Thursday, February 27, 2014

බුකිය දිනේවා බ්ලොගිය දිනේවා

මෙන්න බබෝ බිල්ලා
ෆේස් බුක් තහනම් කළ යුතු බවට මතයක් නිර්මානය කර ඇත.ෆේස්බුක් වලට එරෙහිව ජනමතයක් හදන්නට අසාර්ථක උත්සාහයක යෙදෙන්නේ එක්තරා ජඩ මාධ්‍යයක් විසිනි.ජනතාව යනු තමන්ගේ රූකඩ යැයි සිතා සිටින ඔවුන් ඉතා වෛරී මාධ්‍ය භාවිතාවක් ඇති ආයතනයකි.එසේම තමන් අප්‍රිය කරන අයට ඉතා අමානුශිකව පහර දෙන දේශපාලන අරමුනු ඇති දුෂ්ට ආයතනයකි.ඔවුහු හැම පක්ෂයකටම මැතිවරන තරඟ කිරීමට තම නියෝජිතයන් යොදවමින් දේශපාලන පක්ෂ තම න්‍යාය පත්‍ර යට අනුව සේවය කල යුතු යැයි සිතන ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික මූලධර්ම වලටද එරෙහි ආයතනයකි.

දුෂ්ට අරමුණු නොමැති ජනතාවද ෆේස්බුක් ඇතුළු නව තාක්ෂණික දේවල් යල කිසියම් නුගුණ ක් දකින බව මට පෙනී ගොස් ඇත.අප කැමති වුනත් අකමැති වුනත් තාක්ෂනයෙන් වියුක්ත වීමට නොහැක.තාක්ෂනයේ වරදකට අඩුපාඩුවකට පිළිතුරු සෙවිය යුත්තේ තහනමෙන් නොව වෙනත් තාක්ෂනයකිනි.

ෆේස්බුක් එන්නට පෙරද සියදිවිනසාගැනීම් තිබුනි.එම සිදුවීම් වලට හේතුවූ වෙනත් සාධක විය.දැන් සිදුවී ඇත්තේ එම සාධක වෙනස් වීමය.

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය මෙම සන්නිවේදන විප්ලවය නිසා මුහුණ දී ඇති අර්බුදය තේරුම් ගනිමු.ඉස්සර මෙන් මුද්‍රිත හෝ විද්‍යුත් සර්වඥයකු සංස්කරනය කර අපට ගිල්ලවන අදහස් බලාපොරොත්තුවෙන් පුල පුලා සිටීමට සිදුනොවේ.

ඇන් ඇම්ට පුළුවන්ද මඥ්ඥොක්ක හිටවන්න ටන් ටන්ට ටන් ටන්ට ටන් ටන්ට ටන් ටන්ට

මෙන්න ප්‍රවුත්ති ප්‍රකාශය අහවලා විසිනි.

ඔහොම කාලයක් තිබුනාලු.

ඊටත් ඉස්සර විදේශීය ලියුමක් එන්නට මාස පහක් පමන ගත වී තිබුනි.ඒ කතා කියන එක යකාගෙ අභිලාශය නොවේ.

මාධ්‍ය ආයතනයක් යනු ඉතා දැඩි නිළබල ධූරාවලියක් සහිත තැනකි.මෙය රාජ්‍ය හෝ පෞද්ගලික යැයි වෙනසක් නැත.රාජ්ය ආයතන වල තත්වය තව හොඳය.මෙහි මාධ්‍යවේදීන්ට අවශ්‍ය දේවල් ලියන්නට බැරිය,මාධ්යවේදියා යනු ඉතා කුඩා දැතිරෝදයකි.මෙහිදී සිදුවන්නේ මහා පරිමාන මාධ්ය මුදලාලිලාගේ මතය රටේ ජනතාවට බලෙන් ගිල්ලවීමය.

මේ සියල්ල තාක්ෂනයෙන් වෙනස් වී ඇත.ගමේ කිඹුලෙකු ඇල්ලුවා කියමු.නවීන තාක්ෂනයෙන් නිර්මානය කළ ෆෝන් එකකඉන් එය ඡායාරූපයක් ගෙන අප්ලෝඩ් කළ හැක.එසේම ඕනෑම කෙනෙකුට කොමෙන්ට් කළ හැක.

ආසන්නම උදාහරනයක් නම් මේ මෑතක එක්තරා ඉරිදා පුවත්පතක එක් දේශපාලන කරුනක් ගන ලිපියක් පළවී තිබුනි.එහෙත් එම ලිපිය වරදිය.දේශපාලනය ගැන සවිඥානක කිහිප දෙනෙක් හැර බහුතරය ඒවා නොදනී.තකහනියේ කඩයට ගොස් ලියුම් කවරයක් ගෙන මුද්දර ගසා පුවත්පතට ලියුමක් දමන්නද? කාටද ඊට වෙලාව තිබෙන්නේ.කෝල් එකක් ගන්න පුළුවන්.ඒත් වැඩක් වෙයිද?

හැබැයි සයිබරයේ එවන්නකදී වැරැද්ද පෙන්වා දෙන්නට බොහෝ අය සිටිති.එය බලන්නට ලොවටම පුළුවන.
එසේම සයිබරයේ සංවාද නිසා දේශපාලන මතය සකස් වීම සිදුවේ.මේ බුද්ධිමය සංවාද නිසා මටහ් ගැටුම් සිදුවී ඉතා හොඳ අවුට් පුට් එකක එළියට එයි.

සයිබරයේ අපි රන්ඩු කරමු.නමුත් ඒ හැම රන්ඩුවකින්ම අපේ හිතවත්කම තව තවත් දලුලා වැඩේ.

සමාජ ජාල අඩවි වලින් එකිනෙකා හදුනා ගෙන විවාහ වූ අයද සුළුපටු නැත.

ගල්වැද්දන් හා කුහකයන් කොයි තරම් උඩ බිරුවත් තාක්ෂනයේ වීරෝදාර ගමන වලක්වන්නට කාටවත්ම බැරිය.නුදුරු අනාගටහ්යේදීම සියල්ලන්ටම ඉන්ටනෙට් ලැබී අපේ ලෝකය ඩිජිටල් ලෝකයක් බවට පත් වේ.එදාට ජාති කුල ආගම් බේද අහෝසි වී එකම මානව සහෝදරත්වයකින් වෙලී යනු ඇත.රට රටවල් අතර භූගෝලීය බේද පවා අහෝසි වනු ඇත.සීමාව ඉක්මවා සර්ව ශුබවාදී වෙනවා නොවේ.

ඇත්තටම වෙන්නේ එයයි.මේ චින්තන විප්ලවය මානව සංතානයටම කිදාබසී.තාක්ෂනයෙන් සියලු විශමතා අහෝසි වේ.

අනාගතයේදී සන්නිවේදනයේ විශාල පෙරලියක් සිදුවේ.60 ට වැඩි අයට තවමත් පත්තරේ පෙරලගෙන බලන්නට ඕනෑය.ඒකෙත් එක ආතල් එකක් ඇත.එහෙත් නිව්ස්වීක් සඟරාවට හිමිවූ ඉරනම සියළුම මාධ්‍ය දැවැන්තයන්ට හිමි වනු  ඇත.
බුකියට හා බ්ලොගියට අකමැති අය ඇත්තටම කැමති නැත්තේ එහි ප්‍රජාතන්ත්‍රවාදයටය.දුප්පතෙකුට වුනත් බුකියේ හෝ බ්ලොගියේ තම මතය ප්‍රකාශ කළ හැක.ලංකාවේ තවම බුකියේ හෝ බ්ලොගියේ මතවාද සැබෑ සමාජය නියෝජනය නොකරයි.එහෙත් 2020 වන විට බුකිය හා බ්ලොගිය යනු සමාජයම වනු ඇත.මේ උපරිම ගනන් බැලීමකි.ඇමරිකානු සමාගමක් ලොව සියල්ලන්ටම ඉන්ටනෙට් ලැබෙන උතුම් කටයුත්තකට මුල පුරා ඇත.ඒකටත් ගල්වැද්දෝ උදැල්ල දමති.උන් හෙන කෝටි පතියො වෙනව.මාක් සුකර්බර්ග් ට්‍රිලියන පතියෙක් යැයි කියති.මේ අතර හිනා යන යෝජනාද ඇත.අපේම බුකියක් එම යෝජනාවයි.අපේම වැඩවසම් ගල්වැදි බුකියක් යන්න එහි තේමාවයි.

බුකිය හා බ්ලොගිය තුල ලාංකිකයා බටහිර වටිනාකම් භුක්ති විදියි.බටහිර විරෝධියෙකු පවා නිදහස් ප්‍රකාශනයේ බටහිර වටිනාකම් අගය කරයි.බුකියට අකමැති අය ඇත්තටම අකමැති මේ නිදහසටයි.දේශීයත්වය,ජාතිකතව්ය හා බටහිර විරෝධය හෝ සුද්දො කෝටිපතියො වනවායැයි කියමින් මේ වංචනිකයන් ලංකාව වැඩවසම් අන්ධකාරයට දක්කති.

ඇත්තටම මාක් ශුකර්බර්ග්,බිල් ගේට්ස් වැනි මහත්වරුන්ට ලැබෙන මේ මුදල් මදිය.තවත් වැඩි වැඩියෙන් ලැබේවායයි ප්‍රාර්ථනා කළ යුතුය.එසේම ඇන්ඩ්‍රොයිඩ් වලින් අපි ගැන ඔත්තු බලනවාලු.අනේ ඔහෙ බලපුවාවෙ.මොකද අපි හොර වැඩකරනවායැ.මම නම් කියන්නෙ අපිව ඕන තරම් මොනිටර් කරන්න කියල.

අනාගතයේදී තාක්ෂනයෙන් මිනිසාට පුදුමාකාර ආරක්ෂාවක් ලැබේ.බස්වල පවා   සවිකිරීමෙන් විපුල පල ලැබේ.බස් වල කාන්තා හිංසනයද වළකී.අපරාධ වැනි දේවල් ඉතිහාසයට එක් වනු ඇත.හැමෝටම යහපත අත් වනු ඇත.ඉරිසියාකාරයන් ටික දෙනෙක් නියව නියවා සිටිනු ඇත

48 comments:

  1. ඔන්න එහෙනම් අදනම් මම එක හොදේ සිරාවටම ඔය කියපු කතාවට කටේ මසුරන් දාන්න ඔනේ යකා ප්‍රජාතන්ත්‍රවාදයා ඉතා විශාල ලෙස ආරෂා වෙලා තියෙන තැනක් තමා බුකිය හා බ්ලොග් කියන්නේ

    ReplyDelete
    Replies
    1. බුකිය සහ බ්ලොගිය ඇරෙන්න ඔය කිසිම මාධ්‍ය ආයතනයක ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ.හැබයි බුකිය නම් අපේ රටේ භාවිතා වෙන්නෙ කෙල්ලන්ගෙ රෙද්ද පොඩ්ඩක් එහා මෙහා වුනහම ඒක ශෙයාකරන්න මිසක් වැදගත් වැඩකට නොවෙයි.හැබැයි බුකියට බ්ලොගියට යන හැමෝම අපි බුකියෙ බ්ලොගියෙ භුක්ති විදින අයිතිවාසිකම් හා නිදහස ගැන දැනුවත් වෙන්න ඕන.
      බුකියෙ වැරදි ඇති.ජාතිවාදය ආගම්වාදය අවුස්සනව අපි දැක්ක.ඉතින් අපි ප්‍රොෆයිල්,පේජ් හදාගෙන් ඒවට එරෙහි වෙමු.එච්චරනෙ.සමහරු කපටි හිනාවක් දාගෙන මේක අපේ සංස්කෘතියට ගැලපෙන්නෙ නෑ.ශුකර්බර්ග් මාමා බ්ලි ගේට්ස් මාමා කෝටි ගනන් හොයනව.අපට හවසට සීනිබෝලකන්න තියන සල්ලි ඒ. තානම් කළමු නේද පැටියෝ කීනව.

      ඉරානයෙ චීනයෙ වගෙ අපේම ඒව හදා ගත්තොත් ඒව දැන් තිබෙන පත්තර ටීවී වලට වඩා වෙනස් වෙන්නෙ නෑ.වැඩවසම් දුර්ගන්ධය වහනය වෙනව.බටහිර නිදහස අපිට භුක්ති විදින්න ඕන.අපට කරන මෙහෙය වෙනුවෙන් ඒ මාමිලාට නැන්දිලාට තව තව වඩිවැඩියෙන් ලබෙන්න ඕන. අපි ගැන ඔත්තුත් බලනවලු .අනෙ අම්මෝ හරි නරකයි මාක් ශුකර්බර්ග්ල නේද? හරි නරකයිනේ.සී නිව්ස් මාමිල වගෙ නෑ හෙහෙ හෙහෙ

      Delete
    2. ඔව් යකා , අපේ රටේ වැඩිපුරම fb එකෙන් කෙරෙන්නේ ඒ වගේ දේවල් විතරයි.. අපරාදේ මේ රටවල වල fb එක කියන්නේ සෑහෙන්න ප්‍රයෝජනවත් තැනක්..පාර්ලිමේන්තුවට පවා වෙනම ප්‍රොෆයිල් එකක් තියෙනවා ඒ වගේම ලොකු කම්පනියේ ඉදලා පුංචි කඩයක් කරන කෙනාගේ වෙනකල් fb ප්ප්‍රොෆයිල් එක හරහා තොරතුරු දෙනවා..මං නිවුස් වලට දකිනවා සති 2,3 කට සැරයක් මාර්ක් සර්කස් කාරයා එක්ක සාකච්චා පවත්වනවා රජයේ මැදිහත් වීමේන් fb හරහා අලුත් ෆැසිලිටිස් එකතු කරන්න ..හැම ප්‍රුව්ර්ති විකාශය්කමට පස්සේ කියනවා අපේ ෆේස්බුක් පිටුවෙන් වැඩි විස්තර දැනගන්න කියලා පිට්සා ඕඩර් කරන්න පවා පුළුවන් ..

      Delete
    3. ලංකාවෙ ඔන් ලයින් කෑම ඕඩර් කරන්න බැරිද....?

      Delete
    4. මට කතන්දරයක් මතක් වෙනව .මේක ඇත්ත සිද්ධියක්.ඔන්න අපේ ගමේ හිටිය එක් පවුලක් ,මේ පවුලෙ මිනිහ දේවාලයක් කරනව.ඉතින් යාතිකා කරනව හැන්දෑවට.ඒ මිනිහගෙ තාත්ත ආවම නැගිටල කතා කරන්නෙ එහෙම නෑ මොකද දෙවියන්ට ආවතේව කරන කොට තාත්ත ආවත් කතා බහ කරන එක දෙවියන්ට අපහාසයක් කියල.ඒ තරම් පේ වෙලා බිය ඇතිව කරනව.
      ඔය මිනිහගෙ ගෑනි මිනිහ දැනුවත්වම ගමේ පොහොසත් මිනිහෙකුට දෙනව.ඒ පොහොසත් මිනිහ නිතරම ඔය ගෙදරට එනව.දවසක් ඔය මිනිහගෙ තාත්ත ආව.මිනිහ හැරිලවත් බලන්නෙ නැතිව දේව කන්නලවු කරනව.එතකොටම අර පොහොසත් මිනිහ ආව.අර මිනිහ දේව කන්නලවුව පැත්තකින් තියල අර පොහොසත් මිනිහ එක්ක කතාවට වැටුන්න.තාත්ත ඇහුව ඈ බන් උඹ ඔච්චර පේ වෙලී දෙවියන්ට කන්නලවු කරද්දි .................මහත්තය ආපුවම ඒක නැවැත්තුවෙ ඇයි කියල.දීපු උත්තරේ දන්නවද? ...............මහත්තය දෙවියන්ටත් වඩා වටිනව කියල.

      ඒ වගෙයි.අපි රටට ආදරෙයි.හැබැයි බුකියට ඊට වැඩිය ආදරෙයි හෙහෙ හෙහෙ.

      Delete
    5. හරියට හරි සහෝදරයා.නොපැකිලව අදහස් ඉදිරිපත් කරන්න ඉන්ටර්නෙට් හරහා ලොකු අවස්ථාවක් අපි කාටත් ලැබෙනව. මේ තත්වය පත්තර වගේ මාධ්‍ය වල නෑ.

      Delete
  2. ෆේස්බුක් ගැන කියවනව නම් සකර්බර්ග් ඒක හැදුවෙ අපේ උන්ට එල්ලිලා මැරෙන්න නෙමේය... එෆ්.බී ගැන එක එක මාධ්‍ය වලින් දොඩවන මගුල් යන්නේ රබර් නාට්ටි බලන උන්නේ මොළවලටය.... උන්ට මොළයක් නැති හින්දා වෙන විනාසය අති මහත්ය... ඒවා ගැන කතා කරන එක ගොං කමක්ය... උන් ගැනත් බය වෙන්න ඕනෑය හැබැයි යම්බ තරමකටය... මන්ද යත් යම් තරමක බුද්ධිමතුන් පිරිසක් මේ පිසිසන්ට ඕන කුදයක් ගහගන්නැයි මධ්‍යස්ත මතයේ ඉන්නා බැවිනි...

    තාක්ෂණය නේ......
    යකා ඔයා ජෝර්ජ් ඕවල් ගෙ 1948 කියන ප්‍රබන්ධය කියවලා තියෙනවද....? අද වෙනකොට හුගක් අය ඒකෙ තියෙන බොහෝ කරුණු සිද්ධ වෙන බවට මත ප්‍රකාශ කරල තියෙනව... ඔය පර්සනල් ස්පයි කේස් එකත් එවැන්නක්

    ReplyDelete
    Replies
    1. ඔය මගුලෙ ටී වී වල බලන්න දෙයක් තිබෙනවද?එකම ෆෝමැට් එකට හදපු ගූ ගොඩවල්නෙ.ඕව බලපුවම මැටි මෝල්ලු බිහි වෙනව.බුකිය ඉස්සරහට නැගල එයි.විද්වතුන් බුකියට එයි.හරවත් සංවාද යයි. මාධ්‍යවේදීන්ට අරක්කු පාටි දීම මතම නිර්මානය වෙලා තිබෙන ගුරු කුල වෙනුවට හැම විශයකම සංවාද මන්ඩප බිහි වේවි.දහසක් මත ගැටේවි.දහසක් මල් පිපේවි. හැම දෙයක්ම සුන්දර වේවි.ඒ සුන්දර ලෝකය අපට උදා වේවි.

      උන්ගෙ රබර් නාට්ටි බලන එවුන් ඊලඟට පුන්නක්කු මානසිකත්වයට පල්ලම් බහින බව උන් දන්නවා.

      මොකද මම කියවල නත්තෙ යාළුෙවි.ජෝජ් ඕවල් මම අදහන චරිතයක් කිව්වොත් හරි.හරිම සුන්දර මිනිහෙක්.ආදරණීයයෙකුගෙ නම මතක් කළාම මටත් ඔහු ගැන නොකියාම බෑ.ඔහු බුරුමයේ පොලිස් නිළධාරියෙක් ලෙස සේවය කළ කාලයේ අත්දැකීම් මා කියෙව්වෙ හරි ආසාවෙන්.ඒව කියවද්දි මැවුන චිත්ත රූප වල බලපෑම දැනටත් තිබෙනව.

      කාලයක් කවුරුහරි මගෙන් ඇහුවොත් කියවපු හොඳම පොත මොකක්ද කියල මම ගත් කටටම කියන්නෙ ජෝජ් ඕවල්ගෙ ඇනිමල් ෆාම් කියල.ඔහුගෙ ඉදිරිපත්කිරීම් නම් චමත්කාරජනකයි.ඔහු තාක්ෂනය ගැන කළ අනාවැකි ඉටුවෙමින් තිබෙනවා තමයි.එහි අනිසි බලපෑමුත් නැතිවා නොවෙයි.ඒත් මොන දේ වුනත් දැන් තිබෙන සීමා මායිම් වලට වඩා ඒවා හොඳයි.

      කොහොමටත් තාක්ෂනය නරක නෑ.ඒවා භාවිතා කරන අයයි නරක.

      Delete
    2. මචෝ....1984 නේද??ලොකු සහෝදරයා ඔබ දෙස බලා සිටී...

      Delete
    3. මේ ජෝර්ජ් ඔර්වෙල් කාලයක් පදිංචිව හිටි නිවස සහ වැඩ කරපු පොත් සාප්පුව මට යාළුවෙක් දවසක් පෙන්නුවා ලන්ඩනයේදී. මට මේක කියවන කොට ඒක මතක්වුනා. ඇනිමල් ෆාම් කියවන්න ඕන හොයාගෙන.

      Delete
    4. arugeadaviyaMarch 1, 2014 at 5:20 AM @

      ඇනිමල් ෆාම් ඕනම කෙනෙක් කියවන්න ඕන පොතක්.අසීමිත බලය එක් රැස් වීමෙන් එය විකෘති වන හැටි එහි ලස්සනට නිර්මාණශීලීව පෙන්වා දී තිබෙනවා. ජෝජ් ඕවල් වගෙ අයගෙ නිවෙස් වැනි සිහිවටන දකින්න ලැබෙනවනම් ඒක වාසනාවක්.ඔහු සැබෑ ජීවිතයේදීත් ශ්‍රේෂ්ට මානව හිතවාදියෙක්ලු.

      ජෝජ් ඕවල් ගැන කියද්දි මට මතක් වෙනව ඔහු බුරුමයේ සේවය කරන කාලයේ දකින්නට ලැබුන එල්ලා මැරීමක් ගැන විස්තරයක්.ඔහු ඒ අශිෂ්ට ක්‍රියාව කලාත්මකව විස්තර කරනව.මට ඒ කතාව මතක් වුනේ මොකද දන්නවද? අපි දැයට කිරුළ බලන්න ගියානෙ.එතන තිබුන එල්ලුම් ගහක්.ඒක ප්‍රදර්ශ්නය කරල ඊට පස්සෙ ඒ ගැන අදහස් ලියන්න තිබුන. 80 % ක් 90 % ක් එල්ලුම් ගහ අනුමත කළා කියන්නෙ සම්පූර්න ඇත්ත.සී ආර් පොතක් තිබුනෙ අදහස් දක්වන්න පිටු දෙක තුනකම මම විතරයි එල්ලුම් ගහට විරුද්ධව අදහස් දක්වල තිබුනෙ. කට්ටිය එල්ලන එකට ආස වෙලා රහ කර කර ලියල.

      එල්ලා මැරීම ගැන වික්ටර් හියුගෝ ත් ලස්සනට ලියල තිබුනා.

      Delete
  3. මොකද කියනවනම් ඕනෙ කෙනෙකුට තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න පුලුවන් වගේම ඔනේ කෙනෙකුට ඒ පිලිබද අදහස් දක්වන්න නිදහස තියෙනවා නොවැ ඒකනෙ ඇනෝලත් රජ කරන්නෙ නේද? ඇත්තටම සමාජයේ මීට වඩා තැනක් බ්ලොග් තුලට ලැබෙන්න ඕනෙ කියලා මාත් පිලිගන්නවා වටිනා අදහස් ටිකක් සහෝ

    ReplyDelete
    Replies
    1. මෙතන තමයි සුපිරි ප්‍රජාතන්ත්‍රවාදෙ.ඇනෝ ඇවිත් මට බනින්න පුළුවන්.එහෙම බනින කොටත් ඇනෝ බ්ලොක් කරන්නෙ නැහැ.වෙන කෙනෙකුගෙ බ්ලොග් එකකට ගිහින් මම අදහස් දක්වනව.එතන සංවාදෙ යනව.ඒත් මදිනෙ මම පොස්ට් එකක් දානව.අන්න නියම නිදහස.ශුකර්බර්ග්ල බිල් ගේට්ස්ල සල්ලි හම්බ කරන්නෙ මුලු මානව සංහතියටම සේවය කරලයි.ඒ කෙළෙහි ගුනේ තියන්න ඕන.බයක් නැතිව පාරෙ යන එකට කෙළෙහි ගුනේ තියනව වගේම බුකිය ,බ්ලොගිය කරන මහත්වරුන්ටත් කෙළෙහිගුඅන් තියන්න ඕන.

      ඉස්සරහට බුකිය බ්ලොගිය දෙකම මීට වඩා ඇඩ්වාන්ස් වෙනව.තවම අපේ රටට මේව අලුත්.අපට චීන හෝ ඉරාන් කාරය වගෙ ඉන්න නොවෙයි මනුස්සයො වගෙ ඉන්නයි ඕන.

      Delete
    2. අනිවාර්යෙන්ම අපේ කලාවකට අපේ ආරකට මේවාම යූස් කලාම හෙනගහනවයැ

      Delete
  4. අපි කරන්න ඕන ලැබුන නිදහසෙන් උපරිම ප්‍රයෝජනය ගන්න එක.. ගොබ්බ කාළකන්නි හදන්න අපිට බෑ.. උන් හැදෙන්නෙත් නෑ.. ගොබ්බ කියමනක් තියෙනවා.. ජනතාවගේ විදියටලු නායකයෝ ලැබෙන්නේ.. මම ඒ කියමන කීයටවත් පිලිගන්නේ නෑ.. නායකයෝ විදියට තමයි ජනතාව හැඩ ගැහෙන්නේ.. අද මගේ පෝස්ට් එකට ලැබුන කොමෙන්ට්ස් කියවලා බලන්න.. ගොඩක් දෙනා කියන්නේ ඒ කතාව..

    ReplyDelete
    Replies
    1. මම කොහොමටත් දවසට දෙතුන් සැරයක් ඔබේ පෝස්ට් වල කොමෙන්ට් කියවනව හෙහෙ හෙහෙ.

      අපි හැමෝම අවබෝධකර ගන්න ඕන මේ මාධ්‍ය වල වටිනාකම.මෙහෙම නිදහසක් මානව සංහතියම කවදාවත් භුක්ති විදල නෑ.කට්ට කපටි වෙට්ට පිත්තල තක්කඩි දේශපාලකයො තමයි ඔක්කොම අවුල් කරන්නෙ.

      Delete
  5. මම අදත් අපේ වැඩිහිටියෙක් එක්ක පැය ගානක් තර්ක කළා මේ ගැන.ඒත් ඔහු ඉන්නෙම බුකිය තහනම් කළ යුතුයි කියන තැන.කොහොමවත් මතය වෙනස් කරන්න බෑ.හ්ම්..බුකියටත් වඩා බ්ලොග් ලෝකෙ හරිම නිදහස්.සාර්ථකයි.මේක බහුතරය අතට යාවි තව ඉස්සරහට

    ReplyDelete
    Replies
    1. ඔබ වැඩිහිටියෙක් එක්ක තර්ක කළා.පෙරේද ඒ කියන්නෙ අගහරුවාද බස් එකේ ගෙදර එන කොට මම මටත් වඩා අවුරුදු දෙක තුනක් බාල තරුණ අයි ටී ලෙක්චරර් කෙනෙක් එක්ක වාද කළා.තව පොඩ්ඩෙන් මට බහින තැනත් අමතක වෙනව හෙහෙ හෙහෙ.ඌ කියන්නෙම තහනම් කරන්න කියලනෙ.ඒ නිසයි බුකියෙ බ්ලොගියෙ හැමෝම මේ වගෙ වැදගත්කම තේරුම් ගන්න ඕන කියන්නෙ.

      ලංකාව ගල් යුගයට යයිද මන්ද.වෙන රටවල් වල මිනිස්සු පරිනාමය වේවි.අපි රජකතා යෝධයන්ගෙ කතා දේව කතා අහ අහ ඉන්නයි වෙන්නෙ.අපට නව දැනුම අවශ්‍යයි.ඉස්සරහට යන්න අවශ්‍යයි.

      හැබැයි මම ඉදිරියෙදි වාදෙට යන්නෙ නෑ.කවුරුහරි කිව්වොත් තහනම් කරන්න ඕන කියල.මම කියනව ඇත්ත තමයි අපට බලන්න සිළුමින තිබෙනව,ජාතික අයිටී එන් තිබෙනව.ඒ මදිනම් සී නිව්සුත් තියෙන්නෙ.වෙන ඒව බලපුවම අපි නොමඟ යනවනෙ කියල.

      Delete
  6. අපේ කියන හැම දෙයක්ම ගල්වැදි, වැඩවසම්, ගෝත්‍රික දේවල්යැයි පුන පුන කියන ‍රැල්ලක් හමා යනවා. මුව හමට තඩි බානවා වගේ කට්ටියක් උඩ පැන පැන ඒකට තලනවා. යකත් ඒක නියමෙට කරලා තියනවා. ජය !

    මේ ලිපියත් බොහොම වෛරය එකතු කරලා තමා ලියලා තියෙන්නෙ. දරුණු විදිහට ඒක පාර්ශවිකයි. මේකට එරෙහිව අදහස් දක්වන හෑමෝම වැඩවසම්, ගල්වැදි, ගෝත්‍රික ලේබලේ ගහ ගන්න බලාගෙන ඒක කරන්න ඕනා.

    තාක්ශනේ වැලඳ ගන්න එක හොඳයි. හැබැයි ඒක සිහි බුද්දියෙන් කරන්න ඕනා.මටනම් ෆේස්බුක් කියන්නෙ මහා ආශ්චර්යයක් නෙමේ. එකෙන් හිතවතුන් එකතු වෙලා අදහස් හුව මාරු කරගන්නවට වැඩිය දෙයක් වෙනවද කියලා මට සැකයි. මම ඒ ගැන ඇත්තටම දන්නේ නෑ පාවිච්චියක් නැති නිසා. හැබැයි බ්ලොග් වලින්නම් ලොකු සේවයක් වෙනවා. එක ඉස්සරහට මුද්‍රිත මාධ්‍යයේ තැන ගන්න බවට සකයක් නෑ.

    ReplyDelete
    Replies
    1. මම අපේ කමට ආදරය කරන කෙනෙක්.ඒ වගේම ආන්ඩුවටත් ආදරෙයි හෙහෙ හෙහෙ.රටට එරෙහි විජාතික ක්‍රියාකාරකම් ගැන අවබෝධෙන් ඉන්නෙ.ඒක හරි හැබැයි ඒ වගේම බුකියටත් ආදරෙයි බ්ලොගියටත් ආදරෙයි.

      මම කැමතියි මට බනිනවට.හිතා මතා නම් වෛරය එක් කළේ නෑ.කිරල මැනල පත අට එකට සිදල ගනිද්දි මාත්‍රාව පොඩ්ඩක් වැඩි වුනාද මන්ද?

      විශ්වාස කරන්න .මම බුකියෙ සාමාජිකයෙක් නොවෙයි.ඒකෙ පුංචි අකුරු වලින් කරන සංවාද මට අල්ලන්නෙ නෑ.මට හුරු නැති නිසාද මන්ද.

      මේව මචන් තවම අපට අලුත්නෙ .පහුවෙනකොට හරි යයි.උපන් ගමන් ඇවිදින්න බෑනෙ.දැන් නම් එච්චර වැඩක් නෑ තමයි.හැබැයි තව අවුරුදු හතර පහකින් ලොකු වෙනසක් වෙයි.

      ඉස්සරහට බ්ලොග් වාගෙ තව අලුත් දේවල් එන්නත් පුළුවන්.කොහොමටත් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වලට තිබෙන අධිකාරී බලය නැතිවෙනවා.හෙට එච්චර කලුවර නෑ.

      Delete
  7. විකුණන්න පුලුවන් නං ඕනෑම දෙයක් විකුනන මාධ්‍යයන් වලින් මෙයිට වඩා වැදගත් දේ බලාපොරොත්තු විය නොහැක.
    ලංකාවේ වැඩිපුරම ඉන්නේ කොරහේ කිඹුලන් දකිනා සහ මවනා ගොබිලන්ය. උන්ට FB සහ බ්ලොග් වලින් කෙරෙනා දේ කුමක් උවත් ඒවා තමන්ගේ දේශපාලන ගමන් පථයට ගැලෙපෙන ලෙස සකස්කර පහර දෙනවාය. ඒව්වා සියල්ල දේශපාලන ගේම්ය. (අද නරකයයි කියන උන්ට මේවා හෙට හොද වන්නට පුළුවන)

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. එක් කෙනෙක් කියනව මාක් ශුකර්බර්ග්ල බිල් ගේට්ස්ල මේව කරන්නෙ අපට ආදරේට නොවෙයිලු.අනේ අපේ දේශපාලකයො අපට ආදරේනෙ.ඒ මහත්වරු ලොකු සේවයක් කරලනෙ මුදල් සොයන්නෙ.අපෙන් චන්ද ගන්න දේසපාලුවො හොරා කන්නෙ මොනව කරලද? මේක මේ වෘකයො කුකුල්ලුන්ට පරිස්සන්වෙන්න කියනව වගෙ වැඩනෙ.

      ලෝකය කරකෙන එක වලක්වන්න ඔය මොකෙකුටවත් බෑ.චීන මොකක් හරි පිස්සුවක් කෙළල ලෝක යුද්ධයක් ආවෙ නැත්නම් මිනිස් වර්ගයා තාක්ෂනිකව ලොකු පිම්මක් පනිනවා.ඒ වගේම චින්තනමය වශයෙන් පරිනාමය වෙනව.හැම පැත්තකින්ම ලොකු දියුණුවක් ලබනව.

      Delete
  8. ලෝකය කුඩාය. අපි එහි පුංචි දෙයක් ලබන්නෝ වෙමු. අනාගතය ඔබ කියනාකාර වනවා නොඅනුමානය. අනාගත මාධ්‍යෙය් නිම්වළලු නොමැත. ඒ බැව් දැන දැනත් දැනට මා මගේ අඩවියේ කරනා ඉල්ලීම කුණහරුප නොකියන ලෙසයි. ඒ තවමත් මා බිඳන් යන්නට කැමැති වුවත් එයිට අකැමැති පිරිසක් ඇති බැවිනි. අතිතය සිහිනයක් පමණයි යකා. අනාගතයට හැඩගැසෙමු. පරපුර හැඩ ගස්වමු. එයයි අපේ මුඛ්‍ය පරමාර්ථය විය යුත්තේ.

    ReplyDelete
    Replies
    1. +++++++++++++++++++++++++++++++++++++++++
      මේ නිම්වලලු නැති සුන්දර ඒ වගේම ආදරණීය අවකාශයෙ අපිට ඉගිල්ලෙන්න පුළුවන්.දැනුම හා සතුට දෝරෙ යනව. මිනිස්කම උතුරනව.
      ඔවු කුණුහරප කියන කුණුහරප කොමෙන්ට් දාන අය ඉන්නවා.ඒ අය තවම මානසිකව පරිණාමය නොවුන අය.ඒ අය දිහා බලන්න ඕන මන්ද මානසික ( මොන්ගල් ) ළමයි දිහා බලන විදියටයි.

      අතීතයට අපි ආදරෙයි .ඒත් අපට අතීතයේ රැදෙන්න බෑ.ගල් යුගයේ ජීවත් වූ අපේ මුතුන් මිත්තන් අපි සිහිකරනවා.අපි ඔවුන්ට ගරු කරනවා.ඒ කියන්නෙ අපි ගල් යුගයට ආයෙ යන්න ආසයි කියන එක නොවෙයි.අපි විද්‍යාවේ තාක්ෂණයේ හාස්කම් එක්ක ඉස්සරහට යන්නයි ආස කරන්නෙ.

      Delete
  9. අපේ ලොක්ක මේකට හොඳ උත්තරයක් දීල තිබ්බ.
    ____________දුලා

    ReplyDelete
  10. කියන්න දෙයක් ඉතිරි කරන්නෙ නැතිව ලියවිල්ල සුපිරි.
    ගෝත්‍රික අදහස් තියෙන නායකයන් ඉන්න රටක තව මොන කතා ද යකෝ.....

    ReplyDelete
    Replies
    1. මාක් ශුකර්බර්ග්ල අපට ආදරේට නොවෙයි ෆේස්බුක් එක කරන්නෙ කියන එක මම අහගෙන එක තක්කඩියෙක් යටි ගිරියෙන් කෑගහල කියනව.අපට ආදරෙයි කියල අපෙන් චන්ද ගත්ත තක්කඩියො හොරා කන විදියට මාක් ශුකර්බර්ග්ල අපට සේවයක් සලසල වෙළද දැන්වීම් වලින් ලාබ උපයන එක කොයි තරම් ශ්‍රේෂ්ටද?

      නායකයො විතරක් නොවෙයි මිනිස්සුන්ගෙන් නිරතුරුවම වැදුම් පිදුම් නමස්කාරයන් බලාපොරොත්තුවන මුල්ලාවරුත් මේකට කැමති නෑ.විවිධ ගුරුකුක අටව ගත්ත එවුනුත් එහෙමයි.ඒ මොකවත් නැතත් සාමාන්‍ය ජනතාවත් ඉන්නව මේව තහනම් කිරන්න ඕන කියන මානසිකත්වයෙ ඉන්න අය.රාජසිංහ රජ්ජුරුවන්ගෙ කාලෙ ෆේස්බුක් තිබුනද අපේ මුතුන් මිත්තො කාල ඇදල හිටියෙ නැද්ද කියල අහන අය ඉන්නව.ඒ මිනිස්සු හිටපු විදිය දැනගන්න රොබර්ට් නොක්ස්ගෙ එදා හෙළ දිව කියවන්න ඕන.මිනිස්සු නොවෙයි බලු ගැත්තො ඉදල තියෙන්නෙ තිරිසන්නුන්ටත් හුගක් පහලින්.

      Delete
  11. බුකියෙයි බ්ලොග් එකෙක් අඩු ගානේ මනුස්සයෙක්ට නිදහසේ තමන්ගේ අදහසක් කියන්න පුළුවන් එකම තැන වෙලා තියෙන්නේ අද.. අනිත් තැන් එහෙමද? නැහැනේ.. එහෙවු එකේ මේවා නැති වුනොත් කොහොම හිටීවිද..

    ReplyDelete
    Replies
    1. ජනතාව මේ වෙනකම්ම හිටියෙ ප්‍රේක්ෂකයො විදියට.මුද්‍රිත විද්‍යුත් මාධ්‍යකාරයො කියන කරන දේ අහන් ඉන්නව.දැන් එහෙම ඕන නෑ.අනික ඔය හැම මාධ්‍යයක්ම අපට බ්‍රේන්වොශ් කරනව මිස අපේ ලිපියක්වත් පලකරගන්න බෑ.උන්ගෙ බලු ප්‍රමිති වලට යට වෙන්නෙ ඕන.

      Delete
  12. ෆේස්බුක්,ට්විටර්,වට්ස්අප්,ඉන්ස්ටග්‍රම් වගේ දේවලින් මේ රටවල ගන්න ප්‍රයෝජන දැක්කාම අපි මොන තරම් පිටිපස්සෙන්ද ඉන්නේ කියලා හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. මොනම ප්‍රයෝජනවත් දෙයක්වත් අපි කරන්නෙ නැහැ.කරන එකම දේ කෙල්ලෙකුගෙ ගවුම එහා මෙහා වෙලා තිබුනම ඒක ශෙයා කරනවා,ඒකට ලයික් දානව,කොමෙන්ට් දානව වගෙ වැඩනෙ කරන්නෙ.ඉතින් ඒ වගෙ භාවිතයක් තිබෙන එකේ ඕව ආන්ඩුවට තර්ජනයක් නොවෙයි.

      හැබැයි මේවගෙන් ගන්න තිබෙන ප්‍රයෝජන එමටයි.අර වගෙ දේවල් වලට විතරක් මේව යොදා ගන්නව කියන්නෙ මේව සොයාගත්ත උතුම් මිනිස්සුන්ටත් එක්ක නිග්‍රහයක්.

      Delete
    2. විද්‍යාවෙ දියුණුව හරි පුදුමයි මිත්‍රයා.මේව තහනම් කළොත් ලංකාවත් උතුරු කොරියාව වගෙ ගල් වැද්දන්ගෙ රටක් වෙයි.හැබැයි ලෝකෙ වේගෙන් ඉස්සරහට යයි.එහෙම වුනොත් අපිටත් පුළු පුළුවන් හැටියකට රටින් පැනගන්න තමයි වෙන්නෙ

      Delete
  13. ඕක භාවිතා කරන එකාගේ වරද මිස හදපු එකාගේ නෙමෙයි නේ.. එහෙනං අපිට නොබෙල් අරමුදලක් කොයින්ද වෙලාවකට බැලුවොත්.

    ReplyDelete
    Replies
    1. ඔවු ඉතින් ඕනම දෙයක් ඔය විදියට ඕනම අතකට භාවිතා කරන්න පුළුවන්නේ.

      Delete
  14. බොරු වැඩ තාක්ෂනය කියන දේ තහනම් කරන්න බැහැ.ගැලරිය පිනවන්න කියන කතා ඕවා.

    ReplyDelete
    Replies
    1. ප්‍රායෝගික නැති බව ඇත්ත. ඒත් ගොනා හැරෙන්නෙ පොල් පැල කීපයක්ම කන්න බව පේන නිසා අවදියෙන් හිටියොත් තමා හොඳ.බෙර සද්දෙ දිහා බලනකොට පෙරහැර එන්න තියෙන ඉඩ වැඩියි.

      Delete

  15. මෙන්න දැන් ලැබුන ප්‍රවෘත්තියක්. මීට සුළු මොහොතකට පෙර බුකියට යකා වැහුන බව වාර්තා වී තිබේ.දැන් මාධ්‍යවේදීන් එම ස්ථානයට පැමිනෙමින් සිටිනවා.එහි ලින්ක් එක

    https://www.facebook.com/yaka.mamayaka

    ReplyDelete
    Replies
    1. ඔය වගේ ෆේක් ප්‍රොෆයිල් වලින් තමා සමාජයට වැඩිම හානියක් වෙන්නේ. ෆේස් බුක් සංකල්පය ගෙනාපු අයගෙ අරමුණ පිරිස් එහි ඇත්තනමින් සංසරණය වෙනවා දැකීම මිස ෆේක් ප්‍රොෆයිල් භාවිතා කරකිරීම නොවේ. තමාගෙ නියම අනන්‍යතාවයෙන් ඉන්න කෙනෙක් වෙන කෙනෙකුව රවටන්න උත්සහා කරන්නේ බොහොම කලාතුරකින්.

      Delete
    2. නෑ යාළුව මේක ෆේක් වුනාට යකාගෙ අඩවිය බ්ලොග් එකත් එක්ක සමාන්තරව යන්නෙ.බ්ලොග් එක ජනප්‍රිය කරවන එක තමයි මේකෙ අරමුණ.තව දෙයක් යකාත් ඉතින් ෆේක් නොවෙයිනෙ.කිසියම් අනන්‍යතාවයක් ඇතිවනෙ යන්නෙ.ඉදිරියෙදි බුකියට ඉමේජස් අප්ලෝඩ් කරනකොට ෆේක් ගති ෆේඩ් වෙලා යයි.

      Delete
  16. Replies
    1. උඹේ බ්ලොග් එකට නමක් තිබුනෙම නැද්ද බන් .හෙහෙ හෙහෙ.අරිසෙන් අහුබුදුද ඔය නම දැම්මෙ.මම දැකල තිබුන උඹේ කොමෙන්ට්.ඔය නම දකිද්දි උත්තර දෙන්නෙ හිතෙන්නෙ නෑ බන්.දේශකයත් කියල තිබ්බෙ නම දකින කොට කියවන්න හිතෙන්නෙ නැති බ්ලොග් ගැන.

      කමක් නෑ උබේ කැමැත්තනෙ.උඹේ ගමන උබ පලයන් උබේ පාඩුවේ හෙහෙ හෙහෙ - මීට යකා

      Delete
  17. අන්තර්ජාල භාවිතය පිළිබඳව අද ඉන්න වැඩිහිටි පරපුරෙන් බහුතරය මොකවත්ම දන්නේ නැහැනේ. අන්න ඒ අයගේ දැණුම දියුණු කරන්න පිළිවෙලක් තියනවනම් බොහොම හොඳයි. හැබැයි සාක්ෂරතාවෙන් පහල අය එතෙන්දි නිකන්ම ඉවත් වෙනවා. ඒ අයම තමයි ඊළඟට අනවබෝධයෙන් කෑගහන්නේ. මම හොඳින්ම දන්නවා සමහර විදුහල්පති වරු, ආගමික නායකයෝ, හිතාගෙන ඉන්නේ පරිගණකය යනු විදුලියෙන් ක්‍රියාකරන ටයිප්රයිටරයකි කියලයි.

    ReplyDelete
    Replies
    1. සාක්ෂරතාවය නම් 90% ක් විතර තිබෙනවලුනෙ .ඒක නම් ගැටළුවක් වෙන්නෙ නෑ.ඇත්තටම වැඩිහිටියන්ට ඒ අයගෙ දැනුම දියුණු කරන්න මොකක් හරි වැඩ පිළිවෙලක් ඕන.හැබැයි මම මෙහෙමත් හිතනව.අපේ අම්මල තාත්තල ඉන්නෙ ඔය වයස් මට්ටමේ.ඒ අය ෆෝන් පාවිච්චි කරනවා.මීට අවුරුදු දෙක තුනකට ඉස්සර ඒ අය ඒව ඕන නැති දේවල් කියලයි හිතුවෙ.ලොකු චින්තන විප්ලවයක් සිදුවෙලා.

      මේ ප්‍රශ්නෙට උත්තරේ තාක්ෂනය විසින්ම ලඟදිම දේවි.එන්න එන්නම තාක්ෂනය සරල වෙනව.බ්ලොග් වුනත් ඉස්සර දැන් තරම් ලේසි නැහැල්ලු.

      වැඩිහිටියන් කියන දේ අහල තේරුම් අරන් ඒ අනුව ක්‍රියා කරන තාක්ෂනයන් ඒවි.ඇපල් සිරි වගෙ වැඩසටහන් ඉදිරියට හුඟක්ම දියුණු වේවි.වැඩිහිටියනුත් මේකෙන් ඉවතට විසිවෙන එකක් නෑ,

      දැනට පාසල් යන ළමයිනම් හැමෝම වගෙ ඩිජිටල් ලෝකෙ සාඩම්බර පුරවැසියො.හැබැයි විදුහල්පතිවරු විගඩම් කරන්න ගත්තොත් නම් පාසල් දරුවොත් ඩිජිටල් ලෝකයෙන් ඉවතට විසිවේවි.

      ඇත්තටම පරිගනකය අපි භාවිතා කරන්නෙ ටයිප් රයිටරයක් ලෙස තමයි.නෙට්වර්කින් කරල සියළු ආයතන එකට බැද තැබුවානම් හුගක් අයට ගෙදර ඉදන් වැඩ කරන්න පුළුවන්.ප්‍රවාහන වියදම් ඇඳුම් පැළදුම් වලට වියදම් පවා ඉතුරු වෙනව.එතනින් ගිහාම කාලය.

      පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන අයගෙන් 50 % විතරම ගෙදර නවතින තරම් ලොකු වෙනසක් මේකෙන් කරන්න පුළුවන්.නමුත් එහෙම වෙලා නෑ.දියුණු රටවල ඒ විදියෙ workforce එකක් තිබෙනව.ප්‍රශ්නෙ තිබෙන්නෙ අපේ ආකල්පවල.

      Delete
    2. අමතක වුනානේ තව පරණ කතාවක්. අර ගුවන්විදුලි ප්‍රවෘත්ති වාදනේ ඇන් ඇම් ට මඤ්ඤොක්කා හිටවන එක වගේම ඇන් ඇම් ට පුලුවන්ද හත් හවුල පෙරළන්න. පෙරළන්න, පෙරළන්න, පෙරළන්න, තක දොන් කියලා එක වාදනයක් තිබුණා. අනික තමයි ඩඩ්ලි ඩඩ්ලි ගෙදර යන්න කියන වාදනය.

      Delete
  18. කොහොමටත් නිදහසෙ අදහස් ප්‍රකාශ කරන එකත්.සන්වාද ගොඩ නැගෙන එකත් පාලකයන්ට නම් හොද වෙන්නෙ නැ.

    ReplyDelete
    Replies
    1. සංවාද වල සැබෑ අරමුණ විය යුත්තෙ සාධාරණ මානව හිතවාදී යුක්ති ගරුක සමාජයක් නිර්මානය කිරීම.මේ අදහස වෙනුවෙන් පෙනී සිටිනවාය කියන සමහරුත් ඇත්ත වශයෙන්ම පෙනී සිටින්නෙ තිරිසන් ම්ලේච්ඡත්වයක් වෙනුවෙන්.අපි මේ වංචනිකයන් හෙළි දරවු කරන්න ඕන.අපි රාමුවලට සීමා නොවී සංවාද වල යෙදෙන විට එය කරන්නෙ සහෝදරත්වයෙන්.නමුත් සමහර අඩවි වල මාක්ස්වාදීන් සමඟ සංවාද වල යෙදෙන විට ඒ අයට ආවේණික සක්කිලි ගතිය මා දැකල තිබෙනවා. ඒ හැර මාක්ස්වාදීන් නොවන සියළු ශිෂ්ට මිනිසුන් හොඳින් සංවාද වල යෙදෙනවා.

      සංවාද හානිකර වෙන්නෙ පාලකයන්ට පමනක් නොවෙයි.අනාගතයෙදි අශිෂ්ටත්වය වපුරන්න පුල පුලා සිටින ම්ලේච්ඡයන්ටත් සංවාද අවාසියක්

      Delete