Sunday, March 2, 2014

තරඟෙට ළමයි හැඳීමෙන් වැඩක් වෙයිද?

බ්ලොග් අවකාශයේ අපූරු බ්ලොග් සමුදායක් වෙයි.Rear Gate ,A Serious Blog රැඩිකල් සටහන්.තහනම් වචන ,රැඩිකල් අදහස් ,Taboo Subjects , Sri Lanka Atheists  මේවායින් සමහරකි.

මේවාගේ අපූරු ලිපි පලවන අතර ඒවාගේ භාෂා ශෛලියද අපූරුය. මේ එක් බ්ලොග් එකක අපූරු ලිපියක් පළ විය.මේ දිනවල ෆේස්බුක් වල ශෙයා කරන්නේය කියන ලිපියක් එහි පළ කර තිබුනි. ජාතිවාදී පේජ් වලින් මුස්ලිම්වරු සමඟ තරඟයට ළමයි හදන ලෙස සිංහලයන්ගෙන් දිගින් දිගටම ඉල්ලීම් කරන අතර මේ ලිපිය එය විවේචනය කර තිබුණි. මේ ලිපිය පළ කළ ෆේස්බුක් පේජ් එක  ගැන යකාට පැහැදීමක් නැත. එය සිංහල බෞද්ධ විරෝධී ස්වරූපයක් පෙන්වයි.එය කිසියම් මුස්ලිම් පිරිසක් කරන එකක් වීමට ඉඩ ඇත.එසේ සිතන්නේ නොකර බැරිකමට මුස්ලිම්වරුන්ට චුට්ටක් එහෙමෙහෙ කියා සිංහලයා පතුරු අරින නිසාත් ජාතිවාදයට සම්බන්ධයක් නැති වෙනත් දේවල් පවා කියා අපහාස කරන නිසාත්ය. එය පසෙක තබමු. එහෙත් ඔවුන් කියන දේ ගැන පොඩ්ඩක් බලමු.

මුස්ලිම්වරු සමඟ තරඟයට දරුවන් හදන්න අපට පුළුවන්ද? එසේ කළ යුතුද? එසේ කිරීමෙන් සිදු වන යහපත අයහපත කුමක්ද කියා බලමු.මුස්ලිම්වරුන්ගේ ආගම සහ බුදු දහම අතර විශාල වෙනසක් ඇත.බුදු දහමේ පරම නිෂ්ටාව නිර්වනයයි. එය සාක්ෂාත් කර ගැනීමට ගිහි ගෙයින් නික්මී මහන දම් පිරිය යුතුය. ගිහියන්ගේ කාර්යභාරය එසේ මහන දම් පුරන උතුමන් නඩත්තු කිරීමයි. ඒ මිසක් ලෝකයම බෞද්ධ කිරීමක් වැනි දෙයක් එහි නැත. 

බුදු දහම ලොව පුරා පැතිරී ඇත්තේ අවිහිංසාවාදීවය. අශෝක රජු දහම් ප්‍රචාරය කළ අතර කනිෂ්ක රජු ගේ ධර්ම ප්‍රචාරය නිසා නැගෙනහිර ප්‍රදේශවල බුදු දහම පැතිරුනි. බුදු දහමේ නිදහස නිසා බුදු දහම ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙයි. ලංකාවේ බුදු පිළිම වලට වඩා තායිලන්තයේ බුදු පිළිම හාත්පසින්ම වෙනස්ය.චීනයේ බුදු දහම ටා ඕ දහම සමඟ මිශ්‍ර වී ඇත.ජපානයේ එය ශින්ටෝ දහම හා මිශ්‍ර වී ඇත.එසේම ලෝක බෞද්ධ ජනතාව වශයෙන්ද එකමුතු බවක් නැත.තායි ලන්තයේ සංඝරාජ සම්ප්‍රදායක් තිබුනත් වෙන කිසිම රටක එවැනක් නැත.

මුස්ලිම් ආගම එසේ නොවේ.එහි ආගම වෙනුවෙන් යුධ වැදීම පවා අනුමතය.එහි නිර්මාතෲ නබි නායක තුමා සාර්ථක පවුල් ජීවිතයක් ගත කළ ආදර්ශවත් සැමියෙකි,පියෙකි.එසේම යුධ සෙනෙවියෙකි.එසේම ඉස්ලාමය යනු සම්පූර්න ජීවන පිළිවෙතකි.එහි කන බොන විදිය පමනක් නොව තවත් ඒවා කරන විදියද ඉගැන්වේ.මා යන මඟ විවාහ මඟයි ඉන් ඉවත් වන්නා මට අයත් නැතැයි නබි තුමා පැවසීය.අවිවාහකයන් ,දරුවන් නොහදන්නන් මුස්ලිම් සමාජයේ පිළිකුලට ලක් වේ. එසේම කාන්තාවන් පිටස්තරයන්ට ප්‍රදර්ශනය කිරීමක් නැත.බහු භාර්යා සේවනයද පිළිගනී.පල්ලියෙන්ම ඉඩම් මිළදී ගැනීම ,පවුල් පදිංචි කිරීම ට ධෛර්ය දෙයි. අපේ පන්සල් වල ලෝකය ගැන පිළිකුල් භාවනාව වැඩීමට උපදෙස් දෙන අතර මුස්ලිම් පල්ලිවල බිස්නස් කරන හැටි ඉගැන්වේ.

එසේම හාල්මැස්සන් කෑමට එරෙහිව නිර්මාංශ බණ කියද්දී මුස්ලිම්වරු හරක් මරන හැටි ඉගෙන ගනිති.එසේම ඕනෑම දුෂ්කර තත්වයකට ඔරොත්තු දෙන ලෙස මුස්ලිම් මනස සකස් කරද්දී බෞද්ධ මනස වනගත අපිස් දිවියකට හුරු කරවයි.අරක ප්‍රායෝගිකයි මේක එහෙම නෑ කීමට අපට අවශ්‍ය නැත.නමුත් මේ සමාජ මෙසේ දෙයාකාරය.

 මේ අවිහිංසාවාදී බුදු දහම ආරක්ෂා වීමට නම් රාජ්‍ය අනුග්‍රහයක් අවශ්‍යමය.ශ්‍රී ලංකාව දූපතක්ව තිබූ නිසා බුදු දහම ඉතිරි විය. තායිලන්තයේ බුදුදහම රැකුනේ අරට අධිරාජ්‍යවලට යටත් නොවූ බැවිනි.චීනයේ බුදු දහම මාක්ස්වාදීන් විසින් විනාශ කර දමා ඇථ.භූතානය ටිබෙටය වනි කඳුකර එදෙස් වල බුදු දහම රකුනි.බටහිර ආගමික නිදහස නිසා බටහිර රටවල ස්වල්ප දෙනෙක් බෞද්ධයන් වී තිබේ.

ඉස්ලාමය ලොව වේගයෙන් වර්ධනය වන ආගම ලෙස කියැවේ.ඒක ඇත්තද? නැත.අලුතෙන් ඉස්ලාමය වැළද ගන්නේ ඉතා සුළු පිරිසකි. ඉස්ලාමය වැඩෙන්නේ මුස්ලිම්වරු උපත් පාලනය නොකිරීම කියන සාධකය මතමය.මුස්ලිම්වරු උපත් පාලනය නොකරන්නේ ඇයි?ඔවුන්ට හැමදාම එසේ සිටිය හැකිද? 
 යැයි කියන එක් කාන්තාවක් සිය ජීවිත කාලය පුරා ලබන දරුවන් ගනන 2.1 ක් වුනොත් එය ජනගහනය ස්ථායී වීමට හේතුවේ.බංග්ලාදේශ් ,ඉරාන් වැනි රටවල ජනගහන වර්ධන වේගය ලංකාවේ මෙනි.නැත්නම් ඊටත් අඩුය.මුස්ලිම්වරු අතර වැඩි ජනගහන වේගයක් ඇත්තේ සවුදි අරාබිය,ක්වේට් ,නයිජීරියාව වැනි රටවලය. ලොව පුරාම බැලූ විට මුස්ලිම්වරුන්ගේ උපත් අනුපාතිකය වේගයෙන් පහළ යයි.ඊට හේතුව මුස්ලිම්වරුන් අතර අධ්‍යාපනය වැඩි දියුණු වීමත් මුස්ලිම් කාන්තාවන් වැඩිපුර රැකියාවල නියැලීමත්ය. ආර්ථික මට්ටම අනුව එක් පවුලකට ළමයි දෙන්නෙක් හදන එකත් අභියෝගයකි.

ඇත්ත තත්වය මෙසේ වුනත් පුංචි පවුල රත්තරන් වැඩ සටහනට සිංහලයන් ඇදී යාම නිසා සිංඅහලයන් වදවෙන බවත් මුස්ලිම්වරු වර්ධනය වන බවත් සයිබරය පුරා ප්‍රචාරය කෙරේ.මෙය ඇත්තද? ඇත්තෙනම පුංචි පවුල රත්තරන් වැඩ සටහන නිසා 1980 ගනන් වල උපන් සැළකියයුතු පිරිසකට සහෝදරයන් හෝ සහෝදරියන් නැත.අපේ ගමේ ප්‍රධාන වීදියට වැටෙන අපේ වීදියේත් ඊට සමාන්තර වීදි දෙකකත් මෙවැනි එක්දරු පවුල් 15 ක්ම ඇත.මේ කාලයේදී මුස්ලිම්වරු මේ වැඩසටහනට දායක නොවුනත් දැන් ඔවුන්ගේ පවුල් වලද ඉන්නේ ළමයි එක්කෙනෙකි දෙන්නෙකි.දැන් මුස්ලිම් කාන්තාවෝද රැකියා කරති.

ඇත්තටම තරඟෙට ජනගහනය වැඩි කරගෙන කිසිවෙකුට වැඩක් වෙයිද? නැත. ඉදිරියේදී තාක්ෂනය දියුණු වීමත් සමඟ මිනිස් ශ්‍රමය අනවශ්ය හෝ අවම  වෙමින් පවතී.මෙවැනි පසුබිමක ඉවක් බවක් නැතිව ළමයි හැදුවොත් විශාල රැකියා විරහිතයන් පිරිසක් බිහිකිරීමක් වනු අත.කැරළිකරුවන් හොරු ත්‍රස්තවාදීන් බිහි කිරීමක් වනු ඇත. ඔළුගෙඩි ගනනින් සංවර්ධනය මනින්න නොහැක.මානව සම්පත ගුනාත්මක විය යුතුය.ඉස්සර අපේ ගම්වල පවුල් වල ළමයි දහය පහලොව සිටියහ.ඒ ළමයි හදන්නේ බොහෝ විට අම්මා නොවේ අක්කලාය.එසේම ළමයි හැදෙන්නේද කැලේට කොලේටය.

වගකීමෙන් තොරව ළමයි හදන්නැයි උපදෙස් දෙන අය ඊට ආධාරද දෙන බව කියති.මෙය ප්‍රායෝගික නොවන බව පෙන්වා දෙමින් නිදහස් අදහස් බ්ලොග් එකට මම කොමෙන්ටුවක් දැම්මෙමි.ඒ මෙසේය.

ජාතික ප්‍රජනන තරඟය සහ ත්‍රස්තවාදය

අදාල ලිපියට දැමූ කොමෙන්ටුව

"මෙතන මෙහෙම ප්‍රශ්නයක් තිබෙනවා.මමත් දැක්ක සිංහල බෞද්ධ සංවිධානයක් ඔහොම මගුලක් ශෙයා කරනවා. මට නම් ප්‍රශ්නෙ තියෙන්නෙ ඔය සංවිධානෙ මාසයක් වත් තියෙයිද කියන එක . මුස්ලිම් කියන්නෙ සංවිධානාත්මක ආගමක්.ඒ ආගමෙන්ම ඒ ශික්ෂනය ඒ මිනිස්සුන්ට දීල තියෙනව.අවංකව හිතුවොත් ඒ ශික්ෂනය අපට නෑ.ඒ වෙනුවට තිබෙන්නෙ ඔක්කොම අත ඇරල කැලේට යමවු කියන චින්තනය .නියම බෞද්ධකම ඇතිව ඉන්නවනම් අනික් හැම මගුලම කරන්න වෙන්නෙ ගිල්ටි ෆීලින් ඇතිව. මොකද අනෙක් සියළුම වැඩ සංසාරෙ දිගු කරන නිසා.ඔය ආධාර වැඩෙන් වෙන්නෙ ආධාර දෙන අයයි ගන්න අයයි දෙගොල්ලගෙම සංසාරෙ දිගු වෙන එක.

මුස්ලිම් මිනිස්සු එහෙම නොවෙයි.ඒ අයගෙ ආගම යහපත් ලෞකික ජීවිතයක් අරමුණු කරගත් එකක්. මත්පැන් බීම තහනම් .ඒ වෙනුවට හරක් මස් කනව. අපේ එවුන් බීල වැටුනට පස්සෙ අරක  කරන්නවත් පුලුවන්කමක් නෑ.

ඒ වගේම මුස්ලිම් කෙල්ලො කොල්ලො ගෙදරට නාකි වෙන්න දෙන්නෙ නෑ. සිංහල කෙල්ලො බදින කොටත් 25 පැනල. 30 පනිනකම් ළමයි හදන්නෙ නෑ. හුඟ දෙනෙක් ඉගෙන ගෙන අරක මේක වෙලා 30 පැනල. සිංහලයට හෙනම හෙනහුරා වෙලා තිබෙන්නෙ ජ්‍යොතිෂය.මේක මේ ඉන්දියාවෙයි ලංකාවෙයි මිනිස්සුන්ට මහම කරදරයක්. මුස්ලිම් අයට ඒ මොනවත් නෑ. නාකි වෙලා බදින නිසා කොහොමටත් සිංහලයන්ට ළමයි හදන්න බෑ. සිංහල සමාජයේ අවිවාහකත්වය ලොකු ප්‍රශ්නාය්ක්.

අනික තමයි අද ආර්ථික තත්වය අනුව පිරිමිය විතරක් රස්සාව කරල අහ්‍රි යන්නෙ නෑ.පවුලෙ දෙන්නම රස්සාව කලත් අහ්‍රි අමාරුයි ජීවත් වෙන්න.එක ළමයෙක් හදන එකත් අමාරුයි.මුස්ලිම් පවුල් වලත් දැන් එක ළමයට දෙන්නට බැහැල.ඒ මිනිස්සුන්ටත් ආර්ථිකාය් අමාරුනෙ.

ඒ වගේම ඔය ආධාර ළමයි පස් දෙනෙකුට අවුරුදු 18 වෙනකම් දෙනව කියන එක සෙල්ලම් වැඩක්ද? නිකම් හිතල බලන්න ඔය ඉල්ලීමට හොඳ ප්‍රතිචාර ඇවිත් සැළකිය යුතු පිරිසක් ඔය වැඩේ කළා කියල .ඉතින් ඔය සල්ලි ගන්න මොකක්ද තිබෙන සහතිකය. ගනන් හදල බලන්න අඩු ගානෙ පවුල් ලක්ෂ 10 ක්වත් ඔය වැඩේට සමබන්ධ වුනොත් ඒ පවුල් වලට දෙන්න කොයි තරම් මුදලක් වෙන් කරන්න ඕනද කියල.ඕකට අරමුදල් තිබෙනවද? සල්ලිකාර පන්සල් තිබෙන බව ඇත්ත. ඒ හාමුදුරුවරු ඕවට සල්ලි දෙයිද?

ළමයි 5 දෙනෙක් ඉන්න පවුලකට එක ළමයට 5000 ගානෙවත් මාසෙකට දෙනවනම් මාසෙකට 25,000 ක් දෙන්න වෙනව .ඒ මුදල ප්‍රමානවත්ද? එක ළමයෙක් ඉස්කෝලෙකට දාන්න ආපදා ණය ගන්න වෙනව පිනාලට කප්පම් දෙන්න. එහෙමනම් ඒ වගෙ පවුලකට මාසෙකට ලක්ෂයක් වත් දෙන්න වෙනවා.

දෙන්නම ර්‍ඇකියාවලට යනකොට ඒ ළමයි හදන්න සල්ලි විතරක් මදි. ඒ ළමයි ඉස්කෝලවලට දාන්නෙ කොහොමද ? ලෙඩට දුකට බේත්.මුස්ලි අයට මේ ප්‍රශ්න නැත්තෙ ඒ අයගෙ සාමාජයීය සහයෝගීතාව නිසා.ඒක ඒ අයට ආගමෙන්ම ලැබුන දෙයක්. අපට එහෙම නෑනෙ. ඔය ඉමේජස් ශෙයා කරන එවුන් හෙට අනිද්දම පොලීසියෙන් කුදලගෙන ගිහාම සල්ලි බල්ලාගෙන ළමයි හදන්න ගිය දෙමාපියන්ට හුප්පෙ තමයි. හෙහෙ හෙහෙ

23 comments:

  1. ඔය පුංචි පවුල රත්තරන් කියන කතාව 1980වට කලිනුත් තිබුනා.ඒ කාලේ පුරුෂ වන්ධ්‍යකරණයක් ක්‍රියාත්මක වුනා.ඒ වගේම 1987 භීෂණය හින්දා රටේ තරුණ තරුණියො ගොඩක් මැරුණා.යුද්ධයත් එක සාධකයක්.ඒ හින්දා රටේ උපත් අනුපාතය අඩුයි.අනික බලන්නකෝ ගෑනු ලමයි කසාද බඳින්න පරක්කු වෙනවා එක එක හේතු උඩ.ඉතින් සිංහලයින්ගේ උපත් අනුපාතය අඩුයි.
    ප්‍රශ්නේ පණ දාගෙන ලමයි හදන්න කියන එකෙක්වත් ඒ වෙනුවෙන් අම්මා කෙනෙක් විඳින දුක දන්නේ නැති එක.උන් හිතන්නේ අහවල් රාජකාරිය කරාම ඇති කියලා වෙන්නැති.ඒත් අම්මා විඳින දුක.......www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++++++
      එහෙම වුනා කියල කරන්න දෙයක් නෑ.හැබැයි මේ තත්වය සිංහලයන්ගෙ විතරක් නොවෙයි හැමෝගෙම දක්නට ලැබෙනවා.දරුවන් වැඩිපුරබිහිකර කිසිම වැඩක් නෑ.අනෙක ඒක ප්‍රායෝගිකත් නෑ. ගුණාත්මක මිනිසුන් ටික දෙනෙක් ඇති.අවශ්‍ය තාක්ෂනික දැනුමයි.ආර්ථික බලයයි.
      ළමයි වදල රටවල් අල්ලනව කියන එක රටේ ප්‍රශ්න අමතක කරන්න මෝඩයො රවටන්න කියන කතාවක්.ලෝකෙ කොහෙවත් එහෙම වෙලා නෑ.

      Delete
    2. සිංහල ජනගහනය අඩුවෙන එක ප්‍රශ්නයක් තමයි . ඔබ කියන විදිහට ගෑනු ළමයි කසාද බඳින්න පරක්කු වෙන්න එක හේතුවක් තමයි ඔවුන්ට කුඩා කළ සිට පිරිමි ළමයි කරන දේ කරන්නත් පිරිමි ළමයි විදිහට හිතන්න පුරුදු කිරීමත් නිසා. එහෙම උනාම ඒ අයට අම්මලගෙ පරම්පරාවේ ගෑනු උදවියට තිබුන හැඟීම් දැනීම් නැතිවෙනවා. ඔය කතාව කවුරුවත් කියන්නේ නෑ.

      Delete
  2. හරවත් පොස්ටුවක් පැහැදිලි ලෙසම මම දැඩි ආගම් වාදියෙක් එහෙමයි කියල මම අනෙක් ආගම් වලට අපහස කරන කෙනෙක් නෙවෙයි මේ යන මඩ ක්‍රමය මම අනුමත කරන්නේ නැහැ. කයිවාරු කාරයන් බොහෝ දුරට කරන්නේ මිනිස්සුන්ගේ ලේ කෝප කිරීමයි.

    ReplyDelete
    Replies
    1. මේ මඩවලින් වෙන එකම දේ අලුත් විදියට හිතන මුස්ලිම් තරුණයො අන්තවාදීන් කරන එක. තමන්ට තර්ජනයක් තිබෙනව කියල හිතන මුස්ලිම් සමාජය ශක්තිමත් වෙන එක.ප්‍රායෝගික නොවන දේවල් කිව්වට කරන්නත් බැහැනෙ.ඒ නිසා සිංහලයන්ට කොහොමත් වැඩක් නෑ

      Delete
    2. මමනම් හිතන්නේ නෑ මේ රටේ මුස්ලිම් ජනයාගෙන් වැඩි දෙනෙකුට මේ රට මුස්ලිම් රටක් කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා කියලා. එහෙම උනොත් කවදහරි ඒ අයටත් යහතින් ඉන්න බැරිවෙන වගනම් පැහැදිලියි

      Delete
  3. යකෝ, මම හිතන්නේ ඕවට නිසි පිළිතුරු සිඟාවාලෝද සූත්‍රයේ තියනවා. බෞද්ධයා කළ යුත්තේ බුදුන් දෙසූ දහමෙහි හැසිරීම විතරයි. ඉතුරු ටික වෙන්න ඕනා විදිහටම වෙයි.

    ReplyDelete
    Replies
    1. ඔවු බන්.මේව කෘත්‍රිමව කරන්න බෑ.ළමයි හදන එක ආගම්වලම තිබෙන ආගම් වල අය ඒව කර ගත්තදෙන්.බලෙන් කවන්න බෑ.උදාහරනයක් ලෙස බෞද්ධ ජිහාඩ් සංකල්පය හදුන්වා දෙන්න බෑ වහෙ හෙහෙ හෙහෙ.
      අනික මේ ඒකට කාලයත් නොවෙයි.කුඩා රුසියාව මහා පීටර්,මහා කැතරින් වැනි අය විසින් විශාල රටක් බවටපත් කළා.ඊට අවශ්‍ය හිස් බිම් තිබුනා.බලෙන් හෝ ලබා ගත්තා. ඒව හරි හෝ වැරදි අද ඒ සියල්ල කාලය විසින් නිවැරදි කර තිබෙනවා. දැන් අපිට තියෙන්නෙ තියෙන ලබ්බ රැක ගන්නයි.වැඩිපුර සාජ්ජ දන්න ගියොත් ඒකත් නැති වෙයි.

      Delete
  4. එහෙමනම් ජන කොට්ටාශය මොකක් උනත් එක විදිහට ජනගහන පාලනයක් කර්න්න පුලුවන් වෙන්න ඕනේ.

    ReplyDelete
  5. බල්ලො බලල්ලු බෝ කරනව වගේ තමන්ගෙ ජාතිය බෝ කරල ධර්මයක් ප්‍රචාරය කරන්න බැහැ. සැබෑම ඇත්ත, නිදහස, ඇති තැනට මිනිස්සු කෝමත් එකතු වෙනවා. හිස් ගාන නෙවේ වැදගත් හරි මාර්ගේ යන පිරිසක් සිටීම..

    ReplyDelete
    Replies
    1. සංඛ්‍යාත්මක බවට වඩා ඕන කරන්නෙ ගුණාත්මක බව.හිස් ගෙඩි ගාන වැඩිකරන කතා අදට වලංගු නෑ.ඉස්සර හැම දෙයක්ම තීරණය වුනේ පිරිමියාගේ ශක්තිය මතා.අද ඒ හැම දෙයක්ම වෙනස් වෙලා.තාක්ෂණයට දැනුමට මුල්තැන ලැබිලා.

      අනාගතයෙදි ඔය කියන ඔළුගෙඩි ආගම් බිදවැටිලා ඔබ කියන ලෙසම නිදහස සහ ඇත්ත සොයාගෙන මිනිස්සු යනව.දැනටත් මැදපෙරදිග මහා පරිමාණයෙන් මේක වෙනවලු.එහෙම තත්වයක් තියෙද්දි කොරහෙ කිඹුල්ලු දකිනව වගෙ අපේ ගොන් වහන්සෙල පාරෙ යකා නටනව.

      Delete
  6. සහතික ඇත්ත නේන්නම් . අපෝ බුකියේ යන රැල්ලවල් ගැන මොකට කතාකරනවද

    ReplyDelete
    Replies
    1. බුකිය වගෙ නොවෙයි බ්ලොගියෙ යම් බුද්ධිමය බවක් තිබෙනවා.බුකියෙ කිසිම වග විභාගයක් නැතිව ශෙයා කරන ලයික් දමන කොමෙන්ට් දමන අයට බ්ලොග්කරුවන්ගෙන් ඉගෙනගන්න හුඟක් දේවල් තිබෙනව.

      Delete
  7. මේ දවස් වල නං අන්තවාදී හුටප්පර වැහි වැහැල ඒත් ඒවට නෙ අම්බාවෙට කමෙන්ට් ලයික් තියෙන්නෙ මොකෙක් හරි වැදගත් පෝස්ටුවක් දැම්මම කවුරුත් ගනන් ගන්නෙ වත් නෑ...
    එය ළමයි කේස් 1 ගැන නං කතා කරල වැඩක් නෑ...
    ලමයි හදන්න කලිං බලන්න ඖන ලංකාවෙ සයිස් 1 ගැන...පවුලෙ ආර්ථිකය ගැන.. ඊටත් හැදුවම කියමුකො උං ගොබ්බයො නොවී හදන්න ඕනෙ... නිකං අයාලෙ යන උං හලල වැඩක්යැ.... ප්‍රමාණයට වඩා ගුණත්වයට මුල් තැන දෙනව නං ප්‍රශ්න අඩුයි කියල මං හිතනව

    ReplyDelete
    Replies
    1. මම වෙනත් බ්ලොග් එකක කොමෙන්ට් එකක් දැම්ම ළමයි හදන්න දෙන්නත් මොකක් හරි ප්‍රමිතියක් ඕන කියල.මම නම් හිතන්නෙ මාසික ආදායම රු ලක්ෂයක් තිබෙන පවුලකට ළමයි හදන්න අවසර දුන්නට කමක් නෑ.මූලික අධ්‍යාපනය අවසන් කළාට පස්සෙ රට යවල හරි උගන්වන්න ඒ දෙමවුපියන්ට පුළුවන්.නිකම් හිඟන්නො බෝකරල පලක් තිබෙනවද
      දවසක් මම ඔය ගැන හාමුදුරුනමක් එක්ක වාද කළා.උන්වහන්සෙ කියනව කොස් දෙල් හරි කාල ළමයි හැදෙන්නෙ නැතෑ කියල.ඉස්සර එහෙම වුනාට අද කොස් දෙල් කල හැදිල ලොකු වුනහා පැල් කොටයක් හදල ගෑනියෙක් ගේන ක්‍රමය අදට ගැලපෙන්නෙ නෑ.අද අවශ්‍යතා වැඩියි.අල්ලපු ගෙදර එකාට පුටු සෙට් එකක් ගෙනාවොත් හදන්නෙ ඊට වඩා හොඳ එකක් ගේන්න.අපි කැමතිවුනත් අකමැති වුනත් ඒකයි යථාර්ථය.අපට ආපසු යන්න බෑ.

      හැබැයි මෙහෙම විශාල වශයෙන් මෝඩයො බිහි කරන එක දේශපාලනඥයන්ට නම් හොඳයි.පේලි හැදිල ගිහින් කතිරෙ ගහනවනෙ.සමහර හාමුදුරුවරු මහ කැත ඉල්ලීමක් කරනව නින්දගම් වලින් මිනිස්සු එලවන්නලු. දුප්පතාගෙ දුක දන්නෙත් නෑ. අක්කර දාස් ගනන් තියන ඉඩම් වලින් දුප්පත් බෞද්ධයෙකුට කිසිම සෙතක් නෑ.පදිංචි වෙලා ඉන්න එවුනුත් එලවන්න හදනව .තව ළමයි හදන්නලු.

      Delete
  8. සංඛ්‍යාත්මකව ඔළුගෙඩි ගාන වැඩි වුනා කියලා ඒකෙන් කවදා හරි දවසක ප්‍රතිඵලයක් තියෙයිද කියලා හිතන්න අමාරුයි.. ආකල්පමය තත්වයන්ගේ තමයි වැදගත් කම වැඩියෙන් තියෙන්නේ..

    ReplyDelete
    Replies
    1. දැනට ලංකාවෙ දරුවන් ලක්ෂ තුනක් උපදිනවා.අවුරුද්දකට රැකියා ලක්ෂ තුනක් උත්පාදනය වෙනවද කියන එක බලන්න ඕන.අනික ලංකාවෙ මහා පරිමාන ව්‍යාපෘතිවලටත් ලොකු ඉඩම් නැතිවේගන එනව.දැනට තිබෙන කැළෑ ප්‍රමානය තවදුරටත් එළිකරන එක හානියක්.විශාල ෆ්ලැට් සංස්කෘතියක් අපේ ගැමියන්ට ගැලපෙන්නෙ නැහැ.

      මූලිකම දේ රැකියා ප්‍රශ්නෙ.තාක්ෂනයේ දියුණුවත් සමඟ සමහර රැකියා නැතිවෙනවා. මේ මොනවත් හිතන්නෙ නැතිව එකෙක් මහන කරන්නයි අනික යුද්දෙට යවන්නයි ළමයි හදනව කියන්නෙ මහ විකාරයක්.අපි 21 වැනි සියවසේ ජීවත් වෙන්න ඕන.

      Delete
  9. මෙවැනි වැඩ පිළිවෙලක් කිසිසේත්ම ප්‍රායෝගික නෑ. මම නම් හිතන්නේ නැහැ, මේක අහලා කිසි කෙනෙක් ළමයි හදන්න උනන්දු වෙයි කියලා. ඔන්න රජය මැදිහත්වෙලා යම් ක්‍රමවේදයක් ඉදිරිපත් කලොත් වෙනසක් වෙන්න පුළුවන්. නමුත් ලෝකේ කොහෙවත් ජනගහන පාලනය මිස වැඩි කරගැනීමක් ගැන දැන් කතා කරන්නේ නැහැනේ. මේ වගේ කතා කියනකොට බල කරන්න ඕනේ සල්ලි එන්නේ කොහෙන්ද කියලා පෙන්වන්න කියලා.

    කොහොමත් අපේ පන්සල් පද්ධති හැදිලා තියෙන්නේ දායකයන්ගෙන් යැපෙන ආකාරයට මිසක් අනිත් පැත්තට නෙවෙයිනේ. නිකමට හරි හිතුවොත් මේක නිසා බෞද්ධයෝ ළමයි හැදුවා කියලා, වෙන්නේ දුප්පත්කම දරාගන්න බැරුව මේ පවුල් පිටින්ම මුදලින් සහ වෙනත් දෑ වලින් ආධාර කරන ආගම් කල්ලි වලට බැඳීම තමයි.

    ReplyDelete
    Replies
    1. මේව කොහොමත් ප්‍රායෝගික නෑ.මේව යෝජනා කරන කෙනෙකුගෙන් දැන් ඇහුවොත් කියාවි එයාට එහෙම දෙයක් කිව්වද කියල මතකත් නෑ කියල.කටට එනවට කියන විකාර කතා.කිසිම සැලැස්මක් අධ්‍යනයක් නෑ ඔහෙ දොඩෝනව

      අපි නිකමට හිතමු එහෙම වුනා කියල.තව අවුරුදු 20 කින් විශාල සමාජ අර්බුදයක් ඇතිවෙනවා.මේව යෝජනා කරන අයට ඒක ගැටළුවක් නොවෙන්න පුළුවන්.
      අනික මේ මුස්ලිම් ආක්‍රමන කතා පට්ටපල් බොරු මනස්ගාත.

      Delete
  10. ලිපිය තේරුම් ගත හැකි හරවත් ලෙසටම ලියල තියෙනව බං .
    එක එක නාලිකා වල හාමුදුරු ගොල්ලො ළමයි හදන්නයි මහන කරන්නයි කියන බයිලා ඇහෙද්දී නම් පික්ෂු.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. හැබැයි මෙහෙම කළානම් මේක ප්‍රායෝගික නොවුනත් කටවත් කට උත්තර නෑ.මේ ජාතිය ගැන කතා කරන ගිහියො තමන්ම ළමයි හත් අට දෙනෙක් හදල ආදර්ශයක් දෙනව.තමන්ගෙ ළමයි රට යවල උගන්වන්නෙ නැතිව ගමේ ඉස්කෝලෙට යවනව.හාමුදුරුවරු රජ සැප විදින්නෙ නැතිව බුදුහාමුදුරුවො කියල තියෙන විදියට අල්පේච්ඡ ජීවිත ගත කරනව.ජාතික කැක්කුම තිබෙන ගිහියොයි හාමුදුරුවරුයි කොසුයි දෙලුයි කනව.අන්න එහෙමනම් මේ අය අවංකයි කියන්න පුළුවන්. පරිප්පු කන එක දුප්පතුන්ට පවරල මේ අය සැප විදිනව.

      Delete
  11. ඇත්ත... නිකන් අරයට මෙයාට උඩින් යන්න එළුපට්ටිය වගේ බෝ කරගත්තට පස්සේ ඒ ළමයිට යන කල මොකක්ද... අනික් බෞද්ධකම මොකක්ද කියන එක ගොඩාක් අයට ටැපලිලා තියෙන්නේ. අවුල තියෙන්නේ එතන.

    ReplyDelete