Wednesday, January 1, 2014

හැමෝටම සුභ නව වසරක් වේවා

අද ජනවාරි පළමුවෙනිද හැම ආයතනයකම උත්සව.හැමෝම එකිනෙකාට සුභපතා ගන්නවා,හැමෝම අළුත් ඇදුම් ඇදගෙන.ආයෙ හෙට ඉදන් පරණ ඇඳුම්.අද තිබෙන උද්‍යෝගය අදට පමණයි.ඒත් කොහොමටත් මොකක් හරි මුල පිරීමකුත් තිබෙන්න එපායැ.යුරෝපයේ ජානුස් දෙවියන් සමරමින් අපි මේ වගෙ දෙයක් කරන එක හොඳයි.ඒත් ඒකෙන් මේකෙන් අපිට අලුත් අවුරුදු දෙකයි.අප්‍රේල් වලත් අවුරුද්දක්නෙ.ඒත් යකා මේ ජනවාරි අවුරුද්දට කැමතියි.මොකද මේකෙ නිශ්චිත බවක් තිබෙන නිසා.

යකා බ්ලොග් ලියන්න පටන් අරන් මේ උදාවෙන්නෙ පළමුවැනි අවුරුද්ද.ඒ නිසා මේ සුබ පැතීම යකාට විශේෂයි.බ්ලොග් වලට කොමෙන්ට් දදා හිටපු යකාට බ්ලොග් එකක් ලියන්න කියල ආරධනා කළේ මාතලන් ගොයියා.ලිවීමේ දක්ෂතාවයක් එහෙමට නැතත් ලියන්න ඕන කියල යකාට හිතුනෙ ඔහුගෙ ඒ කොමෙන්ට් එකත් එක්ක.

ඉතින් යකා සින්ඩියෙ තිබුන බ්ලොග් ඔක්කොම වාගෙ බැලුව.මේක හොඳයි කම්මැලිකම යන්නත් එක්ක.බ්ලොග් ලෝකෙත් සාගරය වගෙ තමයි.නිශ්චලයි වගෙ පෙනුනට පොලවෙ තිබෙන ඔක්කොම ඒකෙත් තිබෙනව.සමහර බ්ලොග් කරුවො ගැටුම් තිබෙනව.ඒ අතරෙ අරුම පුදුම බ්ලොග් කරුවොත් ඉන්නවා.ඒ අයගෙ කොමෙන්ට් මාගල් වගෙ.

මම තේරුම් ගත්ත දෙයක් තමයි සමහර  බ්ලොග් කාරයො හොල්මන් වගෙ හැසිරෙනව කියන එක.ඒ අයගෙ ස්ත්‍රී පුරුෂ භාවයවත් පැහැදිලි නෑ.මේ සේරම අලකලංචි මැද්දෙ බ්ලොග් ලෝකය හරිම සුන්දරයි.දැනුම ලබා දෙන උල්පතක්.ඒත් මේ බ්ලොග් ලෝකය වාගෙම එෆ් බී එකත් වැඩකට නැති දේවල් වලට පාවිච්චි කරනවට වඩා කොයි තරම් නම් දේවල් කරන්න පුළුවන්ද කියල යකාට හිතුන.

යකා සාමාන්‍යයෙන් යකා බැදගත්ත වගෙ වැඩ කරන කෙනෙක්.ඒත් යකා තීරණය කරල තිබෙනව හැකිනම් දිනපතාම වගෙ අප්ඩේට් කරන්න.එහෙම කරල හැමෝටම ප්‍රයෝජනවත් බ්ලොග් එකක් කරන්න.

හැමෝම සුභ පැතුවට ඇත්තටම එහෙම වෙයිද?පසුගිය 2013 නම් එහෙමට අමුතු සිද්ධි සිදු නොවූ වසරක්.නො නිව්ස් ඊස් ගුඩ් නිව්ස් නෙ.

අලුත් අවුරුද්දෙ ඉස් ඉස්සෙල්ලල කියල ආපු නිව්ස් එක තමයි පවර් ෆේලියර් එකක් ගැන .මම හිතන්නෙ හැමෝටම එහෙම තමයි.ඒත් යකාට සුභ පැතුම් නම් සිය ගානක් ආව.


ඇත්තටම අවුරුද්ද කොහොම වෙයිද? මට නම් හිතෙන්නෙ ලෝක ආර්ථිකය තවත් පල්ලම් බහියි කියන එක.චීන ආර්ථිකයත් සමස්තයක් වශයෙන් 7% ක සීමාවෙලු.එහෙම ආර්ථිකය අතින් සුභදායක නොවුනත් තාක්ෂණය අතින් වඩා ඉදිරි පියවරවල් තබන වසරක් වේවි.සොභාවික ව්‍යසන සිදුවුනත් හානි අවම වේවි.ජ්‍යොතිර්වේදීන් සුපුරුදු ලෙසම ලංකාවෙ ජනතාව රවටාවි.ජනතාවගෙ සබ්බ සකලමනාව සූරකන්න නව ආකාරයෙන් කොම්පැනි බිහිවේවි.හැම අතින්ම පීඩාවට පත්වන ජනතාවට දේශපාලකයන්ගෙ විගඩම් බලන්න  ලැබේවි.
ඒ වගේම එක්සත් ජාතික පක්ෂය නවකයන් පුහුණු කරමින් ඔවුනට සේවයක් කරාවි.එම නවකයන් ආණ්ඩුවට එක්වී මැති ඇමතිකම් ලබා ගන්නා නිසා මෙය යහපත් අරමුණින් කරන පුහුණු කිරීමක් ලෙසත් සැළකිය හැකියි.මෙසේ 2013 සෙල්ලම් එලෙසින්ම පවතීවි.

යකාගෙ බ්ලොග් එකත් ලොකු පිම්මක් මේ වසරෙදි පනින්න හිතාගෙන ඉන්නවා.ඒ වගේම තවත් අදහස් තිබෙනවා.

ඒ වගේම බ්ලොග් මිත්‍රයන් සමඟ සම්බන්ධ වෙලා යම් ප්‍රගතිශීලී කාර්යභාරයක් කරන්නත් ඕන.ඒ හැමදෙයක්ම තීරණය වෙන්නේ කටයුතු සිද්ධ වෙන ආකාරය අනුව තමයි.

21 comments:

  1. අපේ ආර්ථිකය නං මේ අවුරුද්දේ 5.4% ඉදල 5.5% ටත් වැඩි කරා. ඊට පස්සේ ඒක 6.0% ටත් වැඩි කරා. ඒ කරේ ටැලිපෝන් එකෙන්..

    එහෙනං මේ අවුරුද්දෙත් එහෙම කරමු නේද යකෝ.

    යසුනවවේ..!

    ReplyDelete
    Replies
    1. අනේ මන්ද මොනව වෙනවද කියල කිසිම කෙනෙක් දන්නෙ නෑ.සෙක්කුවෙ බැන්ඳ ගොන් වාගෙ .ආ ඒකත් වැරදියි උන් නම් එකම තැන කැරකෙන බවවත් දන්නව.අපි ඒක දන්නෙත් නෑ

      Delete
    2. //අපේ ආර්ථිකය නං මේ අවුරුද්දේ 5.4% ඉදල 5.5% ටත් වැඩි කරා. ඊට පස්සේ ඒක 6.0% ටත් වැඩි කරා. ඒ කරේ ටැලිපෝන් එකෙන්..//

      සිරාම කතාව!
      සුභ අලුත් අවුරුද්දක් ‍වේවා යකා!

      Delete
    3. ඔබටත් එසේම වේවා රාජ්.ලංකාවෙ ආර්ථිකය නම් ලොකු වෙනසක් වෙයි කියල හිතන්න බෑ.මේ කරන දූෂන වංචා එක්ක.

      Delete
    4. ඕක 7% විතර වේද්දී ටැලිෆොන් එක වත් ඉතුරු වුනොත් ලොකු දෙයක්.

      Delete
  2. යකා ඇතුළු ඔබ සැමට සුබ නව වසරක් වේවා. අපේ ආර්ථිකය යහපත් වේවා.

    කොහොම වුනත් සිංහල බ්ලොග් ලෝකය සුන්දරයි. මමත් ළඟදී බ්ලොග් එකක් පටන්ගත්තේ. නව වසර සඳහා මම ලියුවේ අන්තර්ජාල මුදල් වල යථාර්තය පිළිබඳව. මෙන්න ඒ ලිපිය
    අන්තර්ජාලයෙන් මුදල් පිළිඹඳ යථාර්තය, ප්‍රෝඩාව සහ වංචාව
    ඔබ සැම පැමිණ කියවන්න.

    ReplyDelete
    Replies
    1. මහ කළු සිංහලයා @ ඔබටත් එසේම වේවා.ඔබ කියන්නත් පෙර ඔබේ ලිපිය මා කිහිපවරක්ම කියෙව්වා.ඇත්තටම එය ඉතා අනර්ඝ ලිපියක්.

      බ්ලොග් ලෝකය සුන්දරයි.අප එය වඩා සුන්දර කර ගත යුතුයි

      Delete
  3. යකාට සුබ නව වසරක් වේවා !! බලා ඉඳිමු මොකද වෙන්නෙ කියලා...

    ReplyDelete
    Replies
    1. එසේම වේවා.ඒ වගේම මේ වසරේ දිනපතාම වගේ අප්ඩේට් කරන්න අදහසක් තිබෙනවා.ඒකට ලොකු වෙහෙසක් දරන්න වෙයි.බලමු මොකද වෙන්නෙ කියල

      Delete
  4. උඹ මගුලක් කතා කොරනවා.. ආන් ගාල්ලේ සත්තරන් ආන්ඩුවට එක්කාසු වෙලා...

    පොලොන්නරුවේ කොල්ලා ටී වී එකේ ප්‍රසිද්ධියේ කිව්වා මිසක්ක. මම නම් කියන්නේ මැරෙණකන් ලොක්කා තමයි සජ්ජුරුවෝ...

    විප්ලව කරන්න සියළු ශක්තිය ලැබේවා.. උඹට ඒ ටැලන්ට් එක තියෙනවා..

    ReplyDelete
    Replies
    1. ආන්ඩුවට අවශ්‍ය දේශපාලනඥයන් පුහුණු කරමින් එජාපය විශාල සේවයක් කරනවා.මෙහි දී සිදුවෙන්නේ එජාප චන්ද කිසියම් ප්‍රතිශතයක් රජයට ලැබීම.තරුණ එජාප ඡන්ද ඍජුවම එජාප ආධ්‍යාත්මය හා බැඳී නෑ.ආන්ඩුවට එන අයට සංධාන ඡන්ද කොයිතරම් ප්‍රමානයක් උකහා ගත හැකිද යන්න මත ඔවුන්ගේ පුද්ගලික සුබ සිද්ධිය සැලසෙනවා.අලුත් මුහුණු වලට ඡන්දෙ දෙන්න සංධාන ඡන්දදායකයන්ට අවස්ථාවක් ලැබෙනවා.මේ වාතාවරනය තුල රත්තරන්ට විතරක් නොවෙයි ගයන්ත කරුණාතිලක,හර්ශ ,රවී ,රෝසි ඕනෑම කෙනෙකුට අව්ස්ථාව තිබෙනවා.

      පොලොන්නරුවෙ කොල්ල අනාවැකි කියන්නෙ දැන් සුමනදාසලගෙ චන්ද්‍රසිරිලගෙ අනාවැකි එපා වෙලාද දන්නෙ නෑ.පොලොන්නරුවෙ කොල්ලගෙ අනාවැකියෙ කිසියම් තර්කානුකූල බවක් තිබෙනවා.මොකද තුන්වැනි ජනාධිපතිවරනෙකදිත් මහින්ද පරද්දන්න අමාරුයි.ඒ කියන්නෙ 2020 වෙනකම් අදියි.
      2020 වෙනකම් අල්ලගෙන හිටිය කියන්නෙ තව කාලයක් අල්ලගෙන ඉන්න එක ලේසියි.මොකද එතකොට එජාපයක් කියල දෙයක් නැති ගානයි.ජේ වීපිය ඔහෙ කෑකෝ ගගහ ඉදියි.
      ඒ වෙනකොට විපක්ෂ පාක්ෂිකයාගෙ ධෛර්ය හොදටම වැටෙනවා.ඒ නිසා ඔය කොල්ල කියන කාලසීමාව කිට්ටු වෙනකම් ඉඳියි.අනික ඔය කියන කාලෙ වෙන කොට මිනිස්සුන්ට යුද්දෙ අමතකයි.සංවර්ධන වැඩ යුද්දෙ තරම්වත් මතක තිබෙන දෙයක් නොවෙයි.

      මෙහෙම අනාවැකි කියන එක තමයි හොඳ .අර ග්‍රහය මෙහෙමයි මේ ග්‍රහය මෙහෙමයි කියල ලෝකෙ නැති බොරු කියන්නෙ නැතිව.

      Delete
  5. යකාටත් සුභ නව වසරක් වේවා....

    දිනපතා පෝස්ට් ලියනවා නම් ඒ සඳහා සුදුසු ආකෘතියකුත් හොයාගන්න... ඉතා දීර්ඝ ලිපි සහ දීර්ඝ ලෙස සාකච්ඡා කල යුතු ලිපි ඒ සඳහා ගැලපෙන්නේ නෑ... යකාගෙ මේ දක්වා පළවූ ලිපි දිහා බලනකොට නම්, දෛනික ලිපි ලිවීම යකාට එතරම් සුදුසු නැති බවයි මට හිතෙන්නේ... යකාගෙ ස්ටයිල් එක කෙටි ලිපි නෙමෙයි... ඒ ලිපි වල තරමක ගවේෂණාත්මක ස්වරූපයක් තියනවා... ඒ නිසා දවස ගානෙ ලියන එක ප්‍රැක්ටිකල් වෙයිද කියලා සැකයි.

    තව මම යෝජනා කරන දෙයල් තමයි (මේක නම් බ්ලොග් ලියන හැමෝම කරනවා නම් මම කැමතියි ) index (වසර සහ මාසය අනුව ලිස්ට් කර තිබෙන ) එක බ්ලොග් එකේ ඉහලින් හොඳට පෙනෙන තැනකට ගැනීම. ඕනෙම බ්ලොග් අඩවියක පරණ ලිපි, සහ මෑතකදී ලිපියක් මග හැරුණාද යන්න දැන ගත හැකි හොඳම විදිහ මේ index එක මට නම්...

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහසට ස්තුතියි.ඇත්තටම දෛනික ලිපි ලියනවානම් ලියන්න වෙන්නේ නිකම් වාක්‍ය දෙකේ තුනේ පොඩි කතන්දර.ඒක මෙහෙමයි කෙරෙන්නේ.පොඩි කතන්දර දිනපතා ලියනවා.දිනපතා කිව්වට දිනපතාම නොවෙයි.

      මාසයකට ගවේශනාත්මක ලිපිත් හතරක් පහක් පළ කරනවා.ඒ වගෙ ඒව සතියකට එකක් වගෙ පළ කරගන්න හැකි වුනොත් ජයක්.මොකද ඒවට හුගක් හිතන්න ටයිප් කරන්න වෙන නිසා

      තිසරටත් පවුලේ සැමටත් සුබම සුබ නව වසරක් වේවා

      Delete
  6. යකාටත් සුභ නව වසරකම වේවා....අර බ්ලොග් කපන චක්‍රලේඛනයට අහු නොවී සිටින්න ලැබේවා.යකාගේ කලින් ලිපි ටිකත් කියවන්න පටන් ගත්තා.

    ReplyDelete
    Replies
    1. ගජිනිටත් පවුලේ සැමටත් සුබම සුබ නව වසරක් වේවා. චක්‍රලේඛෙ බල බල තමයි ලියන්නෙ

      Delete
  7. යකාටත් සියලු සිතුම් පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා !

    එක්කෙනෙක් දෙන්නෙකුට රට යන අත වෙනස් කරන්න බෑනෙ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්නටත් පවුලේ සැමටත් සුබම සුබ නව වසරක් වේවා.
      එක්කෙනා එක්කෙනා එකතුවෙලයි සමූහය හැදෙන්නෙ

      Delete
  8. බ්ලොග් ලෝකෙ ගැන නම් මට හිතෙන්නෙ යකාට හිතෙන දේ ම තමා. ලියමු ලියමු තව දිගට ම.

    ReplyDelete
    Replies
    1. මම දැක්කා බ්ලොග්කාරියන් අධෛර්යමත් කරන්න සමහරු කරන අමන වැඩ.ඒ කියන්නෙ කුණුහරප කොමෙන්ට් එහෙම දාල.ඒව ලියන්නෙත් රටේ ඉන්න මිනිස්සුනෙ.ඒ අයගෙ සිත් සතන් හැඩ ගැහිලා තියෙන්න එක එක රාමු වලනෙ.මේ රාමු බිදගෙන ඉස්සරහට යන එක තමයි බ්ලොග්කාරයන්ට වගේම බ්ලොග් කාරියන්ටත් තිබෙන වගකීම.මම එහෙම කියන්නෙ බ්ලොග් කාරියන් තුල කිසියම් පසුබැසීමක් මම දුටුව නිසා.

      ඔවු අපි ලියමු.සම්ප්‍රදායන් බිදගෙන ඉදිරියට යමු.

      Delete
  9. සමාජ විප්ලවයක් බ්ලොග් එකක් තුලින් හෝ වෙන යමක් තුලින් වෙනවද කියන එක තීරණය වෙන්නේ ඒකෙන් කොච්චර දුරට මිනිස්සු හිතන පතන විදිහට බලපෑමක් වෙනවද කියන එක මත.මලාලා යුසුෆ් ලෝකය තුල චරිතයක් වෙන්නේ ඇය ලියපු කියපු දේවල් වලට එල්ල වෙච්ච ප්‍රතිවිරෝධයට ඇගේ වචනය නවත්වන්න බැරි වෙච්ච හින්දා.ඒක ඒ අදාල මර්ධකයාට දරාගෙන ඉන්න බැරි වෙච්ච හින්දා.ඒත් ඇය බ්ලොග් ලෝකයෙන් පිටතදි ඇත්තටම ඒ තර්ජනයට මුහුණ දුන්නා.සමාජ විප්ලවයක ලක්ෂණ ඒකයි.අපි හිතන දේවල් හිතේ.ලියන දේවල් මතුපිටක.ඒත් අපිට ක්‍රියාත්මක වෙන්න වෙන්නේ මහ පොළොව මත.
    කොහොමහරි සුභ නව වසරක් වේවා.www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
    Replies
    1. ඔබටත් පවුලේ සැමටත් එසේම වේවා.

      මම නම් විප්ලවවාදියෙක් නොවෙයි.නමුත් මම හෝ වෙන කෙනෙක් ලියන දේවල් වලින් සමාජ විප්ලවයක් වෙනවානම් එපා කියන්නයැ.
      මලාලා කියන්නෙ බටහිර මාධ්‍ය වලින් පුම්බපු චරිතයක්.
      ඇයට බටහිර ලෝකයේ හා පාකිස්ථාන් ආන්ඩුවේ රැකවරණ තිබෙනවා.ඇය ලෝක මට්ටමේ චරිතයක් වෙලා.එහෙම වෙන්න නම් මට උවමනා නෑ

      Delete