Thursday, October 9, 2014

ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය යා යුතු මඟ

සාමාන්‍ය ජනතාවට අධ්‍යාපනය ලබා ගැනීමේ අවස්ථාව ලැබුනේ මිශනාරීන්ගේ පැමිණීමෙන් පසුව බව පිළිගත යුතුමය.එහිදී අධිරාජ්‍යයට අවශ්‍ය ආකාරයේ අධ්‍යාපනයක් ලැබුණි.ඒ වනතුරු මෙරට පැවතියේ වැඩවසම් රාජාන්ඩුවට අවශ්‍ය ආකාරයේ අධ්‍යාපනයකි.එහිදී දැනුම ගලා ගියේ කුල ක්‍රමය මතය.

එහෙත් මේ ක්‍රමය තුල රැකියා ගැටළුවක් නොවීය.එදා සමාජයට අවශ්‍ය සහල්,හැලිවලං,රිදී රත්තරන් බඩු හා අවි ආයුධ මේ ක්‍රමයට නිෂ්පාදනය කෙරුණි.දැනුම කුලයට සීමා විය.එහෙත් අධිරාජ්‍යවාදීන්ගේ පැමිණීමත් සමඟ මෙය වඩා සාධාරන වී දැනුමට තිබූ තහංචි ඉවත් කර නව ලෝකයට ගැලපෙන අධ්‍යාපනයක් සැමටම ලබා ගත හැකි විය.එය තත්කාලීන වෙළද ලෝකයට ගැලපෙන එකක් විය.ඉන්පසු කාර්මික ලෝකයට ගැලපෙන ලෙස මෙය පරිණාමය විය.

නිදහස ලැබීමෙන් පසු අධ්‍යාපන ක්ශේත්‍රයේ සිදුවී ඇති එකම ධනාත්මක වෙනස නම් මධ්‍ය මහා විද්‍යාල බිහිවීමයි.ඒ හැර අධිරාජ්‍යවාදීන්ගෙන් උරුම වූ ක්‍රමය එලෙසම පවත්වාගෙන එන ලදී.අධ්‍යාපනයට ජනතාව අතර උනන්දුව අඩු වන තාක් කල් අවුලක් නැතිව මෙම ක්‍රමය පවත්වාගෙන ආවත් ඉගෙන ගන්න පිරිස වැඩි වන විට නිෂ්පාදනයට ඍජු සම්බන්ධයක් නැති පාඨමාලා රටට බරක් විය.

සමාජවාදී රටවල අධ්‍යාපන ක්‍රම වඩා ප්‍රගතිශීලී වන අයුරින් සකස් කර තිබුණි.එහෙත් අපේ රටේ නම් උසස් පෙළින් පසු සුළු පිරිසක් ගොඩ යන අතර බහුතරයක් යන එන මං නැතිවේ.බහුතරයක් තම ජීවිකාව සකසා ගන්නේ පාසලෙන් පිටවී කරන පාඨමාලා වලිනි.ඒ අනුව පාසල වැදගත් වනුවේ මූලික අධ්‍යාපන සහතික පත්‍ර ලබා ගැනීමට පමණි.

අපගේ පාසල් අධ්‍යාපනය මෙසේ නවීකරණය කළ නොහැකිද
දොලොස්  වසරක  ව්‍යායාමයෙන් පසු වෛද්‍ය ,ඉංජිනේරු වැනි රැකියා සුරක්ෂිත ක්ශේත්‍රවල පාඨමාලා සදහා උසස් අධ්‍යාපනයට යන පිරිස හැර ඉතිරි පිරිස තවත් වසර දෙකක් පාසලේ රදවා අනිවාර්ය වෘත්තීය පුහුණු අධ්‍යාපනයක් දිය නොහැකිද
මෙහිදී නිෂ්පාදන,ප්‍රවාහන,ගණකාධිකරන,ලෙස වර්ගීකරණය කර සැළසුම් සහගතව රටේ නිෂ්පාදනයට අදාල ක්ෂේත්‍රවල රැකියා සඳහා පුහුණුවක් ලබා දිය නොහැකිද
මෙහිදී මූලික පුහුණුව ලෙස සියළුම දෙනාට රියදුරු පුහුණුව,පරිගණැක දැනුම හා ඉංග්‍රීසි දැනුම දිය හැක.

එසේම පාසල් කීපයක් එක් කර පර්ශද පාසලක් පිහිටුවා එහි අංග සම්පූර්ණ විද්‍යාගාර ආදිය පිහිටුවා මෙම අතිරේක වසර දෙක ඇතුලත සමාජයට වැඩදායී පුරවැසියෙක් බිහි කළ නොහැකිද



මෙම වසර දෙක ඉලක්ක කර සාමාන්‍ය පෙළ හා උසස් පෙළ කාලයද සැළසුම් කෙරේ.මන්ද රැකියාවට සුදුසුකම් දෙන්නේ මෙම වසර දෙක තුල බැවිනි.

බොහෝ රැකියා ඉලක්ක කර ගත් පාඨමාලා වසර දෙකට අඩුය.මෙම වසර දෙක තුල බරවාහන පුහුණුව කැමති අයට එම පුහුණුව මෙන්ම  AAT කිරීමට කැමති අයට එම පුහුණුවද ලැබේ.මෙසේ කීවේ මෙය විවිධත්වයෙන් යුතු පුහුණුව ලබා දෙන වසර දෙකක් බව පෙන්වා දීමටය.නිදහස් අධ්‍යාපනය අර්ථවත් වීමට රජයේ වියදමෙන් මෙසේ ඩිප්ලෝමා පාඨමාලා සිදු කළ හැක. වියදමක් දරා වසර දෙකක පමණ ඇගළුම් කමහල් පුහුණුවකින් ඇගලුම් කම්හලක හොද රැකියාවකට යාමට පුළුවන.මාස තුනක හෝ හයක පුහුණුවකින් සාමාන්‍ය රැකියාවට යාමට පුළුවන .කැමති අයට මේ වසර දෙකෙන් පසු විශ්ව විද්‍යාල වලට ඇතුලත් වී තුන් වෙනි වසර අවසන් කර උපාධිධාරියෙක් වීමටද පුළුවන.



එසේම බොහෝ උපාධි පාඨමාලා යනු ගිරවා දැමීමකි.උපාධි පාඨමාලාවල විශය කරුණු හැකිතාක් පාසල් මට්ටමට දමා එම උපාධි ද නිෂ්පාදනයට අදාල වන සේ සකස් කළ යුතුය.පාසල හා විශ්ව විද්‍යාලය අතර දුරස්ථ බව අවම කර කෙටි ක්‍රම හරහා අවශ්‍ය සුදුසුකම් සපුරා උගතෙකු වීමේ වරම සිසුන්ට දිය යුතුය.


මේ තුලින් සමාජයේ තරාතිරම් අහෝසි කිරීමට අපේක්ෂා කෙරේ.ඒ අනුව බොහෝ දෙනා උපාධිධාරීන් වී උපාධිය යනු වෘත්තීය සුදුසුකම් සහිත අංගසම්පූර්න සහතිකයක් වෙයි.රැකියාවකට බදවා ගැනීමේ මූලික සුදුසුකම උපාධියයි.රැකියා ශ්‍රෙණි නැත.අවශ්‍යතාවය සඳහා ශ්‍රේණි සකස් කළත් ඒවා අනිවාර්යයෙන්ම සමාන්තර ශ්‍රේණි විය යුතුය.අධිරාජ්‍යවාදීන් හදුන්වා දුන් ධූරාවලි මත පදනම් වූ වහල් ක්‍රමයට තිත තැබේ.



මෙසේ දැනුම නිදහසේ ගලා යන අතර කෙනෙකුට මුදල් ගෙවා දැනුම ලබා ගැනීමට අවශ්‍ය නම් ඊටද ඉඩ තිබිය යුතුය.මොන ක්‍රමයකට දැනුම ලබා ගත්තත් දක්ෂතාව හා ජ්‍යෙෂ්ඨතවය මටහ් ඕනෑම කෙනෙකුට ඉදිරියට යාමට අවකාශය තිබිය යුතුය.කිසිම විටෙක වහල් ශ්‍රේණි ක්‍රම නොතිබිය යුතුය.


මෙසේ අධ්‍යාපනය තුල ඇති විශමතා දුරු කර ඒකාකාරී බඳවාගැනීම් පටිපාටියක් සකස් කිරීමෙන් සමාජ විශමතාද  අහෝසි වනු ඇත.

Saturday, September 27, 2014

සීසර් ලගෙ කතන්දර

හරි දේට හරි කියාද වැරදි දේට වැරදි කියාද කියන්නට තරම් ධෛර්යක් තිබෙන මා කිසිම මතවාදයකට බන්ධනයකින් බැඳී නැත.එනිසා මගේ අදහස් නිදහස්ය.හැම දෙයක්ම බැතියකින් තොරව ප්‍රශ්න කරන නිසා මගේ ලෝකයේ වීරයන් නැත.ඉතිහාසයේ සෑම යුග පුරුෂයෙකුම ඔවුන්ට පැවරුන භූමිකාව රැඟූ අය පමණි.ඔවුන්ගේ පරාසයෙන් පිට ඔවුන්ට වලංගු බවක් නැත.මෙහි පරාසය යන්නට කාලය දේශය වැනි කරුණු අදාල වේ.

කරුණු එසේ වුවද සමහර අවස්ථාවල සමහර අරමුණු උදෙසා බන්ධනයන්ගෙන් බැදීමට සිදුවෙයි.එහෙත් ඒ බන්ධනයන්ගෙන් මිදුන විට දැනෙන සැනසිල්ල අපමනය.මා එසේ බන්ධනගත වූ අවස්ථාවක් නම් බ්ලොග් ලිවීමයි.බොහෝ බ්ලොග්කරුවෝ මෙන්ම බුකියේ ප්‍රචාරාත්මක කටයුතු වල නියැලෙන්නෝද මෙසේ හිට්ස් ආශාවෙන් සිතින් වද විදින්නෝ වෙති.ඔවුහු එය පිටතට නොපෙන්වති.මෙය කොතරම් බොළද වුනත් මම ද මෙහිදී බොළද වීමි.

හිට්ස්  වැඩි කරගැනීමට විවිධ උපායන් යොදති.බොහෝ බ්ලොග්කරුවෝ ලිංගිකත්වය අලෙවි කරති.ඕපා දූප වලට මිනිසාගේ ස්වාභාවික රුචියක් ඇත.ශිෂ්ටාචාර වීමට පොරොතුව අවුරුදු ලක්ෂ ගනනක් විවේකයගත කළේ ඕපාදූප කියමිනි.රතු ,කහ ,කොළ වර්ණයන්ට මිනිසාගේ රුචිය සේම මෙයද ජානගත වූවකි.

මට කෙටිකතා හෝ නවකතා ලියන්නට බැරිය.ඒ කුසලතාව මගේ අහලකින්වත් ගොස් නැත.ඕපා දූප ලියන්නත් බැරි නිසා ලිංගිකත්වයට බර යම් යම් දේ ලිව්වෙමි.එයද මට ගලපෙන්නෙ නැති බවක් හැඟුනි.

මේ කාලයේ එක් බ්ලොග්කාරියක් ඇයගේ ළමා කාලය ගැන පෝස්ට් කිහිපයක් දැම්මාය.බොහෝ දෙනා අනේ අනේ අනේ කියා කොමෙන්ට් කළැහ.හිට්ස් ද වැඩි විය.මෙය දුටු මා මෙන්න හිට්ස් නග්ගන ක්‍රමේ කියා සිතා

මමද මා කාර්යාල කාර්ය සහායකයෙකු බවත් දුප්පත්ම බ්ලොගකරුවා බවත් සාමාන්‍ය පෙළ කිහිපවරක් ලියා යන්තමින් පාස් වූ නූගතකු බවත් ගෙවල් ගානේ බඩු වික්ක අහිංසක යකු බවත් ඇගෙව්වෙමි.මම මොන මෝඩයෙක්දැයි සිතේ.බල්ලන් මා පසුපස ආවේ ඉන් පසුය.බොහෝ බ්ලොග්කරුවෝ ඉගෙනගෙන රැකියා කළත් විවිධ හීනමානයන්ගෙන් පෙළෙති.එම හීනමානයන් සල්ලිවලින් හෝ අධ්‍යාපනයෙන් යටපත් කල නොහැක.ඔවුහු සමාජයෙන් පලා යන්නේ මේ හීනමානය නිසාය.මට නම් එවැනි හීනමානයක් නැති නිසා ඔවුන්ගේ පීඩාව කෙබදුද යන්නවත් තේරුම් ගත නොහැක.

මා කිසි දින ගෙවල් ගානේ බඩු වික්කේ නැත.ඒ මිතුරෙකුගේ අත්දැකීමකි.ඔහු එම රැකියාව අත් හළ පසු අපි සමඟ ඒ ගැන විවේචනයක් කළේය.එය මගේ සිතේ තිබී මගේ කතාවක් ලෙස ලිව්වෙමි.

ඒ ගැන කතා ඇති.දැන් සීසර් ලගෙ කතා බලමු.

මා රෝම ඉතිහාසය හදාරන්නට සිතුවේ එහි විචිත්‍ර දේශපාලන ක්‍රමයන් හැදෑරීමේ අවශ්‍යතාවය නිසාය.දේශපාලනය ගැන උණුසුමක් වර්ධනය වන මේ දවස්වල යමක් කියන්නට සිතුවෙමි.රෝමවරු නව දේශපාලන ක්‍රම අත්හදා බලන්නට බිය නොවූහ.ඇත්තෙන්ම රෝමවරුන්ට මෙහිදී පූර්වාදර්ශ ලැබුනේ ඇතන්ස් හා ස්පාටා පෞර රාජ්‍යයන්ගෙනි.

ඇතන්ස්,තීබ්ස්,වනි ග්‍රීක් රාජ්‍ය ඍජු ප්‍රජාතන්ත්‍රවාදය අත්හදා බලන්නට බිය නොවූහ.මේ රජවරුන් ඉදිරියේ වැදවැටුන මිනිසුන්ගෙන් මිහිතලය පිරී තිබූ කාලයයි.ග්‍රීක්වරුද අටෝරාසියක් මිත්‍යාවන්ගෙන් භරිත වී සිටියහ.එහෙත් ග්‍රීක්වරු රජවරු පිළිකුල් කළහ.ඔවුන් රජවරුන්ට කීවේ ටයිරන්ට් ලා කියාය.එහි තේරුම ප්‍රජාපීඩකයා යන්නයි.මෙහිදී පාලකයා කොයි තරම් යහපත් වුවත් ඔහු ජනතාවගේ නියෝජිතයෙකු නොවී නම් ටයිරන්ට් කෙනෙකි.බලන්න ග්‍රීක් සිතිවිලිවල උදාරකම

පුරය සමෘද්ධ කළ ඉතා යහපත් පාලකයන් ග්‍රීක් පුරවැසියන් විසින් බලයෙන් පහකළේ ප්‍රජාපීඩක චෝදනා එල්ල කරමිනි.දාර්ශනික ග්‍රීක් මිනිසා සැවොම දේශපාලනිකව සමාන බව විශ්වාස කළේය.

මේ ක්‍රමය පුරවල ස්මෘද්ධියට නොව පිරිහීමට හේතුවේයයි චෝදනා එල්ල විය.විදේශීය ආක්‍රමන  ඉදිරියේ ස්ථිර නායකත්වයක් නැති ග්‍රීකයා පසුබසින බවක් ප්‍රජාපීඩකයන්ට හිතවත් දාර්ශනිකයෝ තර්ක කළහ.පර්සියානු ආක්‍රමනවලින් ග්‍රීක් පුර බේරාගැනීමට ඉතා අවදානම් අවස්ථාවකදී තීබ්සය සමත් වූ නිසා මේ සංවාදය යට ගියේය.මොනම හේතුවක් නිසාවත් සිය නිදහස සීමා කර ගැනීමට කැමති නොවීය.

තීබ්සය උදාර ලෙස ග්‍රීක් රාජ්‍යයන් රැක ගත්තත් ඇනෝ කොමෙන්ට් එහෙන් මෙහෙන් එන්නට විය .ස්පාටාවේ අති ධාවනකාරී ක්‍රමය නිසා එහි සාධාරණ බවක්ද පෙනුනි.එහෙත් ප්‍රසිද්ධියේ කිසිම ග්‍රීකයෙක් තම උදාරකම හැර වෙන දෙයක් නොපැවසීය.

ට්‍රෝජන් යුද්ධය ගැන නොදන්න කෙනෙක් නැත.එම යුද්ධයේදී ඇගමෙම්නොන් පෙරමුණ ගත්තේ රජෙක් ලෙස නොව උදාර  ග්‍රීකයෙකු ලෙසයි.ඇකිල්ලීස් වැනි වීරයන් ගෙන් ග්‍රීක් සේනා ව සමන්විත විය.මෙම සේනාව සටන් කළේද සුළු ආසියාවේ ( වත්මන් තුර්කියේ )පෞර රාජ්‍යයක් සමඟය.ඒ ට්‍රෝයි පුරයයි.


ට්‍රෝයි පුරයේ විනාශයත් සමඟ ඊනියෑස් අතුළු පිරිසක් ඉන් පලා ගොස් ඉතාලියේ වාසය පිණිස තැනක් සොයන්නට විය.රොමියුලස්ගේ පුරාවෘත්තයට වඩා මෙය විශ්වාසකටයුතුය.මෙසේ විවිධ ජනකොටස් එක්වී රෝමපුරය නිර්මානය කළහ.

අප රෝමය ගැන කතා කළ යුත්තේ ඇයි. ග්‍රීකයන් අසාර්ථක වුනේ ප්‍රජාතන්ත්‍රවාදය නිසායැයි කියන අයට කනේ ඇගිලි ගහගන්න වැඩ කළේ රෝමවරුය.රෝමය මුලින්ම පාලනය කලේ එට්‍රස්කන්වරුය.එට්‍රස්කන් රජුන්ගේ පාලනය උදාර රෝමවරුන්ට අරුචි වූයෙන් ගර්විත ටාක්වින් නම් එට්‍රස්කන්වරයා පන්නා දමා පෞර රාජ්යයක් ගොඩ නැගූහ.මේ සියළු ග්‍රීක් රාජ්‍ය පිරිහුන කාලයයි.රෝමවරු ගත්තේ ලොකුම අවදානමකි.

සියළු රෝමවරු තමන් උදාර මිනිසුන් බව විශ්වාස කළෙන් කිසිවෙකු යටතේ සිටිනවාට වඩා නිළධාරී මණ්ඩලයක් යටතේ පාලනය වීම හොඳ බව සිතූහ.ඉරෙන් හදෙන් පහලවූ කිසිවෙකු රෝමයේ සිටියානම් රෝමවරු වැටෙන්නෙ ලොකු අමාරුවකය.කොනප්පු බන්ඩාර සෙංකඩගල රජවූ පසු ඔහුට උරුමය පෙන්වන්න සූර්යයා දක්වාම පරම්පරා කතාව ලියන්නට සිදුවිය.


රෝමවරුන් නිළධාරි මණ්ඩලයක් යටතෙ පාලනය වෙනව.මාරයිනෙ.ඒ කොහොමද  ඒ අය අතර විශමතා නැද්ද වර්තමානයේවත් නැති සමානාත්මතා සමාජයක් එදා තිබුනද වෙන්න බෑනෙ.ඔබ කියාවි


ඔවු ඇත්ත.විශමතා සියගානක් තිබුන.තමන් උදාරයි කියල සිතූ රෝමවරුන් තමයි මෙහි පෙරමුන ගත්තෙ.කුල ක්‍රමයක් තිබුන.පැට්‍රීෂියන්වරු උසස් කුළේ ප්ලේබියන්වරු අඩු කුලේ.
ඉතින් ප්ලේබියන්වරු හිතුවද අනේ අපි අඩුකුලේ .මේ ලබා උපන් හැටි තමා කියල.නෑ ප්ලේබියන්වරු නැග්ග කන්දකට .නැගල ස්ට්‍රයිඔක් එකක් කළා.ඒක තමයි මානව ඉතිහාසයේ පළමු වර්ජනය.ප්ලෙබ්වරු කිව්ව අපිත් උදාර රෝමවරු.ඒ නිසා අපට නියෝජනයක් නැත්නම් රෝමකමෙන් ඉවත්වෙනව කියල.පුදුමයි නේද

පැට්‍රීෂියන්වරුන්ට කරන්න දෙයක් නෑ.වංසෙ කබල් ගෑවට පැට්‍රීශියන්ලට කට්ටිය අඩුයි.බහුතරය ප්ලෙබ්ස් ල.ඉතින් පැට්‍රීෂියන්වරු ප්ලේබියන් ඉල්ලීම් වලට ඉඩ දුන්න.කැමැත්තකින් නොවෙයි.ටික ටික නොදී බැරිකමට දුන්නත් කාලයක් යද්දි එකම රෝම ජනතාවක් ( පොපුලුස් රොමානුස් ) වුනා .පාර්ලමෙන්ටුම් වගෙ ආයතන පිහිටුවන්ට හැකිවුනේ මේ නිසයි.

පහුකාලෙක රෝමයෙ සැබෑ ප්‍රභූ වරු වුනේ ප්ලේබියන් වරු.පැට්‍රීෂියන්වරු දියවී ගියා.ක්‍රි: පූ 100 පමන වන විට මේ භේද නැත්තටම නැතිවුනා.ඒත් පැට්‍රීෂියනවරු තම උරුමයන් රැකගෙන ආව.

මන්ත්‍රන සභා ව සහ සෙනෙට් සභාව කියල සභා දෙකක්  දැන් රෝමපුරේ තියනව.මහජනතාව මන්ත්‍රන සභාවෙ.කුලීනයන් සෙනෙට් සභාවෙ.මේ සභා දෙක වෙලාවකට එකිනෙකාගෙන් ගේම ඉල්ලනව.පිටස්තර වලියකදි එකමුතුව මුහුන දෙනව.කොන්සල්වරු දෙදනෙක් පුරය පාලනය කරනව.මේ අය තෝරගන්නෙ චන්දෙන් කිසියම් කාලෙකට.අදවත් දකින්න නැති සුන්දර ක්‍රමයක්.මීට ආසන්න ක්‍රමයක් තියනව ස්විට්සර්ලන්තෙ.


කොන්සල්වරුන්ට අමතරව ප්‍රයිටර්වරු,මගිස්ට්‍රීට්වරු වගෙ නිළධාරීන් ඉන්නව.ප්‍රයිටර්වරු පාලනය කළේ නාගරික කටයුතු.කොන්සල්වරු තමයි පනත් සම්මත කරන්නෙ.අන්තනෝමතික ලෙස නීති හදන්න බෑ.ඒව සැමවිටම සාධාරන වෙන්න ඕන .චන්දයෙන් අනුමත වෙන්න ඕන.වහල්ලුන්ට චන්ද බලය නෑ.රෝම පුරවැසියන් විතරයි මේ ඔක්කොම වරප්‍රසාද භුක්ති විදින්නෙ.ජනගහනයෙන් බහුතරයක් පුරවැසියන් නොවන බවත් සිතේ තබා ගමු.මේක පහළ වුනේ සියලු මිනිසුන් සමාන කියල හිතපු කාලෙක නොවෙයි.සියළු රෝමවරුන් සමානයි කියල හිතුව දේශපාලනික අර්ථයෙන්.

රෝම සමාජයෙ තනතුරු වල ධූරාවලියක් තිබුන.සමානාත්මතාව තිබුනෙ නැහැ.නමුත් දේශපාලනිකව රෝම පුරවැසියට චන්ද බලය තිබුන.මේ චන්ද බලය කියන එක හරිම වටිනව.මරන දඩුවමට නියම වුන කෙනාටත් ඒ තීන්දුවට එරෙහිව චන්දෙ දෙන්න පුළුවන්.මරන දඩුවම දෙන්නෙත් චන්දෙකින්.වැඩි චන්ද ගත්තොත් නිදහස් .සොක්‍රටීස්ගෙ මරන දඩුවමත් එහෙමනෙ.හැම දේකටම චන්දෙ.හරිම සුන්දර සමාජ.අන්න ඒකයි පුරවැසියකු වෙන එක වටින්නෙ.පුරවැසියෙක් වුනොත් චන්ද බලය ලැබෙනව

මේ පෞර ක්‍රමය කුඩා නගරයකට සුදුසු වුනත් ලොකු ප්‍රදේශයකට කොහොම වෙයිද ඔන්න ඔතනනෙ ප්‍රශ්නෙ
රෝමවරු වසරකට දෙකකට පත්කරගන්න කොන්සල්වරු යටතෙ මුළු යුරෝපයම අල්ල ගත්ත.ගයස් ජුලියස් සීසර් කියන්නෙ මන්ත්‍රන සභාව හා සෙනෙට් සභාවෙන් පත් කළ කොන්සල් කෙනෙක්.ඔහුගෙ ප්‍රතිවාදී පොම්පෙත් එහෙම කෙනෙක්.ජුලියස් සීසර් තමා මේ ක්‍රමය වෙනස් කරල රාජාන්ඩුව ගේන්නෙ.ඒත් රෝමය අවසන් වන තුරුම මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තිබුන.නමට අහ්‍රි කොන්සල් වරු පත් කළා.


අපි රෝමන්ස්ල ගැන කතා කරන්නෙ ඇයි

රෝමන්ස්ලගෙ ක්‍රමය මොකක්ද ඒක වැරදුනේ කොතනද කියල දේශපාලන විද්‍යාත්මකව විග්‍රහ කරන්නයි.ඒකට ඉතින් රෝම අධිරාජ්‍ය මන්ත්‍රන සභා මතින් ගොඩ නැගුන සැටිත් එය බිද වැටුන සැටිත් අධ්‍යනය කරන්න වෙනව.


රෝම මන්ත්‍රණ සභාවන් වෙනුවට ඒකාධිපති පාලනය පිහිටුවන එක ලේසි වුනේ නෑ.ඒක සාර්ථකව කලේ ඔක්ටේවියස් ( ඔගස්ටස් සීසර් ) ඒක කරපු හැටිත් රෝම අධිරාජ්‍ය බිද වැටුන හැටිත් පස්සෙ පෝස්ට් වලින් දැන ගනිමු.



රෝමයේ කතාන්දරය ඇත්තටම රස කතාවක් .ඒත් මම ඒ ගැන බ්ලොග් එකේ ලියන්නෙ ඒ කතාව කියන්න නොවෙයි.පෞර රාජ්‍ය ක්‍රමය හා බලය එක් රැස් වීම වැළැක්වීමට අතීතයේ සිටි උදාර මිනිසුන්ගේ ප්‍රයත්නයන් ගැන කියන්නයි.එම ක්‍රම බිද වැටෙන්න හේතුවුන සමහර දේවල් වර්තමානයට අදාල නැහැ කියල මට හිතෙනව.එකක් තමයි ප්‍රාකාර උඩින් පැන කඩා වදින ම්ලේච්ඡ ගෝත්‍ර අද නැහැනෙ.ඉතින් අද වගෙ කාලෙක මෙහෙම දෙයක් යම් සමාජයක් අත් හදා බලුවොත් වටිනව නේද?



ඊලඟ පෝස්ට් වලින් මේ ගැන සවිස්තරව කතා කරමු.මෙතන ලතින් නම් දැම්මෙ නෑ.නීරස වෙන නිසා.දැම්මනම් හොඳයි කියලත් හිතුන අද අපට ඉතා  හුරුපුරුදු දේවල් ආරම්භ වුනේ ඒ ලතින් සමාජයෙන් බව දැනෙන නිසා.පාර්ලමෙන්ටුම්,කොමිටියා, වගෙ ආයතන ප්‍රෙෆෙක්ට්වරුමැජිස්ට්‍රේට් වරු වගෙ නිළයන් ඉම්පෙරියුම් බලය,උර්බානුස් වගෙ තත්වයන් ඉංග්‍රීසිය හරහා ඇවිත් අපට කොයි තරම් හුරු වචන වෙලාද.ඒවගෙ ලතින් අර්ථය එහෙමම නොවුනත්.



බලමු බලමු ඉස්සරහට


Sunday, September 21, 2014

ඌවේ හූව කොයි අතකට යාදෝ

කඩින් කඩ පවත්වනු ලබන පළාත් සභා මැතිවරණ වලින් ආන්ඩුව අතිවිශිෂ්ට ලෙස ජය ගැනීම මෝස්තරයක් වී තිබුනි.යුද්ධය නිසා ආ ජන රැල්ල එක දිගට පැවතුනි.මෙය ආරම්භ වුනේ 2009 දී පැවැත්වුන උතුරු මැද සබරගමු මැතිවරණයේදීය.ඒ වනවිය යුධ ජයග්‍රහණය නිසැක බව පෙනී යමින් තිබුනි.කිලිනොච්චි ඔරලෝසු කණුව පෙනෙන මානයේදී වයඹ මධ්‍යම මැතිවරණය පැවැත්වුනි.එජාපය ගම් මට්ටමින් සේදී යන හැටි දැකගත හැකිවුනේ එහිදීය.එය විශිෂ්ට ජයග්‍රහනයකින් කෙළවර විය.ඉන් පසු යුධ ජයග්‍රහණයෙන් පසු පැවති ඌව මැතිවරණැයේදී 81% ක් තරම් ප්‍රතිශතයකින් ආණ්ඩුව ජය ගත්තේය.දකුණු පළෑත් සභා මැතිවරණයද එසේමය.ඊලඟට ජනාධිපතිවරණ හා මහ මැතිවරණය පැවතියේ ඒ රස්නය පිටය.රජයේ ජනප්‍රියතාව උපරිම විය.

එම යුගයේ ආණ්ඩුව පරමාදර්ශී විය.මහපාරේ දුම්බීම මෙන්ම පොලිතීන් තහනමද ආවේ එකළය.විපක්ෂයට කට උත්තර නැති වූ ඒ දවස්වල ආන්ඩුව වූ කලී ජනතාව විසින් අනුගමනය කළ යුතු පරමාදර්ශයක් විය.සදාචාරය පුරුෂාර්ථ හා ධර්මතා ගැන ගමේ කෙහෙල්කන් හොරෙන් කපන එකා පවා සිතන්නට විය.හොරකම් නොකරන මතට තිත තබන ජන දුක හදුනන දිව්‍යමය රජයක් ශ්‍රී ලාංකිකයා ඉදිරියේ පහළ වී ඇත.

මේ තත්වය මාස කීපයකට වඩා නොපැවතුනි.

ඉන්පසු ඒ හරිය ගැන කියන්නට ඕනෑ නැත.යුද්ධය නිසා පටි තද කරගෙන ජනතාව සිටියද යුද්ධය නිම වීම නිසා අත්වූ සහනයක් නැත.කොට අදින්නේ පොඩ්ඩෝය.ලොක්කෝ යුද්ධය තියන කාලෙත් සැප වින්දහ යුද්ධය අවසන් වූ පසු වැඩි පුර සැප වින්දහ.

 රටේ ප්‍රශ්න උග්‍ර වීම නිසා ක්‍රමක්‍රමයෙන් නැගෙන ආන්ඩු විරෝධය සමනය වීමට ප්‍රභසන එකින් එක පහල විය.ග්‍රීස් යකා පළමු නාට්‍යයි.එය ඇක්ෂන් එකක් විය.ඉන්පසු පිටසක්වලින් එළි මතුවන්නට විය.ලංකාවේ ආශ්චර්ය දැක පිටසක්වල ජීවීන් මෙහි එන බව සිතූ අප සතුටු වීමු.
නානා සහ නානසාර නාට්‍ය බොක්ස් ඔෆිස් වර්තා බිදිමින් තිරගතවන්නට විය.රටේ ප්‍රශ්නවලට හේතුව මුස්ලිම්වරු බව අප දැනගත්තෙමු.හොරකම් වංචා දූෂන කරන්නේ මුස්ලිම් වරුය.බඩු මිල ඉහල දමන්නේද මුස්ලිම් වරුය.කවර භාන්ඩ වලට ටැක්ස් ගසන්නේද කියා තීරණය කරන්නේ සිකුරාදා දේව මෙහෙයෙනි.බඩු මිල වැඩි මුස්ලිම්වරුන් විසින් බදු ගහන නිසා බව තේරුම් ගත්තෙමු.


අන්තර්ජාලය තුල හුවමාරුවන දෙවල් වලින් මාධ්‍ය වලින් වසන්කරන බොහෝ දේ ජනතාව අතරට ගියේය.ලොකු ලොක්කන්ගේ ජීවිත ගැන අසා පුදුම වීමු.කන්න දෙන්න දෙයක් නැතිව අම්මලා ළැමයි අරන් ගඟේ මූදෙ පනින රටක පෙර පින් කළ අය විදින සැප ගැන කිසිම මාධ්‍යයකින් හෙළි නොකළත් ෆේස් බුක් හරහා ඒ තොරතුරු එයි.වෙබ් අඩවිද අවහිර කර ඇතත් ෆේස්බුක් හරහා මෙය සිදුවේ.රටේ ප්‍රශ්නවලට හේතුව ෆේස්බුක් බව පත්තරවල ලිපි පළවන්නට විය.ටික දවසකින් ඒ හාහෝව යටගියේය.


මේ මොනවා වුනත් කම් නැත.අපට සැබෑව තෝරා දෙන නාට්‍ය වැහි වැහැලාය.විජාතික කුමන්ත්‍රණ ගැන දිවා රෑ අපව දැනුවත් කරනු ලැබේ.ලෝකයේ සියළුම රටවල් සිටින්නේ ලංකාව  අල්ලාගන්නටය.හරිනම් අප නිකම් සිටිය යුතු නැත.ලෙමන් පෆ් පැකට් ගෙන මාරාන්තික උපවාස කළ යුතුය.
අප ගූගල් වර්ජනය කළෙමු.අපේ වර්ජනයෙන් ගූගල් සමාගම බිද වැටුනි.ඇමරිකානුවන් පාරෙ හිඟාකන මට්ටමට වැටුනි.පට දුක සිතුනි.ඒ නිසා යළි ගූගල් සර්ච් කරමු.

එක්තරා වයෝවෘද්ධ මහා බුද්ධිමතෙක් කොළඹ කඩගානේ ගොස් ඇමරිකන් පිටි ගෝනි දෙස බලා ඒ ගැන ප්‍රශ්න කරන හැටි කලකට පෙර පත්තරවල දුටුවෙමු.මේ තැනැත්තාගේ මුළු පවුලම ඉන්නෙ ඇමරිකාවෙලු.ඇත්තටම දුප්පතාට රටක් ජාතියක් නැත.මානව ඉතිහාසය මුලුල්ලේම රට ජාතිය ආගම පෙන්වා ජනතාව අන්ධ කර එකිනෙකා කාකොටා වැටෙන්නට සළස්වා ලොකු ලොක්කෝ සුර සැප වින්දහ.

පාසලකට ළමයෙක් දාන්නත් මුස්ලිම්වරුන්ට පගා දිය යුතුය.රටේ හැම තැනම අල්ලස වංචාව දූෂනයය.මේ සියල්ලම කරන්නේ මුස්ලිම්වරුය.1948 සිට මේ පාලනය කළ මුස්ලිම්වරු රට වැටී ඇති අගාධයට සම්පූර්නයෙන්ම වගකිව යුතුය.අපූරු මායා දැලකින් ඇස් වසන බව පෙනේ.හැම රෙද්දකටම අර අහක ඉන්න අහිංසක තම්බිය පලිය.රටේ ප්‍රශ්න අමතකය.මුස්ලිම් ආක්‍රමණයක් නැතැයි මෙහිදී නොකියවේ.

වාරියපොල සඟ පරපුරේ අපේ ස්වාමීන් වහන්සේලාගේ වැටලීම් අපට ටී වී එකෙන් දකින්නට ලැබේ.දුප්පත් කොල්ලො අවුස්සා උන් වහන්සේලා වඩින්නේ ප්‍රාඩෝ ,හැමර් වලිනි.උන් වහන්සේලා පෙර පින් කර ඇති බව අපි එයින් තේරුම් ගන්නෙමු.දුප්පත් කොල්ලන්ට ජාතිවාදී ගැටුම්වලට ගොස් පොලීසි උසාවි හිරගෙවල් එල්ලුම් ගස් ඇත.පින්කළ අපේ හාමුදුරුවරු සැපසේය.දෙවියනි සියළු දුප්පතුන්ට බුද්ධිබලය ලැබේවා

මේ සියල්ල කනපිට ගැහුවේ බස්නාහිර දකුණු පළාත් සභා මැතිවරණ වලදීය.මේ පළාත් දෙකේ උගත් මධ්‍යම පන්තියක් ඇත.මේ පළාත් දෙක අනෙක් පළාත්වලට වඩා සුවිශේෂීය.

මෙතෙක් අපරාජිත ආණ්ඩුව දෙදරන්නට වුනේ මෙහිදීය.විපාක්ෂිකයෝ ෆුල් ආතල් ගත්හ.ඔවුහු එළැබෙන ඌව චන්දය ගැන අහස උසට බලාපොරොත්තු තබා ගත්හ.එහෙත් ඌවේදී විපක්ෂයට හිතන තරම් ජයක් නොළැබෙන බව මම සිතුවෙමි.විශේෂයෙන් ලංකාවේ ඉතාමත්ම නොදියුණු පසුගාමී මොණරාගල වැනි පළාතල දේශපාලන වශයෙන් විඥානක ප්‍රජාවක් වෙසෙති.බදුල්ලේ අධික සුළුජාතික ඝනත්වය විපක්ෂයට වාසිදායක විය.හරින් ප්‍රනාන්දු වැනි තරුණ දක්ෂ නායකයෙකුගේ ආගමනයත් සමඟ එජාපය ප්‍රකෘතිමත් වූවා පමණි.

එහෙත් ජාතික මැතිවරණයකදී එජාපය ප්‍රකෘතිමත්වීම හා සුළුජාතික සාධකය සළකා බලා මෙබදු නිගමනයකට ඒමට පුළුවන.
කොළඹ,බදුල්ල,හම්බන්තොට,ගාල්ල,මහනුවර,නුවර එළිය,අම්පාර,පුත්තලම, යන දිස්ත්‍රික්ක හා උතුර නැගෙනහිර සියළු දිස්ත්‍රික්ක විපක්ෂය ජය ගැනීමටත් ගම්පහ,මාතර,කෑගල්ල,රත්නපුර,අනුරාධපුර,පොලොන්නරුවකළුතරකුරුණෑගල,මොණැරාගල යන දිස්ත්‍රික්ක ආණ්ඩුව ජයගැනීමටත් ඉඩ ඇත.

සුළුජාතික චන්දවලට අමතරව කතෝලික චන්දද විපක්ෂයට යනු ඇත.


ඊලඟ චන්ද සියල්ල ගල උඩ සටන් වනු ඇත.එසේම මෙතෙක් පැවති තනි අශ්වයාගේ රෙස් එක වෙනුවට යෝධයන් දෙදෙනෙකු කරට කර සිට සටන් කරනු ඇත.

අපට මාක්ස්වාදීන් සමඟ ගැටළු ඇත.ඒ මානව හිමිකම් හා බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධවය.එහෙත් කන්න නැතිව ගඟේ මූදෙ පනින මිනිසුන් චන්දය දිය යුත්තේ ජනතා විමුක්ති පෙරමුණටය.එහෙත් ඔවුන් දෙන්නේ ධනපති පක්ෂ දෙකෙන් එකකටය.පුද්ගල කපටිකම් වලට හා ද්‍රව්‍ය බෙදාදීම් වලට රැවටෙති.ජවිපෙ වැනි පක්ෂ ඉක්මනින් බිම් මට්ටමට ගොස් ධනපති පක්ෂවල ජඩකම් ගම්වල මිනිසුන්ට ඔවුන්ට තේරෙන බාෂාවෙන් කියා දිය යුතුය.ජවිපෙ ආසන ගනන අඩුවීම ගැනමටද කණගාටුය.පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු මහජන මුදලින් රට රටවල රෝන්දෙ යන විට ඊට එක් නොවුනේ ජවිපෙ අයයි .ඇත්තෙනම් සමහර සංචාර වැළැකුනේද ජවිපෙ මැදිහත්වීමෙනි.එහෙත් ජනතාව තවත් ධනපති පක්ෂයක් වන එජාපය දෙසට නැඹුරු වනු පෙනේ.එක්සත් ජාතික පාක්ෂිකයා යනු මහජන මුදල් ගසාකන්නට සාගින්දරෙන් පෙළෙන ප්‍රේතයෙක් වැන්නෙකි.අණ්ඩු බලය නැති නිසා හොරාකන්නට කොමිස් ගන්නට තව තව නොපනත්කම් කරන්නට බැරිව ලතවෙන්නෙකි.ඉවසිල්ලක් නැති එවුන් බයිල ලොරියක් කියාගෙන ආණ්ඩුවට එයි.


මේ සියල්ල වෙනස් වන්නේ අසුරු සැනෙකිනි.ආන්ඩුවෙන් කට්ටියක් විපක්ෂයට ගියොත් හෝ විපක්ෂයෙන් කට්ටියක් ආන්ඩුවට පැන්නොත් රැල්ල වෙනස් විය හැක.කෙසේ වෙතත් තවම විපක්ෂයට රැල්ලක් නැත.

යුද්ධයද තව දුරටත් මාකට් කළ නොහැකිබව ෆොන්සේකාගේ පරාජයෙන් පෙනේ.ෆොන්සේකගේ පක්ෂය ෆොන්සේකාගේ පුද්ගලිකත්වය මතම පදනම් වන්නකි.එවැනි පක්ෂවල ඉරණම රුක්මන් ගේ එක්සත් ලංකා ජනතා පක්ෂය,ලලිත් ගේ රාජාලියා පක්ෂය වැන්නක ඉරනමෙන් වෙනස් නොවේ.හෙළ උරුමය .සිහළ උරුමය වැනි පක්ෂවල ප්‍රෝඩාව ගැන ජනතාව දැනුවත්ය.එම පක්ෂවල අරමුණ ඇමති සැප විදීමයි.එජාප ශ්‍රීලනිප හැරුන විට රටේ අනෙක් පක්ෂය ජවිපෙය.ජවිපෙ බලවත් වන විට රටටත් හොඳය.හොරකම් ගැන කතා කරන්නෙ ඔවුන් බැවිනි.

රටේ දේශපාලනය ගැන අනාවැකි කීමට තවම කල් වැඩිය.සුලඟ කොයි අතට හමයිද කියා තවම කිව නොහැක.

පසුව ලියමි 

බලොග් අවකාශයේ පළවූ විචාර කිහිපයක් කියෙව්වෙමි.
 මූර්ධජ අකුරු හල් නොකරන බව නොදන්න ඉස්කෝල ගුරුවරු සිටින බව දැනගත්තේ එවිටය.කල්ලියේ කිසිම පණ්ඩිතයෙක් එය තවම නිවැරදි කර නැත.

(මේ ඡන්දයේදී ජවිපෙ එතරම් හොඳින් ඡන්ද ලබා ගෙන නැත. ඡන්දය දෙකොණ් සටනක් වී ඇති බව පෙනේ. ජවිපෙ තමන්ට අසුනක් නො තිබුණු මොනරාගලින් එක් අසුනක් හිමි කරගෙන බදුල්ල දිස්ත්‍රික්කයේ තිබුණු ආසනය රැකගෙන පමණක් තිබේ.)


දෙකොණ් කියා ලියන්නේ නැත.එය දෙකොන් විය යුතුය.



මේ චන්දෙන් ආණ්ඩුව පෙරලෙන බවට යමෙක් අනාවැකි කීමට ඉක්මන් වීම මුහුද හත් ගව්වක් තබා අමුඩ ගැසීමකි.ඒ ගැන ඔහුට කොමෙන්ට් වලින් පිළිතුරු ලැබී තිබුනි.

Wednesday, September 17, 2014

මැද පෙරදිග මරු කතරේ කතන්දරය

මේ දිනවල ලෝකයේ දැඩි අවධානයට ලක් වූ සිදුවීම් අතර ඉහළ තැනක් ගත්තේ ISIS  ත්‍රස්තවාදීන්ට එරෙහිව යුධමය ක්‍රියාමාර්ගයක්  ගැනීමට ඇමරිකාව තීරණය කිරීමයි.මෙය සීමිත ක්‍රියාමාර්ගයකි.මේ තත්වය තේරුම් ගැනීමට සංසිද්ධීන් ගොඩනැගුන ඓතිහාසික සංදර්භය ගැන දැනුමක් අවශ්‍යය.

සිරියාවේ හා ඉරානයේ තිබෙන්නේ අනෙක් මැදපෙරදිග  රටවල මෙන්ම පිපාසිත ඉස්ලාමීය සමාජයකි.මෙය තේරුම් ගැනීමට ඉස්ලාමීය නොවන පුද්ගලයෙකුට අසීරුය.එසේම ලංකාව වැනි රටක ජීවත්වන මුසල්මානුවෙකුට පවා මේ තත්වය ආගන්තුකය.

මුස්ලිම් ආගමේ බැතිමතාට මහම්මත් තුමා හදුන්වා දුන් දේව රාජ්‍යය සිය ඇදහිල්ලේම කොටසකි.එය මෙලොව පරලොව ජීවිතය හා බද්ධ අති සුවිශේෂයකි.මෙම අරමුන සාක්ෂාත් කරගැනීමට දරණ ප්‍රයත්නයේදී ඔහුට ජීවිතය යනු නොවටිනා දෙයකි.මෙම තාවකාලික පරිවාස ජීවිතය වෙනුවට ඔහුට සදාකාලික සැපවත් දිවියක් ගැන පොරොන්දුවක් ලැබී ඇත.ඒ සදහා කළයුතු වත් පිළිවෙත් ඇත.එහිලා ප්‍රධානම දේ ශාරියා නීතියයි.

මැද පෙරදිග ජීවිතය මෙම රාමුව තුල පවතින්නකි.එවැනි සමාජයක මානව හිමිකම් හෝ ප්‍රජාතන්ත්‍රවාදය විහිලුවකි.කිසිදු මුස්ලිම් රටක සමාජවාදී විප්ලව සිදුවී නැත.එසේම බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයද සාර්ථක නැත.සාර්ථක එකම දේ හමුදා ආණ්ඩු හා මුල්ලාවරුන්ගේ ආණ්ඩුය.මුස්ලිම් චින්තනය එබදුය.

ඇත්තෙන්ම මුස්ලිම් ආගම තරම් මනෝවිද්‍යාත්මක අන් සමාජ මෙහෙයුමක් මානව ඉතිහාසයේ නොවීය.සියල්ලම එක් ලක්ෂයකට ඌණනය කෙරෙයි.ආගමෙන් පිට කිසිම දෙයක් සිතන්නට බැරිය.සියලු සිතිවිලි ආගමික රාමුවක විය යුතුය.සියළු ක්‍රියාවන් අල්ලාගේ නාමයෙනි.වැඩක් කරන්නට පෙරත් පසුවත් කළ යුතු යාඥා වෙයි.මුස්ලිම්වරයා යනු ප්‍රෝග්‍රෑම් කළ ජීවියෙකි.පරිගනක වැඩසටහනක් සේය.

මේ දෘඩ ඉස්ලාමීය සමාජය ලෞකික දේශපාලනය හා සමබර කරන්නේ කෙසේද? ඇත්තෙන්ම වර්තමානයට එවනි ආදර්ශයක් අවශ්‍යය.මේ ආදර්ශය දෙපැත්තකින් සපයන ලදී.එක් පසෙකින් ඉස්ලාමයේ පරම හතුරා කොමියුනිස්ට්වාදය යැයි කියමින් ඇමරිකාවේ පූර්ණ රැකවරනය යටතේ ක්‍රියාත්මක වන සවුදියයි.අනෙක් පසින් ඇමරිකන් විරෝධී සමාජවාදී ඉස්ලාමීය ආන්ඩුයි.මේ දෙක මෙලෙස පවතින විට ඉස්ලාමීය ආන්ඩු සංකල්පයක් ඉරානයෙන් මතුවිය.ශියා ඉරානයට අරාබි ලෝකයේ නායකත්වය ගත  නොහැක.1979 දී මෙම ක්‍රමයද ආවෙන් තුන් විදියකට මෙම ගනුදෙනුව සිදුවිය.

මුස්ලිම්වරුන්ගේ ඉතිහාසය යනු ඔවුන් ක්‍රිස්තියානීන් සමඟ කළ යුද්ධය.මධ්‍යතන යුගය පුරාම මෙම යුද්ධ දැකිය හැකිවේ.මෙහිදී මුස්ලිම්වරුන්ගේ ආරක්ෂකයා වුනේ සෙල්ජුක් තුර්කීන් හා පසුව ඔටෝමන්  තුර්කීන්ය.අරාබි කාලිෆ්වරුන්ගේ ආරක්ෂකයන් වූ තුර්කීන් විශාල අධිරාජ්‍යයක් ගොඩ නැගූහ.තුර්කිය ලෝක බලවතෙක් වූ අතර නැගෙනහිර යුරෝපයෙන් වැඩි කොටසක බලවතා විය.

පළමු ලෝක යුද්ධයෙන් පසු තුර්කියට ඔවුන්ගේ භූමිය අහිමි විය.ඔටෝමන් තුර්කි අධිරාජ්‍ය බිද වැටීමෙන් පසු සිරියාව වැනි රටවල් බිහිවිය.නව මුස්ලිම් රටවල ට අන්තනෝමතික රජුන් හදුන්වා දුන්නත් රජුන් වෙනුවට සමාජවාදී වෙස් මුහුණු පැළැදගත් දාමරිකයන් පිරිසකට මුළු අරාබියම නතු විය.ඉරාකයේ සදාම් හුසේන් ,සිරියාවේ හපේස් අල් අසාද්,ලිබියාවේ ගඩාෆි,ඊජිප්තුවේ මුබාරක් මෙවැන්නෝය.
මොවුහු ලංකාවේ සමහරුන්ටද ප්‍රගතිශීලීය.

මොවුහු අන්ත තිරිසන් ම්ලේච්ඡ මිනීමරුවන් පිරිසකි.අරාබියට ගැලපෙන්නෙ එහෙම අයයැයි කෙනෙක් කීමට ඉඩ ඇත.ඒකත් ඇත්ත විය හැක.

1991 දී සමාජවාදී කදවුර බිද වැටීමෙන් පසු මේ මිනීමරුවන්ටද පැවැත්මක් නැති විය.ඔවුහු ඇමරිකාවේ සරන ගියහ.එහෙත් මේ අය ඇමරිකන් ක්‍රමයට නොගැලපේ.මොවුන් ඇමරිකන් විරෝධී කීවත් ඔවුන්ගේ බිස්නස් තිබෙන්නෙ බටහිරය.ළමයි ඉගෙන ගන්නෙ බටහිරය.ඔවුන්ගේ ජීවන රටාව බටහිරය.බටහිර විරෝධය මෝඩයන් චූන් කරවීමටය.

ටියුනීසියාවෙන් ඇරඹුන අරාබි වසන්තය මේ අන්තනෝමතික පාලකයන්ට ඇඩ්‍රස් නැතිකළේය.ඇමරිකාවද මොවුන් පළවා හරින්නට වෙර දැරීය.ඇත්තෙන්ම මේ පාලකයන් ගෝත්‍රික නායකයන්ය.එක් ගෝත්‍රයක් අනෙක් ගෝත්‍ර යටපත් කිරීමේ අප්‍රිකානු අරාබි ක්‍රමය හැර වෙන කෙහෙල්මලක් නැත.

ජලයේ තෙරපූ රබර් බෝලයක් අත ඉවතට ගත් සැනෙන් මතුවන්නා සේ අරාබි ස්වභාවය මතුවෙයි.දැන් අරාබියේ ගෝත්‍රික ගැටුම්ය.ඉස්ලාමය අපූරු ක්‍රමයකි.එහිදී එක් ලක්ෂයකට සියල්ල ඌණනය වෙයි.සියල්ල එම ලක්ෂය හරහා පෙරී ආ යුතුය.මෙහිදී ජාතිකත්වය වැනි අනෙක් සියල්ල නොවැදගත්ය.සෝමාලියාවේ ඇෆ්ගන්,පාකිස්තාන් සෙබලුන් සටන් කරන්නේද ඉස්ලාමීය රාජ්‍යයේ චෙච්නියානුවන් අරාබි නගර පාලනය කරන්නේද ඒ පදනමිනි.


ඉස්ලාමීය රාජ්‍ය ලෙස මතුවුනේ මෙලෙස තෙරපාගෙන සිටි අරාබිකමය.මෙය ශිෂ්ට ලෝකයට නොගැලපෙන බව අමුතුවෙන් කිවමනා නොවේ.ඉස්ලාමීය ත්‍රස්තයන් ඔවුන්ගේ සිතියමෙන් පෙන්වූ කිසිවක් ඔවුන්ට ලබා ගත නොහැකි බවද හැමෝම දනිති.කුමන මොහොතක හෝ ඇමරිකානු මැදිහත්වීමක් සිදුවෙයි.එහෙත් මා සිතුවේ ඉස්ලාමීය ත්‍රස්තයන් ඉරානය සමඟ දිගුකාලීන ගැටුමට යනු ඇතැයි කියාය.මොවුන්ට බැග්ඩෑඩ් හා ඩමස්කස් නගර අල්ලා ගැනීමද සිහිනයකි.ඔවුන්ට සිරකරුවකුගේ බෙලි කැපීමෙන් එහා යන යමක් කළ නොහැක.එවනි උත්සාහයකට සෙසු ලෝකයෙන් දැඩි ප්‍රතිවිරෝධයක් එල්ල වනු ඇත.


ඇමරිකන් හමුදා ඉරාකයේ සිටි අවදියේම ජෝර්දාන් ජාතිකයෙකු වූ අබු මුසාෆ් අල් සර්කාවි මේ සටන ඇරඹීය.ඔහුගේ මරණින් පසු බැග්ඩෑඩි නායකත්වයට පත්ව සිටී.ඉදිරියේදී ඇමරිකාව ඉරාකයේ මතුනොව සිරියාවේ කටයුතු වලටද මැදිහත් වනු ඇති අතර මැද පෙරදිග තව තවත් උණුසුම් වනු ඇත.



Friday, September 12, 2014

මිනිසා ආ අරුම ගමන

මේ ලිපිය අජිත් ධර්ම මහතා ගේ සහ සුබසාදක මහතාගේ බ්ලොග් වල පැවති සංවාදවලට කටගැස්මකි.

ඉතා ඈත අතීතයේ මිනිස්සු දඩයම් කරමින් ගස්ගෙඩි අලමුල් කමින් තැනින් තැනට ගියහ.මේ කාලයේ ඔවුන්ගේ නිෂ්පාදනය යැපුම් මට්ටමක විය.එසේම ඔවුන්ගේ කාර්ය ප්‍රමාණයද විශම නොවීය.වෙන විදියකට කිවහොත් එක්කෙනෙකුට කරන්න පුළුවන් දේ අනෙකාටද කළ හැකිවිය.මේ කාලයේ කාර්යයන් සමාන විය.එසේම ඕනෑම කෙනෙකුට ඕනෑම මොහොතක කණ්ඩායමෙන් ඉවත් විය හැකිවිය.වනසතුන් හෝ වෙනත් බාහිර හිරිහැරවලින් ආරක්ෂාවීමට කණ්ඩායමක් ලෙස සිටීම ප්‍රයෝජනවත් නිසා එසේ සිටීමට හැමෝම පෙළඹුනහ.කණ්ඩායමේ සාමාජිකයන් එකෙනෙකා හදුනති.මේ මානව රංචුව එදා ඔබ මොබ ගියහ.

මේ කාලයේ මිනිසාට නිශ්චිත නායකයෙක් නොවීය.කාර්යයෙන් කාර්යයට පෙරමුන ගෙන ක්‍රියා කරන අය සිටියහ.ඒ නිසා මේ කාලයේ රාජ්‍යයක් නොපැවතුනි.

මෙසේ තැනින් තැන යන මිනිසා එකතු කරගත් දැනුමක් විය.එය දඩයමේ සිට වෙදකම දක්වාම විවිධ පරාසයන්ට අයත් විය.මෙය තත් වැරදි ක්‍රමයට ලබා ගත් දැනුමක් විය.මේ තොරතුරු සමුදාය කණ්ඩායම සතු බැවින් කන්ඩායමක සාමාජිකයෙක් වීම කාටත් ප්‍රයෝජනවත් විය.
තත් වැරදි ක්‍රමයට ලබා ගත් දැණුමට අමතරව උපකල්පන ද විය.මෙම උපකල්පන ඉතා වැදගත් විය.ජීවිතය මරණය,අහසේ තාරකා ආදිය ගැන පරිකල්පනය තුලින් මවා ගත් උපකල්පන කන්ඩායමේ ඉදිරිගමන තීරණය කරන මූලිකම සාධකය විය.

මෙසේ ක්‍රමයෙන් සංවිධි තබවට පත්වන මානව සමාජයේ කුඩා කන්ඩායමේ නායකත්වය හිමිවුනේ මැරවරයාටය.සියල්ලෝම මැරවරයා යටතේ විය.මැරයාට අවශ්‍ය දේ ලැබුනේ මංකොල්ලයෙනි.එහෙත් දැනුම අතින් ඉහලින් සිටි අයද කන්ඩායමට අවශ්‍ය විය.දඩයම් උපක්‍රම,දෙවිවරු සමඟ ගනුදෙනු කළ අය,බෙහෙත් ගැන දන්න අය කන්ඩායමට අවශ්‍ය වුන අතර ඔවුන්ට කන්ඩායමේ ගෞරවය හිමිය.මැරවරයා සහ දැනමුත්තා අතර ගැටුමක් ඇතිවිය.එයින් සිදුවුනේ මේ දෙදෙනා එකාබද්ධ වීමය.

දැන් මැරයා හා දැනමුත්තා එකෙකි.දැන් උපකල්පන මත ගොඩනැගුන කන්ඩායමේ මූලිකයා මොහුයි.පුරාන සමාජවල රජු හා පූජකයා එකෙක්ම විය.ක්ෂත්‍රියයන් හා බ්‍රාහ්මණයන් අතර පුරාණ ඉන්දියාවේ ගැටුම බලන්න.

මේ සමඟම මැරවරයන් හා පූජකයන් ට සෙසු සමාජයෙන් ඉවත්වීමට අවශ්‍ය විය.චාරීත්‍ර හා සම්ප්‍රදායන් බිහිවුනේ එසේය.ඔටුනු පැළදවීමේ මංගල්‍යයන් බලන්න.මෙහි රජුන් හා පූජකයන් අන්‍යෝන්‍ය සම්බන්ධයෙන් සහජීවනයෙන් සිටිති.මැරයෙන්ගෙන් එකෙක් රජා විය.දැන් චාරීත්‍ර මත පරම්පරා ක්‍රමයක් හදුන්වා දුනි.එය කාටත් හිතසුව පිණිස විය.එහෙත් දුර්වල රජෙක් පහල වුනොත් රදලයන් (මැරවරයන් ) අතරඉන් එකෙක් රජවෙයි.මේ ක්‍රමය දිගුකලක් පැවතුනි. 


ආහාර රස්කිරීම වෙනුවට ආහාර ක්‍රමවත්ලෙස නිපදවීම ආරම්භ වූ පසු මේ ක්‍රමය ඊට ගැලපුනි.එනම් නිෂ්පාදන ක්‍රමවේදය වෙනස් විය.දැන් ආහාර ගබඩා කිරීම් ඇත.තව දුරටත් මිනිසා ආහාරදාමයේ අවසන් පුරුක නොවේ.චාරීත්‍ර හා සම්ප්‍රදායන් රජුන්,රදලයන් (මරවරයන් ) හා පූජකයන් (තක්කඩියන් ) ගේ පැවත්ම ස්ථිරවිය.
චාරීත්‍ර කොයිතරම් බලවත්ද යන් සූර්ය වංශයෙන් කුමරෙකු නැතිව සමහර ජාතික අරගල පවා අසාර්ථක වී ඇත.ලංකාවේ 1818 කැරැල්ල පවා අසාර්ථකවුනේ රාජ ලේ ඇති කුමරෙක් නැති නිසාය.


මිනිසාගේ මූලිකම අවශ්‍යතා නම් බලය හා ධනය හා ඉහල නැගීමයි.මෙහිදී බලය එක්තැනකට ඒකරාශී වූ ඉතාම නරකම ආදර්ශය වූ රාජාන්ඩුව කෘෂිකාර්මික සමාජයට මනාසේ ගැලපුනි.මෙයට විකල්ප ලෙස රෝමයේ සමූහාන්ඩු ක්‍රමයත් වජ්ජි හා ලිච්ඡවීන්ගේ ගණතන්ත්‍ර ක්‍රමයත් සොයාගත්තත් ඒවා ලොව පුරා පැතිරුන ඒවා නොවේ.බලය ඒකරාශීවීමේ ගැටළුව බොහෝ විද්වතුන්ගේ සාකච්ඡාවට බදුන්විය.මොන්ටෙස්කියු ප්‍රකාශකළේ බල ආයතන වෙන්ව තිබීම මානව හිමිකම් ආරක්ෂාවීමට හේතුවන බවයි.


මැරවරයන්ගේ හා තක්කඩියන්ගේ පාලනය වෙනුවට සාර්ථක විකල්පයක් ඉදිරිපත් කළේ මාක්ස්වාදීන්ය.සමාජ ප්‍රගමනයේදී ඔවුන් දැක්වූ හා දක්වන දායකත්වය ගැන ඔවුන්ට ගෞරවය හිමිවිය යුතුය.සැබවින්ම ඔවුන්ගේ දායකත්වය නොවන්නට මිනිසා තවම වැඩවසම් යුගයේය.ඔවුහු වැඩවසම් කසල කාර්යක්ෂ්මව ඉවත් කිරීම නිසා වේගවත් ගමනකට ඉඩ සැළසුනි.

එහෙත් ඔවුන්ගේ ක්‍රමයේ මැරයා හා තක්කඩියාගේ තැනට ආවේ පක්ෂ නිළධරයාය.දැන් ජනතාවට ඉදිරියෙන් සිටින පක්ෂය නම්වූ අයතනය වෙයි.අධිකරණැයට පත්කිරීම් කරන්නේ ,මාධ්‍ය හසුරුවන්නේ,නීති හදන්නේ කුදු මහත් සියල්ල කරන්නේ පක්ෂයයි.ජනතාව ප්‍රේෂකයෙකි.බහු පක්ෂ නාමිකව තිබුනත් ඒවාට පත්කිරීම් කරන්නේ ද පාලක පක්ෂයයි. ජනතාවට පලක පක්ෂය නම් කරන අයට ඡන්දය දිය හැක.ඡන්ද ගනන් කරන්නේද පක්ෂය විසිනි.මේ ක්‍රමයත් තක්කඩි ක්‍රමයක් බව පෙනේ.බලය පෙර තිබුනාටත් වඩා කේන්ද්‍රයකට ඒකරාශී වී ඇත.පක්ෂයෙන් තොර ජීවිතයක් නැත.කන බොන දේ කරන කියන දේ සියල්ල තීරණය කරන්නේ පක්ෂයයි.මෙය නම් හිර කූඩුවකි.


සමාජයක් වෙනස්වන්නේ නිෂ්පාදන ක්‍රමවේද වෙනස්වන විටය.මෙහිදී නිෂ්පාදනය යනු භාන්ඩ හා සේවා පමනක් නොව දැනුමද අයත් වේ.යුරෝපයේ තක්කඩි යුගය අවසන්වුනේ දැනුම සොයායාම නිසාය.එදා යුරෝපයේ තත්වය අද මැදපෙරදිගදී දැකිය හැක.මිනිසා අසමමිතික ලෙස පරිණාමය වෙයි. 


මේ නිසා යුරෝපීය සමාජයේ දේශපාලන පරිණාමය ගැන මූලික බැල්මක් හෙළීම සුදුසුය.එකළ යුරෝපයේ බලය ඒකරාශී වී තිබුනි.දෙවියන් වහන්සේ ලොව මවා පාලනය කරයි යන ප්‍රතිගෘහිතය මතයුරෝපා සමාජය පදනම් විය.දෙවියන් වහන්සේ විසින් පාප් වහන්සේ පත්කරන අතර පාප් වහන්සේ විසින් ශුද්ධ රෝම අධිරාජයා පත් කරයි.ශුද්ධ රෝම අධිරාජයාට රදලන් වගකිව යුතුවේ.මෙසේ පූජකයන් ,රජුන් හා රදලන් සහ වහලුන් ලෙස සමාජය සංවිධානය වී තිබුනි.


එහෙත් කල්යත්ම යුරෝපා ජාතිකයන්ට සෙමිටික් දෙවියාගෙන් මිදීමට අවශ්‍ය විය.ඇත්තටම මෙම සෙමිටික් දෙවිතුමා අන් සියළු දෙවිවරු පරයා ජයගත්තෙකි.එකළැ සෑම ගෝත්‍රයකටම දෙවියෙක් වූ අතර මේ දෙවිවරු එකිනෙක ගැටුනහ.අවසන් වශයෙන් දිනුම් කණුවට ගියේ යෙහෝවාය.ඒ සමඟම ඔහුව ජාත්‍යාන්තරීකරනය කෙරුණි.

යුරෝපය යෙහෝවා වැළැදගත්තේ එතුමාගේ යුදෙව් ජාතික ස්වරූපය බැහැරකරමිනි.දැන් යෙහෝවා කාරුණිකය ඔහු හින්දූන්ගේ ආදි බ්‍රහ්මන් සංකල්පයට සමානය.එය යුදෙව්වන්ගේ වියුක්ත දෙවි සංකලපයට වෙනස්ය.මුස්ලිම්වරුන්ගේ අල්ලා (යෙහෝවා ) වියුක්ත දෙවියෙකි.හින්දූහු මෙම සංකල්පය මීට එහා ගෙනයමින් දෙවියන්ගේ පුද්ගලිකත්වයද ඔහුට අහිමිකර එය බලවේගයක් බවට පත් කළහ.එහෙත් යළිත් එම බලවේගය පාලනය කරන පුද්ගල දෙවියෙක් නිර්මාණය කර ගත්හ.එය නූතන හින්දු දහමයි.

ජාත්‍යාන්තරීකරණයවී වැජඹෙන මෙම සෙමිටික් දෙවිතුමගෙන් මිදීමට යුරෝපීයයාට අවශ්‍ය විය.මෙහි මූලික ප්‍රහාරය එල්ලකළේ ඉංග්‍රීසීන් හා ජර්මානුවන්ය.ජර්මානුවෝ යළිත් යුදෙව් ජාතික දේව සංකල්පයට හැරුණි.දැන් සංයුක්ත කතෝලික දෙවියා යළි වියුක්ත කෙරුණි.තව දුරටත් යුදෙව් දෙවියා නොවන මුත් අවශ්‍ය නම් ජර්මන් දෙවියෙක් ලෙසද හැදින්විය හැක.එය නම් අපූරුය.යුරෝපයේ ජාතික රාජ්‍ය බිහිවෙයි.

තමන්ගේම කියා දේශපාලන ශාස්ත්‍රයක් නොතිබුන බෞද්ධයන් ඒ සඳහා ණැයට ගත්තේ හින්දු දේශපාලන ශාස්ත්‍රය.ඒ අනුව පෙර පින්කල අය රජුන් හා රදලන් වී උපදිති.සිත පහදවාගෙන එක සහල් මිටක් භික්ෂුවකට පුදා රජ පවුල් වල රදල පවුල්වල උපදිති.හරි අපූරුය දේව කැමැත්ත වගේමය.වහල්ලු වැඩ කරති.එහෙත් නම යන්නේ රජුන් හා රදලයන්ගේය.හරියට උන් සේරම වැඩ කළා සේය.බලන්න දානයේ මහිම.

දාම් ලෑල්ලක ඉත්තන් එහාමෙහා කරමින් යාඥා අසා ප්‍රීතිවන ග්‍රාම්‍ය දෙවියෙකුට වඩා යම් තාර්කික මතවාදයන් පෙරදිග තිබූ නිසා පෙරදිග දේශපාලන ගමන මන්දගාමී වූ බව මා සිතුවෙමි.එහෙත් මට එය ප්‍රහේළිකාවකි.සෑම මුස්ලිම් රටකම වාගේ එක්කෝ රාඅජාන්ඩුය නැත්නම් හමුදා ආන්ඩුය.මුස්ලිම් ආගමෙන් මිනිසා දැඩි ලෙස එක් කේන්ද්‍රයකට යොමු කරයි.බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය සුද්දාගේ ත්‍යාගයක් මිස අපේ නිර්මාණයක් නොවේ.

යුරෝපයේ කිතුදහමින් සේම ලංකාවේ බඩගිනි බුද්ධාගමෙන්ද (භාවනාව පස්සට දමා දානය මුලට ගෙන නිවන කල් දමන )වහලුන්ට පිහිටක් නොවීය.

නිෂ්පාදන ක්‍රමවේදයන් අනවරතව වෙනස් වෙයි.ඊට සමගාමීව මිනිසුන්ගේ ආකල්පද වෙනස් වෙයි.කුමන හෝ හේතුවක් උදෙසා මහා ව්‍යුහයක් තනා ගන්නට මිනිසා වෙර දැරූ පළමු අවස්ථාවේම කණ්ඩායමේ එක් එක් සාමාජිකයා තම තමන්ගේ අයිතිවාසිකම් අත්හැර දැමීය.

මහා ව්‍යුහය තුල කාර්ය ප්‍රමාණයන්ට තරාතිරම් විය.රජු,රදලයන් ,තක්කඩින් හා වහලුන් ලෙස සමාජය සංවිධානය වුනේ එසේය.සමාජවාදයේ නිළධාරියා සහ වහලුන් ලෙසත් ධනවාදයේ කළමනාකරුවන් හා වහලුන් ලෙසත් විකරණය වී ඇතත් අද සිටින්නේත් එදා සිටි වහලුන්මය.ප්‍රාග්ධන උපකරණ හිමි නිළධාරීන්ට /කළමනාකරුවන්ටය.නියම සමාජවාදය (එහි පදගතාර්ථයෙන්ම ) සැලසෙන්නේ කුඩා ව්‍යුහයන් තනා ගෙන ස්වාධීන ව ආර්ථික සමාජ දේශපාලන ලෙස නාමික මහා ව්‍යුහයකට දායක වීමෙනි.මහා ව්‍යුහය යන සංකල්පය මුළුමනින්ම ප්‍රතික්ෂේප කිරීමක් නොකරමු.

සෙමිටික් දෙවිදුන්ගෙන් යුරෝපීයයා මිදුනත් මේ මාහා ව්‍යුහය පිළිබද ගැටළුව තේරුම් ගනීමට අවශ්‍ය නොවීය.ඒ වෙනුවට පැවති මහා ව්‍යුහයට සමාන මහා ව්‍යුහ තමන්ද තනා ගැනීමට යත්න දැරූහ.අඩුතරමින් දේශපාලන පක්ෂය නම් ව්‍යුහය පවා මහා ව්‍යුහයකි.කුඩා ව්‍යුහයේ සුවිශේෂතා නැත.සුවිශේෂතා බිහිවන්නේ එකිනෙකා නොහදුනන මහා ව්‍යුහයේය.මෙහි ඇත්තේ ධූරාවලියකි.කුඩා ව්‍යුහය ප්‍රසාරණය වන විට එහි සියළු ඒකක ප්‍රසාරණය වේ.මෙහිදී කුඩා ඒකකයේ ජීවිකාවට ප්‍රමාණවත්වූ ධනය ප්‍රසාරණය වීමෙන් ධනවතා බිහිවේ.කුඩා ඒකකයේ පොඩි චන්ඩියා මහා ඒකකයේ රජෙකි.නමුත් මෙසේ ප්‍රසාරනය වීම පහසු නැත.බලය හා ධනය ඒකරාශීවන්නේ මෙසේ ඒකක ප්‍රසාරණයෙනි.

කුඩා ඒකකයේ අලෙවිකරු අනෙක් සාමාජිකයන්ට වඩා ලොක්කෙක් නොවේ.නමුත් තමන් අලෙවි කරන ඒකක ප්‍රමානය මහා ව්‍යුහයක් තුල වැඩිකරගන්නා විට ඔහු ධනවතෙකි.ඔහු යටතේ ධූරාවලියකි.බලයද මෙසේමය.

ආර්ථික හා දේශපාලන වශයෙන් පමනක් නොව දැනුම හා ආකල්ප පමනක් නොව විශ්වාස තුලින්ද ස්වයංපෝෂිත කුඩා ව්‍යුහය තනා ගන්නා තුරු මිනිසාට ජයග්‍රහණයක් නැත.මෙයිට පිටින් කරන සැම උත්සාහයකින්ම සිදුවන්නේ එක් ස්වාමියෙක් වෙනුවට තව ස්වාමියෙක් ආදේශ වීම පමණි.

Wednesday, September 3, 2014

සිග්නල් වමට දමා ටෂ්කෙන්ට් සිට මීගමුවට සංචාරයක් වාරියපොල දක්වා සීමිත නැවතුම්

මාස කිහිපයක් බ්ලොග් එක යාවත්කාලීන කිරීම නවත්වා සිටි කාලයේ බ්ලොග්කරුවන්ට මා අමතක වී යනු ඇතැයි සිතා සිටියත් එසේ නොවන බව මීට දින දෙක තුනකට පෙර මට පසක් විය.ඇත්තටම බ්ලොග් අවකාශයද සැබෑ ලෝකයේම පිළිබිඹුවකි.එහි හොඳ මිනිසුන් මෙන්ම නරක මිනිසුන්ද සිටිති. බ්ලොග් ලෝකයේ දිගු ගමනක් යාමට සිතා බ්ලොග් ලොවට පිවිසුනත් මගේ බ්ලොගයට වෙනත් මතධාරීන්ගෙන් එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාර නිසා බ්ලොගය යාවත්කාලීන කිරීම නතර කළෙමි.බ්ලොග් වල හොරා පොලිස් සෙල්ලම ගැන කිසිවක් නොදැන සිටි මා අවංකව අදහස් පළකරමින් සම්මතයෙන් බාහිරව සිතමින් මට මෙන්ම අනෙක් අයටද එසේ සිතන්නට පොළඹවමින් මටම ආවේණික ගමනක් ගියෙමි.

බ්ලොග් ලෝකයේ පොලීසියක් මෙන්ම ත්‍රස්තවාදීන්ද සිටින බව මම නොදැන සිටියෙමි.සිංහල බ්ලොග් අවකාශය යනු සෝමාලියාව වැනිය.සෝමාලියාවේ නීත්‍යානුකූල රජයක් නැත.රට පාලනය කරන්නේ සන්නද්ධ කල්ලි වලිනි.සෝමාලියාවේ ඔළුව උසාගෙන ඉන්නට කිසියම් සන්නද්ධ කල්ලියකට කප්පම් ගෙවිය යුතුය.සිංහල බ්ලොග් අවකාශයේද මෙවැනි කල්ලි තිබෙන බව මම නොදැන සිටියෙමි.මට වැරදුනේ එතනයි.

බ්ලොග් එක පටන් ගත් කාලයේ මට හිට්ස් වැඩිකරගැනීමට ආශාවක් විය.එය මට නොගැලපෙන බොළද එකක් වුනත් එම අරමුණ සාක්ෂාත් කර ගැනීමට සමහර බ්ලොග් වල කොමෙන්ට් දැම්මෙමි.එම කොමෙන්ට් වලට කල්ලියක් ලෙසින් වටකරගෙන පහර දෙන සොභාවයක් මම දුටුවෙමි.එසේම මගේ බ්ලොග් එකට පැමිණ ඔළුව අතගාන සමහරුන්ම ඇනෝ කොමෙන්ට් දමමින් මට අපහාස කළෝය.

මෙම ඉරණමට ගොදුරු වූ එකම බ්ලොග්කරු මම නොවේ.සයිලන්ට් සහන් නමැත්තෙක් බ්ලොග් ලිවීම නතර කර දැම්මේය.විචාරක නමින් බ්ලොග් ලියන මහතාටද මුලදී කල්ලිවලින් ප්‍රහාර එල්ල විය.බ්ලොග් අවකාශය නිදහස් නිසා එහි රාමු සෑදීමට හදන ප්‍රයත්නයන් පරාජය කළ යුතුය.

ඊට එක් හේතුවක් නම් බ්ලොග් සින්ඩි මත රදා පැවතීමයි.බ්ලොග්කරුවන්ගෙන් 75%ම බ්ලොග් ලියන්නේ කාලය කා දැමීමටටය.ඊට අමතරව තමන්ට සාපේක්ෂව පොඩ්ඩන් ඉදිරියේ පොරවල් වීමට බ්ලොග් ලියන අයද සිටිති.බ්ලොග් ලිව්වත් නොලිව්වත් ඔවුන් පොරවල්ය කීම බොරුවකි.බ්ලොග් ලෝකයෙන් පිට ඔවුන් ගැන නමින් දන්න කෙනෙක් ඇත්තේම නැත.

සක්‍රිය බ්ලොග්කරුවන් 50 ක්වත් නැතිතරම්ය.පෙරටුගාමී පක්ෂයේ බ්ලොග් එක හැර වෙනත් කිසිම බ්ලොග් එකකට දවසට 2000 පන්නා හිට්ස් එන්නේ නැත.එම බ්ලොග් එක සින්ඩි මත රදා නොපවතින එකකි.එය බලන දේශපාලනික ප්‍රජාවක් සිටිති.ඒ හැර අනෙක් බ්ලොග්කරුවෝ එකිනෙකා හදුනති.කොමෙන්ට් දමන්නේද දුරකතනයෙන් කතාකරගෙනය.මේ අපේ බ්ලොග් ලෝකයේ සැබෑවයි.

මම බ්ලොග් වලට කැමති එහි නිදහස් බව නිසයි.මුද්‍රිත මාධ්‍යයේ මෙන් එහි අයුක්තියට ඉඩ නැත.මුද්‍රිත මාධ්‍යයේ සර්වබලධාරියා පත්තරකාරයා සහ ඔහුට ඉහලින් සිටින අයයි.එම අදහස්වලට අභියෝග කල හැක්කේ සිවිල් සමාජයේ බලවතුන්ටය.එහෙත් බ්ලොග් එකක අදහසකට ඕනෑම කෙනෙකුට අභියෝග කළ හැක.

මේ තරම් සුන්දර යුක්ති සහගත බ්ලොග් අප භාවිතා කරන්නේ වැඩක් ඇති ආකාරයෙන්ද?මට නම් බ්ලොග් එක වැදගත් වුනේ මා නොදන්න දේවල් අනුන්ගෙන් දැනගැනීමටත් මා දන්නා දෙයක් වේනම් ඒ ගැන ස්ථිර කරගැනීමටත්ය.

බ්ලොග් ගැන කතා ඇති.මේවා කිව්වේ කලක් මා නිහඩව සිටිබැවිනි.ඉදිරියටද පෝස්ට් දමන්නේ හිතුනොත් පමණි.ඇතැම්විට අවුරුද්දකට එකක් දෙකක් වීමටත් ඉඩ ඇත.

ඉස්සර මගේ විනෝදාංශය වුනේ පොත් කියවීමය.මේ විනෝදාංශය මම අතහැර දැම්මේ හිතාමතාය.කාලවේලාව සීමිතවීමත් පොත් කියවීමට වඩා කය හා මනස වෙහෙසවිය යුතු දේවල් තිබීමත් ඊට හේතුවයි.එහෙත් යළිත් පොත් සාප්පු පීරන්නට සිදුවුනේ විශයට අදාල පොතක් සොයා ගැනීමටය.මට අවශ්‍ය පොත තිබුනේ උඩුමහලේය.උඩුමහලට යන අතර මගේ නෙත ගැටුනේ ගෆූර් ගුල්යාම් ගේ මගේ හපන්කම් නමැති පොතටය.මේ පොත මා කියවූවේ පාසල් යන කාලයේය.එම පොතද මිළදී ගත්තෙමි.කෝච්චියේ යනවිට කියව කියවා යන්නත් පුළුවන් කියා සිතුවත් ගෙදර ගොස් අනෙක් හැම වැඩක්ම පස්සට දමා පොත කියෙව්වෙමි.එම පොතේ එන ප්‍රධාන චරිතය අපූරුය.එම කොළුවා කරන වැඩවලින් හිනාවී ඉළද ඇදෙන තරම්ය.

මා මුලින් සිතුවේ මේ පොත පාකිස්තානයේ ජනජීවිතය සා සම්බන්ධ එකක් කියාය.එහෙත් මෙහි එන්නේ මධ්‍යම ආසියාවේ ජනජීවිතයයි.ටැෂ්කෙන්ට් නුවරද අනෙක් සියලු නුවරවල් සේම දුෂ්ටකමෙන් පිරී ඇත.මිනිස් දුර්වලකම් මැඩීමට ආගම් සමත් වී නැත.අහිංසකයෙකුට ඔළුව උසන්නට ඉඩක් ඇත්තේම නැත.වංචනිකයන්ගෙන් බේරීමට වෙනම කෝස් කළ යුතුය.මේ කිසිවක් කතුවරයාගේ හිතළු නොවේ.යථාර්තය මත පදනම් වූ ප්‍රබන්ධයකි.

මෙහි මගේ අවධානයට ලක්වූ එක් දෙයක් තිබිණි.එනම් නීතියක් නැති සමාජයයි.නීතියක් නැති සමාජය කොයිතරම් භයානකද? බොහෝ නාගරිකයන් තුල ප්‍රශ්න විසදෙන්නේ සාමූහික ප්‍රචන්ඩත්වයෙනි.මැරවරයන්ගේ පාලනය මෙන්ම සාමූහික ප්‍රචන්ඩත්වයද ප්‍රශ්න විසදීමේ යාන්ත්‍රණයන් නොවේ.පුරාණ ගෝත්‍රවල ප්‍රශ්න විසදූ මෙම ක්‍රමවේදය වෙනුවට ස්ථාපිත නීතියක් බිහිවුනේ එනිසාය.

අකමැත්තෙන් වුනත් අපට පිළිගන්නට සිදුවන්නේ සුද්දා එන්නට පෙර අපට ශිෂ්ට නීතියක් නොතිබූ බවයි.අපරාධයට කිසිම සම්බන්ධයක් නැති කිරිදරුවන් වන්ගෙඩිවල දමා කොටන නීතියක් අපට තිබුනි.
සුද්දා අපට විධිමත් නීති පද්ධතියක් හදුන්වා දුනි.එහිදී පාලකයන්ට හිතෙන හිතෙන වේලාවට හිතෙන හිතෙන දඩුවම් දීම වෙනුවට දන්ඩනීති සංග්‍රහයක් විය.මැදපෙරදිග හමුරාබි යුගයේ සිට එන අත පය කැපීම වැනි ම්ලේච්ඡ නීති සුද්දා විසින් තහනම් කර තිබුනි.හමුරාබි (ක්‍රි:පූ 4500 පමණ ) සාධාරණ නොවීය.එහි ධනවතුන්ට හා කුලවතුන්ට එක නීතියකුත් දුප්පතුන්ට තව නීතියකුත් තිබුනි.බොහෝ නීති පද්ධතිවල මේ තත්වය තිබූ අතර නූතන නීති සංග්‍රහයන්ගෙන් මේ අගතිය බැහැර කර ඇත.

එසේම නූතනයේදී වරද ඔප්පු කරනතුරු සැකකරු නිර්දෝෂී යැයි පිළිගැනේ .මේ කරුණ අරභයා ශ්‍රී වික්‍රම රාජසිංහ විසින් මේජර් මුවර් මහතාට මෙසේ කියා ඇත." ඔබලාගේ නඩු විසදීම අකාර්යක්ෂ්මය.අපේ කෝපය නිවෙන විට අපරාධකරු මියගොස් අවසානය".ම්ලේච්ඡ නීති හා ශිෂ්ට නීති අතර වෙනස් මෙයින් පෙනේ.

දෙපාර්ශ්වයටම සවන් දෙන අතරසාක්ෂි විමසා (නූතනයේ නම්  DNA වැනි නවීන විද්‍යාත්මක සාක්ෂිද ඇතුළුව )දඩුවම් නියම කෙරේ.

මරණ දඩුවම ඇතුළු ම්ලේච්ඡ දඩුවම්ද ක්‍රියාත්මක නොවේ.ලෝකය ශිෂ්ටත්වය කරා යයි.එය සතුටකි.ඇත්තෙන්ම නීතියේ ආධිපත්‍ය රටක තිබේනම් ඒ රටේ මිනිසුන්ට වෙන මොකවත් ඕනෑ නැති තරම්ය.ඒ තරම් මෙය වැදගත්ය.

අපේ රටේද නීතිය හා යුක්තිය අඩුනැතිව තිබෙන බව පෙන්වූ උදාහරණයක් ඊයේ අසන්නට ළැබුනි.ඒ ගාමන්ට් යුවතියක් දූෂණය කර උඩුමහලෙන් බිමට තල්ලුකළ වෛද්‍යවරයාට මරණ දඩුවම දීමයි.ඇත්තෙන්ම මෙය සියළුම පුරවැසියන්ට සතුටුවිය හැක්කකි.මේ පුවත අසා මට පුදුමයක් ඇතිවිය.ෆෝන් එකට ආ මැසේජ් එක යළි කියවූවේ එබැවිනි.කතාව ඇත්තය.අපේ අධිකරණය ශ්‍රේෂ්ටය.ඊට මල්මිටක්  මගෙනුත්.


ගාමන්ට් කෙල්ලන් යනු දූවිලි වැනි අජීවී වටිනාකමක් නැති දෙයක් ය යන මතය අවසන් වී ගාමන්ට් කෙල්ලන්ද මනුස්සයන් බව ලොවම දැනගත්තේ නඩුකාර හාමුදුරුවරු දුන් මේ උතුම් තීන්දුව නිසාය.අනෙක් අයට ගරු නොකරන උද්දච්චකම ඇත්තේ රෝහල්වල පමනක් නොවේ.බස්කාරයාගේ සිට හැම එකාම තමන්ට බලය ඇති තැන අනෙකා මඩින්නට සදයි.මේ සියල්ලටම විසදුම නීතියයි.යහපාලනයයි.එහෙත් මේ කතාව කියන්නටද පෙර දෙවරක් සිතිය යුතුය.අද පොලිස් සේවයට බැදෙන පොලිස් කොස්තාපල් පවා සිතන්නේ තමන් නීතිය රකින නිළධාරියෙක් නොව ලයිසන් චන්ඩියෙක් කියාය.සමාජයක් ලෙස අප පරිණාමය විය යුතුයැයි සිතෙන්නේ මේ නිසාය.ස්වාධීන අධිකරණයක් හා නීතියේ ආධිපත්‍ය නොමැති සමාජයක් ගැන සිතන්නටත් බැරිය.

වෛද්‍යවරුන් සේම හෙදියන්ද සිතන්නේ තමන් මනුෂ්‍යත්වය ඉක්මවූ අරුම පුදුම පිරිසක් ලෙසය.වෛද්‍යවරු පමණක් නොව බොහෝ ඊනියා අධිවෘත්තිකයෝ එසේ සිතති.අපේ දුර්දාන්ත සමාජයේ ඔළුව උසාගෙන ඉන්නනම් ලොක්කෙක් විය යුතුමය.සොක්කෙක් වුනොත් හැමතැනින්ම කෑම ලැබේ.සොක්කන් ඒ නිසා කටපියාගෙන කලස් පෙන්නන්නේ නැතිව සිටිය යුතුය.නැත්නම් වෙන්නේ වාරියපොල සෙල්වාට වුන දෙයයි.

කිසිම කෙනෙක් හැරිලාවත් නොබලන දැක්කත් අහක බලන කෙල්ලකගේ ඇදුමේ අඩුපාඩු කීමට ගිය සෙල්වාට සිවිල් සංවිධාන නෝනලා චෝදනා කරන්නේ ලිංගය එළියට දමාගෙන ස්වයන් වින්දනයේ යෙදෙමින් කෙල්ල පිටුපස යමින් ලිංගික සංසර්ගයක් සඳහා ඇරයුම් කරමින් දුරකථන අංකය ඉල්ලමින් කරදර කළ බවයි.මේ කතාව ගොතන්නට හේතුව පහරදීමේ සිද්ධියට සාපේක්ෂව හේතුව නිර්මාණය කළ යුතු නිසා විය හැක.මේ තරම් ප්‍රසිද්ධ තැනක සෙල්වා මෙසේ හැසිරුනානම් මුලු නගරයම එතැනට රැස්වෙන අරුම පුදුම දෙයක් වනු ඇත.

දැන් ඉතින් මේකත් අන්තිමට නතරවුනේ උසාවියේය.එය හොඳය ඇත්තෙන්ම මිනිසුන්ගේ අභයස්තානය අධිකරණයයි.එය දුකට පිහිට වෙන දෙවොලකි.එහි කවරක් සිදුවුනත් ඒ විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුවය.අන්තනෝමතිකත්වයක් එහි නැත.

ගෆූර් ගුල්යාම්ගේ පොතේ අවනීති වලින් වාරියපොල හරහා දැන් එන්නේ බාලා තම්පෝ ගැන කතා කරන්නටය.ඇත්තෙන්ම බාලාතම්පෝ යනු ශ්‍රේෂ්ටයෙකි.ඔහු ගැන එක් පුවත්පතක පළවුනේ නායකයා මියයයි "කියාය.වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නායකයකු වූ එතුමා කම්කරු ජනතාවට බොහෝ දේ දිනා දුන්නේය.බාලා තම්පෝ තුල විශේෂයෙන් දකින  මහ නරකක් නැත.මාක්ස්වාදයේදී නිළධාරීන් සැප විදින අතර කාඩරය දුක් විදිති.සෝවියට් දේශයේ ,චීනයේ,කියුබාවේ උතුරු කොරියාවේ කොහෙත් එහෙමය.සෑම වාමාංශික පක්ෂයකමත් එහෙමය.ධනපති පක්ෂවලට වඩා වාමාංශික පක්ෂවල වෙනස නම් නිදහස් ලෙස සිතන එක විනය විරෝධී වීමයි.පක්ෂ නිළැධාරීන්ගේ නොමනා ක්‍රියා විවේචනය විනය විරෝධීය.

මෙසේ විනය විරෝධී වන්නේ පක්ෂ නායකයාගේ නොමනා ක්‍රියා විවේචනාය් පමණක් නොවේ.තමන්ට ඉහලින් සිටින සියළුම නායකයන්ගේය.මෙවැනි පක්ෂ යාන්ත්‍රණයක සියළු සාමාජිකයන් සැබෑ සිරකරුවන්ය.

මොවුන් මෙසේ වී ඇත්තේ සියළු වැරදි වලට හේතුව ආර්ථික ක්‍රමය යන සරල මුග්ධ සිතිවිල්ල නිසාය.මිනිසා ඉතා හොඳ බවත් ආර්ථික ක්‍රමවල වරද නිසා නපුර ඇතිවන බාව්ත් මාක්ස්වාදීහු සිතති.ඇත්තෙන්ම මිනිසා යනු ආත්මාර්ථකාමී, කැපී පෙනෙන්නට සදන ධනය බලය හා කීර්තිය වෙනුවෙන් වෙහෙසෙන දුෂ්ටයෙකි.සියල්ල අවශ්‍ය ඔහු හික්මවන්නටය.

මාක්ස්වාදය මත පදනම් වූ රාජ්‍ය හොඳ නැතත් වාමාංශික පදනමකින් මෙහෙයවනු ලබන බාලාතම්පෝ වැන්නන්ගේ ප්‍රයත්නයන් මිනිසාගේ හිතසුව පිණිසම වෙයි.ඔහු මිනිසෙකු ලෙස තම ජීවිත කාලයේ කළ හැකි දේ උපරිමව කළේය.කුහකකමින් හා ඊර්ෂ්‍යාවෙන් සියල්ල විවේචනය කරන තම න් සියල්ල දන්නා (සර්වඥ ) ශුද්ධවූ උපාසකයෙකු යැයි කියාගන්නා මාක්ස්වාදීන්ට වඩා එතුමා සුවිශේෂ වෙයි.

Wednesday, April 23, 2014

කතන්දර හා කතන්දරකාරයෝ


අපි කතන්දර ඇසීමට කැමැත්තෙමු. අපට යමක් තේරුම් ගැනීමට සංගත තනදරයක් අවශ්‍යය.ඇතැම් කතන්දර ටයිපින් මිස්ටේක් වැනිය.මිස්ටේක් එක දුටුවද එයින් වෙනත් අර්ථ එන බැවින් නිවැරදි නොකර සිටිනවා සේය.මානවයා කතන්දර ඇසීමට කැමතිවූ නිසා මානවයන් අතරින් සමහර මානවයෝ කතන්දරකීමට ඉදිරිපත් වූහ. මානව ඉතිහාසය ඇරඹුන දා සිටම මෙසේ කතන්දරකාරයෝ සිටියහ.

කතන්දරයක් කියන්නේ කුමක් ගැනද කියා බලමු. එක්වරම නොතේරෙන යම් ගූඩ බවක් තිබෙන ඕනෑම දෙයක් ගැන කතන්දරයක් කීමට පුළුවන.එකයි එකයි දෙකයි කී විට ඒ ගැන වෙන කෙනෙකුට කීමට දෙයක් නැත. එහෙත් ලෝකය නිර්මාණය වීම ,මෝක්ෂය වැනි කරුණු ගැන සිත ගැන කතන්දර නිර්මාණය කළ හැක. එහෙත් මෙසේ කතන්දර නිර්මාණය කළත් ඒවා පවතින්නට නම් අධිපති මතවාදය හා බද්ධ විය යුතුය.


බුදුන් ලංකාවේ උපන්නායැයි මීවනපලානේ හිමියන් කියන නමුත් ඒ කතන්දරය අධිපති මතවාදය හා බද්ධ නොවීය.ඒ පොත් හරිහැටි මුද්‍රනය කර බෙදා හරින්නටද හැකිවී නැත.නමුත් සිරිදම්ම රහත් වීමේ කතන්දරය සදහා සිවිල් සමාජයේ බලවතුන් සම්බන්ද කර ගත හැකි වී ඇත.එහෙත් එහිද අඩුපාඩු ඇත.

ඉස්සර සිටි කතන්දරකාරයන්ට නොතිබූ ගැටළු වර්තමාන කතන්දරකාරයන්ට ඇත.එහෙත් ඉස්සර සිටි අයට වඩා සුරක්ෂිත බවක් ඇත. අඩු තරමින් ජිනීවා හෝ යාමට හැක. ඒ සුරක්ෂිත බව තිබෙන්නේ කතන්දරකාරයාටය.කතන්දරයට නොවේ.එහෙත් අපට වඩා වැදගත් කතන්දරකාරයා නොව ඔහු කියන කතන්දරයයි.

ඇත්තෙන්ම මේ යකා එන්නේ මොකාටද" කෙනෙකු තුල එසේ සිතිවිල්ලක් පැන නගිනවා නිසැකය. අපේ හිතවත් බ්ලොග් කරු සෑමා ගේ කලින් පොස්ට් එකේ මම දැමූ කොමෙන්ටුවකට ලැබුන පිළිතුරු නිසා මටද ඒ ගැන පෝස්ට් එකක් දැමීමට සිත් විය.මේ කතන්දරය ඒ ගැනයි.


මා එහි මෙසේද කියමනක් සටහන් කළෙමි
All Religions were invented by the Devil to conceal God from Mankind



සොක්‍රටීස් කතන්දරකාරයෙකි.එහෙත් ඔහු දේව පුත්‍රයෙකු නොවූයේ ඇයි? ඔහු වසබී මියගියේ අප වෙනුවෙන් කියා කතන්දරයක් හදා ගන්න බැරි වුනේ ඇයි.එසේ හදනවා නම් එය ඉතා අපූරු සිද්ධියකි. නමුත් සොක්‍රටීස් දාර්ශනිකයෙකු විය. ඔහු ජීවත් වූ ග්‍රීක් සමාජය එවැනි ඇදහිල්ලකට සූදානම් නොවීය. නැත්නම් මෙවැනි වදන් අපට අසන්නට ලැබෙනු ඇත.


සොක්‍රටීස් ඔබ බලවන්තයි බලවන්තයි බලවන්තයි
ඔබ මට ආදරෙයි ආදරෙයි ආදරේ
ඔබ වස බිව්වෙ මා නිසයි මා නිසයි මා නිසයි
මට ගැලවීම දෙන්න සොක්‍රටීස් පියානෙනි ඔබ මා දෙස බලා සිටින බව මම දනිමි හායි හූයි හායි හූයි

සොක්‍රටීස්ගේ පිළිම හන්දියක් හන්දියක් ගානේ නෙළා නැත. ඒ ඔහුගේ කතන්දරය ට සංගත බවක් නොවූ බැවිනි.සොක්‍රටීස්ට වුනේ අසාධාරණයකි.


පුරාණ ඊශ්‍රායලයේ තිබූ අපූරු සංකලපයක් නම් ගැලවීමයි. මෙහි තේරුම මෙයයි  .වහල් හිමියාගෙන් වහලාට අවශ්‍ය වුනේ ගැලවීමයි.මෙලෝ දුකෙන් වහලාට සදාකාලික ගැලවීමක් වුවමනා විය. මේ ගැලවීම දිය හැකි දෙවියෙක් නිර්මාණය කිරීමට අවශ්‍ය වුනේ එනිසාය. මෙවැනි නිර්මාණ කිහිපයක් අතරින් එකක් තෝරා ගැනුනි.යුදෙව් වහලුන් ග්‍රීක් වහලුන්ට මේ කතන්දරය කී විට ග්‍රීක් වහල්ලු ඊට රුචි කළහ. මේ කතන්දරය අසන ග්‍රීකයා පෙර සිටි දාර්ශනික ග්‍රීකයා නොව වහල් ග්‍රීකයෙකි.යුදෙවු දෙවිතුමා ග්‍රීකයන්ටත් ප්‍රේම කරන්නේ මේ පසුබිම තුලයි.

උතුරු ඉන්දියාවේ ක්‍රි:පූ 6 වැනි සියවසේ තිබූ තත්වය ඊට වෙනස්ය.එය කෘෂිකාර්මික සමාජයකි.රාජපුත්‍රයෝ හා ගෘහ්පතිපුත්‍රයෝ දැනුම් පිපාසයකින් පසු වූහ. සංගාරව ,උපාලි වැනි ගෘහපතියන් කාලාම,වච්ඡගොත්ත,කච්චායන වැනි බමුණන් බුදුන්ගෙන් ඇසූ ප්‍රශ්න දෙස බලන්න.ඉන්දියාවේ ඒ වන විට බුද්ධිමය සංවාදවලට සුදුසු වටපිටාවක් තිබුණි.

එසේම මෙම බුද්ධිමය ප්‍රශ්න නිරාකරණයට අවශ්‍ය කතන්දරකාරයෝද සිටියහ. මේ එක් කතන්දරයක් කියවූ අයට වඩා කතන්දර කීපයක් කියවූ අයට මේ කොයිඅක් ඇත්තද කියා හිතා ගන්නට බැරි තරම්ය. හැම කතන්දරයක්ම ලස්සනය,නියමෙට නිර්මාණය කර ඇත.ජෛන දහමේ කර්මය පෙන්වා දී ඇත්තේ යකඩ තුල ගිනි පුපුරු ඇති සේය.මෙවැනි උපමා රූපක බොහෝ ඇත. අපේ පසේනදි කෝසලලා ,බිබිසාරලා ජෛනයන්ගේත් ප්‍රධාන නළුවෝය දායකයෝය.ඓතිහාසිකව ගත් කළ ජෛනයන්ගේ කතා නිවැරදි යැයි මට සිතේ.කෙසේ වෙතත් සෑම බෞද්ධයකුම ජෛන දහම ගැන පොතක්වත් කියවිය යුතුය. පුදුම වෙනවා නිසැකය.පොටෝකොපි මැසිමකින් ගැසූ පොටෝ කොපියක් සේය.

කතන්දරයක් ජයගන්නේ තව කතන්දර රාශියක් අතරිනි.පොලවට දැමූ ඇට අතරින් එකක් දෙකක් පැළවෙනවා සේය.රාජානුග්‍රහය ආදිය අවශ්‍යය. රජෙක් ගෝත්‍ර නායකයෙක් පහදවගත්තානම් ගොඩේ ගොඩය.හැම ආගමක්ම පැතිරුනේ ඔහොමය.

යුදෙව්වාගේ සිතුම්පැතුමන් ඉන්දියානුවාගේ සිතුම් පැතුමන් සේම අරාබියාගෙ සිතුම් පැතුමන්ද අපේ වී ඇත. අරාබියාට අවශ්‍ය වුනේ යුදෙව්වාට මෙන් ගලවීමවත් ඉන්දියානුවාට මෙන් සිතට වෙන දේ ගැනවත් නොව එක්සත්කමය. මංකොල්ලකන ගෝත්‍ර වලින් බේරී ආරක්ෂිතව සිටීමය.ගෝත්‍රය වර්ධනය කර ගැනීමය.මේ අවශ්‍යතා වලට ගැලපෙන දහමක් ඔවුන්ට හිමිවිය.

අද තිබෙන ආගම් සාර්ථක වුනේ ගල උඩ සටන් වලිනි. එක් වරෙක යුරෝපයේ යේසුස්,ඇපලෝනියස් ඕර්ෆියස් හා මිත්‍රාස් අතර තරඟයක් විය. හැමෝම ඇස් අයාගෙන සිටියහ.අවසානයේ ජයගත්තේ කවුදැයි අප ද්හනිමු.
කොන්ස්ටන්ටයින් අධිරාජයා ක්‍රිස්තියානිය රෝමයේ රාජ්‍යාගම කළේය.එහෙත් ඔහු කළේ කපන්න බැරි අටහ්ක් සිඹීමකි. ඔහුගෙන් පසු බලයට පත් ජූලියන් (ආගම අත හැරි ජූලියන් )ක්‍රිතියානියේ තැන මිත්‍රාස් දහමට දුනි. ඇත්තෙන්ම ජූලියන් තව වසර කිහිපයක් ජීවත් වුනා නම් කිතු දහම අතු ගෑවී යනු නිසැකය.


Julian
ජූලියන්ට පර්සියානුවන් හා යුධ වැදීමට සිදුවිය.සටනින් පසු එන ගමන් ඔහු අභාවප්‍රාප්ත විය. ඔහුගේ අවසාන වචන "ගැලීලියානුවෙනි ජය ඔබටය යන්නයි". ජූලියන්ගෙන් පසු බලයට පත් තියඩෝසියස් ක්‍රිස්තියානි නොවන සියළු ආගම් තහනම්කර සමූලඝාතනය කළේය.

මෙහි අපූරුව මෙයයි.මිත්‍රාස් යනු පර්සියානුවෙ කි.මේ ආදිකල්පික  ඇදහිල්ල පුරාන ආර්ය සංක්‍රමන සමඟද සමබ්න්ධ වේ. මිත්‍ර,වරුණ,යම ඉන්ද්‍ර වැනි ඉන්දු ආර්ය දෙවිවරු ගැ ඔබ අසා තිබෙනවා නේද. මේ කියන මිත්‍ර තමයි මිත්‍රාස්.

එදා මිත්‍රාස් ජයගත්තානම්,නොහොත් ජූලියන් අදිරාජයා පර්සියන් සටනෙන් මළේ නැත්නම් අපේ සෑමා ගේ ඉරණම විසදෙන්නේ මෙසේය.

සෑමා තම විවාහයට උපදෙස් ගන්නට මිත්‍රාස් පල්ලියට යයි.ලංකාවේ බටහිර මුහුදුබඩ තීරයම මිත්‍රස් පල්ලිවලින් පිරී ඇත.පූජකතුමා සෑමාට සිකුරාදා ගව බිලි පූජාවට ඇරයුම් කරයි.ඊට අකමැතිවුනොත් නම් මනමාලි හම්බවෙන්නේ නැත.මේ ගව බිලි පූජාවේදී මරණය හා නැවත උත්ථාන වීම සංකේතවත් කෙරේ.

මරණය හා නැවත් උත්ථාන වීමද සම්බන්ධවද කතන්දර රාශියකි. ඊජිප්තුවේ ඔසිරිස්ගේ මරණැය හා උත්ථානය,සුළු ආසියාවේ (නූතන තුරිකියේ ) ඇට්ටිස්ගේ මරණය හා උත්ථානය වැනි බොහෝ කතන්දර විය.මේවාගේ සදාකල් දේව සංකල්ප්ය ස්ත්‍රීලිංගික විය. යුදෙව්වෝ මාතෲ යන්නට පීතෲ ලෙස කට් කොපි පේස්ට් කළහ.
ලෝක නිර්මාණය,සිත වැනි කරුණු ගැන මිනිසුන් කතන්දර නිර්මාණය කළහ.නිත්‍ය අවසානයකට මිනිසා තුල ඇති බිය නිසා ඔහුට මෝක්ෂයක්,නිර්වාණයක් අවශ්‍ය විය.මේ සියල්ල සපිරුන එක ආගම නම් වේ. ආගම යනු අද සාමූහික සංස්කෘතියක් භුක්ති විදින තැනකි.එහි ඥානසාරලාද වටරැක විජිතලාද වෙයි.ඒ නිසා මෙය තව දුරටත් සිටහ් ගැන විග්‍රහයක් නොවේ.

ආර්ථිකය හා ලිංගිකත්වය ගැනද කතන්දර වෙයි. ආර්ථිකය ගැන සමාජවාදී විග්‍රහයේදෙ මාක්ස් නම් කතන්දරකාරයෙක් ජය ගත්තේය. තව තව අතුරු කතා නිර්මාණය කළ අයද වෙයි.ලිංගිකත්වය ගැන ද එසේමය.

අලුත් කතන්දරකාරයන්ගේ ඉරනම කෙසේදැයි බලමු.ඉස්සර නම් ඩේන්ජර්ය.තමන් හැර අනෙක් කතන්දරකාරයන් බොරුකාරයන්යැයි පරණ කතන්දරකාරයන් කියා ඇති නිසා අලුත් කෙනෙකුට තම කතන්දරය ඔසවා තබන්නට ලොකු කට්ටක් කන්නට සිදුවේ.පරණ එකා එහෙම කියා ඇත්තේ තම කතන්දරයට රක්ෂන සහතිකයක් ලෙසය.

ඉස්ලාමයේ මුහම්ම්දගේ ලෝක දැක්ම ඇසූ අරාබිවරු කුපිත වූහ.කෙසේ නමුත් ඔහු අවසානයේදී ජයග්‍රාහී විය.මුසයිලමා නමැත්තෙක් අලුත් කතන්දරයක් කියන්නට ආවේ ඉන්  පසුය.ඔහු මුහම්මද්ගේ නබිත්වය පිළිගත්තත් මුහම්මද් පමනක් නොව තමාද නබිවරයෙක් යැයි කීහ. අලුතෙන් ස්ථාපිත වූ මුස්ලිම් ආගමිකයො මුසයිලමා සමඟ යුධ වැදී ඔහුගේ අනුගාමිකයෝ සමූලඝාතනය කර දැමූහ.ඉස්ලාම් ඉතිහාසයේ සදහන් වන යමාමා යුද්ධය යනු එයයි.

වදුරඹ සිරිවර්ධනගේ කතන්දරය අසන්නට අප සූදානම්ද.මම උන් වහන්සේට මෙසේ කියමි.සිරිවර්ධනයානන් වහන්ස ඇසුව මැනව.ආගම් බිහිවන්නේ සමාජ ප්‍රගමනයේ එක් අවස්ථාවකය.මේ එයට සුදුසු කල නොවේ.අන්තිමට බිහිවූ දෙවියන්ද 17 වැනි සියවසේ කීර්ති බන්ඩාර නැමැති කෙනෙකි.ඒත් කන්ද උඩරට හද්ද පිටිසරය.

ඉන්දියාවේ සායිබබාලා යෝගීන් සිටින නමුත්කාටවත් අලුත් ආගමක් හදන්නට බැරි විය. දැන් නම් මේ අයත් එන්න එන්නම අඩුවේ.අලුත් කතන්දර ලෙහෙසි නැත. හැබැයි කල හොද නිසා මාධ්ය සාකච්ඡාය,ජිනීවාය,අරකය මේකය මහ ගොඩකි. පණ බේරේ ඒත් කතන්දරය ඉස්සර මෙන් නැගල නොයයි.

සියළුම කතන්දරකාරයෝ අප මෙන් සාමාන්‍ය මනුස්සයෝමය.නමුත් කතන්දරකාරයෙකුගේ මරණින් පසු ඔහු වටා අමුතු කතා නිර්මාණය කර ඔහු අද්භූත කෙනෙක් බවට පත් කෙරේ.

මේ දේවල් වලට හේතුව කුමක්දැයි බලමු. අපේ යටි සිත සතු තෘප්ත නොවූ ආශාවක් සංසිදවීම මේ කතන්දරවලින් සිදුවේ. ඇත්තටම දෙවියන් කියා අප අමතන්නේ අපේම යටි සිතටය.එනයින් හැම ආගමකම දෙවියන් එක සමානය.

පන්සලේද පල්ලියේද කෝවිලේද මස්ජිදයේද (මුස්ලිම් ) දැල්වෙන්නේ එකම පහනකි.

(1078 )