Saturday, January 11, 2014

මාක්ස් ගැන කතාවක්

භාවිත අගයක් නැත්නම් හුවමාරු අගයක් ද නැති වී එවැනි භාණ්ඩයක අගයක් නැතැයි කියූ මාක්ස් ඊ ළඟට මුහුණ පෑවේ පාවිච්චියට ගන්නා එක භාණ්ඩයකට ඒ නිසා තවත් භාණ්ඩයකට වඩා වැඩියෙන් අගයක් වෙළඳපොලේ දී ලැබෙන්නේ කෙසේදැයි විමසන්නට. භාණ්ඩ අතර භාවිත වෙනස්කම් තිබිය දී ඒවා අතර පවතින පොදු ස්වභාවයක් සොයන්නට ගත් උත්සාහයේ දී ඔහු එම පොදු ස්වභාවය ලෙස දැක්වූයේ භාණ්ඩයක් නිපදවන්නට වැය කරන ශ්‍රමයයි.

ශ්‍රමය වැඩියෙන් වෙහෙසන භාණ්ඩයක් නිෂ්පාදනය සඳහා වැඩියෙන් අගයක් වෙළඳපොලේ දී ලැබෙන්නේ යයි මාක්ස් සැලකීය. 

අතිරික්ත වටිනාකම (surplus value) හැම විටම පොලිය(interest), කුලිය(rent), සහ ලාබය(profit) යනාදියෙන් දකින්නට හැකියි කියන මාක්ස් ඒවා භාණ්ඩයක් නිපදවන්නට සහභාගී වූ කම්කරුවාගේ ශ්‍රමයේ අතිරික්ත අගය බව දැක්වීය.

මිනිසුන් වෙහෙසන ශ්‍රමයේ ප්‍රමාණයන් මාක්ස් දකින්නේ භාවාත්මක (abstract) ලෙසකටයි.

ඉතින් ඊ ළඟට ඒ ශ්‍රමය මනින්නට ක්‍රමයක් ඔහු සොයන්නට පටන් ගත්තේය.

නමුත්, යම් භාණ්ඩයක් නිපදවන්නට යන කාලය ශ්‍රමය ලෙස සලකන මාක්ස්ට වෙළඳපොලේ එකම කාලයට වෙනස් වේතන ලබමින් ශ්‍රමය වෙහෙසන අය දකින්නට ලැබේ. වලක් කපන්නට පැයක් යන අයට එක පඩියකුත් රෝග විනිශ්චයක් දෙන්නට පැයක් වැය කරන දොස්තරවරයෙකුට වෙනත් ප්‍රමාණයක වේතනයක් ගෙවන බවත් ඔහුට දකින්නට හැකිවේ.

මෙහි දී මාක්ස් සියළු ශ්‍රමය එක හා සමාන ලෙසින් සලකා වලක් කපන අය සපයන්නේ සරල ශ්‍රමය යැයි ද දොස්තරවරයා සපයන්නේ සංකීර්ණ ශ්‍රමය යැයි ද වර්ගීකරණයක් කරන ලදි. සංකීර්ණ නොහොත් කුසලතා ඇති ශ්‍රමය යනු සරල නොහොත් කුසලතා අනවශ්‍ය ශ්‍රමයේ ගුණාකාරයක් පමණක් යැයි ඔහු සලකන ලදි.

මාක්ස්ට අනුව අත්‍යාවශ්‍ය ශ්‍රමය යනු ශ්‍රමිකයාට සහ පවුලට යැපෙන්නට අවශ්‍ය භාණ්ඩය නිපදවන්නට ගන්නා වෑයම පමණකි. එතැනින් එහාට හදන අනෙකුත් භාණ්ඩ නිෂ්පාදනය සඳහා (එවිට නිෂ්පාදන අගයක් බිහිවෙනවා යැයි මාක්ස් සලකන) ශ්‍රමිකයා වැය කරන ශ්‍රමය අතිරික්ත ශ්‍රමයයි.



සූරාකෑම (exploitation) සිද්ධ වෙන්නේ තමන්ට හා පවුලට යැපෙන්නට අවශ්‍ය ප්‍රමාණය ඔබ්බවා යමින් නිෂ්පාදනයේ යෙදෙන්නට ශ්‍රමිකයාට සිද්ධ වීම නිසා බව මාක්ස්ගේ මතයයි.

නිෂ්පාදන ක්‍රම උපකරණ (means of production) ඒවායේ අයිතිකරුවන් අත වූ නිසා ශ්‍රමිකයන්ට සිය ජීවිකාව උපයාගන්නට අයිතිකරුවන් වෙත යන්නට සිද්ධ වූවා යැයි පෙන්වන මාක්ස් කාර්මික විප්ලවයෙන් කම්කරුවා ද නවෝත්පාදනයේ නිෂ්පාදන ක්‍රම උපකරණ බිහිකර ඒවායේ අයිතිය කියන්නට හැකි වූවන් බවට පත්වෙන ආකාරය නොදැක්කේය. ඒ හෙයින් මාක්ස් සිය න්‍යාය ලියන්නේ ශ්‍රමිකයාට ජීවත්වෙන්නට පමණක් හැකිවන සේ ශ්‍රමයට ගෙවන ප්‍රාග්ධන අයිතිය යුතු හිමිකරුවන්, ශ්‍රමිකයාගේ ශ්‍රමයෙන් නිපැදවෙන ඉතිරියෙන් අතිරික්තය අගය ප්‍රාග්ධන හිමිකරුවන් සඳහා තබාගන්නා බවයි. 



මෙම ශ්‍රමයේ අතිරික්ත වටිනාකම න්‍යාය ගොඩනඟද්දී මාක්ස් විසින් යම් නිෂ්පාදන ක්‍රම/උපකරණ වලට අයිතියක් තිබීම පමණක් කිසිම වෙහෙසක් නොගෙන ජීවත්වන්නට හැකියාව ලැබෙන මාර්ගයක් හැටියට සලකයි. වැඩවසම් යුගයේ රදළ පංතියට ඉඩම් හිමිකම, අධ්‍යාපනයට වරම් සහ සෙසු වැසියන් වෙතින් බදු අය කරගන්නට නීතියෙන් අවසර ලැබීම හා වැඩකරන පංතියට ඒ වරප්‍රසාද නොමැතිව අනුන්ට කඹුරන්නට සිද්ධ වීම හැමදා ඒ විදියටම සිද්ධ වේ යැයි මාක්ස් විශ්වාස කළ බවක් පෙනී යයි.

කාර්මික විප්ලවයෙන් වැඩවසම් සමාජය තමනට පවරා ගත් වරප්‍රසාද වෙනසකට භාජනය වෙමින් තිබිය ද, අනුන්ගෙන් මංකොල්ලයට නීතියෙන් අවසර තමන්ට දී ගැනීම යනු ධනවාදී ක්‍රමය හෝ නිදහස් වෙළඳපොල හුවමාරුව නොවන බව විමසීම ඔහු සහමුලින් නොසලකා හැරියේය. 

රදළ හිමියන් සතු නොවෙනස්වන ප්‍රාග්ධනය (constant capital) හි වරදක් නැතැයි කියන මාක්ස් ඊට හේතුව හැටියට නොවෙනස්වන ප්‍රාග්ධනය සේ සැලකෙන භාණ්ඩ මිල දී ගැනීමට ඔවුන් සම්පූර්ණ මිලක් ගෙවා ඇති නිසා යැයි කියයි. ඉතින් ඔහුට අනුව වැරැද්ද ඇත්තේ විචල්‍ය ප්‍රාග්ධනයේය (variable capital). මෙම විචල්‍ය ප්‍රාග්ධනය තමයි ශ්‍රමයේ අතිරික්ත වටිනාකමෙන් බිහිවෙන ලද්ද. එය සාධාරණව බෙදී යන්නට ක්‍රමයක් සෙවීම ඊ ළඟට ඔහු ගන්නා ප්‍රයත්නයයි.

වෙළඳපොලේ විවිධ නිෂ්පාදනයන් මිල දී ගන්නට පාරිභෝගිකයන් ඒවාට විවිධ මිල ගණන් ගෙවද්දී සියළු නිෂ්පාදකයන් විසින් කම්කරුවන්ට එක හා සමාන වේතන ගෙවන බව මාක්ස් දකියි. විචල්‍ය ප්‍රාග්ධනයෙන් වෙනස් ලාබ මට්ටම් උපයන්නට හැකියාව ඇතැයි මාක්ස් ගෙනා න්‍යායෙන් ඔහු මෙහි දී කරන්නේ ආර්ථිකයක සියළු අංශයන් සමස්තයක් ලෙස ගෙන අතිරික්ත අගයේ සාමාන්‍යයක් හැදීමයි. මෙය තව දුරටත් අගයේ පදනම ශ්‍රමය යන්න තහවුරු කරන්නට ඔහු ගන්නා ලද උත්සාහයයි.

වෙළඳපොලේ යම් භාණ්ඩයකට අගයක් ලැබෙන්නේ පාරිභෝගිකයෙක් ඊට අගයක් දෙන නිසා යැයි බොයිම්-බැව්ර්ක් පෙන්වා දුන්න පිළිගන්නට මාක්ස්වාදීන් තවමත් අකමැති වෙති. යමක් මිල දී ගන්නේ හෝ මිල දී නොගෙන සිටින්නේ පාරිභෝගිකයාය. භාණ්ඩයකට අගයක් දෙන්නේ හෝ නොදෙන්නේ පාරිභෝගිකයාය. එය මාක්ස් විශ්වාස කළ ලෙසින් සිද්ධ වන භාවාත්මක ක්‍රියාවක් නොවේ.

ශ්‍රමිකයාගේ ශ්‍රමය ද වෙළඳපොලේ දී භාවාත්මක ලෙසකින් තක්සේරු නොවේ. සුවිශේෂී කුසලතා ඇති සහ එවැනි කුසලතා නැති අය අතර වෙනස වෙළඳපොලේ ශ්‍රමයට ගෙවන වේතනය දිහා බැලීමේ දී පෙනී යයි. වෙළඳපොලේ වැඩි කුසලතා ඇති අයට ඉහළ වේතන ලැබෙන බව මාක්ස් ද දැක්කේය. එහෙත් එසේ සිද්ධ වෙන්නේ මන්දැයි සිය න්‍යායෙන් ඔප්පු කරන්නට ඔහු යොදාගන්නේ ඔහු අභ්‍යුපගමනය (presume) කරන්නයි. මාක්ස්ගේ න්‍යාය කුසලතා නැති ශ්‍රමය කුසලතා ඇති ශ්‍රමය බවට වැඩිකරන (multiply) ආකාරය කෙසේදැයි පෙන්වන්නේ නැත. 

මාක්ස් සම්පූර්ණ ආර්ථිකය දකින්නේ එක ඒකකයක් හැටියට. එහෙත් ආර්ථිකයක් යනු එක ඒකකයක් (single unit) නොවේ. යම් කර්මාන්තයක් උපයන ලාබය/අලාභය අනෙකුත් කර්මාන්ත වලට බලපෑම් සිද්ධ කළ ද යම් කර්මාන්තයක් ලබන ලාබය/අලාභය අනෙකුත් කර්මාන්ත පුරා නිතැතයෙන් බෙදී යන්නේ නැත. මාක්ස් එහි දී ලාබය යන්න වැරදි ලෙසින් භාවිත කරන ලදි.

එසේම ශ්‍රමිකයා යනු නිෂ්පාදකයෙක් සහ පාරිභෝගිකයෙක් යන භූමිකා දෙකේම එකවර නියැළෙන අයෙක් ලෙස ද මාක්ස් නොදැකීය. වැඩවසම් යුගයේ රදළයන් වෙනුවෙන් සියල්ල නිෂ්පාදනය කළ විළිවසා ගන්නට වස්ත්‍ර පවා හරි හැටියකට නොතිබුණ සේවකයන් කාර්මික විප්ලවයෙන් පසු පහසුවෙන් වස්ත්‍ර සඳහා හිමිකම් කියන්නට පටන් ගත්හ. කාර්මික විප්ලවයෙන් පටන් ගෙන, ලොව තවමත් බහුතර නිෂ්පාදනයන් සිද්ධ වෙන්නේ බහුතර ජනතාවක් සඳහාය. සුඛෝපභෝගී භාණ්ඩ නිෂ්පාදනය වෙන්නේ අතලොස්සක් වෙනුවෙනි. වැඩි පිරිසක් වෙනුවෙන් නිෂ්පාදනය වූ නිසා ඒ භාණ්ඩ දියුණු වීමත්, මිල අඩුවීමත්, වැඩවසම් යුගයේ සුඛෝපභෝගී භාණ්ඩ ලෙසට සැලකුණ භාණ්ඩ අද සාමාන්‍ය පුරවැසියාගේ පරිභෝජනයට ලැබීමත් සිද්ධ වූවත් තවමත් ශ්‍රමිකයා ද තමන් පරිභෝජනය කරන භාණ්ඩ නිෂ්පාදනයට මෙන්ම පරිභෝජනයට ද දායක වෙන බව දකින්නට පැකිළෙති.

තමන් නිෂ්පාදනයේ මෙන්ම පරිභෝජනයේ ද යෙදෙන බව පිළිගන්නට අකමැති සේ, මාක්ස් මෙන්ම බහුතරයක් ලෝක වාසීන් තවමත් ශ්‍රමිකයා සහ නිෂ්පාදකයා යනු හුවමාරුවක නියැළෙන දෙදෙනෙක් බව දකින්නට පැකිළෙති.

ශ්‍රමිකයා අද වෙහෙසෙන්නේ හෙට දෙන වේතනයෙන් අදට වඩා හොඳ ලෙසකට හෙට දවසේ දී ඔහුගේ ජීවිතය යහපත් කරගන්නට හැකියාවක් ඇතැයි ඔහු විශ්වාස කරන බැවිනි. වෙළඳපොලක දී පාරිභෝගිකයන් භාණ්ඩ වලට අගයක් දී මිල ගණන් තීරණය කරද්දී ලාබය අස්ථායී වූවක් යැයි මාක්ස් නොදැක්කේය. 


ව්‍යාපාරිකයෙකු දිහා මාක්ස්වාදීන් බලන්නේ නිෂ්පාදන ක්‍රියාවලියෙන් බැහැරක සිටින කෙනෙක් දිහා බලන ලෙසකට. පැත්තක ඉඳලා අතිරික්ත වටිනාකම (surplus value) අරගන්න අයෙක් හැටියට. අතිරික්ත වටිනාකම අරගෙන යන මේ ව්‍යාපාරික පරපෝෂිතයන්ව මුලිනුපුටා දැමීමෙන් සමාජවාදී සමාජයක් ගෙන එන්නට හැකි යැයි කියන මාක්ස්වාදීන් වැරදි වනුයේ කාර්මික විප්ලවයෙන් පසුව දකින ව්‍යාපාරිකයාගේ භූමිකාව යනු වැඩවසම් සමාජයේ ස්වාමියා යන භූමිකාවට වෙනස් බව ඔවුන් වටහා නොගැනීම නිසයි.


වැඩවසම් යුගයේ රදළයා යනු නිෂ්පාදන ක්‍රියාවලියෙන් පැත්තක සිටිය හැකි වූ උප්පත්තිය නිසා පමණකින් ඵලදාවට හිමිකම් කියන්නට හැකි වූ අයෙක්. ඔවුන් බදුබර පටවලා තම වත්කම වැඩිකරගත්ත අය. නමුත් වෙළඳපොල ව්‍යාපාරිකයා නම් නිෂ්පාදන ක්‍රියාවලියේ දී ලාබ සහ පාඩු ඇති නැති කරන අවදානම් තීරණ ගත යුතු අයෙක්. සමාජවාදී සමාජයක දී වුවත් ඕනෑම කර්මාන්තයකින් නිෂ්පාදන බිහිකරන්නට නම් එවැනි තීරණ ගත යුතු අයෙක් අවශ්‍යයයි. ආයෝජනයට අවදානම් තීරණ ගැනීම යම් පුද්ගලයෙකු විසින් කළ යුතු භූමිකාවක් යන්න මාක්ස් නොසලකා හැරියෙ ප්‍රාග්ධනය තියෙනවා නම් එයින් නිසැකයෙන්ම වටිනාකමක් උපයන බවක් ඔහු විශ්වාස කළ නිසා.

සමාජවාදී ආර්ථිකයක් විසින් ද භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කළ යුත්තේ අවිනිශ්චිත අනාගතය වෙනුවෙන්. තාක්ෂණික සාර්ථකත්වයක් තිබුණ ද අනාගතය යනු හැම විටම ස්වභාවයෙන් ම අවිනිශ්චිත වූවක්. 

මාක්ස්වාදයෙන් speculator සහ petty bourgeois කියා අවනම්බුවට ලක් කළ භූමිකාව යනු ව්‍යාපාරිකයාගේ භූමිකාවයි. ආර්ථික තත්වයන් වෙනස් වෙන ස්වභාවය ලෝක ස්වභාවය නිසා, (ගංවතුර, ඉඩෝර, සුළි සුළං යනාදිය) අනාගතයේ අවිනිශ්චිත තත්වයන් ගැන නිෂ්පාදනය ක්‍රියාවලියේ දී දැන් ගතයුතු තීරණය අවදානම් සහිත වූවක්. එම අවදානම් තීරණ ගෙන නිෂ්පාදනයේ යෙදෙන ව්‍යාපාරිකයා උපයන ලාබය මාක්ස් දෝෂ සහගත වූ ඔප්පු නොකරන ලද න්‍යායක් තුලින් පෙන්වූයේ අතිරික්ත වටිනාකමක් හැටියට.

මාක්ස්වාදය හදාරන්නේ නොමැතිව එය දන්නා ලෙසින් කතා කරන අය නිසා ලාබයක් සෙවීමේ හැකියාව ලොව පැසසුම් ලැබිය යුතු කුසලතාවයක් වෙද්දී ලෝකයා හුරු වී ඇත්තේ ඊට ගරහන්නට. ඉතින් තවත් කොපමණ කාලයක් ලාබ සොයන්නට නොදන්නාකම නිසා කොටසක් මංකොල්ලයෙන් ද තව කොටසක් ණය ආධාර වලින් ද යැපෙමින් සිටිනු ඇත් ද?

Sunday, January 5, 2014

රෝමයේ කතන්දරය

රොමියුලස් හා රීමස් නමැති සොහොයුරන් කැළයේ වෘක ධේනුවක් ව්සින් කිරි දී හදා වඩා ගත් බවත් ඔවුන් වැඩුණු පසු රෝම පුරය ගොඩ නැගූ බවත් ජනප්‍රවාදයේ එයි.
රෝම පුරය කෙසේ ගොඩ නැගුණිද? මේ ගැන විවිධ කතා ඇත.මේ තරම්ම ජනප්‍රිය නැති තවත් කතාවක් තමයි ඊනියෑස් පිරිසක් සමඟ පැමිණ රෝම පුරය ගොඩ නැගූ බවයි.එය රොමියුලස් කතාවට වඩා විශ්වාස කළ හැක්කකි.ඊනියෑස් පැමිණියේ ට්‍රොයි පුරයේ සිට විය හැක.එසේනම් මෙය ට්‍රෝජන් යුද්ධයටද සමබන්ධය.

මේ ජනප්‍රවාද එකවරම ඉවත දැමිය හැකිද? ට්‍රෝජන් යුද්ධය පවා සැක කළ කාලයක් තිබුණි.එහෙත් මේ ගැන පර්යේශනකළ විද්‍යාර්ථියකු මේ ගැන සෙවීමේ අභියෝගය භාර ගත්තේය.ඔහු ඇගමෙම්නොන්ගේ සොහොනද සොයා ගත්තේය.මට ඔහුගේ නම දැන් මතක නැත.කොයි තරම් මතක් කළත් මතකයට නො ඒ.අඩුගානේ දිව අගවත් නැත.

ජනප්‍රවාද වල ප්‍රබලම ගැටළුවනම් මොන හේතුවක් නිසා හෝ බොරු තොගයක් ඒ මැදට ඇතුල් කර තිබීමයි.අපේ ඉතිහාස කතා වලද මේ ගැටළුව ඇත.ට්‍රෝජන් යුද්ධ පුවතේ ඇකිල්ලියස්ගේ අතිශයෝක්තියට නැගූ වීරත්වය ,ඔඩීසියස් ගේ චාරිකා ආදිය කුමක් වුනත් මෙහි කිසියම් සිදුවීමක් වටා ගෙතුන කතාවක් ඇත.

රෝම පුරය ගොඩ නැගීම සම්බන්ධ පුවත් අතුරින් යකා පිළිගන්නේ ඊනියෑස් ගේ කතාවයි.එහෙත් ඊනියෑස් හැරුන විට වෙනත් ජනකන්ඩායම් විසින් රෝම ය ජනාවාස කරන්නට ඇත.

මේ කාලයේ පැවති අපූරු දේශපාලන ක්‍රම ගැන කතා කරන්නට යකාට අවශ්‍යය.
ග්‍රීක් වරු න්ගේ ශිෂ්ඨාචාරය මුළුමනින්ම පෞර සභ්‍යත්වයකි.මොවුන්ගේ අපූරු කලපනාව වූවේ ඕනෑම කෙනෙකුට පුරයෙන් පිටවී තමන්ගේම වූ පුරයක් තනා ගැනීමට අයිතියක් ඇති බවයි.පුරය පාලනය කළේ පුරවැසියන් විසිනි.ග්‍රීක් වරුන්ගේ පුර අතර ඇතන්ස්,තීබ්ස්,ස්පාටා ආදිය වෙයි.ඇතන්ස් දිගුකලක් ග්‍රීක්වරුන්ගේ අභිමානය විය.එහෙත් ඔවුන්ගේ අවසන් කාලයේ ගැලවුම්කරුවා වුනේ තීබ්සයයි.ස්පාටාවේ පැවති සමාජක්‍රමය විශේෂ අධ්‍යනයකට බදුන් කළ යුත්තකි.කෙසේ හෝ ග්‍රීක්වරුන් පිරිහුනේද මෙම පුර ක්‍රමය නිසා යැයි කියන අය සිටිති.
ග්‍රීක්වරුන්ට පිරිහීම අත් කර දුන් පුර ක්‍රමය රෝමවරුන්ට විජයග්‍රහනයේ මාවත වුනේ කෙසේද?


රෝම පුරය බිහිවුනේ ක්‍රි:පූ 753 පමනේදීය.සියවස් ගනනාවක් ඉතාලියේ ටයිබර් නදිය අසල තම බලය තහවුරු කරගැනීමට අසල් වැසියන් සමඟ ගැටුම් ඇති කරගැනීමට සිදු විය.රෝම පුරය යනු වර්තමානයේ අපේ මැතිවරණ කොට්ඨාසයක් වැනි කුඩා ප්‍රදේශයකි.රෝමවරුන්ගේ මුල් අවදියේ ඔවුන් සිටියේ එට්‍රස්කන් වරුන්ට යටත්වය.මේ එට්‍රස්කන් වරුන්ගේ සම්භවය විවාදාත්මකය.එට්‍රස්කන් රජෙකු වූ ගර්හිත ටාක්වින් තමන් රජෙක් යැයි ප්‍රකාශ කළ විට බෲටස් විසින් ඔහු බලයෙන් පහ කළේය.ඉන් පසු පුරය රෝම වරුන් ට හිමි විය.

ඉන් පසුවද ගැටුම් වල අඩුවක් නොවීය.රෝමයේ රදලයන් හා පොදු ජාන්තාව යැයි දෙකොටසක් විය.මේ පොදු ජනයාටත් රදලයන්ටත් වෙන වෙනම මණ්ඩල දෙකක් විය.රෝම රඳලයන් හැදින්වුනේ පැට්‍රීශියන්වරු ලෙසයි.පොදුජනයා ප්ලෙබියන්වරු ලෙස හැඳින්විනි.මේ ප්ලෙබියන්වරු පුරයෙන් ඉවත්ව එක්තරා සුප්‍රසිද්ධ කන්දකට නැගුනහ.ලොව ප්‍රථම වැඩවර්ජනය මෙයයි.මේ කන්දේ නමද යකාට මතක නැත.

රෝමවරුන් කොන්සල්වරු දෙදෙනෙක් වසරකට පත් කළහ.මේ නිළධාරීන් වසරින් වසර මාරු වෙයි.කිසියම් කලකට එක් නිළධාරියෙකු පුරයේ බලධාරියා වෙයි.එසේ නැතිනම් වසර දෙකකට නිළධාරීන් දෙදෙනෙකු පත් කර එක් වසරකට ඉන් එකෙක් බළධාරියා වෙයි.මට හරියටම මතක නැත.මේ මොකක් හෝ ස්වාධීන පුරවැසියන් වෙනත් ගෝත්‍රවල පරම්පරාවෙන් එන රජුන් හා යුධ වැදුන සැටි අපූරුය.

රෝමවරු මුළින්ම සැබීනයෝ,ඔස්කන්වරු ( මේ ඔස්කන් බස දැන් අවිද්‍යමානය ) කදුකරවාසී ලතින් ගෝත්‍ර සමඟ සිදුකළ දිගුකාලීන ගැටුම් වල ප්‍රථිඵලය වුනේ විශාල භූමි ප්‍රමානයක් රෝමයට හිමි වීමය.රෝම පුරවැසි යෙකු වීම වෙනත් ගෝත්‍රවලට වරප්‍රසාදයක් විය.රෝමයට ඉදිරි යුද්ධ සඳහා මිත්‍රපාක්ෂික ගෝත්‍ර විශාල ප්‍රමානයක් හිමිවුන අතර රෝමවරුන් මොළය නිසිලෙස පාවිච්චි කර ඉතාලියෙන් විශාල කොටසක් රෝමයට ඈදා ගත්හ.

රෝමයේ කීර්තිය දස දෙස පතල විය.දැන් රෝමයේ වාර්ශික නිළධාරීන්ට යුධ වැදීමට සිදු වුනේ මහා රාජාධිරාජයන් සමඟය.

නියුමිඩියාවේ ජගර්තා මෙසේ රෝමයට අභියෝග කළ මහා ජගතෙකි.නියුමිඩියාව ඇත්තේ වත්මන්  ලිබියාවේය    .
හැනිබාල් රෝමය වැටලූවිට හැනිබාලික යුද්ධ ගනනාවක යෙදීමට රෝමයට සිදු විය.හැනිබාල් ගේ කාතේජය වත්මන් ටියුනීසියාවයි.
ජගර්තාගේ කතාව ගැන වැඩි අවධානයක් යොදමු.රෝමයේ උසස් දේශපාලන ක්‍රමය බිදවැටීම ගැන එහි කතා කළ හැකි බැවිනි

ජගර්තා තම රට නිදහස් බව ප්‍රකාශ කර ගෙන තිබුනා පමනක් නොව රෝම සෙනෙවියන් දෙදෙනෙක් පරාජය කර තිබුනි.රෝමයේ විශාල කලබගෑනියක් සිදුවිය.

මෙහිදී රෝමපුරය බේරා ගැනීමට ඉදිරිපත් වුනේ රදලයෙකු නොවූ ගයස් මේරියස්ය.රදලයෝ මේරියස්ට කැමැත්තක් නොදක්වූහ.එහෙත් ඔවුන්ට කළ හැකි දෙයක් නොවීය.මේරියස් හා කුලීන ලුතිනන් වරයෙකු වූ එම් කෝනීලියස් සල්ලා වසරේ කොන්සල් වරු ලෙස පත් කෙරුනි.ජගර්තා පරාජය කරන ලදී.

මේරියස් මළේය.සල්ලා එම අව්‍රශයේ තනි අධිපතියා විය.මෙයට මහජන මණ්ඩලය එරෙහිවිය.එහෙත් සල්ලාට එරෙහිව කළ හැකි දෙයක් නොවීය.සල්ලා රෝම  අනපනත් ගනනකට ගෙන නොතිබුනි.සල්ලට එරෙහිව තනම් නියෝගයක් නිකුත් විය.සල්ලාගේ ප්‍රතිචාරය ඉක්මන් විය.ඔහු තම සේනා රෝමයට මෙහෙයවීය.රඳල සල්ල පොදුජන මණ්ඩලයේ නීති අවලංගු කලේ විශාල ලේ වැගිරවීමකිනි.සල්ලාට නිදහසේ රොමයේ වැඩ කටයුතු කිරීමට නොහැකි විය.පාර්තියාවේ මිත්‍රඩේටීස් ආසියාවේ සියළුම කොටස් නිදහස් කරගෙන සිටියේය 

සල්ලා වහා ගොස් මිතඩේටීස් පැරදවීය.මින් පසු සල්ලා රෝමයේ ඒකාධිපතියා විය.මහජන මණ්ඩල පනත් හිස් ලියවිලි විය.

සල්ලාගේ පාලනය අතිශයින්ම දූෂිත විය.සල්ලාගෙන් පසු යළිත් රෝමය අනාරක්ෂිත විය.මෙහිදී වාර්ශිකව තෝරාගත් කොන්සල්වරු දෙදෙනා වුනේ පොම්පේ හා ජුලියස් සීසර්ය.රෝමයේ කීර්තිය යළිත් එසවුනි.සීසර් ගෝල්වරු පරාජය කළේය.ගෝල්වරු යනු නූතන ප්‍රංශයයි.සූරපප්පලා ජිම්පප්පලා ගේ රටයි.සීසර් මහා යුද්ධ දක්ෂයෙකු විය.ඔහු ගෝල්වරුන්ගේ ඥාතීන් සිටි බ්‍රිතාන්‍යද ආක්‍රමනය කළේය.සීසර්ට ඉතිරි වුනේ ජර්මනියයි.සීසර් රයින් ගංගාව තරණය කිරීමට සිතා සිටියේය.එහෙත් රොමෙයේ කටයුතු ඊට ඉඩ නොදුනි.සීසර්ට තහනම් නියෝග පැනවුනි.මෙය සල්ලාගේ කාලයට සමාන විය.සීසර් පෙනී සිටියේ පොදුජනයා වෙනුවෙනි.එහෙත් මේ යුගයේ රදලන් ලෙස පෙනී සිටියේ ප්ලෙබියන්වරුය.අප මුලදී කී පැට්‍රීෂියන් ප්ලෙබියන් ගැටුම ඔබට මතක ඇති නේද

සීසර් පොදුජන රදලයෙකු වුනත් ඔහුට උසස් පැට්‍රීෂියන් උරුමයක් විය.සීසර් සල්ලා මෙන්ම තීරණයක් ගත්තේය.පොම්පේගේ ඉරණම  මේරියස්ට සමාන විය.  ඔහු මළේය.සීසර් සිය සේනා රෝමයට මෙහෙයවීය.මෙතනදී යකාගේ මතකය නිවැරදිය .ක්‍රි:පූ 48 දී සීසර් රෝම අධිපතියා විය.එහෙත් ඔහුට වැඩිකල් රට පාලනය කරන්නට නොළැඹුනි.සීසර් සල්ලා කලා මෙන් පළිගැනීම් නොකළේය.ඔහුට අවශ්‍ය වුනේ එදා මහා ඇලෙක්සැන්ඩර් කළ පරිදි පෙරදිගට යුධ ව්‍යාපාරක් මෙහෙයවීමටයි.

සීසර් ඝාතනයට ලක් විය .යළිත් භීම සමයක් ඇතිවිය.එය අවසන් වුනේ ඔක්ටේවියස් රෝමයේ පාලනය විධිමත්ව පිහිටුවා මහජන මණ්ඩලවල අනුග්‍රහය ලත් පාලකයා වූ පසුය.

රෝමවරුන් ගේ පාලන ක්‍රමය විචිත්‍රය.රෝමවරු නීතියෙන් හා යුද්ධයෙන් යන දෙකින්ම ලෝකය ඇල්ලුවා‍යැයි කියනු ලැබේ.වත්මන් යුරෝපා සභ්‍යත්වය ඇත්ත වශයෙන්ම රෝම සභ්‍යත්වයකි.මුළු යුරෝපයම රොම ජනපද බවට පත් විය.මේ මහා රෝමය තිබූ තැනක්වත් නැති තරමින් අතුරුදන් වී ඇත.මුලින්ම රෝම ජනපදයක් වූ ස්පාඥ්ඥය රෝම උරුමයක් වූ ග්ලැඩියේටර් පොර ගව පොර ලෙසින් උරුමකරගෙන සිටී.ලතින් භාෂාව මෑතක් වනතුරුම යුරෝපයේ උගතුන්ගේ භාෂාව විය.රෝමයේ කොලෝසියම නම් වූ රඟ මඩල මනස්කාන්ත එකකි.රෝමයෙන් මානව සංහතිය උරුමකරගත් දේ අති විශාලය.නීති ක්‍රමය එහිලා ප්‍රධානය.මේසා ශ්‍රේෂ්ඨ රෝමයේ බිහි වීම නැගීම හා බිද වැටීම අපූරු කතා පුවතකි

Thursday, January 2, 2014

බුරිය ගැන කතාවක්


අද දමන්නේ අමුතුම පෝස්ට් එකකි. ඉන්ටනෙට් සර්ච් කරන විට අහම්බෙන් දුටු කයි කතන්දරයක් මීට හේතු විය.ඒ හරහා සර්ච් කරන විට යකාට ලෝකෙ මැද හොයා ගත හැකි විය.

ඇත්තටම ලෝකෙ මැද කොහිද? ඒ කොහෙවත් නොවේ.බුරියයි.විශේෂයෙන් කියනවානම් ගෑනුන්ගෙ බුරියයි.

ටී වී එකේ බුරි නැටුමක් යන විට හැමෝම ඉන්නේ ලෝකෙ මැද දිහා බලා සිටිනවා මෙනි.ඒ තරමටම කුතුහලයෙනි.

මොකක්ද මේ බුරියේ අබිරහස

බුරිය යනු කෙනෙක් මවු කුසකින් පැමිණි බවට ඇති සහතිකයයි.කලලය මවට සමබ්න්ධ වන්නේ පෙකනිවැලෙනි.තමන් මවුකුසින් ආ අය බව හැඟවීමටදෝ බොහෝ ගැහැණු උදවිය බුරිය පේන ලෙස ඇඳුම් අදිති.

ඒකත් හොඳය .නැත්නම් පිටසක්වල යානා ගැණ පුවත් මැවෙන ආකාරයට අමුතු අමුතු ඇදුම් අදින අය ගැන විචිකිච්චාවන් පහල වනු නො අනුමානය.

මේ විචිකිච්චාව වැඩියෙන්ම ඇත්තේ ඉස්කෝලෙ කොල්ලන්ටය.මොකද පිටසක්වල කතා වැඩියෙන්ම අහන්නේ උන්ය

බුරිය පේන්න ඇඳගෙන  ගෑනු කෙනෙක් පාරේ යන විට ඔලුව හරව හරවා බලන්නේ ඒ නිසාය.

ආදම් හා ඒවට බුරියක් නොතිබුනා යැයි ඒ ඒ  ආගම් අදහන අය කියති.ඒ දෙදෙනා හැරුණ විට මෙලොව උපන් සියල්ලෝම බුරිකාරයෝය.එහෙත් බුරි නැටුම් ලෙස හැදින්වෙන තුර්කි නැටුම් විශේෂය ජනප්‍රිය වූ පසු එය බොලිවුඩයටත් පැතුරුනි.ඒ හැර බ්‍රසීලයේ උත්සව වල නටුම් වල හා සම්බා යැයි හැඳින්වෙන නැටුම් වල බුරි ප්‍රදර්ශන දැකිය හැක

ඉන්දියාවේ කාන්තා බුරිය වාසනාවේ සංකේතයක් ලෙස හැඳින්වේ.බුරිය පේන කාන්තාවක් මුලින්ම මුලිච්චි වීමෙන් යන ගමන සාර්ථක වන බව ඇතැම්හු විශ්වාස කරති.එසේම එයින් දුක් කම්කොටළු නැතිවී පවුලට සතුට ලගා වන බවට වූ අපූරු විශ්වාසයක්ද ඇත.එක අතකට එහි අමුත්තක්ද නැත.බුරියට එහා දේවල් ඉන්දියාවේ වන්දනයට ලක් වන බැවිනි.

බුරිය පේන්න සාරි ඇඳීම කලෙකට පෙර අශීලාචාර කමක් ලෙස සැලකුනද අද ඕනෑම උත්සවයක ඕනෑම ලොක්කෙක් එන තැනක බුරිය පේන්න සාරි ඇඳීම දක්නට ලැබේ.සමාජය වෙනස් වී ඇති හැටි අපූරුය.මීට කලෙකට පෙර මෙසේ සාරි ඇන්දේ මගුල් ගෙවල් වලටය.එහෙත් අද මෙසේ සාරි අදින්නේ නැති තැනක් නැත.වාසනාව උදාවෙන නිසාද සතුට ලගාවෙන නිසාද දුක් කම්කොටළු නැති වෙන නිසා ද දන්නේ නැත.

Wednesday, January 1, 2014

හැමෝටම සුභ නව වසරක් වේවා

අද ජනවාරි පළමුවෙනිද හැම ආයතනයකම උත්සව.හැමෝම එකිනෙකාට සුභපතා ගන්නවා,හැමෝම අළුත් ඇදුම් ඇදගෙන.ආයෙ හෙට ඉදන් පරණ ඇඳුම්.අද තිබෙන උද්‍යෝගය අදට පමණයි.ඒත් කොහොමටත් මොකක් හරි මුල පිරීමකුත් තිබෙන්න එපායැ.යුරෝපයේ ජානුස් දෙවියන් සමරමින් අපි මේ වගෙ දෙයක් කරන එක හොඳයි.ඒත් ඒකෙන් මේකෙන් අපිට අලුත් අවුරුදු දෙකයි.අප්‍රේල් වලත් අවුරුද්දක්නෙ.ඒත් යකා මේ ජනවාරි අවුරුද්දට කැමතියි.මොකද මේකෙ නිශ්චිත බවක් තිබෙන නිසා.

යකා බ්ලොග් ලියන්න පටන් අරන් මේ උදාවෙන්නෙ පළමුවැනි අවුරුද්ද.ඒ නිසා මේ සුබ පැතීම යකාට විශේෂයි.බ්ලොග් වලට කොමෙන්ට් දදා හිටපු යකාට බ්ලොග් එකක් ලියන්න කියල ආරධනා කළේ මාතලන් ගොයියා.ලිවීමේ දක්ෂතාවයක් එහෙමට නැතත් ලියන්න ඕන කියල යකාට හිතුනෙ ඔහුගෙ ඒ කොමෙන්ට් එකත් එක්ක.

ඉතින් යකා සින්ඩියෙ තිබුන බ්ලොග් ඔක්කොම වාගෙ බැලුව.මේක හොඳයි කම්මැලිකම යන්නත් එක්ක.බ්ලොග් ලෝකෙත් සාගරය වගෙ තමයි.නිශ්චලයි වගෙ පෙනුනට පොලවෙ තිබෙන ඔක්කොම ඒකෙත් තිබෙනව.සමහර බ්ලොග් කරුවො ගැටුම් තිබෙනව.ඒ අතරෙ අරුම පුදුම බ්ලොග් කරුවොත් ඉන්නවා.ඒ අයගෙ කොමෙන්ට් මාගල් වගෙ.

මම තේරුම් ගත්ත දෙයක් තමයි සමහර  බ්ලොග් කාරයො හොල්මන් වගෙ හැසිරෙනව කියන එක.ඒ අයගෙ ස්ත්‍රී පුරුෂ භාවයවත් පැහැදිලි නෑ.මේ සේරම අලකලංචි මැද්දෙ බ්ලොග් ලෝකය හරිම සුන්දරයි.දැනුම ලබා දෙන උල්පතක්.ඒත් මේ බ්ලොග් ලෝකය වාගෙම එෆ් බී එකත් වැඩකට නැති දේවල් වලට පාවිච්චි කරනවට වඩා කොයි තරම් නම් දේවල් කරන්න පුළුවන්ද කියල යකාට හිතුන.

යකා සාමාන්‍යයෙන් යකා බැදගත්ත වගෙ වැඩ කරන කෙනෙක්.ඒත් යකා තීරණය කරල තිබෙනව හැකිනම් දිනපතාම වගෙ අප්ඩේට් කරන්න.එහෙම කරල හැමෝටම ප්‍රයෝජනවත් බ්ලොග් එකක් කරන්න.

හැමෝම සුභ පැතුවට ඇත්තටම එහෙම වෙයිද?පසුගිය 2013 නම් එහෙමට අමුතු සිද්ධි සිදු නොවූ වසරක්.නො නිව්ස් ඊස් ගුඩ් නිව්ස් නෙ.

අලුත් අවුරුද්දෙ ඉස් ඉස්සෙල්ලල කියල ආපු නිව්ස් එක තමයි පවර් ෆේලියර් එකක් ගැන .මම හිතන්නෙ හැමෝටම එහෙම තමයි.ඒත් යකාට සුභ පැතුම් නම් සිය ගානක් ආව.


ඇත්තටම අවුරුද්ද කොහොම වෙයිද? මට නම් හිතෙන්නෙ ලෝක ආර්ථිකය තවත් පල්ලම් බහියි කියන එක.චීන ආර්ථිකයත් සමස්තයක් වශයෙන් 7% ක සීමාවෙලු.එහෙම ආර්ථිකය අතින් සුභදායක නොවුනත් තාක්ෂණය අතින් වඩා ඉදිරි පියවරවල් තබන වසරක් වේවි.සොභාවික ව්‍යසන සිදුවුනත් හානි අවම වේවි.ජ්‍යොතිර්වේදීන් සුපුරුදු ලෙසම ලංකාවෙ ජනතාව රවටාවි.ජනතාවගෙ සබ්බ සකලමනාව සූරකන්න නව ආකාරයෙන් කොම්පැනි බිහිවේවි.හැම අතින්ම පීඩාවට පත්වන ජනතාවට දේශපාලකයන්ගෙ විගඩම් බලන්න  ලැබේවි.
ඒ වගේම එක්සත් ජාතික පක්ෂය නවකයන් පුහුණු කරමින් ඔවුනට සේවයක් කරාවි.එම නවකයන් ආණ්ඩුවට එක්වී මැති ඇමතිකම් ලබා ගන්නා නිසා මෙය යහපත් අරමුණින් කරන පුහුණු කිරීමක් ලෙසත් සැළකිය හැකියි.මෙසේ 2013 සෙල්ලම් එලෙසින්ම පවතීවි.

යකාගෙ බ්ලොග් එකත් ලොකු පිම්මක් මේ වසරෙදි පනින්න හිතාගෙන ඉන්නවා.ඒ වගේම තවත් අදහස් තිබෙනවා.

ඒ වගේම බ්ලොග් මිත්‍රයන් සමඟ සම්බන්ධ වෙලා යම් ප්‍රගතිශීලී කාර්යභාරයක් කරන්නත් ඕන.ඒ හැමදෙයක්ම තීරණය වෙන්නේ කටයුතු සිද්ධ වෙන ආකාරය අනුව තමයි.