Thursday, February 27, 2014

බුකිය දිනේවා බ්ලොගිය දිනේවා

මෙන්න බබෝ බිල්ලා
ෆේස් බුක් තහනම් කළ යුතු බවට මතයක් නිර්මානය කර ඇත.ෆේස්බුක් වලට එරෙහිව ජනමතයක් හදන්නට අසාර්ථක උත්සාහයක යෙදෙන්නේ එක්තරා ජඩ මාධ්‍යයක් විසිනි.ජනතාව යනු තමන්ගේ රූකඩ යැයි සිතා සිටින ඔවුන් ඉතා වෛරී මාධ්‍ය භාවිතාවක් ඇති ආයතනයකි.එසේම තමන් අප්‍රිය කරන අයට ඉතා අමානුශිකව පහර දෙන දේශපාලන අරමුනු ඇති දුෂ්ට ආයතනයකි.ඔවුහු හැම පක්ෂයකටම මැතිවරන තරඟ කිරීමට තම නියෝජිතයන් යොදවමින් දේශපාලන පක්ෂ තම න්‍යාය පත්‍ර යට අනුව සේවය කල යුතු යැයි සිතන ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික මූලධර්ම වලටද එරෙහි ආයතනයකි.

දුෂ්ට අරමුණු නොමැති ජනතාවද ෆේස්බුක් ඇතුළු නව තාක්ෂණික දේවල් යල කිසියම් නුගුණ ක් දකින බව මට පෙනී ගොස් ඇත.අප කැමති වුනත් අකමැති වුනත් තාක්ෂනයෙන් වියුක්ත වීමට නොහැක.තාක්ෂනයේ වරදකට අඩුපාඩුවකට පිළිතුරු සෙවිය යුත්තේ තහනමෙන් නොව වෙනත් තාක්ෂනයකිනි.

ෆේස්බුක් එන්නට පෙරද සියදිවිනසාගැනීම් තිබුනි.එම සිදුවීම් වලට හේතුවූ වෙනත් සාධක විය.දැන් සිදුවී ඇත්තේ එම සාධක වෙනස් වීමය.

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය මෙම සන්නිවේදන විප්ලවය නිසා මුහුණ දී ඇති අර්බුදය තේරුම් ගනිමු.ඉස්සර මෙන් මුද්‍රිත හෝ විද්‍යුත් සර්වඥයකු සංස්කරනය කර අපට ගිල්ලවන අදහස් බලාපොරොත්තුවෙන් පුල පුලා සිටීමට සිදුනොවේ.

ඇන් ඇම්ට පුළුවන්ද මඥ්ඥොක්ක හිටවන්න ටන් ටන්ට ටන් ටන්ට ටන් ටන්ට ටන් ටන්ට

මෙන්න ප්‍රවුත්ති ප්‍රකාශය අහවලා විසිනි.

ඔහොම කාලයක් තිබුනාලු.

ඊටත් ඉස්සර විදේශීය ලියුමක් එන්නට මාස පහක් පමන ගත වී තිබුනි.ඒ කතා කියන එක යකාගෙ අභිලාශය නොවේ.

මාධ්‍ය ආයතනයක් යනු ඉතා දැඩි නිළබල ධූරාවලියක් සහිත තැනකි.මෙය රාජ්‍ය හෝ පෞද්ගලික යැයි වෙනසක් නැත.රාජ්ය ආයතන වල තත්වය තව හොඳය.මෙහි මාධ්‍යවේදීන්ට අවශ්‍ය දේවල් ලියන්නට බැරිය,මාධ්යවේදියා යනු ඉතා කුඩා දැතිරෝදයකි.මෙහිදී සිදුවන්නේ මහා පරිමාන මාධ්ය මුදලාලිලාගේ මතය රටේ ජනතාවට බලෙන් ගිල්ලවීමය.

මේ සියල්ල තාක්ෂනයෙන් වෙනස් වී ඇත.ගමේ කිඹුලෙකු ඇල්ලුවා කියමු.නවීන තාක්ෂනයෙන් නිර්මානය කළ ෆෝන් එකකඉන් එය ඡායාරූපයක් ගෙන අප්ලෝඩ් කළ හැක.එසේම ඕනෑම කෙනෙකුට කොමෙන්ට් කළ හැක.

ආසන්නම උදාහරනයක් නම් මේ මෑතක එක්තරා ඉරිදා පුවත්පතක එක් දේශපාලන කරුනක් ගන ලිපියක් පළවී තිබුනි.එහෙත් එම ලිපිය වරදිය.දේශපාලනය ගැන සවිඥානක කිහිප දෙනෙක් හැර බහුතරය ඒවා නොදනී.තකහනියේ කඩයට ගොස් ලියුම් කවරයක් ගෙන මුද්දර ගසා පුවත්පතට ලියුමක් දමන්නද? කාටද ඊට වෙලාව තිබෙන්නේ.කෝල් එකක් ගන්න පුළුවන්.ඒත් වැඩක් වෙයිද?

හැබැයි සයිබරයේ එවන්නකදී වැරැද්ද පෙන්වා දෙන්නට බොහෝ අය සිටිති.එය බලන්නට ලොවටම පුළුවන.
එසේම සයිබරයේ සංවාද නිසා දේශපාලන මතය සකස් වීම සිදුවේ.මේ බුද්ධිමය සංවාද නිසා මටහ් ගැටුම් සිදුවී ඉතා හොඳ අවුට් පුට් එකක එළියට එයි.

සයිබරයේ අපි රන්ඩු කරමු.නමුත් ඒ හැම රන්ඩුවකින්ම අපේ හිතවත්කම තව තවත් දලුලා වැඩේ.

සමාජ ජාල අඩවි වලින් එකිනෙකා හදුනා ගෙන විවාහ වූ අයද සුළුපටු නැත.

ගල්වැද්දන් හා කුහකයන් කොයි තරම් උඩ බිරුවත් තාක්ෂනයේ වීරෝදාර ගමන වලක්වන්නට කාටවත්ම බැරිය.නුදුරු අනාගටහ්යේදීම සියල්ලන්ටම ඉන්ටනෙට් ලැබී අපේ ලෝකය ඩිජිටල් ලෝකයක් බවට පත් වේ.එදාට ජාති කුල ආගම් බේද අහෝසි වී එකම මානව සහෝදරත්වයකින් වෙලී යනු ඇත.රට රටවල් අතර භූගෝලීය බේද පවා අහෝසි වනු ඇත.සීමාව ඉක්මවා සර්ව ශුබවාදී වෙනවා නොවේ.

ඇත්තටම වෙන්නේ එයයි.මේ චින්තන විප්ලවය මානව සංතානයටම කිදාබසී.තාක්ෂනයෙන් සියලු විශමතා අහෝසි වේ.

අනාගතයේදී සන්නිවේදනයේ විශාල පෙරලියක් සිදුවේ.60 ට වැඩි අයට තවමත් පත්තරේ පෙරලගෙන බලන්නට ඕනෑය.ඒකෙත් එක ආතල් එකක් ඇත.එහෙත් නිව්ස්වීක් සඟරාවට හිමිවූ ඉරනම සියළුම මාධ්‍ය දැවැන්තයන්ට හිමි වනු  ඇත.
බුකියට හා බ්ලොගියට අකමැති අය ඇත්තටම කැමති නැත්තේ එහි ප්‍රජාතන්ත්‍රවාදයටය.දුප්පතෙකුට වුනත් බුකියේ හෝ බ්ලොගියේ තම මතය ප්‍රකාශ කළ හැක.ලංකාවේ තවම බුකියේ හෝ බ්ලොගියේ මතවාද සැබෑ සමාජය නියෝජනය නොකරයි.එහෙත් 2020 වන විට බුකිය හා බ්ලොගිය යනු සමාජයම වනු ඇත.මේ උපරිම ගනන් බැලීමකි.ඇමරිකානු සමාගමක් ලොව සියල්ලන්ටම ඉන්ටනෙට් ලැබෙන උතුම් කටයුත්තකට මුල පුරා ඇත.ඒකටත් ගල්වැද්දෝ උදැල්ල දමති.උන් හෙන කෝටි පතියො වෙනව.මාක් සුකර්බර්ග් ට්‍රිලියන පතියෙක් යැයි කියති.මේ අතර හිනා යන යෝජනාද ඇත.අපේම බුකියක් එම යෝජනාවයි.අපේම වැඩවසම් ගල්වැදි බුකියක් යන්න එහි තේමාවයි.

බුකිය හා බ්ලොගිය තුල ලාංකිකයා බටහිර වටිනාකම් භුක්ති විදියි.බටහිර විරෝධියෙකු පවා නිදහස් ප්‍රකාශනයේ බටහිර වටිනාකම් අගය කරයි.බුකියට අකමැති අය ඇත්තටම අකමැති මේ නිදහසටයි.දේශීයත්වය,ජාතිකතව්ය හා බටහිර විරෝධය හෝ සුද්දො කෝටිපතියො වනවායැයි කියමින් මේ වංචනිකයන් ලංකාව වැඩවසම් අන්ධකාරයට දක්කති.

ඇත්තටම මාක් ශුකර්බර්ග්,බිල් ගේට්ස් වැනි මහත්වරුන්ට ලැබෙන මේ මුදල් මදිය.තවත් වැඩි වැඩියෙන් ලැබේවායයි ප්‍රාර්ථනා කළ යුතුය.එසේම ඇන්ඩ්‍රොයිඩ් වලින් අපි ගැන ඔත්තු බලනවාලු.අනේ ඔහෙ බලපුවාවෙ.මොකද අපි හොර වැඩකරනවායැ.මම නම් කියන්නෙ අපිව ඕන තරම් මොනිටර් කරන්න කියල.

අනාගතයේදී තාක්ෂනයෙන් මිනිසාට පුදුමාකාර ආරක්ෂාවක් ලැබේ.බස්වල පවා   සවිකිරීමෙන් විපුල පල ලැබේ.බස් වල කාන්තා හිංසනයද වළකී.අපරාධ වැනි දේවල් ඉතිහාසයට එක් වනු ඇත.හැමෝටම යහපත අත් වනු ඇත.ඉරිසියාකාරයන් ටික දෙනෙක් නියව නියවා සිටිනු ඇත

Sunday, February 23, 2014

යුක්‍රේනය ගැන යකාගෙ කතාවක්

ukraine
යුක්‍රේනයේ ඇති වූ දේශපාලන අර්බුදය විපක්ෂයේ ජයග්‍රහනයෙන් අවසන් වී ඇත.ජනාධිපති වික්ටර් යනුකොවිච් බලයෙන් පහවී ඇත. මෙවැනි විප්ලව යුක්‍රේනයට අලුත් දේවල් නොවේ. යුක්‍රේනය මේ රට මොකක්ද? ඇයි මේ රටේ මේ දේවල් වෙන්නේ?

යුක්‍රේනය යන රට අපේ රටේ ජනයා මෑතක් වන තුරුම නමින් වත් අසා නොතිබූ රටකි.එහෙත් වෛද්‍ය,ඉන්ජිනේරු පාඨමාලා සඳහා අපේ වැනි රටවල් වලින් මේ රටට සිසුන් යන නිසා මෑතක සිට මේ රට අපේ ජනතාව අතර ප්‍රසිද්ධය.පත්තර වල යුක්‍රේන් විශ්වවිද්‍යාල වල දැන්වීම් සුලභය.

එහෙත් යුක්‍රේනය යනු සුළුපටු රාජ්‍යයක් නොවේ.සාරවත් පසක් ලස්සන වටපිටාවක් මෙන්ම සොභාවික සම්පත්වල බහුල බව නිසාත් මේ රටේ වැදගත්කම දෙගුන තෙගුන වී ඇත.දෙවන ලෝක යුද්ධයේදී නාසි ජර්මානුන්ගේ ප්‍රධානම අරමුණ යුක්‍රේනය අල්ලා ගැනීමයි.විශාල යුක්‍රේන දේශයේ ඉඩකඩම් ජර්මානුන්ට ලබා දීම හිට්ලර්ගේ අරමුන විය.

සෝවියට් දේශයේ රුසියාව හැරුන විට ප්‍රධානම රට යුක්‍රේනයයි.සොවියට් සංගමය බිදවැටීමෙන් පසු යුක්‍රේනය වෙනම රටක් විය.යුක්‍රේනය ගැන කියන විට ඕනෑම කෙනෙකුගේ මුල්ම අවධානය යොමු වන්නේ එහි ජනගහනය අඩුවීම ගැනයි කෝටි පහක්ව තිබූ එරට ජනගහනය වසර 20 ක් ඇතුලත කෝටි හතර හමාර දක්වා අඩුවී ඇත.රුසියාවේද ජනගහනය අඩුවේ එහෙත් යුක්‍රේනයේ තරම් නොවේ.මෙරට හැම අතින්ම පිරිහෙමින් පවතී.

යුක්‍රේනයේ පිහිටීම අනුව එය යෝධ රුසියානු සහෝදරයාගේ  බලපෑමට ලක්වීම සොභාවිකය.එහෙත් වර්තමාන ප්‍රවනතාව නම් යුක්‍රේන ජනයා වේගයෙන් බටහිරට සංක්‍රමනය වීමයි.ජනගහනය අඩුවන්නේ මේ සංක්‍රමන නිසයි.ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට යුක්‍රේන තරුණ තරුනයන්ගේ අපූරු විසදුම නම් විදේශීය ( බටහිර ) සහකරුවෙකු හා විවාහ වීමයි.යුක්‍රේනයේ ඇතැම් පෙදෙස් ජන ශූන්‍ය වී ඇත.ගම්මු කියෙව් නගරයට සංක්‍රමනය වන අතර නාගරිකයෝ බටහිරට යති.

යුක්‍රේන ජනතාවගේ මේ මානසිකත්වය ඔස්සේ යුක්‍රේනය බටහිරටත් රුසියාවටත් මදි වී ඇත.ඇත්තෙන්ම යුක්‍රේන්වරුන්ට අවශ්‍ය ඉක්මනින් යුරෝපා සංගමයේ සාමාජිකවී යුරෝපීය රටක් වීමටයි.මෙය රුසියාවට ඉවසුම් නොදේ.මේ තත්වය තිබෙන්නේ යුක්‍රේනයේ පමනක් නොවේ.බෙලාරස් හරුන විට සියලුම පැරණි සොවියට් රටවල ජනයාට අවශ්‍ය බටහිරට පැනගන්නටය. ගෝත්‍රික ජනයා බහුල කසකස්තානය හර වෙන කිසිම මධ්යම ආසියාතික රටක් රුසියාව සමඟ නැත. තුර්ක්මනිස්තානය,කිර්ගිස්තානය,උස්බෙකිස්තානය වැනි මුස්ලිම් රටවල් ඉරානයට කිට්ටුවන අතර ඇසර්බයිජ්ජානය වනි මුස්ලිම් රටක් තුර්කියට කිට්ටු වන බව පෙනේ.ජෝර්ජියාව කෙළින්ම බටහිරට ලැදිය.මේ අනුව රුසියාව කොටු කිරීම නේටෝවට අපහසු නොවන බව පෙනේ.පුටින් මේ තත්වය අවබෝධ කර ගෙන සිටී.

යුක්‍රේන ප්‍රශ්නය නිකම්ම කතා කළ නොහැක.එය යුරෝපයේ භූ දේශපාලන කරුණු හා බැදී පවතී.ඒ නිසා ඒ ගැන විමසීමක් නොකර කරන විචාරයක් අසම්පූර්නය.


යුරෝපයේ දේශපාලනය යනු ජර්මැනික් ස්ලාව් වෛරයයි.යකා මෙහිදී ටියුටන් යන නම වෙනුවට ජර්මනික් යන නම යෙදුවේ වැඩි කොටසක් ආවරනයටය.මේ ජර්මැනික් ස්ලාව් ගැටුම පුපුරන්නේ සර්බියාවේය.පලමු ලෝක යුද්ධය  යනු මේ ගැටුම ය . මෑතකදී යුගෝස්ලාවියාව ( දකුණු ස්ලාවියාව ) බිද වැටීමෙන් පසු ඇතිවූ ගැටුම් ද උදාහරනයකි.ඊනියා සමාජවාදී සෝවියට් දේශය ( ස්ලාව් ගෝත්‍රිකයන් ) හා බටහිර නේටෝව ( ජර්මනික් ගෝත්‍රිකයන් අතර ඇති තරඟය ලෝක දේශපාලනයේ බටහිර නැගෙනහිර ගැටුමයි.

ස්ලාව් ගෝත්‍රිකයන්ගේ ස්වාභාවික ආරක්ෂකයා රුසියාවය.එය ස්ලාව් ගෝත්‍රිකයන් මෙම මහා නැගෙනහිර භූමියේ අනසක පැතිරවූ දා සිටම පවතින්නකි.ස්ලාව් පතිරීමේදී ඔවුහු දකුණු දිගින් ග්‍රීසියටත් බටහිරින් සර්බියාවටත් පැතිරුනි.වත්මන් ග්‍රීසියේ ජනසංයුතියෙන් බහුතරයද ස්ලාව්ය.ප්‍රංශයේ ගෝල්වරුන් පරයා ෆ්‍රෑන්ක් නම් ජර්මනික් ගෝත්‍රය ත්  බ්‍රිතාන්යයේ කෙල්ටික් ගෝල්වරුන් පරදවා ඇන්ග්ලෝ සැක්සන් යන ජර්මැනික් ගෝත්‍රයත් බලවත් වූ සේය.
Ivan in terrible
යුරෝපය ජර්මැනික් හා ස්ලාව් ලෙස බෙදී ගියේය.නැගෙනහිර ස්ලාව් වරු ටාටර් වැනි ම්ලේච්ඡයන්ගේ යටතේ තිබුනි.භයංකර අයිවන් නම් රජෙක් රුසියාව ටාටර් වරුන්ගෙන් මුදා ගත්තේය.ඉන් පසු පීටර් ,කැතරින් වනි පාලකයන් රුසියාව බලවත් කළ  අතර ස්වීඩනය හා  ඔස්ට්‍රියාව ව්යාප්ත වීම උපක්‍රමශීලීව වලකා රුසියානු භූමිය ව්යාප්ත කළහ.එහි ප්‍රතිපලයක් ලෙස අද ස්ලාව් වරු ඉතාම බලවත් බලවේගයකි.සියවස් ගනනක් ඔවුන් යටපත් කර සිටි ටාටර්,වරු රුසියාවේම කුඩා ගෝත්‍රයක් වන අතර ටාටර්,බශ්කිර්,ච්චන්,ඩජෙස්තන් වැනි මුස්ලිම් ජනකොටස් ඉදහිට සුළු විරෝධයන් පල කරමින් සිටිති.

මේ නැගෙනහිර යුරෝපයේ දේශපාලන පසුබිමයි.

සෝවියට් දේශය බිද වැටීමෙන් පසු නැගෙනහිර ස්ලාව් ගෝත්‍රිකයන්ට අවශ්‍ය සිය යෝධ ස්ලාව් සහෝදරයා වන රුසියාව සමඟ එක්වී බලවත් වීමට නොව බටහිර සමඟ එක්වී සමෘධිමත් වීමටය.මේ රටවල තරුණ පරපුරේ එකම සිහිනය බටහිර රැකියාවකි.රුසියාවත් සමඟ ස්ලාව් සහයෝගීතාවයකට කැමති සර්බියාවත්,බෙලාරුස් රටත් පමනි.

යුක්‍රේනයේ ගැටුම් වලට හේතුව මෙයයි.වික්ටර් යනුකොවිච් යුරෝපය සමඟ වූ ගිවිසුමක් අවලංගු කොට රුසියාව සමඟ ගිවිසුමට එළබුනි.ක්‍රමයෙන් යුක්‍රේනයට රුසියානු බලපෑම් වැඩි විය.බෙලාරුස් ( බෙල රුසියන්,සුදු රුසියානු) රට මෙන් නොව යුක්‍රේනය මුලසිටම බටහිරට නැබුරුව සිටියේය.

අනාගතයේදී මේ සිදුවීම නිසා යුක්‍රේනයේ බටහිර බලපෑම් වැඩි වනු ඇත.ආරංචිය රුසියාවට පල යමින් සිටි වික්ටර් දේශසීමාවේදී අල්ලා ගත් බවයි.මෙහි අවාසනාවන්ත තත්වය නම් ආර්ථික වර්ධනයට ඉතා හිතකර බලවත් රුසියාව කොටු වීමයි.ලෝකයේ දෙවන ආර්ථික බලවතා වන චීනයද මෙසේ කොටුවී ඇත.ඉරානය,උතුරු කොරියාව හා මොන්ගෝලියාව හැරුන විට සෙසු සියළු අසල්වැසි රටවල් චීන විරෝධීය.මෙම ලෝක බලවතුන් ගේ    ගේ දොරකඩටම බටහිර බලපෑම පැමිනීමෙන් සිදුවන්නේ අවිනිශ්චිතබව රජකිරීම පමනි.