Sunday, February 23, 2014

යුක්‍රේනය ගැන යකාගෙ කතාවක්

ukraine
යුක්‍රේනයේ ඇති වූ දේශපාලන අර්බුදය විපක්ෂයේ ජයග්‍රහනයෙන් අවසන් වී ඇත.ජනාධිපති වික්ටර් යනුකොවිච් බලයෙන් පහවී ඇත. මෙවැනි විප්ලව යුක්‍රේනයට අලුත් දේවල් නොවේ. යුක්‍රේනය මේ රට මොකක්ද? ඇයි මේ රටේ මේ දේවල් වෙන්නේ?

යුක්‍රේනය යන රට අපේ රටේ ජනයා මෑතක් වන තුරුම නමින් වත් අසා නොතිබූ රටකි.එහෙත් වෛද්‍ය,ඉන්ජිනේරු පාඨමාලා සඳහා අපේ වැනි රටවල් වලින් මේ රටට සිසුන් යන නිසා මෑතක සිට මේ රට අපේ ජනතාව අතර ප්‍රසිද්ධය.පත්තර වල යුක්‍රේන් විශ්වවිද්‍යාල වල දැන්වීම් සුලභය.

එහෙත් යුක්‍රේනය යනු සුළුපටු රාජ්‍යයක් නොවේ.සාරවත් පසක් ලස්සන වටපිටාවක් මෙන්ම සොභාවික සම්පත්වල බහුල බව නිසාත් මේ රටේ වැදගත්කම දෙගුන තෙගුන වී ඇත.දෙවන ලෝක යුද්ධයේදී නාසි ජර්මානුන්ගේ ප්‍රධානම අරමුණ යුක්‍රේනය අල්ලා ගැනීමයි.විශාල යුක්‍රේන දේශයේ ඉඩකඩම් ජර්මානුන්ට ලබා දීම හිට්ලර්ගේ අරමුන විය.

සෝවියට් දේශයේ රුසියාව හැරුන විට ප්‍රධානම රට යුක්‍රේනයයි.සොවියට් සංගමය බිදවැටීමෙන් පසු යුක්‍රේනය වෙනම රටක් විය.යුක්‍රේනය ගැන කියන විට ඕනෑම කෙනෙකුගේ මුල්ම අවධානය යොමු වන්නේ එහි ජනගහනය අඩුවීම ගැනයි කෝටි පහක්ව තිබූ එරට ජනගහනය වසර 20 ක් ඇතුලත කෝටි හතර හමාර දක්වා අඩුවී ඇත.රුසියාවේද ජනගහනය අඩුවේ එහෙත් යුක්‍රේනයේ තරම් නොවේ.මෙරට හැම අතින්ම පිරිහෙමින් පවතී.

යුක්‍රේනයේ පිහිටීම අනුව එය යෝධ රුසියානු සහෝදරයාගේ  බලපෑමට ලක්වීම සොභාවිකය.එහෙත් වර්තමාන ප්‍රවනතාව නම් යුක්‍රේන ජනයා වේගයෙන් බටහිරට සංක්‍රමනය වීමයි.ජනගහනය අඩුවන්නේ මේ සංක්‍රමන නිසයි.ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට යුක්‍රේන තරුණ තරුනයන්ගේ අපූරු විසදුම නම් විදේශීය ( බටහිර ) සහකරුවෙකු හා විවාහ වීමයි.යුක්‍රේනයේ ඇතැම් පෙදෙස් ජන ශූන්‍ය වී ඇත.ගම්මු කියෙව් නගරයට සංක්‍රමනය වන අතර නාගරිකයෝ බටහිරට යති.

යුක්‍රේන ජනතාවගේ මේ මානසිකත්වය ඔස්සේ යුක්‍රේනය බටහිරටත් රුසියාවටත් මදි වී ඇත.ඇත්තෙන්ම යුක්‍රේන්වරුන්ට අවශ්‍ය ඉක්මනින් යුරෝපා සංගමයේ සාමාජිකවී යුරෝපීය රටක් වීමටයි.මෙය රුසියාවට ඉවසුම් නොදේ.මේ තත්වය තිබෙන්නේ යුක්‍රේනයේ පමනක් නොවේ.බෙලාරස් හරුන විට සියලුම පැරණි සොවියට් රටවල ජනයාට අවශ්‍ය බටහිරට පැනගන්නටය. ගෝත්‍රික ජනයා බහුල කසකස්තානය හර වෙන කිසිම මධ්යම ආසියාතික රටක් රුසියාව සමඟ නැත. තුර්ක්මනිස්තානය,කිර්ගිස්තානය,උස්බෙකිස්තානය වැනි මුස්ලිම් රටවල් ඉරානයට කිට්ටුවන අතර ඇසර්බයිජ්ජානය වනි මුස්ලිම් රටක් තුර්කියට කිට්ටු වන බව පෙනේ.ජෝර්ජියාව කෙළින්ම බටහිරට ලැදිය.මේ අනුව රුසියාව කොටු කිරීම නේටෝවට අපහසු නොවන බව පෙනේ.පුටින් මේ තත්වය අවබෝධ කර ගෙන සිටී.

යුක්‍රේන ප්‍රශ්නය නිකම්ම කතා කළ නොහැක.එය යුරෝපයේ භූ දේශපාලන කරුණු හා බැදී පවතී.ඒ නිසා ඒ ගැන විමසීමක් නොකර කරන විචාරයක් අසම්පූර්නය.


යුරෝපයේ දේශපාලනය යනු ජර්මැනික් ස්ලාව් වෛරයයි.යකා මෙහිදී ටියුටන් යන නම වෙනුවට ජර්මනික් යන නම යෙදුවේ වැඩි කොටසක් ආවරනයටය.මේ ජර්මැනික් ස්ලාව් ගැටුම පුපුරන්නේ සර්බියාවේය.පලමු ලෝක යුද්ධය  යනු මේ ගැටුම ය . මෑතකදී යුගෝස්ලාවියාව ( දකුණු ස්ලාවියාව ) බිද වැටීමෙන් පසු ඇතිවූ ගැටුම් ද උදාහරනයකි.ඊනියා සමාජවාදී සෝවියට් දේශය ( ස්ලාව් ගෝත්‍රිකයන් ) හා බටහිර නේටෝව ( ජර්මනික් ගෝත්‍රිකයන් අතර ඇති තරඟය ලෝක දේශපාලනයේ බටහිර නැගෙනහිර ගැටුමයි.

ස්ලාව් ගෝත්‍රිකයන්ගේ ස්වාභාවික ආරක්ෂකයා රුසියාවය.එය ස්ලාව් ගෝත්‍රිකයන් මෙම මහා නැගෙනහිර භූමියේ අනසක පැතිරවූ දා සිටම පවතින්නකි.ස්ලාව් පතිරීමේදී ඔවුහු දකුණු දිගින් ග්‍රීසියටත් බටහිරින් සර්බියාවටත් පැතිරුනි.වත්මන් ග්‍රීසියේ ජනසංයුතියෙන් බහුතරයද ස්ලාව්ය.ප්‍රංශයේ ගෝල්වරුන් පරයා ෆ්‍රෑන්ක් නම් ජර්මනික් ගෝත්‍රය ත්  බ්‍රිතාන්යයේ කෙල්ටික් ගෝල්වරුන් පරදවා ඇන්ග්ලෝ සැක්සන් යන ජර්මැනික් ගෝත්‍රයත් බලවත් වූ සේය.
Ivan in terrible
යුරෝපය ජර්මැනික් හා ස්ලාව් ලෙස බෙදී ගියේය.නැගෙනහිර ස්ලාව් වරු ටාටර් වැනි ම්ලේච්ඡයන්ගේ යටතේ තිබුනි.භයංකර අයිවන් නම් රජෙක් රුසියාව ටාටර් වරුන්ගෙන් මුදා ගත්තේය.ඉන් පසු පීටර් ,කැතරින් වනි පාලකයන් රුසියාව බලවත් කළ  අතර ස්වීඩනය හා  ඔස්ට්‍රියාව ව්යාප්ත වීම උපක්‍රමශීලීව වලකා රුසියානු භූමිය ව්යාප්ත කළහ.එහි ප්‍රතිපලයක් ලෙස අද ස්ලාව් වරු ඉතාම බලවත් බලවේගයකි.සියවස් ගනනක් ඔවුන් යටපත් කර සිටි ටාටර්,වරු රුසියාවේම කුඩා ගෝත්‍රයක් වන අතර ටාටර්,බශ්කිර්,ච්චන්,ඩජෙස්තන් වැනි මුස්ලිම් ජනකොටස් ඉදහිට සුළු විරෝධයන් පල කරමින් සිටිති.

මේ නැගෙනහිර යුරෝපයේ දේශපාලන පසුබිමයි.

සෝවියට් දේශය බිද වැටීමෙන් පසු නැගෙනහිර ස්ලාව් ගෝත්‍රිකයන්ට අවශ්‍ය සිය යෝධ ස්ලාව් සහෝදරයා වන රුසියාව සමඟ එක්වී බලවත් වීමට නොව බටහිර සමඟ එක්වී සමෘධිමත් වීමටය.මේ රටවල තරුණ පරපුරේ එකම සිහිනය බටහිර රැකියාවකි.රුසියාවත් සමඟ ස්ලාව් සහයෝගීතාවයකට කැමති සර්බියාවත්,බෙලාරුස් රටත් පමනි.

යුක්‍රේනයේ ගැටුම් වලට හේතුව මෙයයි.වික්ටර් යනුකොවිච් යුරෝපය සමඟ වූ ගිවිසුමක් අවලංගු කොට රුසියාව සමඟ ගිවිසුමට එළබුනි.ක්‍රමයෙන් යුක්‍රේනයට රුසියානු බලපෑම් වැඩි විය.බෙලාරුස් ( බෙල රුසියන්,සුදු රුසියානු) රට මෙන් නොව යුක්‍රේනය මුලසිටම බටහිරට නැබුරුව සිටියේය.

අනාගතයේදී මේ සිදුවීම නිසා යුක්‍රේනයේ බටහිර බලපෑම් වැඩි වනු ඇත.ආරංචිය රුසියාවට පල යමින් සිටි වික්ටර් දේශසීමාවේදී අල්ලා ගත් බවයි.මෙහි අවාසනාවන්ත තත්වය නම් ආර්ථික වර්ධනයට ඉතා හිතකර බලවත් රුසියාව කොටු වීමයි.ලෝකයේ දෙවන ආර්ථික බලවතා වන චීනයද මෙසේ කොටුවී ඇත.ඉරානය,උතුරු කොරියාව හා මොන්ගෝලියාව හැරුන විට සෙසු සියළු අසල්වැසි රටවල් චීන විරෝධීය.මෙම ලෝක බලවතුන් ගේ    ගේ දොරකඩටම බටහිර බලපෑම පැමිනීමෙන් සිදුවන්නේ අවිනිශ්චිතබව රජකිරීම පමනි.

21 comments:

  1. යුක්රේනයද උක්රේනයද

    ReplyDelete
    Replies
    1. යුක්‍රේන් කියල නේද කියන්නෙ.හරි වචනෙ උක්‍රේන් වෙන්න ඇති.මොස්කව් කියන එකත් හරි වචනෙ මොස්ක්වා ලු නේදගොර්බචොව් කියන එක ගොර්බචොෆ්ලු නේද? මමත් දන්නෙ නෑ කෙනෙක් කියපුව.

      Delete
    2. ඉංග්‍රීසියෙන් කියන්නේ යුක්‍රේන් කියලා තමයි.

      Delete
    3. ඒක පොඩි පරික්ෂණයක් විතරයි අරූ.. හැක්..

      Delete
    4. ඒකනේ දේශා.....මම ඒත් බැලුවා ඇයි දේශා එහෙම ලිව්වේ කියලා :D

      Delete
    5. නියම රුසියානු වචනය Укрен උක්‍රේනයයි,

      Delete
    6. නියම රුසියානු වචනය Укрен උක්‍රේනයයි,

      Delete
  2. යකා අද තමා මම අයේ අවේ ..පුළුවන්නම් මේ ඇනෝ කමෙන්ටු දාන්න දෙන එක නවත්වන්න ,ඔබ මගේ නම ගාවලා දැගලුවාට වැඩක් වෙන එකක් නෑ ,අනික බොගියේ අඩන්න එපා ..ඔබට තෙරෙන්නෙ නැතුව ඇති මම ඇයි බොගියේ දිගට කෙමෙන්ටු දානවාට අකමැති කියලා ඒ ඔබේ අභියෝග වලට බයේ නෙවි ,එක්කෙනෙක් හරි කියවනවා නම් ඒ මනුස්සයටත් එපා වෙනවා ඔයා ගේ බොගිය ,බොරුවට කාටවත් චොදනා කරන්නෙ හිස් මිනිස්සු .

    අයෙත් කියනවා පුළුවන් නම් ඇනෝ එන්න දෙන එක නවත්වන්න .....අභියෝගයක් කියලා ඕන නම් හිතන්න ...ඔබේ බොලද ක්‍රමයට ..

    ReplyDelete
    Replies
    1. ඔබේ කතාව ඇත්ත.ඕක මාත් කාලෙකට ඉස්සර හිතුව.ඒත් බ්ලොග් එකක් නැති ගූගල් එකවුන්ට් එකක් නැති කාටහරි යම් අදහසක් දාන්න තිබෙන අවස්ථාව නේද කියල හිතලයි ඉඩ දුන්නෙ.ඒක මට අවාසියක් තමයි.

      බොගියෙ නොවෙයි මම කිසිමතැනක අඩන කෙනෙක් නොවෙයි.

      ඔවු මේ රන්ඩු දබර වෙන එක නම් බ්ලොග් වලට ගැලපෙන්නෙ නෑ.මම නම් රන්ඩු වුනේ නෑ මගෙ මතය පෙන්වලා දුන්න විතරයි.

      ඔබේ යෝජනාව මම හිතල බලන්නම්කො.ස්තුතියි කොමෙන්ට් එකට.

      Delete
  3. රුසියාවේ බලය ලෝකයේ සෙසු බටහිරට දෙකට තුනට නොනැමෙන රටවල ස්වාධීනත්වය සම්බන්ධයෙන් වැදගත් තමයි. තව එකක් තියෙනවා රුසියාව කොටු වීම කියන කතාවෙදී රුසියාව ඇතුලෙම තියෙනමාක්ස්වාදී බොරු සමාජවාදය උදවු දෙන්නෙත් බටහිරටමයි.

    ReplyDelete
    Replies
    1. ස්ලාවු ගෝත්‍රිකයන්ගෙ සංස්කෘතියයි ජර්මැනික් ගෝත්‍රිකයන්ගෙ සංස්කෘතියයි අතර වැඩි වෙනසක් නෑ.

      Delete
  4. සමාජවාදය තවත් ඩයිනොස්රයෙක් කියන එක සනාථ කිරීමකද ඒ කියන්නේ ?

    ReplyDelete
    Replies
    1. සෝවියට් දේශය ප්‍රමුඛ සමාජවාදී කඳවුර යනු ස්ලාව් ජාතිවාදයයි.ස්ලාව් නොවන කිසිදු රටක් එහි සිටියේ නැහැ.සමාජවාදී වෙන්න පෙරත් නැගෙනහිර යුරෝපයේ රටවල් සිය යෝධ ස්ලාව් සොහොයුරාගේ සෙවන ප්‍රිය කළා.

      සිංහල බෞද්ධ ජාතිවාදයක් ගැන සමහරු කියනවා.එහි නම් වචන වත් ගැලපෙන්නේ නෑ.මොකද බෞද්ධ යනු ආගමක්.ජාතිවාදයක් සදහා කරුණු කිහිපයක් අවශ්‍යය.

      සංවිධානාත්මක මහා ජන රාශිය
      විශාල ප්‍රාග්ධනය
      සර්ව ව්‍යාපී පැතිරීම ( ලෝක මට්ටමේ )
      වෙනත් ජන කොටස් එල්ල කරගත් ප්‍රතිරෝධී අරමුණ

      අරමුණු වලට ලඟා විය හැකි ස්ලාව් ජාතිවාදය යනු බටහිර ජර්මැනික් ජාතිවාදය සමඟ තරඟ කළ හැකි බලවේගයක්.අරාබි ජාතිවාදය හා චීන ජාතිවාදය වෙනස් උදාහරණයි .අද සිදුවී ඇත්තේ රුසියානු ඩයිනෝසරයා තනි වී තිබීමයි.තම බාල ස්ලාව් සොහොයුරන් කරන මේ දේවල් ඔහුට ඉවසන්න බැහැ.

      Delete
  5. යුක්‍රේනයට වෙච්චි දේ අපිටත් වෙන්න බැරි නැහැ.

    ReplyDelete
    Replies
    1. යුක්‍රේන ජනතාව තම රජය බටහිරට වඩා රුසියාවට ලැදියි කියා අහපු සැනින් අසූ හාරදාහට නැගල පාරට බහිනවා.මේක ඔවුන්ට පුද්ගලිකව බලපාන දෙයක්.යුක්‍රේනයේ ඛනිජ සම්පත් කොච්චර තිබුනත් මීට කලකට ඉහත ඇතුවූ සාගතයකින් ජනගහනයෙන් හතරෙන් එකක් මිය ගියා.ඔවුන්ට පුද්ගලිකව බටහිර සමෘද්ධිය අවශ්‍යයි.නමුත් පාලකයන්ට රුසියන් බලපෑම මඟ හරින්නත් බෑ.මීට කලින් වික්ටර්ලා දෙදෙනෙකුගේ සටනක් තිබුනා.යුක්‍රේන් ජනතාව පාරට බැස බටහිරට හිතවත් වික්ටර්ට බලය ලබා දුන්නා.
      මෙය යුක්‍රේන් මිනිසුන්ගේ අමුතු වීරත්වයක් නොවෙයි.එය ඔවුන්ගේ අනාගතය හා බැඳුනක්.ඔවුන් සටන්කාමී වන්නේ ඒ නිසයි.

      Delete
  6. මොන මතවාදය දැරුවත් ඒකීය පුද්ගලයා රුචිකත්වයක් දක්වන්නේ පෞද්ගල්කත්වයට. තම සුඛවිහරණයට කවුද අකමැති. යටින් යන්නේ ඒ දේ තමයි යකා.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි.කෝටි පහක් සුළු කලකදි කෝටි හතරහමාරක් වෙන්න මොනතරම් යුක්‍රේනයෙන් මිනිසුන් පිටවෙනවා ඇද්ද?මිනිස්සු අභිමානය වෙනුවෙන් සටන් කරනවා තමයි.නමුත් වඩා හොඳ ජීවන තත්වයන් තමන් ඉදිරියේනම් ඔවුන් තෝරා ගන්නේ එයයි.අනික රුසියාවත් එක්ක හිටියා කියා යුක්‍රේනයට ලැබෙන දෙයක් නෑ.
      රුසියාව කියන්නෙ වාසනාවන්ත රටක් .සංවර්ධනය කළ හැකි විශාල භූමියක් තිබෙනවා.ඛ්නිජ සමපත් පිරිලා.නමුත් ආර්ථික වර්ධනය මදි.එහෙම වුනොත් බාල මල්ලිලා ආන්බාන් කරගන්න අමාරුවෙනව.අනික බටහිර ලෝකයේ තිබෙන පුද්ගල නිදහසටත් යුක්‍රේන්කාරයො කැමති ඇති.උනුත් ඉතින් මැටියෙන් හදලා නොවෙයිනේ හෙහෙ හෙහෙ

      Delete
  7. පැරනොයිඩයFebruary 24, 2014 at 10:25 AM

    යකා, ඹයාට මයිල් තියෙනවද ? නැද්ද?
    එච්චරයි.

    ReplyDelete
  8. Manoj FernandoFebruary 24, 2014 at 12:41 AM @

    අපේ මනෝජ් මිත්‍රයාගේ ප්‍රශ්නයට දුන් පිළිතුර ප්‍රමානවත් නැහැ කියා මා සිතනවා.යුක්‍රේනයේ වැනි වාතාවරණයක් මෙහි නෑ.ලංකාව කියන්නේ මැතිවරන පවත්වන,බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය තිබෙන රටක්.ඒ වගේම පවතින ආන්ඩුව කෙරෙහි දැඩි ජන ප්‍රසාදයක් තිබෙනවා.
    රජයට එරෙහි චෝදනා තිබෙනවා.ඒ චෝදනා වලට නිසි පිළිතුරුත් තිබෙනවා.87/89 කාලයේ එජාපය රට අමු සොහොනක් කළා.එහෙම කළේ ජවිපෙ භීෂනයට පිළිතුරු ලෙස.1989 න් පස්සෙ පවත්වපු හැම මැතිවරනයක්ම එජාපය ජය ගත්තා.එජාප යුගයේත් හොරකම් ,මැරකම් ,නාස්තිය උපරිමයටම තිබුනා.නාස්තිය හා දූෂනය සංවර්ධනයට සාපේක්ෂයි.කිසිම වැඩක් නොකෙරුන චන්ද්‍රිකා යුගයෙ එහෙමට නාස්තියක් වුනේ නැහැනෙ.

    මීගමුවෙ රොයිස්ගෙ නිව්ස් එක දන්නවද?බලන්න බලය නැතිව එජාපය කරන වැඩ.
    ආන්ඩු විරෝධීන්ට වුනත් විකල්පයක් නැතිවෙලයි තිබෙන්නෙ.මම කිව්වෙ අද තත්වය

    ReplyDelete
    Replies
    1. යකා යාළුවා.//ලංකාව කියන්නේ මැතිවරන පවත්වන,බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය තිබෙන රටක්//මෙන්න මේක පිළිගන්න අමාරුයි.අපිට පේන්නේ තියෙන දේ නෙමේ ඇත්ත.බලන්න ඔබ ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදය කොහේද තියෙන්නේ ලංකාවේ මැතිවරණ ව්‍යාපාරයේ.පාලක පක්‍ෂය තමන්ගේ උපරිම බලය මැතිවරණය පැවැත්වෙන පළත් කෙරේ යොමු කරවමින් රජ්‍ය බලය උපරිමව භාවිතා කරමින් කරන මැතිවරණ ව්‍යාපරයක් තුල කොහෙද යකෝ තියෙන්නේ ඔය කියන බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය.

      //නාස්තිය හා දූෂනය සංවර්ධනයට සාපේක්ෂයි.කිසිම වැඩක් නොකෙරුන චන්ද්‍රිකා යුගයෙ එහෙමට නාස්තියක් වුනේ නැහැනෙ.//ඒ අනික් කරුණ එතකොට සිංගප්පුරුව දියුණු වෙනකොට එකට සාපේක්ෂව ඒ රටේ නාස්තිය ,දූෂනය ඉහළ ගියාද.?රටක් සංවර්ධනය කිරීම පවතින ඕනෑම රජයක වගකීමක්.

      රට කලින් කරවපු වුන් හොරකම් කල කියලා දැන් ඉන්න වුනුත් හොරකම්,මැරකම් කලාම හරි යනවාද..?

      Delete
  9. මේක ගොඩක් වටින ලිපියක් ගොඩක් අළුත් දේවල් දැනගන්න ලැබුනා
    ජර්මනික් ස්ලාඩ් ජාතිකවාද අතර ගැටුම කියනඑක මීට කලින් අහල තිබුන දෙයක් නෙමෙයි
    හැබැයි මෙහෙම දෙයක් තියෙනවා නැගෙනහිර යුරෝපයේ ඔර්තඩොක්ස් ක්‍රිස්තියානි ආගමේ
    නායකකම (පාප්) දැරුවේ රුසියාවේ සාර් ඒ හරහා අතීතයේ එම කලාපයේ නායකකම රුසියාවට ලැබුනා
    මම යුරෝපා ඉතිහාසය ගැන කියවනකොට දැකපු පුදුම දෙයක් තමයි බටහිර යුරෝපීයයන්ට ඇති දැඩි රුසියා විරෝධය
    (ඔවුන් රුසියාවට එරෙහිව තුර්කියටත් උදව් කලා)
    සමහරවිට ඒකට හේතුව ඔය කිව්ව ජර්මනික් ස්ලාඩ් ජාතිකවාද අතර ගැටුම වෙන්න ඇති
    නැගෙනහිර යුරෝපීය රටවල් යුරෝපා සංගමයට බඳවා ගැනීමේ තව වාසියක් තියෙනවා
    ඒ මඟින් බටහිර යුරෝපයට අඩු පඩියට අරාබි/තුර්කි කම්කරුවන් ගෙන්වීම අඩුකර නැගෙනහිර යුරෝපා කම්කරුවන් ගෙනවිත්
    ඒ නිසා වන සංස්කෘතික ගැටුම් අඩු කරගන්න පුලුවන්
    මේ වගේ ලිපි දිගටම ලියන්න
    යුකරේනය කිව්වාම මටනම් වෙනදෙයක් මතක්වෙන්නේ Valeria Lukyanova ගැන දන්නවද?

    ReplyDelete