Sunday, January 5, 2014

රෝමයේ කතන්දරය

රොමියුලස් හා රීමස් නමැති සොහොයුරන් කැළයේ වෘක ධේනුවක් ව්සින් කිරි දී හදා වඩා ගත් බවත් ඔවුන් වැඩුණු පසු රෝම පුරය ගොඩ නැගූ බවත් ජනප්‍රවාදයේ එයි.
රෝම පුරය කෙසේ ගොඩ නැගුණිද? මේ ගැන විවිධ කතා ඇත.මේ තරම්ම ජනප්‍රිය නැති තවත් කතාවක් තමයි ඊනියෑස් පිරිසක් සමඟ පැමිණ රෝම පුරය ගොඩ නැගූ බවයි.එය රොමියුලස් කතාවට වඩා විශ්වාස කළ හැක්කකි.ඊනියෑස් පැමිණියේ ට්‍රොයි පුරයේ සිට විය හැක.එසේනම් මෙය ට්‍රෝජන් යුද්ධයටද සමබන්ධය.

මේ ජනප්‍රවාද එකවරම ඉවත දැමිය හැකිද? ට්‍රෝජන් යුද්ධය පවා සැක කළ කාලයක් තිබුණි.එහෙත් මේ ගැන පර්යේශනකළ විද්‍යාර්ථියකු මේ ගැන සෙවීමේ අභියෝගය භාර ගත්තේය.ඔහු ඇගමෙම්නොන්ගේ සොහොනද සොයා ගත්තේය.මට ඔහුගේ නම දැන් මතක නැත.කොයි තරම් මතක් කළත් මතකයට නො ඒ.අඩුගානේ දිව අගවත් නැත.

ජනප්‍රවාද වල ප්‍රබලම ගැටළුවනම් මොන හේතුවක් නිසා හෝ බොරු තොගයක් ඒ මැදට ඇතුල් කර තිබීමයි.අපේ ඉතිහාස කතා වලද මේ ගැටළුව ඇත.ට්‍රෝජන් යුද්ධ පුවතේ ඇකිල්ලියස්ගේ අතිශයෝක්තියට නැගූ වීරත්වය ,ඔඩීසියස් ගේ චාරිකා ආදිය කුමක් වුනත් මෙහි කිසියම් සිදුවීමක් වටා ගෙතුන කතාවක් ඇත.

රෝම පුරය ගොඩ නැගීම සම්බන්ධ පුවත් අතුරින් යකා පිළිගන්නේ ඊනියෑස් ගේ කතාවයි.එහෙත් ඊනියෑස් හැරුන විට වෙනත් ජනකන්ඩායම් විසින් රෝම ය ජනාවාස කරන්නට ඇත.

මේ කාලයේ පැවති අපූරු දේශපාලන ක්‍රම ගැන කතා කරන්නට යකාට අවශ්‍යය.
ග්‍රීක් වරු න්ගේ ශිෂ්ඨාචාරය මුළුමනින්ම පෞර සභ්‍යත්වයකි.මොවුන්ගේ අපූරු කලපනාව වූවේ ඕනෑම කෙනෙකුට පුරයෙන් පිටවී තමන්ගේම වූ පුරයක් තනා ගැනීමට අයිතියක් ඇති බවයි.පුරය පාලනය කළේ පුරවැසියන් විසිනි.ග්‍රීක් වරුන්ගේ පුර අතර ඇතන්ස්,තීබ්ස්,ස්පාටා ආදිය වෙයි.ඇතන්ස් දිගුකලක් ග්‍රීක්වරුන්ගේ අභිමානය විය.එහෙත් ඔවුන්ගේ අවසන් කාලයේ ගැලවුම්කරුවා වුනේ තීබ්සයයි.ස්පාටාවේ පැවති සමාජක්‍රමය විශේෂ අධ්‍යනයකට බදුන් කළ යුත්තකි.කෙසේ හෝ ග්‍රීක්වරුන් පිරිහුනේද මෙම පුර ක්‍රමය නිසා යැයි කියන අය සිටිති.
ග්‍රීක්වරුන්ට පිරිහීම අත් කර දුන් පුර ක්‍රමය රෝමවරුන්ට විජයග්‍රහනයේ මාවත වුනේ කෙසේද?


රෝම පුරය බිහිවුනේ ක්‍රි:පූ 753 පමනේදීය.සියවස් ගනනාවක් ඉතාලියේ ටයිබර් නදිය අසල තම බලය තහවුරු කරගැනීමට අසල් වැසියන් සමඟ ගැටුම් ඇති කරගැනීමට සිදු විය.රෝම පුරය යනු වර්තමානයේ අපේ මැතිවරණ කොට්ඨාසයක් වැනි කුඩා ප්‍රදේශයකි.රෝමවරුන්ගේ මුල් අවදියේ ඔවුන් සිටියේ එට්‍රස්කන් වරුන්ට යටත්වය.මේ එට්‍රස්කන් වරුන්ගේ සම්භවය විවාදාත්මකය.එට්‍රස්කන් රජෙකු වූ ගර්හිත ටාක්වින් තමන් රජෙක් යැයි ප්‍රකාශ කළ විට බෲටස් විසින් ඔහු බලයෙන් පහ කළේය.ඉන් පසු පුරය රෝම වරුන් ට හිමි විය.

ඉන් පසුවද ගැටුම් වල අඩුවක් නොවීය.රෝමයේ රදලයන් හා පොදු ජාන්තාව යැයි දෙකොටසක් විය.මේ පොදු ජනයාටත් රදලයන්ටත් වෙන වෙනම මණ්ඩල දෙකක් විය.රෝම රඳලයන් හැදින්වුනේ පැට්‍රීශියන්වරු ලෙසයි.පොදුජනයා ප්ලෙබියන්වරු ලෙස හැඳින්විනි.මේ ප්ලෙබියන්වරු පුරයෙන් ඉවත්ව එක්තරා සුප්‍රසිද්ධ කන්දකට නැගුනහ.ලොව ප්‍රථම වැඩවර්ජනය මෙයයි.මේ කන්දේ නමද යකාට මතක නැත.

රෝමවරුන් කොන්සල්වරු දෙදෙනෙක් වසරකට පත් කළහ.මේ නිළධාරීන් වසරින් වසර මාරු වෙයි.කිසියම් කලකට එක් නිළධාරියෙකු පුරයේ බලධාරියා වෙයි.එසේ නැතිනම් වසර දෙකකට නිළධාරීන් දෙදෙනෙකු පත් කර එක් වසරකට ඉන් එකෙක් බළධාරියා වෙයි.මට හරියටම මතක නැත.මේ මොකක් හෝ ස්වාධීන පුරවැසියන් වෙනත් ගෝත්‍රවල පරම්පරාවෙන් එන රජුන් හා යුධ වැදුන සැටි අපූරුය.

රෝමවරු මුළින්ම සැබීනයෝ,ඔස්කන්වරු ( මේ ඔස්කන් බස දැන් අවිද්‍යමානය ) කදුකරවාසී ලතින් ගෝත්‍ර සමඟ සිදුකළ දිගුකාලීන ගැටුම් වල ප්‍රථිඵලය වුනේ විශාල භූමි ප්‍රමානයක් රෝමයට හිමි වීමය.රෝම පුරවැසි යෙකු වීම වෙනත් ගෝත්‍රවලට වරප්‍රසාදයක් විය.රෝමයට ඉදිරි යුද්ධ සඳහා මිත්‍රපාක්ෂික ගෝත්‍ර විශාල ප්‍රමානයක් හිමිවුන අතර රෝමවරුන් මොළය නිසිලෙස පාවිච්චි කර ඉතාලියෙන් විශාල කොටසක් රෝමයට ඈදා ගත්හ.

රෝමයේ කීර්තිය දස දෙස පතල විය.දැන් රෝමයේ වාර්ශික නිළධාරීන්ට යුධ වැදීමට සිදු වුනේ මහා රාජාධිරාජයන් සමඟය.

නියුමිඩියාවේ ජගර්තා මෙසේ රෝමයට අභියෝග කළ මහා ජගතෙකි.නියුමිඩියාව ඇත්තේ වත්මන්  ලිබියාවේය    .
හැනිබාල් රෝමය වැටලූවිට හැනිබාලික යුද්ධ ගනනාවක යෙදීමට රෝමයට සිදු විය.හැනිබාල් ගේ කාතේජය වත්මන් ටියුනීසියාවයි.
ජගර්තාගේ කතාව ගැන වැඩි අවධානයක් යොදමු.රෝමයේ උසස් දේශපාලන ක්‍රමය බිදවැටීම ගැන එහි කතා කළ හැකි බැවිනි

ජගර්තා තම රට නිදහස් බව ප්‍රකාශ කර ගෙන තිබුනා පමනක් නොව රෝම සෙනෙවියන් දෙදෙනෙක් පරාජය කර තිබුනි.රෝමයේ විශාල කලබගෑනියක් සිදුවිය.

මෙහිදී රෝමපුරය බේරා ගැනීමට ඉදිරිපත් වුනේ රදලයෙකු නොවූ ගයස් මේරියස්ය.රදලයෝ මේරියස්ට කැමැත්තක් නොදක්වූහ.එහෙත් ඔවුන්ට කළ හැකි දෙයක් නොවීය.මේරියස් හා කුලීන ලුතිනන් වරයෙකු වූ එම් කෝනීලියස් සල්ලා වසරේ කොන්සල් වරු ලෙස පත් කෙරුනි.ජගර්තා පරාජය කරන ලදී.

මේරියස් මළේය.සල්ලා එම අව්‍රශයේ තනි අධිපතියා විය.මෙයට මහජන මණ්ඩලය එරෙහිවිය.එහෙත් සල්ලාට එරෙහිව කළ හැකි දෙයක් නොවීය.සල්ලා රෝම  අනපනත් ගනනකට ගෙන නොතිබුනි.සල්ලට එරෙහිව තනම් නියෝගයක් නිකුත් විය.සල්ලාගේ ප්‍රතිචාරය ඉක්මන් විය.ඔහු තම සේනා රෝමයට මෙහෙයවීය.රඳල සල්ල පොදුජන මණ්ඩලයේ නීති අවලංගු කලේ විශාල ලේ වැගිරවීමකිනි.සල්ලාට නිදහසේ රොමයේ වැඩ කටයුතු කිරීමට නොහැකි විය.පාර්තියාවේ මිත්‍රඩේටීස් ආසියාවේ සියළුම කොටස් නිදහස් කරගෙන සිටියේය 

සල්ලා වහා ගොස් මිතඩේටීස් පැරදවීය.මින් පසු සල්ලා රෝමයේ ඒකාධිපතියා විය.මහජන මණ්ඩල පනත් හිස් ලියවිලි විය.

සල්ලාගේ පාලනය අතිශයින්ම දූෂිත විය.සල්ලාගෙන් පසු යළිත් රෝමය අනාරක්ෂිත විය.මෙහිදී වාර්ශිකව තෝරාගත් කොන්සල්වරු දෙදෙනා වුනේ පොම්පේ හා ජුලියස් සීසර්ය.රෝමයේ කීර්තිය යළිත් එසවුනි.සීසර් ගෝල්වරු පරාජය කළේය.ගෝල්වරු යනු නූතන ප්‍රංශයයි.සූරපප්පලා ජිම්පප්පලා ගේ රටයි.සීසර් මහා යුද්ධ දක්ෂයෙකු විය.ඔහු ගෝල්වරුන්ගේ ඥාතීන් සිටි බ්‍රිතාන්‍යද ආක්‍රමනය කළේය.සීසර්ට ඉතිරි වුනේ ජර්මනියයි.සීසර් රයින් ගංගාව තරණය කිරීමට සිතා සිටියේය.එහෙත් රොමෙයේ කටයුතු ඊට ඉඩ නොදුනි.සීසර්ට තහනම් නියෝග පැනවුනි.මෙය සල්ලාගේ කාලයට සමාන විය.සීසර් පෙනී සිටියේ පොදුජනයා වෙනුවෙනි.එහෙත් මේ යුගයේ රදලන් ලෙස පෙනී සිටියේ ප්ලෙබියන්වරුය.අප මුලදී කී පැට්‍රීෂියන් ප්ලෙබියන් ගැටුම ඔබට මතක ඇති නේද

සීසර් පොදුජන රදලයෙකු වුනත් ඔහුට උසස් පැට්‍රීෂියන් උරුමයක් විය.සීසර් සල්ලා මෙන්ම තීරණයක් ගත්තේය.පොම්පේගේ ඉරණම  මේරියස්ට සමාන විය.  ඔහු මළේය.සීසර් සිය සේනා රෝමයට මෙහෙයවීය.මෙතනදී යකාගේ මතකය නිවැරදිය .ක්‍රි:පූ 48 දී සීසර් රෝම අධිපතියා විය.එහෙත් ඔහුට වැඩිකල් රට පාලනය කරන්නට නොළැඹුනි.සීසර් සල්ලා කලා මෙන් පළිගැනීම් නොකළේය.ඔහුට අවශ්‍ය වුනේ එදා මහා ඇලෙක්සැන්ඩර් කළ පරිදි පෙරදිගට යුධ ව්‍යාපාරක් මෙහෙයවීමටයි.

සීසර් ඝාතනයට ලක් විය .යළිත් භීම සමයක් ඇතිවිය.එය අවසන් වුනේ ඔක්ටේවියස් රෝමයේ පාලනය විධිමත්ව පිහිටුවා මහජන මණ්ඩලවල අනුග්‍රහය ලත් පාලකයා වූ පසුය.

රෝමවරුන් ගේ පාලන ක්‍රමය විචිත්‍රය.රෝමවරු නීතියෙන් හා යුද්ධයෙන් යන දෙකින්ම ලෝකය ඇල්ලුවා‍යැයි කියනු ලැබේ.වත්මන් යුරෝපා සභ්‍යත්වය ඇත්ත වශයෙන්ම රෝම සභ්‍යත්වයකි.මුළු යුරෝපයම රොම ජනපද බවට පත් විය.මේ මහා රෝමය තිබූ තැනක්වත් නැති තරමින් අතුරුදන් වී ඇත.මුලින්ම රෝම ජනපදයක් වූ ස්පාඥ්ඥය රෝම උරුමයක් වූ ග්ලැඩියේටර් පොර ගව පොර ලෙසින් උරුමකරගෙන සිටී.ලතින් භාෂාව මෑතක් වනතුරුම යුරෝපයේ උගතුන්ගේ භාෂාව විය.රෝමයේ කොලෝසියම නම් වූ රඟ මඩල මනස්කාන්ත එකකි.රෝමයෙන් මානව සංහතිය උරුමකරගත් දේ අති විශාලය.නීති ක්‍රමය එහිලා ප්‍රධානය.මේසා ශ්‍රේෂ්ඨ රෝමයේ බිහි වීම නැගීම හා බිද වැටීම අපූරු කතා පුවතකි

44 comments:

  1. පස්සේ තමා කියවන්නේ.. දැං දිරවන එකක් නෙමෙයි මේක.. මහන්සියට ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. මට ඕනෙ වුනේ රෝමවරුන්ගේ පාලන ක්‍රමයේ ප්‍රගතිශීලී බවත් ඔවුන්ගේ නැගීම හා වැටීමේ නාට්‍යාතිශ බවත් කතා කරන්නයි.බොහෝ දේවල් කියන්න තිබෙනවා.රෝම දේශපාලන මණ්ඩල ගැන හුඟක් පැහැදිලි කිරීම් කළේ නෑ නීරස වෙන නිසා.ඒත් කොමෙන්ට් වලින් මතු වුනොත් මේ දේශපාලන සංකල්ප ටිකක් ගැඹුරින් විග්‍රහ කරන්න බලාපොත්තු වෙනවා.

      යකා බුරි පෝස්ට් වගේම මේවගෙ ඒවත් දානවා.යකා ඉතින් යකෙක්නෙ හෙහ් හෙහ්

      Delete
  2. මෙයාද පොර? http://en.wikipedia.org/wiki/Heinrich_Schliemann

    යකා මට නම් මේක ඉන්ෆොමේෂන් ඔර්වලෝඩ්... මම පෞද්ගලිකව කැමති මේ වගේ දේවල් වගු, රූපසටහන්, උප මාතෘකා වගේ ආධාර කරගෙන ලියනවා නම්.. දිරව ගන්න ලේසියි එතකොට...

    ReplyDelete
    Replies
    1. එයා තමයි පොර.මතක් කළාට ස්තුතියි
      එයා මේ පුරාවෘත්ත සොයන්න හුඟාක් කැපකිරීම් කළා.රාවණා ගැන කියන කොටත් මෙයා තමයි සිහි වෙන්නෙ.මෙයා නියම වීරයෙක්.ඔයාට සබ්ජෙක්ට් එක මෙච්චර ඉක්මනට මීටර් වුන හැටි මට පුදුමයි.


      මට ඕක හිතුන කීප සැරයක්ම.ඒත් මම ඒව දාන්න දන්නෙ නෑනෙ.බ්ලොග් එක හදන්න උදවු කළෙත් බ්ලොග් අවකාශයෙ සුප්‍රකට මිතුරියක්.එයාට පෝස්ට් එකෙ පෝස්ට් එකට කරදර කරන්න බැහැනෙ.අඩුගානෙ පැරණි ඉතාලියෙ පොටෝ,සීසර්ලගෙ සල්ලගෙ පොටෝ හැනිබාල්ගෙ පොටෝවත් දාන්න තිබුනනම් හොඳයි.

      Delete
    2. අඩෝ මහලොකු දෙයක් නෑනේ බන්. ෆොටෝ ටික add කරන්න විතරනේ. අනික අපු ට කියලා මහලොකු වැඩක් නෑ. ඇහුවොත් අනිවා කියලා දෙනවා.

      Delete
    3. යක්කු යක්කු සෙට් උනාම අදුරගන්නත් බෑ නෙව..

      Delete
    4. අපූට තමයි මුලින්ම අපි දෙන්නාව පැටලුනේ බන්

      Delete
    5. මගේ නම කියනවා ඇහුණා ඉදගෙන :3

      ඊලග පෝස්ට් එකේ සුපිරියට ෆොටෝ ටික දාමු.. 10 මිනිට්ස් පාටමාලාවක් දාමු..
      ඇක්චුවලි සද්ද නොකර හිටියට මං තමයි රාවණා පරම්පරාවේ .
      අන්තිම නිල්පාට කුමාරිකාව

      Delete
    6. අපූට යක්කු පැටලුන බව මමත් මුලින්ම දැනගත්තා.ඒ යක්ෂයගෙ සයිට් එකේ කොමෙන්ට් බලලා.මම කට පියන් හිටිය.හැබැයි අපූ පස්සෙ යකා එක්කත් හිතවත් වුනා

      Delete
    7. අනිවා බන් මේවත් එක්ක හොඳ පින්තූර ටිකක් ගියාම වටිනාකම තවත් වැඩියි. කියවන අයටත් ආසයි

      Delete
  3. //වත්මන් යුරෝපා සභ්‍යත්වය ඇත්ත වශයෙන්ම රෝම සභ්‍යත්වයකි//
    එහෙමද?
    මේ ගැන ලිපි කිහිපයක් ලියවෙයි නේද?

    ReplyDelete
    Replies
    1. මේව ගැන මට ලිපි ලියන්න පුළුවන්.බලන අය කැමති නම් තමයි ඉතින්.මට හිතෙනව මේවට කැමති අය ඉන්න බව.මම කැමතියි සංසන්දනාත්මකව ලියන්න.නීරස වෙන්නෙත් නැතිවෙන්න එක දිගටමත් නැතිව ඉඳහිට ලියන්න.බුරි කතා විහිළු කතා එහෙම ලියන අතරෙ . හෙහ් හෙහ්

      Delete
    2. ලියපං යකෝ අපි කැමතියි.

      Delete
    3. ඔබ රෝම ශිස්ටාචාරය (වචනේ හරිද දන්නේ නෑ) හදාරා නෑ කියලායි මට හිතෙන්නේ. මේ වචන මේ කියන නම් වලින් සිංහල භාශාවට එන්නත් බෑ.
      රෝමයේ සභ්‍යත්වයක් තිබුනේ නෑ. ඒක මහා විහිළුවක්.
      රෝමන්ස් ලා කියන්නේ අද යුරොපයේ මිනිසුන් ලැජ්ජාවෙන් සිහිකරන තරම්. ඒ අය කරපු කියපු දේවල් සභ්යත්වයක් තියෙනවා කියලා අද කොහේවත් කියන්නේ නෑ. අධිරාජ්‍යයක් ගැන ආඩම්බර වෙන්න අපි කාටවත් බෑ.
      මම යුරෝපා හා රෝමන් ශිස්ටාචාර ගැන ඉගෙනගෙන තියෙනවා මේ කියන සංස්කෘතිය ඇතුලේම. ඒත් මට මේ කරුණු ලියන්න තරම් සිංහල දැනුමක් නෑ. ඊටත් වඩා මෝස්ටින්.

      Delete
    4. මේ වචන සිංහල භාෂාවට එන්න බෑ තමයි.එහෙමනම් යුරෝපා නම් එහෙමත් ඒ විදියයි.දැන් මම මේක ලිව්වෙ මට අනන්‍ය ලෙස .උදාහරනයකට සල්ලා කියන නම ලිව්වෙ මගෙ කැමැත්තට.ඒ විදියට ලියන විශේෂඥ්ඥයො ඉන්නවා

      නූතන යුරෝපීයයන් අකමැති ඔවුන්ගෙ මතවාද එක්ක රෝමයේ නොගැලපීම් නිසයි.උදාහරණයකට මානව හිමිකම් වගෙ.
      ඔබ සභ්‍යත්වය කියන වචනෙ තේරුම දන්නෙ නැහැ වගේ.ඒක සාපේක්ෂ තේරුමක්.මම මේකට හොඳම උදාහරනයක් දෙන්නම්.රෝම ඉතිහාසයෙදි අපි ම්ලේච්ඡයො කියන අය ඇත්තටම ම්ලේච්ඡයොද? ඔවුන්ට ම්ලේච්ඡයන් කීවෙ ඔවුන් රෝම සභ්‍යත්වයට අනුගත නොවූ නිසයි.පසු කලෙක ම්ලේච්ඡයන් කීවෙ ක්‍රිස්තියානි නොවූ සියල්ලන්ට

      රෝම සභ්‍යත්වය කියන යෙදුම ඔබ මීට පෙර දැකල නැද්ද? පුදුමයි

      Delete
  4. රෝම නගර සීමාව පොඩි වුනාට අධිරාජය යුරෝපයේ සිට මැද ආසියාව දක්වාම පැතිරිලා තියෙනවානේ.

    ඔය රොමියුලස් සහ රීමස් කිරි බොන සීන් එක තමයි රෝම නගරයේ ලාංඡනයේ තියෙන්නේ. මෙතනින් බලන්න.
    http://kathandara.blogspot.com/2013/05/roman-circus-act.html

    ReplyDelete
    Replies
    1. ඔවු කකා මැද ආසියාවත් උතුරු අප්‍රිකාවත් රයින් ,ඩැනියුබ් ගංගා කිට්ටුවටත්.ඉතින් මේ වගෙ අධිරාජ්‍යයක් පිහිටෙව්වේ පුද්ගල මණ්ඩලයක් ව්සින්.ඉතින් ඔවුන්ගේ පුර හැඟීම කොච්චර ප්‍රබල වෙන්න ඕනද.ඔවුන් ලෝකයට තිලිණ කල සංකල්ප විශාලයි.ඒ වාගෙම ඉතා සාර්ථකයි.ලොව පුරාම රජවරු සිටි යුගයක මෙවැනි මණ්ඩල පිහිටවීමම ඉතා පුදුමාකාරයි.මගේ සිත් ගත්තේ නම් ඒ මණ්ඩලයි.මා හිතනවා වර්තමානයටත් එයින් ගත හැකි ආදර්ශ තිබෙනවා කියා.

      ලින්ක් එකට ස්තුතියි.

      Delete
    2. ඔව් මටත් කාකා තුමා කියපු එක මතක් වුනා කියෝගෙන එද්දී... ආසකරන විදියේ ලිපියක් ... දිගටම ලියන්න මේ වගේ දේවල් ගැන

      Delete
  5. වටින ලිපියක් යකෝ. නොදන්න විස්තර ටිකක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිලිනි.

      පුරාණ රෝමවරයාගේ උදාරබව අගය කළ යුත්තක්.ධීර වීර බව,පෞර හැඟීම,විධිමත් නීති පද්ධති,විධිමත් පාලන ඒකක ( දෙපාර්තමේන්තු )විශිෂ්ට ධූරාවලි.මේ හැම එකක්ම එකළ ලෝකයට අරුමයන්.
      මා හිතන්නේ මේ අප අධ්‍යනය කළ යුතු දේවල් හැටියටයි

      මේ විශය ගැන මම තව ලිපි ලියනවා

      Delete
  6. යකා මොකද එක වගේම ලිපි ලියන්නෙ ....

    ReplyDelete
  7. කොයි රටේ ඉතිහාසය වුනත් ඉතිහාසය කියන්නේ හරිම අපූරු කතන්දර ගොඩක්. මමනම් ඉතිහාස කතාවක් දැක්ක ගමන් කියවනවා. රෝම පාලන ක්‍රමය තුල දැඩි විනයක් තිබුනා.

    ReplyDelete
    Replies
    1. ඒ විනය උදාර බව ඔවුන්ගේ ආධ්‍යාත්මයෙන් ආ දෙයක්.සමාන අයිතිවාසිකම් සහිත පුරවැසියන්ගේ සාකච්ඡා මණ්ඩප තුලින් ලෝකයෙන් බාගයක් පාලනය කළ හැටි අරුමයි.

      මම කොහොමත් යුද්ධ වීරයන්ට කැමතියි. සල්ලා සීසර් ආදීන් මෙන්ම හැනිබාල්,ජගර්තා ආදීනුත් මට වීරයන්.එම යුද්ධ වල සමහර දේවල් මගේ සිත් ගත්තා.මාක්ස් ලුකලස් හා මිත්‍රඩේටීස් අතර සටනින් පර්සියානු හමුදාවම විනාශ වී ලුකලස් ගේ මියගියේ දෙදෙනාලු.

      වීරත්වය හා උදාර බව කොයි තරම් චමත්කාර ලෙසින් ශේක්ස්පියර් ඔහුගේ ජුලියස් සීසර් නාට්‍යයේ පෙන්වා තිබුනා ද කිවොත් මම ඒකට වශී වෙලා වගෙයි හිටියෙ.සීසර් මරන්නට කැසියස් අනෙක් අය ( බෲටස්,කැස්කා,ලිගාරියස්,සින්නා ආදීන්) පොළඹවන ආකාරය හරිම රසවත්.ඔවුන් සීසර්ට එරෙහි වන්නේ රෝමයේ හා තමන්ගේ උදාර බව ගැන කියමිනුයි.නමුත් ඒ උදාර බව ඉක්මවා යන යතාර්ථයක්ද ඇති බව සීසර් ගේ අවමංගල්‍යයේදී ඇන්ටනි ගේ කතාවෙන් පැහැදිලි වෙනවා.

      Delete
    2. යකෝ......රෝමයේ තිබු ඒ දැඩි විනයානුකූල පාලන ක්‍රමවේදයන් ඉතා සීඝ්‍ර පරිහානියන්ට ( විශේෂයෙන්පසුගිය දශක 2-3....ඒ ඉතිහාසයේ ශේෂයන්වත් නොදකින සේ) ලක්වීමට විශේෂිත හේතු වුනේ මොන වගේ දේවල්ද බං? ඒ ඒ පුද්ගලයාගේ පරිහානියද.

      Delete
    3. අරූගෙ අඩවිය@ අපේ දැඩි අධ්‍යයනයට ලක් විය යුත්තේ එයයි.රෝමයේ නොවේ අපේ සමාජයේත් රෝමයට මාරාන්තික වූ පරිහානියේ විශබීජ තිබිය හැකියි.රෝම ආධිපත්‍ය වෙනුවට ක්‍රි:පූ 410 දී විස්ගොත් නම් වැන්ඩල් වරයා රෝමය අත්පත් කරගත් පසු ඊනියා ම්ලේච්ඡ සංකල්ප මතු වුනා.නූතන අයිබීරියාවේ රෝම ජනපද විසිගොත් වැන්ඩල් වැනි ගෝත්‍රත් ගෝල් දේශය ෆ්‍රෑන්ක්වරුනුත් බ්‍රිතාන්‍ය ඇන්ග්ලෝ සැක්සන් වරුනුත් ජය ගත්තා.මේ නිසා රෝම පදනම දෙදරුවා.ඉතාලියේ පවා ලොම්බාඩිවරු පෑ බලය මෙහිලා නිදසුන් .ඉතාලියේ ලොම්බාඩිය ඔවුන් සිහි වෙනවා.මේ සියළු ගෝත්‍ර රයින් ගඟබඩ සිටි ජර්මන් ගෝත්‍ර.ලෝක ඉතිහාසය නාට්යයක් වගෙයි.යුරෝපයේ රෝම පදනම දෙදරා එම රෝම පදනම මතම ම්ලේච්ඡ පදනම මෙසේ දැමුවා.නූතන යුරෝපය යනු මේ අත්තිවාරම් දෙකක් මත ඉදිවූ දෙයක්.

      ඉතින් ඔබ ඇසූ ප්‍රශ්නයට දිගු ලිපියකින් උත්තර දෙන්නම්.එහිලා ම්ලේච්ඡ කඩාවැදීම් වලට හේතුත් ඒවා සිදුවූ අයුරුත් පෙන්වා දෙන්නම්.තමන් බිඳවැටෙන බව රෝමවරුන්ට හැඟුනේ නෑ.අද එය අපි දකිනවා.ඇතැම් විට එම පරිහානිය සාර්ථකත්වයක්,ප්‍රගතිශීලීත්වයක් මානව හිතවාදීත්වයක් ලෙසද දුටුවා.

      Delete
  8. මම නම් ගොඩාක් ආස ඉතිහාසමය දත්ත වලට වඩා එකේ තියන කතාන්දරය. තැනින් තැනින් අහුලා ගත්ත තොරතුරු ටිකක් එකට සම්බන්ධ වෙනවා කියන්නේ මට ඊට වඩා දෙයක් නෑ. කොහොමත් ඉලියඩ් ඔඩිසි කියවපු කාලේ ඉදන්ම ග්‍රීක, රෝම කතා වලට පට්ටම කෑදරයි. හැබැයි ඉතිං කතන්දර තමයි ගොඩාක්

    ReplyDelete
    Replies
    1. මාත් එහෙමයි.ඒත් සංසන්දනාත්මකව කිසියම් විශ්ලේශනයක යෙදෙන්න මම කැමතියි.ඒ වාගෙම මේක මෙහෙම නොවුනානම් කොහොමද ආදී වශයෙන් හිතන්න මම කැමතියි.ඉතිහසය කියන්නෙ නිකම් රජවරුන් බඩු ගහපු කතාවක් නොවෙයි.මිනිස් වර්ගයා ලැබූ අත්දැකීම් සම්භාරයක්.ඒකෙන් අපට ඉගෙන ගන්න බොහෝ දේවල් තිබෙනවා.වර්තමානය කියන්නෙ ඉතිහාසයේ දරුවා

      Delete
  9. හොඳ ලිපියක් යකා, වල් පල් වලට වඩා මෙහෙම දෙයක් කියවන්න ලැබෙන එක ලොකු දෙයක්. ඒත් ෆ්ලෝ එක පොඩ්ඩක් අවුල් වගේ නේද?

    පොඩි අදහස් ටිකක් දෙන්නම්, ලියන හැටි උගන්නන්න යනව නෙවෙයි.

    * ලිපිය ටිකක් දුරවබෝධ එකක් නම්, ලිපියෙ තමන් කියන්න යන්නෙ මොකක්ද කියන එක ගැන පොඩි ස්කෙච් එකක් මුලින් ම ගහන්න පුලුවන් නම් කියවන එකාට පහසුවක් මොකාටද එන්නෙ කියල හිතා ගන්න. කියවල ඉවර වෙනකම් මොකක්ද මේ කියල තියෙන්නෙ කියල හිතා ගන්න බැරි ස්ටයිල් එකට කියන්නෙ "Mystery meat navigation" කියල. ඒක කියවන්නාට අමාරුයි සාමාන්‍යයෙන්.
    * පුලුවන් නම්, සෙක්ෂන් කඩන්න. උදාහරණයක් හැටියට "ග්‍රීක්වරුන්ට පිරිහීම අත් කර දුන් පුර ක්‍රමය රෝමවරුන්ට විජයග්‍රහනයේ මාවත වුනේ කෙසේද?" කියන එක වාක්‍යයක් නොවී මාතෘකාවක් උනා නම්, කියවන කෙනාට පොඩි බ්‍රේක් එකක් එනව. එහෙම නැත්නම් පුර ක්‍රමය එක සෙක්ෂන් එකකට ගන්න පුලුවන්.

    ලොකු කමට කියනව නෙවෙයි උදව්වක් වේවි කියලයි කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. මම ඒ කාරණය ගැන කල්පනා කළා.ඔබට ස්තුතියි

      Delete
    2. අහ්හ්හ් මෙන්න ඉන්නවා මගේ ඇනෝ නෝනා ... ලොල් අපරාදේ නේද ඇනෝ නෝනගේ මහන්සිය...ලියන හැටි උගන්නන ඇවිත්.. :D

      Delete
    3. සහන්,

      ඔබට මගේ තිබූ විවේචනය පුද්ගලික කෝන්තර නොව කරුණු මත පදනම් වූ එකකි. ඔබේ අපහාස මද්‍යයේ උනත්, වෙන උන් ඔබට පිස්සු කියා බනින විටත් මම පුද්ගලික මඩ පැත්තක තබා කරුනු වලින් හැප්පෙන්න යයි ඔවුන්ට කියනු මොළයක් ඇති අයෙකුට නම් පෙනෙන්නට ඇත.

      ඔයාට මෙතැන උත්තර දෙන්න පුලුවන් උනත්, අහක යන යකා ගේ බ්ලොග් එක ඇතුලේ අදාල නැති පුද්ගලික කෝන්තර පිරිමසා ගන්නා ඔබේ ලෙවල් එකට මට වැටෙන්න ඕන නෑ. ඔයා ඔයාගෙ ක්ලාස් එක පෙන්නල යන්න.

      Delete
    4. \\\ඔයාට මෙතැන උත්තර දෙන්න පුලුවන් උනත්, අහක යන යකා ගේ බ්ලොග් එක ඇතුලේ අදාල නැති පුද්ගලික කෝන්තර පිරිමසා ගන්නා ඔබේ ලෙවල් එකට මට වැටෙන්න ඕන නෑ.\\\

      මහත්තයෝ ඔයාව මම ඝාතනය කරනවා කිව්වත් තෝව මම මරනවා කිව්වත් දෙකම එකයි! ඔයාගේ සුදු ළූණු මදි සහන්ව තම්බන්න හොඳද ? මම මේ ටික කිව්වේ හිතන් ඉන්නවා නම් සහන්ට අපි ගේම දුන්නා කියලා ඔයාට වැරදිලා...නිකන් බබා උනා කියලා වැඩක් නැහැ මහත්තයෝ... බඩ දරු අම්මලටත් බෝම්බ බැඳලා එවපු යුගයක් මේක... ඔය ප්‍රොෆයිල් පික් එක හරි අජූවයිනේ ... කට්ටිය බය වෙයි කියලද නිකන් යක් මූණක් දාගෙන ඉන්නේ... :D

      Delete
    5. ///// මහත්තයෝ ඔයාව මම ඝාතනය කරනවා කිව්වත් තෝව මම මරනවා කිව්වත් දෙකම එකයි! /////

      කරුණු මත පදනම් වූ විවේචන මිස මම කාටවත් පුද්ගලික තර්ජන කර නැත. තරහ ගියපු වෙලාවක සැර වචන පාවිච්චි උනත් ඒව පුද්ගලික ලෙවල් එකට අරන් ගිහින් නෑ මේ ඔයා කරනව වගේ.

      //// ඔය ප්‍රොෆයිල් පික් එක හරි අජූවයිනේ ... කට්ටිය බය වෙයි කියලද නිකන් යක් මූණක් දාගෙන ඉන්නේ... /////

      ස්තුතියි. මම ඒකට ආසයි ඒකයි දාං ඉන්නෙ.

      මීට පසු ඔබ මොන චෝදනාව කලත් මේ බ්ලොගය තුල මම ඔබට උත්තර දෙන්නේ යකා උත්තර දෙන ලෙස ඉල්ලා සිටියොත් පමණි.

      Delete
    6. හරි හරි මේ ගැන ඉතින් මහා ලොකු සංවාද කරානේ ඔයා... ඔයා ඉතින් හරි හොඳයි.අඩුම තරමේ "උඹ" යනුවෙන් වත් කියන්නේ නැහැ....අපි ඉතින් ප්‍රබුද්ධ නෙවේ.ඔබට සිදු වූ අපහසුව ගැන සමාව දෙන්න... (මම මුකුත් දැක්කේ නැහැ)

      Delete
  10. තව සූට්ටක් විතර ලෝඩ් එක අඩු කරා නම හොඳයි වගේ යකෝ... අකුරු බෝල්ඩ් කරලද තියෙන්නේ බ්ලොග් එකේ ...? දිගටම මේ වගේ දේවල් ලියන්න ...

    ReplyDelete
    Replies
    1. ප්‍රමානයද? ඔවු මම රෝමයේ මම කී විශේෂ දේශපාලන සංස්ථා සහ නිල බල ක්‍රමය ගැනත් රෝමයේ විනාශයට හේතු වූ පරිහානියේ විශබීජ ගැනත් මේ ලිපියේ කරුණු ඇතුලත් කලේම නෑ එහෙම කළා නම් ලෝඩ් එක හුඟක්ම වැඩි වෙනවා.මට ඕන වුනේ ඉතිහාස ලිපියක් ලියන්නට වඩා අපට යමක් හිතන්න පොළබවන්න

      Delete
  11. රෝමයත් අපිට උදව් වෙනවා අනිත්‍යය මෙනෙහි කරන්න. සීසර් කියන්නෙ පුද්ගල නාමයක්ද ? තනතුරු නාමයක්ද ? ජගර්තා හා ජකර්තා අතර සම්බන්ධයක් තියනවද කියලා අවභෝධයක් තියනවද ?

    කෙටි ලිපියකින් ගොඩක් දේවල් දැන ගත්තා. මම දන්නෑ, මට මතක නෑ කියලා ලියනවට වැඩිය වටිනවා පොඩ්ඩක් හොයලා ලියුවනම්. එතකොට ලිපියත් අංග සම්පූර්ණයි.

    ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. පුද්ගල නාමයක් වූ සීසර් ( ගයස් ජුලියස් සීසර් ගේ නම ) පසුව ඔක්ටේවියස් ගේ යුගයේදී තනතුරු නාමයක් බවට පත් වුනා.ඔක්ටේවියස් ගේ දක්ෂ රාජ්‍ය තාන්ත්‍රික බව ඊට හේතු වුනා.ඔහු මහජන මණ්ඩල අහෝසි කළේ නෑ.ඒවා පිරිහෙන්නට ඉඩ හැරියා.ජුලියස් විසින් දැමූ පදනමේ ඔහු කොතරම් මනරම් ගොඩනැගිල්ලක් ඉදිකළාද කිවහොත් ගයස් සීසර් නොහොත් උමතු කැරකලා,ඈලිමෑලි කම්මැලි මිනිහෙක් වූ ටයිබීරියස් හා නීරෝ (වීනා වාදනය කළ තැනැත්තා ) වැනි විගඩම් කාරයන්ගේ වඩ වලින්වත් එම ගොඩනැගිල්ල බිඳ වැටුනේ නෑ.

      තව දෙයක් මතක් වුනා.ගයස් සීසර් ( කැරකලා )ගේ කාලයේ මහජන මණ්ඩල කොයිතරම් පිරිහුනාද කිවහොත් ඔහු වරෙක කොන්සල් තනතුරට අශ්වයෙකු පත් කළා.ඔහු තමන්ගේම මව විවාහ කර ගත්තා.නීරෝ ඉතාම පිළිකුල් විකෘති කාමාශාවන්ගෙන් යුක්ත වූ කෙනෙක්.මුළු රෝමයම දූෂිත වුනා .නමුත් බිද නොවැටුනේ ජුලියස්ලාගේ ඔක්ටේවියස්ලාගේ විනයගරුක අල්පේච්ඡ හැඟීම් දමනය කිරීමේ ගති නිසයි.

      සීසර් යන පුද්ගල නාමය තනතුරු නාමයක් වූ සැටි ක්‍රි:ව 70 පමන වෙස්පේශියන් වැනි රෝම ජාතික නොවන අධිරාජයන් පවා භාවිතා කිරීමෙන් පෙනෙනවා.එම භාවිතය ඉන්පසු වසර 400 ක් පමන පැවතීමෙන් ජුලියස්ලාගේ ඔක්ටේවියස්ලාගේ තරම අපට හිතා ගත හැකියි නේද?
      ඔවු ඉදිරියේදී ලිපි ලියන ලියන විට හදිස්යේ මතකෙන් ලියනවාට වැඩිය ක්‍රමානුකූලව ලියන්නම්.

      නියුමිඩියාවේ කුමරුගේ නම ජගර්තා.

      Delete
  12. රෝම ඉතිහාසයේ නටඹුන් දකින්න ලැබුන හන්දා අතීතයේ ඉස්ටෝරුව හුඟක් දේවල් නම් දන්නවා.. ඒත් නොදත් දැන් නම් මේ රෝම ඉතිහාසයේ එමටයි..

    // වත්මන් යුරෝපා සභ්‍යත්වය ඇත්ත වශයෙන්ම රෝම සභ්‍යත්වයකි//

    හැබැයි මේකනම් ටිකක් වෙනස් වෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. ඒක මෙහෙමයි.රෝම සභ්‍යත්වයේ මූලිකාංග මත යුරෝපා සමාජය නිර්මානය වුනා.එසේ සකස් වුන යුරෝපය ඊනියා ම්ලේච්ඡයින් විසින් අත්පත් කරගෙන ජනාවාස කළා.මෙම ම්ලේච්ඡයින් රෝම සභ්‍යත්වය වැළද ගත්තා.යුරෝපය ක්‍රිස්තියානි වුනත් ඒ ලතින් වටිනාකම් මත පිහිටායි.නමුත් යුරෝපය මධ්‍යතන යුගයෙන් පසු නිරාගමික වූ පසුවඩාත් තම පැරණි මූලයන් සොයා ගියා.යුරෝපා පුනරුදයය ඇත්ත හේතුවත් ග්‍රීක් පොත් පරිශීලනයයි.පුනරුදයේදී ග්‍රීක් දාර්ශනිකයන් යළි කැදවනු ලැබූ අතර ලොව පිළිබද නව ඇසකින් බලන්නට පුරුදු වුනා.නමුත් පැරණි රෝමයට හානිකර වුන පරිහාණියේ විශබීජ ඒ ලෙසින්ම වත්මන් බටහිර සභ්‍යත්වයේ තිබෙනවා.දැන් නම් මුළු ලෝකයේමත් එම විශබීජ පැතිරෙමින් යන බව පේනවා.එනිසයි රෝමය හැඳෑරීම වැදගත් වෙන්නේ.ඒ ගැන වෙනම ලිපියක් ලිවිය යුතුයි.

      Delete
  13. ලතින් බස උගතුන්ගේ බසක් බවට පත්වෙලා තියෙන යුගයෙදි තමයි එංගලන්තේ විලියම් ශේක්ස්පියර් ඉංග්‍රීසි බසින් නාට්‍ය රචනා කරන්න ගත්තේ.මොකද කලෙක එංගලන්තයත් රෝම බලපෑමට නතු වෙලා තිබ්බ නිසා.(මට මතක විදිහට අර බුඩීකා ‍රැජින සම්බන්ධ යුද්ධ වලට මේ කාලය දිව යනවා).රෝම ශිෂ්ටාචාරය වියැකී යන්න ඔවුන් පාවිච්චි කරපු ජල නළ ඊයම් වලින් හදලා තිබ්බ නිසා ඊයම් විස වීමක් කියලා මතයකුත් තියෙනවා නේද?ස්පාඤ්ඤය කලක් මැදපෙරදිගට යටත් වෙලා තිබ්බ නිසා ඔවුන්ගේ සංස්කෘතිය ටිකක් වෙනස්,ගෘහ නිර්මාණ ශිල්පය,කෑම,ගීත,එව්වා මෙව්වා.www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
    Replies
    1. ඔවු එකළ ඉංග්‍රීසිය හැදින්වුනේ නූගත් පහත් මිනිසුන් වහරන දෙවැනි පෙළේ බසක් ලෙස.ඉහළ පැලැන්තියෙ බස වුනේ ලතින්.
      අද විතරක් නොවෙයි එදත් එංගලන්තෙ රැජිනන් සිටියා.බුඩෝවිකා රැජින ඒ අතින් ප්‍රසිද්ධයි.ඒ ඇය රෝම වරුන් සමඟ කළ සටන් නිසයි.
      රෝමයේ වැටීම ගැන එවැනි මත තිබෙනවා තමයි.ඒවායේ බලපෑමත් තිබෙන්න ඇති.ඒත් අපි මෙතනදි පොදුවේ පිලිගැනෙන කාරනා වැඩිපුර සාකච්ඡා කරනවා ඉදිරි ලිපියකදි.නමුත් ඔය ඊයම් කාරණාව වගේ දේවල් පොදු කාරණාවලට වඩා තීරණාත්මක වෙන්න ඉඩ තිබෙන බාව්ත් අමතක කරන්න නරකයි.

      ඔවු ස්පාඥ්ඥය වෙනස්.ස්පාඥ්ඥයේ සංස්කෘතියේ පමනක් නොවේ.ජානවලත් අරාබි බලපෑම තිබෙනවා.එරට රඳලයන් ගේ සම්භවය අරාබි.ඇසේ කලු ඉන්ගිරියාව ඊට හොඳ සාක්ෂියක්.ස්පාඥ්ඥයන් නිදහස ලබා ගත් විගසම ලොව යටත් කරගන්නට යත්න දැරීමත් ඉතිහාසයේ හරිම පුදුමයක්.
      ඒත් එදා නම් රෝමයටත් වඩා රෝම වුනේ ස්පාඥ්ඥය. ස්පාඥ්ඥයේ රෝම ජනපද පැවතියා.ඒවා ඉතා සාර්ථක වුනා.

      Delete
  14. මම කැමතිම පැත්තක් තමයි ඉතිහාසය. ඕනෑම රටක ඉතිහාසය කියවන්න මම කැමතියි. රෝමය හා සම්බන්ද චිත්‍රපට බලපුවා මතක් වුනා. කරුණු නම් එක පාරට මොලේට යවාගන්න අමාරුයි. රුප සටහන් දාලා තවත් හොඳට ලියන්න. මෙහෙම් කියුවට උපදෙස් දෙන්න මම ප්‍රවීනයෙක් නොවේ.

    ReplyDelete
    Replies
    1. රූප සටහන් දැමීම අත්‍යාවශ්‍යයි.ඒ විතරක් නොවෙයි ලියන ශෛලියත් තව පොඩ්ඩක් සුඛනම්‍ය කරන්න ඕන.නැත්නම් පොයින්ට් ෆොර්ම් ගතිය වැඩි වෙනව

      මට හුඟක්ම ඕන කළේ රෝමයේ දේශපාලන සංස්ථා ගැන කරුණු මතු කරාවි කියල.කිසිම කෙනෙකුට ඒක ඒ තරම් වැදගත් නෑ වගෙ.නූතන ද්වි පක්ෂ ක්‍රමයට වඩා ඉදිරියෙන් තිබුන දේශපාලන රටාවක් රෝමවරුන්ට තිබුන කියල මම හිතනව.හැබැයි ඔවුන්ට පසුගාමී දේවල් තිබුන.නමුත් ආකෘතිය අදටත් වැදගත් කියලයි මට හිතෙන්නෙ.

      Delete