පාදනයට තව දුරටත් කම්කරුවෙක් අවශ්‍ය නෑ.

      එකිනෙකා මත යැපුන නිෂ්පාදන ක්‍රියාවලිය අවසන් වෙලා සවයංපෝෂිත මානවයෙක් ඉදිරියෙදි බිහි වෙනව.ඒක අධිතාක්ෂනික ලෝකයක්.මම මේක කිව්වෙ නිෂ්පාදන ක්‍රමවේද ගැන මම පෝස්ට් එකේ කියපුව සමහර විට අපහැදිලි ඇති කියලයි.

      Delete
  10. ධනවතු නායකයන් බිහිවන ආකාරය ගැන ඔබේ විග්‍රහය පිළිගන්නට පුලුවන්. ඒ වගේම යමක් ඒකට එකතුකරන්නත් ඕනේ. ඒ තමයි ධනවතුන් මෙන්ම නායකයන්ද ධනය රැස්කිරීමේදී හා පාලනය හැසිරවීමේදී ඔවුන් යොදවන සේවකයන් ඇතුලු සියලු වැසියන් ගැන වගකීමක් ඇතිව කටයුතු කිරීමත් අනිවාර්ය දෙයක් කියන එක.

    ReplyDelete
    Replies
    1. ඔබට ෆ්‍රැන්සිස් ෆුකුයාමා,ගුනාර් මිර්ඩාල් වැනි අයගේ පොත් කියවන ලෙස ආරාධනා කරනවා

      Delete
  11. nedakin ponna yaka..thota pakak da thiyene.huththakda..kakage blog eke ella ganin kiyala ..hinga kanne..thopi wage un blog karayoda ponnayo..

    ReplyDelete
  12. ano@9.44,,,machan yakata kiyamu atamage blog eke ella ganna kiyala..mokada yaka kohomath atamata puka denawa..kaka..yakata puke arrinne nane..

    ReplyDelete
  13. ඉහත ඇනෝ කොමෙන්ට් දෙක ගැන මගේ අදහස

    මම බ්ලොග්කරුවෙක්මි.මගේ මතය සමාජය ඉදිරියේ දිගහරිමි. සමාජයට එය පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම කළ හැක . මට එය අදාල නැත. මම ඒ ගැන හිතන්නේවත් නැත. බ්ලොග් එක එල්ලා ගැනීම ගැන මම කිහිප දෙනෙකුගෙන් ඉල්ලීම් කළෙමි. එක් අයෙක් හැර සියල්ලෝම මගේ ඉල්ලීම පිළිගත්හ.එය එම පුද්ගලයන්ගේ රුචිකත්වයයි.කැමැත්තයි.

    මම මෙම බ්ලොග් එක පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී බ්ලොග් එකක් ලෙස පවත්වාගෙන යන්නෙමි. එහි ඕනෑම කෙනෙකුට අපහාස වුනත් කරන්නට පුළුවන.කුණුහරප කියන්නටත් පුළුවන. කුණුහරප කියා දෙයක් නැති බව මගේ හැඟීමයි. නමුත් පුද්ගලය හා ආයතන වල නම් ගම් යෙදූ විට ඒවා වාරනය කරන්නේ නීතිමය ප්‍රශ්න නිසාය.

    ඉදිරියේදී මෙම අඩවිය තුලින් අළුත් විශේෂාංගයක් හදුන්වා දෙමි.ඒ බ්ලොග් විචාරයි. බ්ලොග් ලිපි විචාරයට ලක් කෙරේ.මෙය බ්ලොග් කලාවේ ඉදිරි පියවරක් වනු ඇත.

    ReplyDelete
    Replies
    1. හා හා යකා මහත්ත්යෝ දෑන් මෙතන උපාසක වෙන්න හදන්න ඵපා.
      ඔයාගේ ප්‍රජාතන්තරවාදය ගෑන අපි දන්නවා.ඔයා බොඩර් පේට්‍රියට් ඵකේ පච වෙලා පෑනලගිය හෑටි වගේම ඔයා ඵක්ක තර්ක කරන්න් ආපු අයට ගොනා බූරුවා කියලා බෑනපු හෑටිත් අපි දෑක්කා.

      අනික ඔයා ඵක්ක වාද කරලා ඔයාව පරද්දපු 'සහෝදර' ට කටුස්සා හිකනලා කියලා අපහාසකරපු හෑටි අපි දෑක්කා නේ.

      Delete
    2. බුදුහාමුදුරුවො චින්චමානවිකාවට දීපු උත්තරේ තමයි මටත් දෙන්න තියෙන්නෙ.කවුද පැරදුනේ කියල හැමෝම දන්නවනෙ.ඔයත් දන්නව මාත් දන්නව.සංවාද වලදි අපහාස කළේ මටයි.සියල්ල දත් උත්තමයන්ට ( ඇත්තටම හාල් කෑලි ) මම කිව්ව ඇගිල්ලෙ තරමට ඉදිමෙන්න කියල එච්චරයි. මාක්ස්වාදී බ්ලොග් මාෆියාවක් හදාගෙන මාහාචාර්ය විලාසෙන් මහා පාන්ඩිත්‍යයක් පෙන්වමින් හිටියම මම ගිහිල්ල ආතල් කැඩුව.

      සහෝදර කියන කෙනා එක්ක සංවාදයක් තිබුනෙ නෑනෙ.එයාට මගෙ කොමෙන්ට් එකක් තේරුනේ නැතිනිසා ඒ ගැන අහපුවම මම පැහැදිලි කළා.ඊට පස්සෙ ඇනෝ කෙනෙක් ඇවිත් මොනවද දෙඩෙව්වා.

      Delete